කින්නර අඩවිය … 10 ඇකේෂියා - සිහින දකින්නිය මා නැවත නිවස කරා පැමිණියේ ඇරුණෝදයත් සමඟයි. අම්මා හෝ සියා අවදි වී නොසිටීමෙන් දහසක් ප්‍රශ්න වලට පිළිතුරු දීමෙන් වැලකී සිටිමේ අවස්ථාව මට උදා විනී. දෑත් දෙපා නිල් පැහැ ගැන්වී ඇත. බොහෝ වෙලා වතුරේ සීටිමෙන් විය යුතුය. මාගේ දිවියේ ප්‍රථම වරට උදාවූ ඒ සොඳුරුතම හෝරාවන් ගැන සිහින දකිමින් සිටියදී මා නින්දට පත් වූයෙමි.. බොහෝ ප්‍රමාද වී අවදිවූ මාහට සීයාත් ...
කින්නර අඩවිය … 9 ඇකේෂියා - සිහින දකින්නිය සැබවින්ම ඒඩ්‍රියන්ට අවශ්‍ය වූයේ මා මරා දමා විලේ කිඳුරු අධිපති වීමටද? ඒ දෑස්වල ආකර්ෂණය තුලින් මා දුටු ලෙන්ගතු බව සැබෑවක් නොවේද? ඒ සීතල දෑත් වල ස්පර්ෂයෙ මා අත්දුටු උණුසුම සැබෑවක් නෝවේද? මා සිත තවමත් ඒඩ්‍රියන් මා හට විපතක් කල බව පිළිගන්නට සුදානම් නැත. ඒඩ්‍රියන් මා වෙත ළං වද්දී මා අනාරක්ෂිත බවක් අත්වින්ද බව සැබෑය. එනමුදු මට නොතේරෙන ලෙංගතු බවක්ද මා ...
කින්නර අඩවිය … 7 ඇකේෂියා - සිහින දකින්නිය ඔහු හා ගෙවූ දින කිහිපය තුල මා කිඳුරුන් ගැන ඇතුලු බොහෝ දෑ ඉගෙන ගතිමි. එහෙක් ඔවුන් දෙදෙනාම පවසන දෙයින්ද අම්මාගේ අසාමාන්‍ය නිහඬතාවද මා නොදන්නා තව බොහෝ දෑ මේ කිඳුරු කොදෙව්වේ ඇති බව මට සිතේ. කිඳුරු පරපුරේ මිනිසුන් හටද කිඳුර වෙස් ගත හැකි බව සීයා පැවසුවා ඔබට මතක ඇත. ඒඩ්‍රියන් හා ගත කල දින කිහිපය තුල මා හටද කිඳුරු වෙස් ...
කින්නර අඩවිය… 6 ඇකේෂියා - සිහින දකින්නිය මාගේ සිතේ ඇතිවි ඇති සතුටට නිමක් නොමැත. දෙපතුල් පොළවේ නොවැද පාවී යන්නාක් මෙන් මට දැනේ. සිනාවෙන් පිරී ඇති මුව වැසීමට අමතක වී ඇති සෙයකි. සුරංගනා කතා වලට අපමණ ප්‍රිය කල මාහට අද එවැනිම සුරංගනා කතාවක කොටස්කාරියක් වීමට ඉරණම් වී ඇත. අඩිපාර දිගේ මා දිවගියේ නැවත ඔහු දැකීමේ නොඉවසිල්ලෙනි. සැනෙකින් මා අඩි පාර කෙළවර අඳුරු තුරු වියනින් ආවරණය වු ...
කින්නර අඩවිය … 4 ඇකේෂියා - සිහින දකින්නිය මුළුතැන් ගෙයි රැජින මාර්තාගේ ගී හඬින් අවදි වූ මා දෙනෙත් කරකවමින් අවට බැලීමි. “ගුඩ් මෝනින් ඇකේෂියා ඩියර්, හියර්ස් යුඅ ටී“ “තැන්කිව් මාර්තා“ ඇය ගිය පසු මම තේ කෝප්පයද ගෙන කාමරයේ විවෘතව තිබූ ජනේලය දෙසට පියනැඟීමි. එය සුන්දර උදෑසනකි.. ජනෙල් පඩියට මාගේ සිරුර වාරු කර ගත් මා වැව දෙස බලාගත් වනම තේ පානය කරන්න පටන් ගතිමි. එසැනින් ...
කින්නර අඩවිය … 8 ඇකේෂියා - සිහින දකින්නිය දෑස් හැර බලන කල්හි මා හිසට ඉහලින් නිල් අහසද මාගේ මවගේ මුහුණද දැක ගත හැකි විය. සිදුවූයේ කුමක්දැයි මෙනෙහි කර ගැනීමට මට මොහොතක් ගත විය. අවසන් වතාවට මා අඳුරු ජලතලයේ ගැඹුරු පත්ලට ඇදී යනවිට ඒඩ්‍රියන් මා ගිලී යාමට ඉඩහැර ඉහල වැව් තලයේ සිට බලා සිටියා මට මතකය. ඒ සමඟ මා අත්ලේ ගැටුණ යමක මා දැඩි ලෙස අල්වා ගත්තා මට ...
කින්නර අඩවිය … 5 ඇකේෂියා - සිහින දකින්නිය මා හුන් තැනම ගල් ගැසී සීයාගේ කතාවට වශීකෘතව සවන් දෙන්නට වීමි. හම් බැම්මෙන් බැඳි තිබූ පොත ලිහා දැමූ සීයා එහි අපගේ පැරැන්ණන් විසින් සටහන් තැබූ අප පරපුරේ ඉතිහාසය මට ගෙන හැර දක්වන්නට විය.. මේ මා ඔබ වෙත ගෙන එන්නේ එම අතීතයයි. Syrin මුහුදු අධිපතිගේ හත්වන බිරිඳ! ඇය අනික් කුමාරිකාවන්ට වඩා ඉතා ලාබාල ඉතා සුරූපී ගුණ යහපත් කරුණාවන්ත ...
කින්නර අඩවිය…3 ඇකේෂියා - සිහින දකින්නිය තප්පරයෙන් තප්පරය මොහොතින් මොහත ගතවී මැදියම් රැය උදා විය. මා දෙසවන් බලාපොරොත්තු වූ ජලතලය කැලතෙන හඬ ඈතක සිට වැව් ඉවුර දෙසට ළං වන හඬ මාගේ සවන් වැකුණි. මම සෙමින් ජනේලය කරා ඇදුනෙමි. තිර රෙද්ද යන්තමට මෑත් කල මා හට පෙරදා රැයේ දුටු පරිදිම මත්ස්‍යන් රංචුවක් ජලතලයේ එහා මෙහ පිහිනන අයුරු දැක ගත හැකි විය. ජනේලයේ අඟුල හෙමින් සීරුවේ හැර දැමූ ...
කින්නර අඩවිය…2 ඇකේෂියා - සිහින දකින්නිය එම සිදුවීමෙන් පසු කිහිප දිනකට මා ගෙයින් පිටත නොපැමිණිමට වග බලා ගතිමි. එහෙත් කොපමණ කාලයකටද? අපගේ ආගමනය මේ පරිසරයට නැතහොත් මෙහි වසන දෑසට නොපෙනන කාගේ හො නොසන්සුන්තාවයකට හේතුවී ඇති සෙයකි. අම්මා හෝ සීයා එදා වූ සිදුවීම ගැන මගෙන් ප්‍රශ්න කිරීමෙන් හෝ ඒ කිසිවකුත් පැවසිමෙන් වැළකී සිටියහ. මා මුහුණදුන් අත්දැකීම තවමත් මට අභිරහසකි. එහෙත් මෙසේ මුළුගැන්වී සිටිමෙන් පලක් නැති බව වටහාගත්මා ...
කින්නර අඩවිය… 01 ඇකේෂියා - සිහින දකින්නිය හදවතට දැනුනේ අපමණ සහනයකි. අඳින් පසු මාගේ වසර 18ක පමණ අධ්‍යාපන දිවියට විරාමයක් ලැබෙනා සෘතුව ඇරඹේ. සිතේ උපන් උද්දාමයත් පෙරටු කරගෙන ගීතයකක් මුමුණමින් මා නිවසේ ඉදිරි දොර හැරියෙමි.“සීයා!“ අම්මාගෙත් මාගෙත් එකම හිතවතා, එකම නෑදෑයා වන අම්මාගේ තාත්තා හෙවත් මාගේ සීයා මාස 6 කට පමණ පසු මාගේ නිවසේ සාලයෙන් මතු වීමෙන් මාගේ සතුට දෙගුණ තෙගුණ විය. දුව ගොස් සීයා වැළඳ ගත් ...
සිහින සිතුවමක් ! නිමි...8 ඇකේෂියා - සිහින දකින්නිය හාත්පසින්ම ගොම්මන් අඳුර වෑහෙන්නට පටන්ගෙන ඇත. වැව් තාවුල්ල නිශ්චල වී ඇත. මාගේ කඳුළුද වියලී බොහෝ වේලා ගතවී තිබුනි. එහෙත් මට ඒ තුරුලෙන් මිදෙන්නට සිත්නැත. මා තුරුල් කරගත් වනම ඔහු මීට බොහෝ වෙලාවක පෙර අවසන් වූ ගීතයකට තවමත් නැළවෙමින් සිටී. එසේ සිටියදීම ඔහු ඒ දෑත් වලින් මා ලිහිල් කර මාගේ බාහූන් දිගේ ගෙල පාමුලට ගෙනැවිත් ඒ දෙඅත්ල මගේ හිසකෙස් තුලින් ...
සිහින සිතුවමක් ! සෙනෙහසින්..7 ඇකේෂියා - සිහින දකින්නිය වැව් තාවුල්ල පිසගෙන එන මඳ නළට රිසිසේ මා මුහුණ සිප ගන්නට ඉඩහැර මා දෑස් වසා ගෙන මොහොතක් ගත කලෙමි. ඔහු ලී පාලම දිගේ මාවෙතට ඇවිද එන ශබ්දයට මම දෑස් හැර ඔහු එන මඟ බැලුවෙමි. ඔහුගේ එක අතක බොක්ස් ගිටාරයද අනෙක් අතෙහි තරමක් විශාල කූඩයක්ද විය. ඉන්පසු මොහු සැරසෙන්නේ කුමකටදැයි සිතා ගත නොහැකිව මම ලී වැටට පිටදී සිටගෙනම ඔහු කරනා ...
සිහින සිතුවමක් ! 6 ඇකේෂියා - සිහින දකින්නිය අළුයම තෙක් නිදි වැරූ නිසාවෙන් පාන්දර මට හොඳින් නින්ද ගොස් තිබුනි. මා ඇහැරෙද්දී එවිටත් ඔහු නිවසින් පිටවී ගොසිනි. ඔහුගේ උදෑසන තේ කෝප්පටය අතපසු කිරීම ගැන මට මා සමඟම තරහක් ඇති විය. සුපුරුදු පරිද දවසසෙන් භාගයක්ම වාගේ නිවසේ වැඩ කටයුතු වලට ගෙවී ගියෙන් හවස් යාමයේ ස්නායෙන් අනතුරුව ඔහු ගෙනදුන් පටි සහිත ගවුමක් තෝරා ගතිමි. සුදුපසුබිමේ රෝස පැහැති මල් වැටුනු ගවුම ...
සිහින සිතුවමක් ! තවමත් …5 ඇකේෂියා - සිහින දකින්නිය එදින ඔහුගේ පොත් රාක්කය පිළිවෙලට අසුරමින් සිටියදී මට එහි තිබී ඡායාරෑප ඇල්බමයක් ඇස ගැටුණි. එය සීරුවට ගෙන පසෙක තබා මාගේ කාර්ය අහවර කර ඇල්බමය ගෙන සෝෆාව වෙත ගොස් මා එහි පිටු එකින් එක පෙරළන්නට වීමි. කුඩා කාලයේ පටන් තරුණ වියට පාතබන තෙක් ඡායාරෑප ඇති එම ඇල්බමය ඔහුගේ ජීවිත කතාව ලියා තැබූ පොතක් වැනිය. එය නරඹමින් සිටියදී ඔහුගේ කාරයේ හඬ ...
සිහින සිතුවමක් ! තවමත් දකිමි…4 ඇකේෂියා - සිහින දකින්නිය “But I have some conditions! ” ඔහු කිව්වා ඔබට මතක ඇත. එහෙත් ඊළග මොහොතේ ඔහු ඉදිරිපත් කල ගිවිසුම් වලට මට යටි සිතෙන් සිනා නොවී සිටීමට නොහැකි විය. “විශේෂයෙන්ම මගේ වැඩ වලට ඇඟිලි ගහන්න එපා, ගැහැණු ළමයි වගේ ප්‍රශ්න අහන්න එපා, ගෙදර තියෙන දේවල් වෙනස් කරන්න එපා, මොනම හේතුවකට වත් මගේ කාමරේට යන්න එපා, ඔයාගේ වැඩ ඔයාම කර ගන්න, වැඩිය ...
සිහින සිතුවමක්! නොනිමි……3 ඇකේෂියා - සිහින දකින්නිය “මට ගෙදර යන්න බෑ….!”“වෝව්, වෝව්, වෝව්………. සේ වට් ?”“මට ගෙදර යන්න බෑ….!”“Listen girl !”“ඇකේෂියා ! මගේ නම ඇකේෂියා…”“ඕකේ ඇකේෂියා, ඔයා ඊයේ රෑ කරදරයක වැටිලා හිටියේ, ඒ වෙලාවේ මට ඔයාව තනි කරන්න බැරි නිසා මම ඔයාව ගෙදර එක්කගෙන ආවා. මම හිතන්නේ දැන් ඔයාට තනියම ගෙදර යන්න පුළුවන්. බැරි නම් කියන්න මම ඔයාව ඇරලවන්නම්. OK !”“මම කරදරයක වැටිලා ඉද්දි බේරගත්තාට ස්තූතියි, ඒත් ...
සිහින සිතුවමක් ! තවදුරටත්…..2 ඇකේෂියා - සිහින දකින්නිය තදබල හිසේ කැක්කුමක් සමඟ මා පියවි සිහියට පැමිණෙද්දී මාගේ යහනේ මා වැතිර සිටින්නාක් වැනි උණුසුම් ආරක්ෂාකාරි හැඟීමක් මට ඇති විය. ඉහ අද්දර අම්මාගේ මුහුණ දැකිම පිණිස මා සෙමින් දෑස විවර කලෙමි. නැත මේ මාගේ නිවස නොවේ. සිහින් තැති ගැන්මක් ඇති වුවද ඉවකින් මෙන් මා සිටින්නේ ඉතා ආරක්ෂාකාරි පරිසරයක බව මට හැඟිනි. තව දුරටත් අඩවන් දෙනෙතින් අවට නිරීක්ෂණය කරන ...
සිහින සිතුවමක්! 1 ඇකේෂියා - සිහින දකින්නිය ගෙදරින් එළියට බැස්ස මොහොතේ සිතේ වූ ධෛර්ය බිඳකුඳු දැන් මගේ සිතේ නොවෙයි. ජනේලයෙන් පැනීමට පෙර අවසන් වර හැරී මාගේ නිදන කාමරය දෙස බැලු අවස්ථාවේ කුඩා මේස ඔරලෝසුවේ වේලාව 11.15 ලෙස සටහන්ව තිබූ වග මට සිහියට නැඟුණි. එයට අනුව දැන් මා පැයක් පමණ වේලාවක් තිස්සේ මහමඟ ඉබාගාතේ ඇවිදිමින් සිටි. සිහින් පොදක්ව තිබූ වර්ෂාව නොසිතූ මොහොතක මහා වරුසාවක්ව ඇද හැළුනේ විශාල වැහි ...
මගේ නැවතුම… ඇකේෂියා - සිහින දකින්නිය මා හදිසියේම අවදි වූයේ උගුර වියළීමෙන් දැනුන අපහසුතාවයකිනි. යහන අද්දර වු කුඩා මේසයේ වූ වතුර වීදුරුවට අත යා කළ මා ඉන් උගුරු දෙක තුනක් පානය කර නැවත නිදන්නට අනෙක් පස හැරුණෙමි.ඔහු යහනට ආවේ කොයි වෙලේ දැයි මම නොදනිමි. ඉතා සීරුවට උස් පහත් වන ලය නිසා ඔහු ගැඹුරු නින්දක සිටින වග මට වැටහුනී. අපමණ සැනසිල්ලකින් නිදන ඒ සොඳුරු ප්රතාපවත් ...
සයුරු තෙර, නුඹ හා මම ඇකේෂියා - සිහින දකින්නිය සිහිල් දිය බින්දු මගේ දුහුල් රෑ ඇඳුම තෙත් කරගෙන පිට දිගේ ගලන අයුරු මට දැනේ. තව මොහොතකින් ඒ දිය බින්දු සියල්ල අවකාශයට වාෂ්ප වී යනු ඇත. මම නැවත හැරී ඒ කුඩා නිදන කාමරය සිසාරා නෙත් හෙළුවෙමි. ඔහු තවමත් නාන කාමරයේ විය යුතුය.නැවත හැරුණු මා දෙනෙත ඉදිරියේ අඳුරේ ගිලී දිලෙන මහ සයුර රඟදෙයි. අඳුර මැද්දේ වුවද සයුරු රළේ සුදු පෙන කැටි ...