I විමලධර්මසූරිය රජුගේ අනියම් පෘතුගීසී පුත්‍රයා ඇතුළු තවත් අප්‍රකට කතා කීපයක් - ඉතිහාසයේ අප්‍රකට කතා 06 ආගිය කතා I විමලධර්මසූරිය රජතුමාකන්ද උඩරට රාජධානිය නිසියාකාරව ආරම්භ කරපු රජතුමා විදිහට සැළකෙන්නේ I විමලධර්මසූරිය රජතුමා. අපි මීට කලිනුත් කතා කීපයකින්ම I විමලධර්මසූරිය රජතුමා ගැන කතා කළානේ. මතකනේ I විමලධර්මසූරිය රජතුමාට කුණුහරුප කියූ ලන්දේසි අද්මිරාල් වගේම කතෝලික පූජකයෙක් වී පෘතුගාලයේදී මියගිය උඩරට රජතුමා කියන සටහන්වලින් සෘජුවම නොවුණත් වක්‍රව මේ රජතුමා ගැන කතා කළා. අද මේ සූදානම රජතුමා ගැන තියෙන කුඩා කුඩා ...
ගොන් ප්‍රශ්න අහපු රජ කෙනෙක් ගැන කතාවක් ආගිය කතා එකෝමත් එක කාලෙක [කොයි කාලෙද කියලා අහන්න ඔට්ටු නෑ] එකෝමත් එක රටක [ ඒක නම් ඔන්න ඕහේ ලංකාව කියලත් හිතා ගත්තට කමක් නැහැ] රජතුමෙක් හිටියා. රජතුමා ඒ රටේ තිබුණු සල්ලි ඔක්කොම කොටස් වෙළෙඳ පොළටයි, වරායවල් වගේ දේවල් හදන්නයි, ක්‍රිකට් පිට්ටනි හදන්නයි වගේ දේවල්වලට වියදම් කරලා තිබුණේ. අතේ මිටේ සල්ලි නැති නිසා රටේ තිබුණු නිධන් ටිකත් කඩලා ගාණක් හොයාගෙන තිබුණත් රෝල ...
රජ කාලේ තිබුණු Inter Disawe Competition for ඉර හඳ කොඩිය - ඉතිහාසයේ අප්‍රකට කතා 05 ආගිය කතා කන්ද උඩරට රාජධානියේ ධජයතරඟය කියන එක අද කාලෙට විතරක් නෙමේ රජ කාලෙටත් පොදු දෙයක්. තරඟය කියන එක ගත්තාම එක එක ආකාරවලට තියෙනවානේ. සාමාන්‍යයෙන් පිළිගත් ක්‍රමවේද යටතේ පවත්වන තරඟයක් එහෙමත් නැත්නම් තරඟාවලියක් අවසානයේදී ජයග්‍රාහී පිරිසට ශූරතා පලිහක් හරි ශූරතා කුසලානයක් හරි පිරිනමන එක තමා සාමාන්‍ය සම්ප්රදාය. ඒ හැරෙන්න ජයග්‍රාහී කණ්ඩායටම ධජයක් පිරිනමන එකත් සිදු නොවෙනවා නොවෙයි. අනෙක් අංශවල කොහොමද කියලා ...
එතකොට සරත් ෆොන්සේකා කරපු දෙයක් නැතෙයි ??? ආගිය කතා ගමක හිටිය දුප්පත් මනුස්සයෙක් බොහොම මහන්සියෙන් සියඹලා වගයක් කඩලා තමන්ගේ භාර්යාවත් එක්ක ඒවා ටික පාර්සල් කරගෙන අමාරුවෙන් පාරට කරේ තියාගෙන ඇවිත් එදා බස් එකක් නොතිබුණු නිසා හුඟක් දුර පයින් එහෙමත් ගිහින් අන්තිමට නගරේ පොළට අරගෙන ආවලු.පොළට ගිය වෙලේ මේ සියඹලා ගන්න ආපු මනුස්සයෙක් සියඹලා ටික ගන්නම් කියලා සියඹලා ටික කිරුවලු. පස්සේ මේ සියඹලාවල පොතු වැඩියි නේ කියලා කිලෝ ගාණක් අඩු ...
ජාතික කෞතුකාගාරයේ සොරකම ගැන කට උත්තර ගැනීමට හසිත ගුණසිංහ CID යට ආගිය කතා මම අන්තිමට ලියපු "කතෝලික පූජකයෙක් වී පෘතුගාලයේදී මියගිය උඩරට රජතුමා" post එකේ අන්තිමට තිබුණු සමහරවිට මේ මම ලියන අන්තිම ලිපිය වෙන්න පුලුවන් කියන එකත් එක්ක හුඟක් අය ඒ ගැන ප්‍රශ්න කළා වගේම තවත් සමහරු ඇහුවා blog එක වහන්නද යන්නේ කියලා. ඒත් පත්තු වෙලා තිබුණු ගින්දරත් එක්ක ඒකකටවත් උත්තරයක් දෙන්න පුලුවන්කමක් තිබුණේ නැහැ. ඉතින් අද මේ සූදානම එහෙම එකක් කිව්වේ ඇයි ...
කතෝලික පූජකයෙක් වී පෘතුගාලයේදී මියගිය උඩරට රජතුමා - ඉතිහාසයේ අප්‍රකට කතා 04 ආගිය කතා Nossa Senhora das Portas do Ceu දේවස්ථානය පෘතුගාලයේ ලිස්බන් දිස්ත්‍රික්කයේ තිබෙන නගරයක් තමා Telheiras කියන්නේ. ඒ නගරයේ ඉදිකරලා තිබෙන ප්‍රධාන කිතුණු පල්ලියක් තමයි Nossa Senhora das Portas do Ceu [ඉංග්‍රීසි අර්ථය - Our Lady of Heaven's Door] මේ දේවස්ථානයට ඇතුළු වන ප්‍රධාන දොරටුවේ ආරුක්කුවේ තිබෙන්නේ මෙවැනි සටහනක් "Foi construido pelo Principe de Candia" මෙහි තේරුම තමයි මෙය [දේවස්ථානය] ඉදිකරන ලද්දේ ...
හොඳ හොඳ වස් කවි කී කුංකුණාවේ හාමුදුරුවන්ගේ තවත් කතා කීපයක් ආගිය කතා වස් කවියෙන් හරි හරි වැඩ කරපු මහනුවර යුගයේදී වැඩ වාසය කරපු කුංකුණාවේ හාමුදුරුවන් ගැන කලින් දවසක කතා කළානේ. ඒකෙන් කතා කළේ හාමුදුරුවෝ කියපු හොඳ හොඳ වස් කවිනේ. අද කියන්නේ හාමුදුරුවන් සම්බන්ධ හොඳ හොඳ කතා ටිකක්.මතකනේ එදත් මම කිව්වා කුංකුණාවේ හාමුදුරුවොත් එක්ක හිත හොඳ නැති හාමුදුරුවරු එහෙමත් හිටියා කියලා. ඒ වගේමයි ගිහියොත් හිටියා කුංකුණාවේ හාමුදුරුවොත් එක්ක එච්චර හිත හොඳ නැති. ...
I විමලධර්මසූරිය රජුට කුණුහරුප කී ලන්දේසි අද්මිරාල් - ඉතිහාසයේ අප්‍රකට කතා 03 ආගිය කතා I විමලධර්මසූරිය රජතුමාඔස්ට්රියාවේ දොන් ජුවන් නමින් බෞතිස්ම ලබලා පෘතුගීසීන් යටතේ වැඩුණු උඩරට රදළ ප්රභූවරයෙක් වගේම උඩරට පාලක කරලියැද්දේ බණ්ඩාරගේ ප්‍රධාන අමාත්‍යවරයා වුණු වීරසුන්දර බණ්ඩාරගේ පුතා කොනප්පු බණ්ඩාර 1592 උඩරට බලා පිටත් වුණේ සීතාවක රාජසිංහ රජතුමාට එරෙහිව කන්ද උඩරට පෘතුගීසි හිතවත් පාලනයක් ඇති කරලා සීතාවක බලය මර්දනය කරන්න.මේ යටතේ උඩරට සිටි පාලක කරලියැද්දේ බණ්ඩාර රජතුමාගේ බෑණා වූ දොන් පිලිප් හෙවත් යමසිංහ ...
ඕවද වස් කවි මෙන්න මේවනේ නියම වස් කවි - ඉතිහාසයේ අප්‍රකට කතා 02 ආගිය කතා එක එක අය එක එක විදිහට වස් කවි කියනවනේ. වස් කවි කියන එක හොඳ දෙයක් වුණේ නැතත් මේ කියන්න යන්නේ නියමෙට වස් කවි වගේම කවිත් කිව්ව මහනුවර යුගයේ හිටිය ප්‍රකට හාමුදුරු නමක් ගැන කතන්දර කීපයක්.කන්ද උඩරට රාජධානි සමයේ වැලිවිට සරණංකර සංඝරාජ හිමියන් වැඩ සිටි කාලයේම මහනුවර වැඩ සිටිය ප්‍රසිද්ධ හාමුදුරු නමක් වුනේ කුංකුණාවේ හාමුදුරුවෝ. සංඝරාජ හාමුදුරුවන්ගේ ගෝලයෙක් වුණු රඹුක්වැල්ලේ ...
සුභ වෙසක් මංගල්‍යයක් වේවා කියලා සුභ පතන එක හරිද ??? ආගිය කතා Facebook එකේ සුබ වෙසක් මංගල්‍යයක් වේවා කියලා තියෙන photo එකකට මාව tag කරලා තිබුණා. ඒ වගේමයි මම member කෙනෙක් වෙලා ඉන්න FB group එකක wall එකේ තව member කෙනෙක් ලියලා තිබුණා සුභ වෙසක් දිනයක් වේවා කියලා. ඉතින් දැන් මගේ ප්රශ්නය එහෙම වෙසක් දිනයට අපිට සුභ පතන්න පුලුවන්ද කියන එක. අලුත් අවුරුද්දක් ලබද්දී අපි සුභ පතනවා සුභ අලුත් අවුරුද්දක් වෙන්න ...
ඇමරිකාවේ ඔබාමා මහත්තයා පනත් අත්සන් කරන සූත්තර ක්‍රමය ආගිය කතා ඇමරිකාවේ ධවල මන්දිරයේ නැගෙනහිර කාමරයේ එදා කට්ටියක් වාඩිවෙලා හිටියේ ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා ඇමරිකාවේ කොංග්‍රසය [අපේ රටේ විදිහට නම් පාර්ලිමේන්තුව] මඟින් සම්මත කරපු සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රතිසංස්කරණ පනත අත්සන් කරලා ඒක නීතියක් බවට පත් කරන අවස්ථාවට සම්බන්ධ වෙන්න. එදා කිව්වේ 2010 මාර්තු 23 වෙනිදා. ලංකාවේ විදිහට නම් පාර්ලිමේන්තුව සම්මත කරන පනතක් නීතියක් වෙන්න කතානායකතුමා අත්සන් කරන්න ඕනේ. ඇමරිකාවේ නම් ඒකට ජනාධිපතිතුමා ...
රාජසිංහ රජුට රූපෙන් සමාන වූ අලුවිහාරේ නිලමේ - ඉතිහාසයේ අප්‍රකට කතා ආගිය කතා II රාජසිංහ රජතුමා කතාව ඇරඹෙන්නේ පෘතුගීසී බලය ලංකාවෙන් තුරන් කිරීම තමන්ගේ ඒකායන අරමුණ කරගෙන ඒකට II රාජසිංහ රජතුමා කටයුතු ආරම්භ කිරීමත් එක්ක. මේ සඳහා ලන්දේසීන්ගේ උදව් ගන්න රජතුමා 1638 දී ලන්දේසී අද්මිරාල් ඇඩම් වෙස්ටර්වෝල්ඞ් එක්ක ගිවිසුමකට එළඹෙනවා. ඒ අනුව ති‍්‍රකුණාමලය, මීගමුව, ගාල්ල, කොළඹ, කළුතර, අඟුරුවාතොට, මන්නාරම ආදී ප්‍රදේශවල තිබුණු පෘතුගීසි බලකොටු යටත් කරගෙන හිටිය ලන්දේසීන් 1658 ජූනි මාසය වෙද්දී ...
ස්ත්‍රී මායමට හසුවුණු බෝසත් රන් මොණරා, ගෑණු මායමේ තරම :D ආගිය කතා සමහරු උදේ ගෙදරින් පිටවෙන්න කලින් ආරක්ෂක ගාථාවක් විදිහට භාවිතා කරන, ඒ වගේම මේ වෙද්දිත් බෞද්ධ පූජනීය ස්ථානයකින් ආරක්ෂක ගාථාවක් විදිහට ඔයාලටත් හම්බවෙලා තියෙනයේ බ්රාහ්මණා වේදගු සබ්බ ධම්මේතේ මේ නමෝ තේ ච මං පාලයන්තුනමත්ථු බුද්ධානං නමත්ථු බෝධියානමෝ විමුත්තානං නමෝ විමුත්තියාගාථාව හැදුණු හැටි දන්නවද ? ඒකේ ආරම්භයත් දැනකියාගෙන ඉන්න එක වටින නිසයි මේ ගාථාවේ නිදාන කතාව කියන්න සූදානම.මුලින්ම මේ ගාථාව තියෙන තැන ...
හොරු අරන් ගිය අපේ අලුත් අවුරුද්ද. දුක තමා හසිත :( ආගිය කතා ලංකාවේ ඉන්න සිංහල, දෙමළ හැමෝම අලුත් අවුරුද්ද සමරනවා. පිටරට ඉන්න සිංහල, දෙමළ අයත් අලුත් අවුරුද්ද සමරනවා. දුප්පත් වේවා පොහොසත් වේවා හැමෝම තමන්ට පුලු පුලුවන් හැටියට අලුත් අවුරුද්ද සමරනවා.ඒත්...... අහිංසක අපිට මේ පාර අලුත් අවුරුද්දක් සමරනවා තියා කොටින්ම අලුත් අවුරුද්දක් නැති තරම්..... කවුද මේ අපි කියන්නේ ? අපි කියන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ ඉන්න අහිංසක අපි. ඇයි අපිට මොකද වෙලා තියෙන්නේ කියන ප්‍රශ්නේ ...
පණ පිටින් දෙව් ලොව ගිය මනුස්සයෙක් ආගිය කතා පණ පිටින් දිව්‍ය ලෝකේ ගිය කට්ටිය එහෙමත් නැත්නම් මැරෙන්නේ නැතුව මනුස්ස ලෝකේ ජීවත් වෙන කාලෙම දිව්‍ය ලෝකේ ගිය කට්ටිය ගැන අහලා තියෙනවද කියලා ඇහුවොත් උත්තරේ සමහර වෙලාවට ඔව් වෙන්න පුලූවන් සමහර විට නැහැ වෙන්නත් පුලූවන්.ඔව් කියලා උත්තරේ දෙන අයට ගුත්තිල ජාතකයේ කියවෙන ගුත්තිල පඬිතුමාව මතක් වෙලා වෙන්න ඇති එහෙම කියන්න. ඒ හැරෙන්න නන්ද හාමුදුරුවන්ව බුදු හාමුදුරුවෝ දිව්‍ය ලෝකයට එක්ක ගෙන ...
අපේ අප්‍රකට ඉතිහාසය ගැන දැනගමුද ??? ආගිය කතා රටක ඉතිහාසය නිසා ඒ රටේ අයට අභිමානයක් ඇතිකරගන්න පුලුවන් වෙනවා වගේම ඒ ඉතිහාසය නිවැරදිව ඉගෙන ගන්න එකෙන් වර්තමානයට වගේම අනාගතයටත් සාර්ථකව මුහුණ දෙන්න පුලුවන් වෙනවා කියන එක අපි දන්න දෙයක්.ඉස්සරට වඩා අපේ රටේ ඉතිහාසය ගැන දැන් කාලේ නම් හුඟක් කතා වෙනවා. ඓතිහාසික බඩු බාහිරාදිය සොරකම් කිරීමත් එක්ක ඉතිහාසය ගැන කරළියට එනවා. ඒත් දවස් 14 කට විතරයි :)) ඊට පස්සේ අමතකයි.ඒ ...
The Reader තුළින් හෙලිවන නිර්සාක්ෂරතාවයේ අන්දරය ආගිය කතා 1922 ඔක්තෝබර් 21 දී ජර්මනියේ හර්මන්ස්ටඩ්වල උපත ලබපු හනා ස්මිට්ස් සීමන්ස් කම්හලේ රැකියාවකට යනවා. ෆෝමන්වරියක් විදිහට උසස්වීමක් ලැබුණත් හනා සීමන්ස් කම්හලෙන් ඉවත්වෙලා හිට්ලර්ගේ එස් එස් හමුදාවේ සිරකරුවන් භාරව සිටින ගාඩ්වරියක් විදිහට සේවයට එක් වෙනවා. හිට්ලර්ගේ තුන්වෙනි අධිරාජ්‍ය සිහිනය බිඳ වැටීමත් සමඟම සිරකරුවන් එක්කම බටහිරට යන හනා බටහිර ජර්මනියේ වාසය කරන්න පටන් ගන්නවා.එහි වාසය කරද්දී මයිකල් බර්ග් කියන අවුරුදු 15 තරුණයාව ...
කැලණි විස්සවිජ්ජාලේ කෑම මඟුල ආගිය කතා ඊයේ මූණුපොතේ කරක් ගහද්දී දැක්කා හසිත කියලා කැලණි විස්සවිජ්ජාලේ ඉන්දාරියෙක් විස්සවිජ්ජාලේ නූතන බාසා අංසෙන් කොරන ආහාර මඟුලක් ගැන මොකක්දෝ විස්තරයක් දාලා තිබුණා. මාත් ඉතින් හරිබරි ගැහිලා උදේම විස්සවිජ්ජාලෙට ගෑටුවා ආහාර මඟුලට.මම මේ ගොඩයා නිසා ආහාර මඟුල කිව්වාට ඒකේ තැන් තැන්වල ගහලා තිබුණේ නම් "International Food Festival - 2012" කියලා ඕන්. මම යද්දී තමා විස්සවිජ්ජාලේ VC සීයයි අනික් ලොකු ලොකු ඇත්තෝ ...
අකාලයේ මිලින වුණු තවත් සරසවි කුසුමක් ආගිය කතා Science faculty එකේ Dean ආරම්භක සංඥාව දීපු ගමන් campus එකේ මැරතන් ශූරයා එකම තියාගෙන Road race එකට start එක ගත්තා. මිනිහා කොච්චර දක්ෂයාද කියනවා නම් එදා අඟහරුවාදා තිබුණු fitenss test එකේදී අපි පිට්ටනිය වටේ භාගයක් දුවද්දී මිනිහා එක වටයක් complete කරලා ඊළඟ වටයෙන් ටිකක් දුර දුවලත් ඉවරයි.Science faculty එකේ තියෙන post office එක ගාවින් ඇරඹුණු campus එකේ Sports Centre එකෙන් ...
චිත්‍රයක් කියන්නේ වචන 1000+ Vista Painting Exhibition ආගිය කතා "කීයක් වෙනවද මේ චිත්‍රය?" මටත් නිකම් ඉන්න බැරුවට කට කහනවා වගේ නිසා ඇහුවා.අඩි එකහමාරක් විතර දිග පළල තියෙන පරණ වගේ ලී කෑල්ලක නුවර යුගයේ චිත්රවල තියෙන විදිහට බුදු රුවක් ඇදලා තිබුණා."ඒක රුපියල් 2000 සර්" මම නිකම් හොල්මන් වුණා වගේඊට එහා පැත්තෙන් අඩි 7 ක් විතර දිග අඩි 5 ක් විතර පළල චිත්‍රයක් තිබුණා ඇත්ගොව්වෙක් එක්ක අලි රංචුවක් ඉන්න. ඒකේ ගාණත් ...