අපේ රජවරු බයියන් කාපු හැටි ආගිය කතා ජාතික රූපවාහිනියේ මේ දවස්වල විකාශනය වෙන සුජාත දියණි කියන කොරියානු නාට්‍යයේ පෙන්වන්නේ කොරියාවේ රජ කෙනෙක්ගේ රජ වාසළ මුළුතැන්ගෙයි පාලිකාවරියක්ගේ කතාවක්. මේ කතාව බලන උදවිය නම් දන්නවා ඇති මේ මුළුතැන්ගෙයි පාලිකාවන්ගේ වැඩේ රජතුමා, මව් බිසව සහ අග බිසවට විවිධාකාරයේ කෑම වර්ගය හදන එක කියලා. ඒ වගේමයි තානාපතිවරු ආපුවත් මෙයාල පෝෂණ ගුණය තියෙන ඒ වගේමයි රසවත් කෑම පිළියෙල කරන්න ඕනේ. කොහොම නමුත් ...
කැලණි විස්සවිජ්ජාලේ කෑම මඟුල ආගිය කතා ඊයේ මූණුපොතේ කරක් ගහද්දී දැක්කා හසිත කියලා කැලණි විස්සවිජ්ජාලේ ඉන්දාරියෙක් විස්සවිජ්ජාලේ නූතන බාසා අංසෙන් කොරන ආහාර මඟුලක් ගැන මොකක්දෝ විස්තරයක් දාලා තිබුණා. මාත් ඉතින් හරිබරි ගැහිලා උදේම විස්සවිජ්ජාලෙට ගෑටුවා ආහාර මඟුලට.මම මේ ගොඩයා නිසා ආහාර මඟුල කිව්වාට ඒකේ තැන් තැන්වල ගහලා තිබුණේ නම් "International Food Festival - 2012" කියලා ඕන්. මම යද්දී තමා විස්සවිජ්ජාලේ VC සීයයි අනික් ලොකු ලොකු ඇත්තෝ ...
ඕවද වස් කවි මෙන්න මේවනේ නියම වස් කවි - ඉතිහාසයේ අප්‍රකට කතා 02 ආගිය කතා එක එක අය එක එක විදිහට වස් කවි කියනවනේ. වස් කවි කියන එක හොඳ දෙයක් වුණේ නැතත් මේ කියන්න යන්නේ නියමෙට වස් කවි වගේම කවිත් කිව්ව මහනුවර යුගයේ හිටිය ප්‍රකට හාමුදුරු නමක් ගැන කතන්දර කීපයක්.කන්ද උඩරට රාජධානි සමයේ වැලිවිට සරණංකර සංඝරාජ හිමියන් වැඩ සිටි කාලයේම මහනුවර වැඩ සිටිය ප්‍රසිද්ධ හාමුදුරු නමක් වුනේ කුංකුණාවේ හාමුදුරුවෝ. සංඝරාජ හාමුදුරුවන්ගේ ගෝලයෙක් වුණු රඹුක්වැල්ලේ ...
ඇමරිකාවේ ඔබාමා මහත්තයා පනත් අත්සන් කරන සූත්තර ක්‍රමය ආගිය කතා ඇමරිකාවේ ධවල මන්දිරයේ නැගෙනහිර කාමරයේ එදා කට්ටියක් වාඩිවෙලා හිටියේ ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා ඇමරිකාවේ කොංග්‍රසය [අපේ රටේ විදිහට නම් පාර්ලිමේන්තුව] මඟින් සම්මත කරපු සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රතිසංස්කරණ පනත අත්සන් කරලා ඒක නීතියක් බවට පත් කරන අවස්ථාවට සම්බන්ධ වෙන්න. එදා කිව්වේ 2010 මාර්තු 23 වෙනිදා. ලංකාවේ විදිහට නම් පාර්ලිමේන්තුව සම්මත කරන පනතක් නීතියක් වෙන්න කතානායකතුමා අත්සන් කරන්න ඕනේ. ඇමරිකාවේ නම් ඒකට ජනාධිපතිතුමා ...
අද කාලේ අන්දරේලාට ආගිය කතා අන්දරේ කියපු ගමන් අමුතු අටුවා, ටීකා, ටිප්පණි ඕන වෙන්නේ නැහැ හඳුන්වලා දෙන්න. මහනුවර යුගයේ රාජ සභාවේ කවටයෙක් ඒ වගේම කවියෙක් විදිහටත් රජතුමාව සතුටෙන් තියන්න හිටපු කෙනෙක් විදිහට බොහොම කෙටියෙන් අන්දරේ ගැන කියන්න පුලුවන්. බොහෝ වෙලාවට අනුමාන කරන්නේ රාජාධි රාජසිංහ රාජ සමයේ [ක්‍රි.ව 1782-1798] අන්දරේ වාසය කරන්න ඇතියි කියලා.කොහොම නමුත් අන්දරේ කරපු විහිළුවලින් ඇස් රතු වුණත් ඒකෙන් මොකක් හරි විනෝදයක් තිබුණා. ...
මහින්දා මාමා අපේ මාමා ආගිය කතා අපේ රටේ අපි හැමෝමව බලාගන්න මහින්ද මාමා ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඉතින් මට හදිසියේම මහින්ද මාමා මතක් වුණේ මේ ළඟදී වුණු සිද්ධියක් නිසයි. පාරේ තොටේ යද්දී, කඩ පොළට යද්දී හුඟාක් අයට මහින්ද මාමාව මතක් වෙනවා ඇති. ඒ විතරක්ද සමහර වෙලාවට මහින්ද මාමාගේ අම්මා තාත්තා එහෙමත් මතක් වෙනවා ඇති :)) අපේ කැම්පස් සහෝදරවරු මහින්ද මාමාව මතක් කරන විදිහ මම කලින් ...
මෛත්‍රී බෝසතුන් ගෞතම බුදුන් සමීපයේ පැවිදිවෙයි ආගිය කතා කුෂාණ යුගයේ මෛත්‍රී බෝසත් පිළිමයක්මෛත්රී බෝසතුන් සම්බන්ධ කතා කීපයක්ම මීට කළින් සටහන්වලිනුත් කතා කළා මතක ඇතිනේ. අද කියන කතා කීපයත් මෛත්‍රී බෝසතුන් සම්බන්ධ කතාමයි.පළමු කතාවේ විශේෂත්වය මේ කතාවේ ගෞතම නමින් බුද්ධත්වයට පත්වුණු අපේ බෝසතාණන් වහන්සේත් ඉන්න එක. ඒ වගේමයි මම දන්නා තරමින් මේ කතාව සාහිත්‍ය මූලාශ්රවල නැතත් ජනප්‍රවාදයක් විදිහට තමා අද දක්වාම පැවැත ගෙන එන්නේ. එක්තරා කාලයක මනුෂ්‍ය ලෝකයේ ...
නම් ගම් ටිකක මුල් සොයා ආගිය කතා බුදු සිරිතත් එක්ක සම්බන්ධ වෙන විවිධ පුද්ගලයෝ වගේම විවිධ ස්ථාන රාශියක් තිබෙනවා. මේ විවිධාකාර පුද්ගලයන් වගේම ස්ථානවලට නම හැදුණු හැටි ගැන යම් යම් බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථවල කතා කරලා තිබෙනවා. හැම ස්ථානයේම හරි හැම පුද්ගලයාගේම හරි නම සකස් වුණු හැටි නැතිවුණත් සාමාන්‍ය ප්‍රමාණයකට ඒ පිළිබඳ විස්තර තිබෙන නිසා බෞද්ධ සාහිත්‍ය ග්රන්ථ කීපයක්ම කියවද්දී මට හම්බුණු ඒ වගේ දේවල් ටිකක් ගැන කියන්න ...
අභිනව අස්ගිරි මහනාහිමි පත්වන අන්දම ආගිය කතා පසුගියදා අපවත් වුණු මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමිපාණන් වහන්සේ පිළිබඳ බොහෝ දෙනා බොහෝ දේ මේ දිනවල කතා කරනවානේ. ඒ නිසා ඒ පිළිබඳ ආයේ අමුතුවෙන් කතා කරන්න අදහස් කරන්නේ නැහැ. ඒත් බොහෝ දෙනාට මේ වෙද්දී දැනගන්න අවශ්‍ය වෙලා තියෙන ඒ වගේම දැනගත යුතු කරුණු කීපයක් පිළිබඳ කතා කරන්නයි කාලෙකට පස්සේ මේ සූදානම. ඒ තමා ...
ගමට දිවියෙක් ඇවිත් ආගිය කතා සියඹලාපේ ඒ කියන්නේ අපේ ගමේ මිනිස්සුන්ව ත්‍රාසයෙන් භීතියෙන් මුසපත් කරපු සිද්ධියක් ගැනයි ඔයාලට කියන්න යන්නේ...... එදා වෙනදා වගේම හොඳට ඉර පායපු දවසක්. එදා උදේම මට පන්සලට යන්න වුණා දහම් පාසලේ වැඩ වගයක් ගැන පොඩි හාමුදුරුවොත් එක්ක කතා කරන්න. පොඩි හාමුදුරුවොයි මායි කතා කර කර ඉද්දී තමයි නායක හාමුදුරුවෝ මට කතා කලේ. ඒ වෙලේ ආවාසේ ගාව මිදුලේ පොලිස් ජීප් එකත් නවත්තලා මීගහවත්ත ...
සමුගනිමි............... Farewell............ ආගිය කතා තනිය මට ද මගේ තනිය මකාලන්න එනවදසිහින මට ද සිහිනෙන් දැකගන්න එනවදකඳුළු මටද දෑසේ වියළෙන්න දෙනවදදුකම මට ද මගේ දුක විඳගන්න දෙනවද
මතක් වෙනවද මාව ඉදහිට ආගිය කතා ඔබ ගිහින් බොහෝ දුරමතක පොත මා අතඅඳුරු සෙවණැලි මා වටසුසුම් උණුසුම් කළ හදමතක් වෙනවද මාව ඉදහිට Westlife කණ්ඩායම ගායනා කරන ලස්සන සිංදුවක් Unbreakable . ඒකත් මතක් වුණා............ප.ලි.: සරෝජිනී දැරණියගල ලියූ වෙන්දේසි වූ ප්‍රේමය කාව්‍ය සංග්‍රහයෙන් උපුටා ගත්තකි. ...
e- අටුවාවට නැවත පණදීම ආගිය කතා මම ඉගෙන ගන්න දේත් එක්කම මම කැමතිම අංශයක් ගැන තොරතුරු බෙදාගන්න එක අරමුණු මුල් කරගෙන මම පටන් ගත්තු බ්ලොග් එක තමා e-අටුවාව කියන්නේ. ඒකෙන් උත්සාහ කරන්නේ විශේෂයෙන් ලංකාවේ පිහිටලා තියෙන ඒත් එතරම් මහජන අවධානයකට ලක්වෙලා නැති ඒත් අපේ උරුමයත් එක්ක බැඳිලා තියෙන ඓතිහාසික ස්ථානවල තොරතුරු කට්ටියත් එක්ක බෙදා ගන්න.එච්චර ලිපි ප්‍රමාණයක් මේකේ ලියවිලා නැත්තේ ඒකට ආවට ගියාට ලියන්නේ නැතිව කරුණු ...
අතීතයට යාම ආගිය කතා හවස කැම්පස් එක ගාවින් මම අපේ පාරේ බස් එකකට නැග්ගේ ඉක්මණට ගෙදර යන්න හිතාගෙන. තව සති 2 කින් කැම්පස් එකේ 1st semester exam පටන් ගන්නවා, ඒ මදිවට අලුත් අවුරුද්දකුත් එනවා. එක වැඩක් කියලද වැඩ ගොඩක්. හොඳ වෙලාවට seat එකකුත් හම්බුණා. ඒක නිසා හොඳට වාඩිවෙලා ඒවා මේවා කල්පනා කර කර යන්නත් පුලුවන් වුණා.බස් එක කිරිබත්ගොඩ bus stand එකට ආපුවාම සාමාන්‍යයෙන් ලස්සන ...
දංඩි පැටව් මකර දොරටුව උඩින් පැනයාම ආගිය කතා චීනයේ යැංසි ගඟට දකුණෙන් පිහිටි කඳුවැටිය පාමුල එක පුංචි ගමක් තියෙනවා. ඒ ගම ඉස්සරහින් ගලා යන කුඩා ඔයේ දංඩි පැටව් එහා මෙහා පීනමින් විනෝද වෙනවා. අප කියන්න යන කතන්දරේ පටන් ගත්තේ, අන්න එතනයි. කලු දංඩියා ඒ කියන්නේ, මාළු රෑනේ නායකයා දවසක් තමන්ගේ සගයන්ට මෙහෙම කිව්වා. "ඉක්මනට මෙහෙ එන්න. මං ඔයාලට හොඳ ආරංචියක් කියන්නම්!" "ඒ මොකක්ද?" "මං අර පේන පුංචි පාලම ...
නිකම් කතා තුනක් ආගිය කතා පෙරේදා ඒ කියන්නේ ඉරිදා අපේ Logic Class ආපු නංගි කෙනෙක් class එක ගැන යොවුන් නවකතා පොතක් ලියලා ඒකේ Book Launch එක තිබුණා. ඒකට අපි හැමෝටම invite කරලා තිබුණු නිසා අපි මිස්ලගේ ගෙදරට set වුණා.එතකොට ලේසියිනේ. මිස් එක්කම car එකේ ගම්පහ Book Launch එක තිබුණු hall එකට යන්න පුලුවන්නේ :)
දිලුම් හෙවත් ඉලංදාරියා ආගිය කතා ඉලංදාරියාගේ නිහඬ ලොව බිඳින්න සිව් දෙසින් ඇදෙන සයිබරයේ මිතුරු රළ පෙළට ඔබත් එක්වන්න. කියන මේ බැනරය කාලයක් ඒ වගේම තාමත් අපේ බ්ලොග්වල ඉහළින්ම තියෙන එකක්. ඒ සිංහල බ්ලොග් අවකාශදී ගොඩනැඟුණු සහෝදරකමක් වෙනුවෙන්, ඔක්කෝටම වඩා මනුස්සකම වෙනුවෙන් අපි හැමෝම කරපු දෙයක්. මේ අවුරුද්දේ ජනවාරි 26 වෙනිදා දිලුම් එහෙමත් නැතිනම් අපි හැමෝම දන්න ඉලංදාරියා නිහඬ ලොව බිඳින්න post එකෙන් එයාගේ ප්‍රශ්නේ ...
වෙසක් පෝය market වීම ආගිය කතා "2600 වෙනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසෙමු" මේ දවස්වල උදේ ඉදන් හවස් වෙනකම් TV එකේ Radio එකේ වගේම පත්තරවලිනුත් මිනිස්සුන්ට කට පාඩම් වෙන තරමටම දානවා.මුලින්ම මම කතා කරන්න යන්නේ මොකක්ද මේ සම්බුද්ධත්ව ජයන්තිය කියන්නේ කියලා. මොකද මට කීප දෙනෙක්වම හම්බුණා සම්බුද්ධ ජයන්තියයි සම්බුද්ධත්ව ජයන්තියයි දෙකම එකක් කියලා හිතන.මුලින්ම සම්බුද්ධ ජයන්තිය ගැන කතා කළොත් මේ 2555 වෙනි සම්බුද්ධ ජයන්තිය එහෙමත් ...
Exams අස්සේ විකාර ආගිය කතා දිනය : 2011 මැයි 7 වෙනිදාස්ථානය : කැකුළාවල ශාලාව, කැලණිය විශ්වවිද්‍යාලය, දළුගමවේලාව : පෙරවරු 10.00 සිට 10.30 දක්වාසිද්ධිය : මානව සම්පත් කලමනාකරණය ප්‍රශ්න පත්‍රයට හැකි පමණ සාර්ථකව පිළිතුරු සපයා ඉතුරුව තිබූ විනාඩි 30 ක කාලය තුළ හිස් කොළයකට පිරවුණු මගේ සිතුවිලි............අද කොළ පිරවූ අපහිත පුරවා ගන්නේ හෝහිත කඩාගන්නේප්රතිඵල එනදාටයවිභාගේ පාඩම්විභාගේ පාඩම්මිසක්පාඩම් විභාගේ වෙන්නේ නැහැනේලස්සන කොළ ටිකපොඩි ළමයෙක් වුණා නම්රොකට් හදන්නවත් ...
ලේ වෙනුවෙන්........ ආගිය කතා "මචං A negative ලේ හොයාගන්න ඕනේ වෙලා තියෙනවා. පුලුවන් උදව්වක් කරපන්." කියලා ඩොමාගෙන් sms එකක් ඇවිත් තිබුණා පහුගිය සතියේ දවසක හවස. මගේ ලේ B positive ජාතිය. ඉතින් මම දන්න කියන කීප දෙනෙක් බැලුවත් A negative ලේ තියෙන කෙනෙක් හිටිය නැති නිසා මම ඩොමාට කතා කළා මොකක්ද මේ සීන් එක කියලා දැනගන්න."සිත්තරාගේ තාත්තට බයිපාස් operation එකක් කරනවා, ඒකට A negative ලේ ...