එක්තරා රජ කෙනෙකුගේ කතාවක් ආගිය කතා ඇවිද්ද පය දහස් වටී කියන සිංහල කියමන හුඟාක් ප්‍රසිද්ධ එකක්. පයින්ම ගමන් බිමන් ගිය ඉස්සර කාලෙට නම් මේ කියමන හුඟාක් අදාළයි. වර්තමානේ වෙද්දී පයින් ගමන් බිමන් අඩුයි නොවැ :)කොහොම නමුත් අද කතාව මේ කියමන හැදුණු හැටි ගැනයි. ඒකත් පරණ කතාවක්. කතාව මෙහෙමයිඑකෝමත් එක කාලෙක [හිට්ම කෑල්ල] එක සිටුතුමෙක් හිටියා. හැබැයි එයා හරි දුප්පත්ලු. එතකොට දුප්පත් නම් මෙයා සිටුතුමෙක් වුණේ කොහොමද ...
පමා වූ වැලන්ටයින් පණිවුඩය ආගිය කතා වැලන්ටයින් දිනය එහෙමත් නැත්නම් ආදරවන්තයින්ගේ දිනය හැම අවුරුද්දෙම පෙබරවාරි 14 වෙනිදා මහ ඉහළින් සමරන්නේ ආදරවන්තයින්ටත් වෙළෙන්දෝ කණ්ඩායම. වෙසක්, පොසොන්, නත්තල් වගේ ආගමික උත්සව බදු ගත්තු වෙළෙන්දන්ට ආදරවන්තයින්ගේ දිනය බදු ගන්න පුලුවන් වෙන එක අහන්නත් දෙයක්ද ?හුඟක් දේවල්වලට ජාතිකවත් ජාත්‍යන්තරවත් දින වෙන්කරලා තියෙනවනේ. ඉතින් ඒ දිනයට විතරද ඒවා මතක් කරන්න ඕනේ. ඒවා අනිත් දවස්වල මතක් කරන්නවත් ඕනේ නැද්ද ? එහෙමත් තර්කයක් ...
සීත රෑක මධුසමේ මා ඔබේ වෙලා..... අහලා තියෙනවාද ? ආගිය කතා දැන් කාලේ ලංකාවේ music කොච්චර ජනප්‍රියද කියනවා නම් අහවස ලියන සිංදුවට රෑ music දාලා පහුවෙනිදා උදේට FM වල, TV Channels වල යන තරමටම ලංකාවේ music දියුණුයි :) Musical show එකක් කිව්වොත් කොල්ලෝ කුරුට්ටෝ පිරෙන හැටි හැමෝම දැකලා ඇතිනේ.ජනප්‍රිය සංගීතයේ ඉල්ලුම වගේම ශාස්ත්‍රීය සංගීතයේ වුණත් ඉල්ලුමක් නැහැ කියන්න බැහැ. වික්ටර් රත්නායකයන්ගේ ප්‍රසංගය, සුනිල් එදිරිසිංහයන්ගේ සඳකඩ පහණ, නන්දා මාලිනියන්ගේ ශ්වේත රාත්‍රිය වගේ ...
ඩොමිනික් චන්ද්‍රසාලිගේ දුතියාගමනයේ ප්රථමාගමනය ආගිය කතා මමයි ඩොමායි campus එක පහළ ඉදන් ඩොමාගේ අලූත් කතා පොතේ proof කියවලා ඒකේ තිබුණු අක්ෂර දෝෂ ටික හදලා campus එකට එමින් ගමන්.මම ඩොමාට කිව්වා "මචං අර චීන්නු කිව්වා වගේ දැන් උඹට ඉතුරු වෙලා තියෙන්නේ පුතෙක් හදන්න විතරයිනේ. උඹ දැන් පොතකුත් ලියලා තියෙනවා, ගසුත් හිටවලා ඇතිනේ" කියලා.එතකොට ඩොමා කිව්වා "නැහැ බන් පුතා හදන වැඩේ විතරක් ඉතුරුවෙලා දැන් හුඟක් කල්. මොකද බන් ...
ආශ්චර්යයේ මාවතෙන් විසාකාවියන් වෙතට ආගිය කතා හීනයක්ද කියලා බලන්න අත පොඩ්ඩක් කොනිත්තලා බලන්න උවමනා කළේ නැහැ. මේ ඇත්තම ඇත්ත. Toyota Primeo car එකක මමයි අපේ දුලානි මිසුයි පිටිපස්සේ එකේ. මිස්ගේ මහත්තයා අපේ හේමන්ත සර් ඉස්සරහ seat එකේ. අපේ ආරක්ෂාකාරී, ධාවකයා ගිහාන් driving seat එකේ.අපි යන car එකේ speed meter එකේ පෙන්නනවා speed එක 170 කියලා. අපි යන්නේ ලංකාවේ තියෙන දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ. පිස්සු හැදෙයි සඳ ...
සංගීතයෙන් ලොව දිනූ කල්ලන් ආගිය කතා මේ ළඟදී දවසක මුහුණු පොතේ කරක් ගහද්දී රුක්මාල් නිරෝෂ් කියන කාලෙකට ඉස්සර ටෙලි නාට්‍යවලින් අපි දැකපු රංගන ශිල්පියා අධ්‍යක්ෂණය කරපු ”සුළඟ මත මොහොතක්” ටෙලි නාට්‍යයේ trailer එක දැකගන්න පුලූවන් වුණා. මේ තියෙන්නේ ඒ trailer එක. Trailer එකේ background song එක විදිහට ගියපු song එක මොකක්ද කියලා හොයාගෙන යන කොටයි මෙහෙම post එකක් ලියන්න තරම් දේවල් එකතු වුණේ.අඳුරු මහද්වීපය එහෙමත් නැත්නම් ...
සර්පයෙක් දෂ්ඨ කළොත් මොකද කරන්නේ ??? ආගිය කතා පහුගිය දවසක අපේ Campus එකේ මල්ලී කෙනෙක් ලියපු පොළඟෙක් දෂ්ඨ කරලා පොඩි ගැහැණු ළමයෙක් මියගිය කතාවක් "සුදු නෙළුම කෝ...." කියලා මම publish කළ කට්ටියට මතක ඇති. ඒක ඇත්ත කතාවක්. ඒකත් එක්කම අපේ හිතවත් ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න බ්ලොග් එක ලියන අභීත අයියාත් නයෙක් සහ පොළඟෙක් ගැන නයෙක් ඇරියා කට්ටියට මතක ඇති. ඒ post එකේම සර්පයෙක් දෂ්ඨ කළාම කරන ප්‍රතිකාර ගැන ...
Bio Island First Sinhala Blogger කෙනෙක් ??? ආගිය කතා "අයියේ මේ Site එක බලන්න. මේ මම ලියන blog එක. http://nikamaa.blogspot.com/ "ඒ විදිහට මීට මාස දෙකකට විතර ඉස්සෙල්ලා ප්‍රමිත් මල්ලී මට facebook එකෙන් message එකක් එව්වා. ඉතින් මම ගිහින් blog එක බැලුවා වගේම ඒ ගැන comments එහෙමත් කළා.ඊට පස්සේ එයාට ලියන්න අදහස් ටිකක් දෙන්න කිව්වාම මම කිව්වේ "ඒක ඔයාට භාර එකක්. හිතට එන කැමති දේවල් ලියන්න. ඒත් සීමාවක් තියාගෙන. කෝකටත් ...
හර්බජාන් සිං, මන්මෝහන් සිංලා ගැන 2 ලිපිය - ගුරු අංගද් දේව් ආගිය කතා ගුරු අංගද් දේව්මීට පෙර ලියපු කොටසට හොඳ ප්‍රතිචාර ලැබිලා තිබුණා වගේම හුඟක් දෙනා ඒ ලිපියෙන් ශීඛ්වරු ගැන යමක් දැනගත්තා කියලා දැනගන්න ලැබුණා. මේ තමයි එදා කතාවේ ඉතිරිය.ගුරු නානක් දේව් මිය යන්න ආසන්න කාලයේදී තමන්ගේ පුතුන් දෙදෙනා වගේම ප්‍රධාන ශ්‍රාවකයන් පිරික්සලා බලලා තමන්ගේ අනුප්‍රාප්තිකයා එහෙමත් නැත්නම් මීළඟ ගුරු නම් කරනවා. ඒ ගුරු අංගද් දේව්. මෙතුමාගේ ඇත්ත නම වුණේ භායි ලේනා. භායි ...
හර්බජාන් සිං, මන්මෝහන් සිංලා ගැන 2 ලිපිය - ගුරු අංගද් දේව් ආගිය කතා ගුරු අංගද් දේව්මීට පෙර ලියපු කොටසට හොඳ ප්‍රතිචාර ලැබිලා තිබුණා වගේම හුඟක් දෙනා ඒ ලිපියෙන් ශීඛ්වරු ගැන යමක් දැනගත්තා කියලා දැනගන්න ලැබුණා. මේ තමයි එදා කතාවේ ඉතිරිය.ගුරු නානක් දේව් මිය යන්න ආසන්න කාලයේදී තමන්ගේ පුතුන් දෙදෙනා වගේම ප්‍රධාන ශ්‍රාවකයන් පිරික්සලා බලලා තමන්ගේ අනුප්‍රාප්තිකයා එහෙමත් නැත්නම් මීළඟ ගුරු නම් කරනවා. ඒ ගුරු අංගද් දේව්. මෙතුමාගේ ඇත්ත නම වුණේ භායි ලේනා. භායි ...
කවුද මේ හර්බජාන් සිං, මන්මෝහන් සිං කියන සිංලා ??? ආගිය කතා ඉන්දියාවේ පංජාබ් ප්‍රදේශය මූලික කරගෙන ජීවත් වෙන ශීඛ් දහම අනුගමනය කරන පිරිස සරලවම ශීඛ්වරු විදිහට හඳුන්වන්න පුළුවන්. එයාලගේ නමේ අගට අපේ වාසගම වගේ එකතු කරන කොටස තමා සිංහයා කියන අර්ථය එන සිං කියන කොටස. අද ආගිය කතාවේ අවධානය යොමු වෙන්නේ මේ ශීඛ් දහම ආරම්භ වීම සහ ශීඛ්වරුන්ගේ ආරම්භය ගැන.ශීඛ් දහමේ ආරම්භයට මුල්ම පදනම වැටෙන්නේ භක්තිවාදයෙන්. හින්දු ආගම තුළ එකළොස්වන සහ ...
පොලිසිය ලංකාවේ හොඳ පොලිසිය........ ජනතාවගේ හිත දිනා ගත්තු........ ආගිය කතා ගෙදර ඉන්න බැරිකමකට නෙමෙයි විද්‍යාර්ථීන් විදිහට අධ්‍යයන කටයුතුවලට තියෙන පරම උද්යෝගය නිසාම අපි තුන්දෙනා මම, ස්වීටා, මැදයා එදා කැම්පස් ගියා :) අපි මේ semester එකට දාලා තිබුණු සංස්කෘත auxilary unit එකේ lectures වගයක් exams ඉවර වුණාට පස්සෙත් තිබුණා.ඉතින් එදා තමයි campus එකට අලුත් නැව එන දවසක. කැලණියේ harbour එකක් හැදුවේ නැහැ :)) සරසවි භාෂාවෙන් නවක සිසුන් campus එකට එන එක ...
තිළිණයක්ම වූ තිළිණි ආගිය කතා මම ආඩම්බරකාර මනුස්සයෙක්. ජනාධිපතිතුමා තමන් ආඩම්බරකාර තාත්තා කියනවා වගේ ඔව් මමත් ආඩම්බරකාර යාළුවෙක් :) මට Campus එකේ, ඉස්කෝලේ, බාලදක්ෂ කණ්ඩායමේ, ශාන්ත ජෝන් ගිලන් සේවයේ, Logic Class එකේ, දහම් පාසලේ, ගමේ, මුහුණු පොතේ, සිංහල බ්ලොග් අවකාශේ යාළුවෝ ගොඩක් ඉන්නවා. යාළුවෝ ගොඩක් ඉන්න නිසාම නෙමෙයි මම ආඩම්බරකාර යාළුවෙක් වෙන්නේ. මගේ යාළුවෝ ගැන හිතලා ආඩම්බර වෙන්න පුළුවන් නිසයි මම ආඩම්බර වෙන්නේ.ප්‍රත්‍ය ශතකයේ මෙහෙම ...
වටුවන්ගේ මොළේට ඕවා තේරෙනවද ? ආගිය කතා අපි පොඩි කාලේ කරපු එක එක ජාතියේ වැඩ ගැන දැන් මතක් කරලා බලද්දී සමහර වෙලාවට හිතෙනවා ඒ කාලේ කරපු වැඩ හරි ගොන් කියලා. ඒ වගේමයි දැන් කාලෙත්. තව ටික කාලයක් ගිහින් මේ දවස්වල කරපු වැඩ ගැන මතක් කළොත් ඒත් අපිට හිතෙයි මේ දවස්වල අපි හරි ගොන් වැඩනේ කළේ කියලා :))ඒ වගේමයි ඒ දවස්වල සමහර දේවල් අහද්දී දකිද්දී හිතුණේ නැති ගැටළු ...
w3Lanka, Lanka e news, මහානාම හාමුදුරුවෝ සහ අසරණ වූ සරණ, ගොඩගිය ඵුස්සදේව ආගිය කතා ඉතිහාසය නැවත නැවතත් සිදුවේ කියන කතාව ප්‍රසිද්ධ කතාවක්. ඒත් ඒකට තව කෑල්ලක් එකතු වෙන්න ඕනේ. ඒ තමා ඉතිහාසය විටෙක ඒ ලෙසින්ම සිදුවන අතර විටෙක යම් යම් කොටස් සංශෝධන සහිතව වුවද මූලික සන්දර්භය තුළ නැවත සිදුවේ කියලා.ඒක නිසාමයි ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න එක වැදගත් කියලා කියන්නේ. මෑත කාලේ මම දැක්ක සිද්ධියකුත් ඊට අනුරූප ඉතිහාසයේ තියෙන සිද්ධියත් වර්තමාන කතා අතීත කතා දක්වලා ...
සුදු නෙළුම කෝ........... ආගිය කතා "පණ නම් තණ අග පිනි බිඳු වැන්නේ" කියන කියමන තදින්ම හිතට දැනුන දවසක් තමා අද. ඒ අවුරුදු 6ක් වයසැති පුංචි මලිති නොඑන ගමන ගිය හැටි ඇහැව්වම.පුංචි මලිති මේ ඉල් පෝය දා අම්මයි තාත්තයි එක්ක කැලණි පන්සල් ගිහිල්ල එහෙම ගෙදර එද්දි රෑ වුණා. මහන්සි නිසාම රෑ කෑම කන්නෙත් නැතුවම එයා නිදා ගත්ත.මහ රෑ මලිති කෙඳිරිගාන සද්දෙට තාත්ත නැඟිටල බලනකොට බල්ලෙක් හපා ...
සුදු කොඩි නඩුව සහ සරත් ෆොන්සේකා ආගිය කතා අපි උපදින දවස්වලත් ලංකාවේ තිබුණේ යුද්ධයක්. අපි හැදුණේ වැඩුණෙත් යුද්ධයත් එක්ක. අපේ තාත්තා හමුදා නිලධාරියෙක් වුණු නිසා පොඩි කාලේ ඉදන්ම යුද්දේ කියන එක අයියටයි මටයි සමීප දෙයක් වෙලා තිබුණේ. අපි දෙන්නා සෙල්ලමටත් කළේ බංකර් හදන එක. ඒ වුණත් ටික ටික ලොකු වෙද්දී අපිට තේරුණා හරියටම යුද්දේ කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම තාත්තා උතුරු නැගෙනහිර ක්‍රියාන්විතයේ ඉද්දී තාත්තා ගැනත් බයක් අපේ ...
කරන්න බැරි නම් වහලා දාන්න ආගිය කතා මේ ළඟදී දවසක අපේ ගමේ වයසක මනුස්සයෙක් අන්ත්‍රා වෙලා මායි තව යාලුවෙකුයි ඒ මළ ගෙදර ගියා. මෘත දේහයට ආචාර කරන්න ගේ ඇතුළට ගියාම මියගිය කෙනාගේ බිරිඳත් ඇවිත් අපිව පිළි අරගෙන මියගිය හැටිත් අපිත් එක්ක කතා කළා. පස්සේ ඉතින් අපි දෙන්නා එළියේ තිබුණු hut එකකින් වාඩි වුණා.මාත් එක්ක ගිය එකා බුලත් විට මරුවා. Man බුලත් විටක් කන්න පටන් ගත්තා. මමත් ඉතින් ...
වලස්සු තොප්පි දාන්නේ නැහැනේ බන් ආගිය කතා අපේ History Special 1st year බැච් එකේ කොල්ලෝ 5 ක් ඉන්නවා. මම, මැදයා, ස්වීටා, නෝබා සහ පැංචා. පැංචා එච්චර අපිත් එක්ක සෙට් වෙන්න, වළ බහින්න එන්නේ නැහැ. Lectures එනවා, Lectures ඉවර වුණාම library යනවා පාඩුවේ තමන්ගේ වැඩ ටික කරගන්නවා. ඒත් අනිත් අපි හතර දෙනා ඉතින් එකටම තමයි.මේකෙන් සිරාම බුවා නෝබා. නෝබා කියන්නේ card එක. ඇත්තම card එක නෝබට්. කෙටි කරලා ...
මහින්දාගමනයට මහා shot එකක් ආගිය කතා 2600 වෙනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියත් සමඟ සමගාමීව වෙසක් පොහොයට පසු දින සිට ලංකාව පුරා සිනමාහල්වල මහින්දාගමනය නම් චිත්‍රපටිය ප්‍රදර්ශනය කරන්නට පටන් ගැනුණි. මේ වනවිට ප්‍රදර්ශනය කරන්නට පටන් ගෙන දින 200 ද පසු කර ඇති මේ චිත්‍රපටියේ දැන්වීම් ඇලවෙන්නේ "නොබැලූ දෑස් කුමටද" යනුවෙනි. ඉතිහාසය හදාරන සිසුවෙක් නිසාම නොව සිනමා ලෝලියෙක් වශයෙන්ද මහින්දාගමනය නම් චිත්‍රපටිය නැරඹූ මට පුද්ගලිකව හැඟුණේ මහින්දාගමනය "බැලූ දෑස් ...