ලංකාවේ මලය තෙරුන්ට මුණගැසුණු මෛත්‍රී බෝසතුන් ආගිය කතා සන්තුසිත දිව්‍යරාජයා හෙවත් මෛත්‍රී බෝසතුන්මහා භද්‍ර කල්පයේ මීළඟට බුදුවන්නට පාරමී ධර්ම සම්පූර්ණ කරලා තුසිත දිව්‍ය ලෝකයේ සන්තුසිත දිව්‍ය රාජයා නමින් මේ වනවිට වැඩ වාසය කරන මෛත්‍රී බෝසතුන් ගැන මීට කලිනුත් ආගිය කතාවෙන් කියවුණු යම් යම් කතාවලින් දැනගන්න ඔබටත් ලැබෙන්න ඇති.අද කතාවෙන් කියවෙන්නේ මෛත්‍රී බෝසතුන්ව මුණගැසීමේ භාග්‍යය හිමිවුණු ලාංකික මහ තෙරුන් වහන්සේ නමක් පිළිබඳ කතාවක්. ඈත අතීතයේ රෝහණ දේශයේ කම්බෝජ කියන ...
Arst Degree එකක් කළ මුල්ම සහ අවසාන සිංහල රජතුමා - ඉතිහාසයේ අප්‍රකට කතා 15 ආගිය කතා මුල්ලේරියා සටනකතෝලික පූජකයෙක් වී පෘතුගාලයේදී මියගිය උඩරට රජතුමා ලිපියෙන් පොරොන්දු වුණු විදිහට යමසිංහ බණ්ඩාරගේ පුතා වුණු දොන් ජුවන් සමඟ එකතු වෙලා ගෝවේට පිටත් වුණු සීතාවක රාජසිංහ රජතුමාගේ මුණුබුරා වගේම අනුප්‍රාප්තිකයා වුණු නිකපිටියේ බණ්ඩාර කුමාරයා ගැන කතාව කියන්න තමා අද මේ සූදානමමීට කලිනුත් I විමලධර්මසූරිය රජතුමා ගැන කතා කරද්දී සීතාවක රාජසිංහ රජතුමාගේ අවසානය ගැන කෙටියෙන් කතා කළානේ. ඒ කතාවම ටිකක් ...
කවුද මේ හර්බජාන් සිං, මන්මෝහන් සිං කියන සිංලා ??? ආගිය කතා ඉන්දියාවේ පංජාබ් ප්‍රදේශය මූලික කරගෙන ජීවත් වෙන ශීඛ් දහම අනුගමනය කරන පිරිස සරලවම ශීඛ්වරු විදිහට හඳුන්වන්න පුළුවන්. එයාලගේ නමේ අගට අපේ වාසගම වගේ එකතු කරන කොටස තමා සිංහයා කියන අර්ථය එන සිං කියන කොටස. අද ආගිය කතාවේ අවධානය යොමු වෙන්නේ මේ ශීඛ් දහම ආරම්භ වීම සහ ශීඛ්වරුන්ගේ ආරම්භය ගැන.ශීඛ් දහමේ ආරම්භයට මුල්ම පදනම වැටෙන්නේ භක්තිවාදයෙන්. හින්දු ආගම තුළ එකළොස්වන සහ ...
බුරුමයේ චූඩා මාණික්‍යයක් සවි කර රුවන්මැලි සෑය නූතනයේ ඉදි කළ හැටි ආගිය කතා ශ්‍රී ලංකාවේ තිබෙන ස්ථූප අතරින් ලංකාවාසී වගේම ලෝකවාසී බෞද්ධයන්ගේ වන්දනාවට වැඩියෙන්ම පාත්රවුණු ස්ථූපය විදිහට රුවන්මැලි සෑය හඳුන්වන එක අතිශයෝක්තියක් නෙමේ. අනුරාධපුර යුගයේ රාජ්‍ය කළ හෙළ රාජාවලියේ ඉහළම ස්ථානයක වැජඹෙන දුටුගැමුණු රජතුමා විසින් කරවන්නට යෙදුණු රුවන්මැලි සෑය ශ්‍රී ලංකාවේ මහා ස්ථූප ඉදිකිරීමේ යුගය ආරම්භ කළා. අසදෘශ සෑයේ ප්‍රමාණය ගැන මෙයින් අවබෝධයක් ගත හැකියි[තවත් ඡායාරූප බලන්න වරුණ කමවංශගේ පිටුවට මෙතනින් යන්න]ලංකාවේ තිබෙන ...
ජීවමාන බුදුන් වහන්සේ බුදු පිළිමයකට කතා කරයි - ලොව මුල්ම බුදු පිළිමය නිර්මාණය කළ හැටි ආගිය කතා ලෝකයේ මුල්ම බුද්ධ ප්‍රතිමාව නිර්මාණය වුණේ කොයි කාලෙද කියන එක තවමත් ගැටලුවක්. ඒත් බහුතර පිළිගැනීම වෙන්නේ නම් කුෂාණ රජ පෙළපතේ කණිෂ්ක රජතුමාගේ [ක්‍රි.ව. 78-127] කාලේ බුද්ධ ප්‍රතිමාව නිර්මාණය වෙන්න ඇතියි කියලා. ඒකට සාධකයක් විදිහට ඉදිරිපත් කරන්නේ කණිෂ්ක රජතුමා නිකුත් කරපු කාසියක බුදු රුවක් දැකගන්න ලැබෙන එක. බුදුරුව දැක්වෙන කණිෂ්කගේ කාසියග්රීක ප්‍රතිමා නෙලීමේ ආභාෂය මේ රුව නිර්මාණයට ලැබෙන්න ඇති කියලාත් ...
කැප්පෙටිපොළ මහ දිසාව වීරයෙක්ද ද්‍රෝහියෙක්ද ? - ඉතිහාසයේ අප්‍රකට කතා 14 ආගිය කතා 1815 ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඉංග්රීසින්ගේ ග්‍රහණයට ලක්වීමත් උඩරට රදළයන්ගේ සහය ඇතුළු කන්ද උඩරටත් ඉංග්‍රීසීන් අල්ලාගන්න සමත් වුණු නිසාත් ඒ වර්ෂයේ ඉදන් මුලු ලංකාවම ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබට් බ්රවුන්රිග් ගේ නායකත්වයෙන් පාලනය වීම ආරම්භ වෙනවා. ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබට් බ්රවුන්රිග් කන්ද උඩරට රජ කාලේ තිබුණු පාලන ක්රමයම ස්ථාපනය කරලා ප්‍රධාන අදිකාරම්වරු දෙදෙනා යටතේ දිසාවේවරු වගේම අනිත් නිලධාරීන් පත් කරලා තිබුණත් උඩරට නේවාසික ...
A/L results ආවට පස්සේ මෙහෙම කියන්න නම් ලෑස්ති වෙන්න එපා ආගිය කතා අගෝස්තු මාසෙත් පටන් ගත්තා. ලබන සතියේ ඉදන් අ.පො.ස. උසස් පෙළ විභාගය එහෙමත් නැත්නම් ඉස්කෝලේ යන ළමයෙක් මූණ දෙන තීරණාත්මකම විභාගය ආරම්භ වෙනවා. ඉතින් ගිය සතියේ මම කියපු "සර් මේ විදිහට මට A/L වලට ඉගෙන්නුවා නම් මම අද Campus එකේ" කතාව කියවලා අපේ නංගිලා මල්ලිලා යමක් හිතට ගත්තා නම් හොඳයි [මේ විභාගේ කටේ මොන බ්ලොග් කියවිලිද. ඒත් කමක් නැහැ කවුරු හරි ...
රජු මරන්නට උපක්‍රම කළ සරණංකර සංඝරාජ හාමුදුරුවෝ ??? - ඉතිහාසයේ අප්‍රකට කතා 13 ආගිය කතා කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා කන්ද උඩරට රාජධානි සමයේ මැද භාගයට එද්දී ක්‍රමයෙන් භික්ෂු ශාසනය පිරිහිලා තිබුණේ. කොපමණ පිරිහුණු තත්වයකට භික්ෂු ශාසනය පත්වෙලා තිබුණාද කියනවා නම් උපසම්පදා භික්ෂූන් වහන්සේලා සොයාගැනීමට පවා අපහසු වුණා. උපසම්පදා භික්ෂු වහන්සේලා නැහැ කියන්නේ මාසිකව සිදුවෙන පොහොය කිරීම වගේ දේවල් සිදු නොවෙන එක. ඒ වගේමයි නවක භික්ෂූන් නිසි මග යවන්න දැනමුතුකම් දෙන්න කවුරුත් නැති වෙන එක. ...
සර් මේ විදිහට මට A/L වලට ඉගෙන්නුවා නම් මම අද Campus එකේ ආගිය කතා අපිත් එක්ක St. John Ambulance එකේ වැඩ කරපු පොරක් ගියා Navy එකට. Navy කිව්වට Navy පොලිසියට තමා ගියේ. පූනෑවේ තමා training එක තිබුණේ. මැදවච්චිය හරියෙලු ඕක තියෙන්නේ. ඉතින් training ගිහින් මාස 6 කට පස්සේ man නිවාඩු ආවා. එද්දී කට්ට කලුවෙලා ඒ මදිවට බට පතුර වගේ. එහෙ කාෂ්ඨක අවුවලු. ඒ මදිවට training එක කරන විදිහට හරියට කන්න බොන්නවත් වෙන්නේ නැහැලු. දවසකට ...
බිසෝවරුන් දෙන්න ආපු නායක්කර්වරු උඩරට සිහසුන ඇල්ලූ හැටි - ඉතිහාසයේ අප්‍රකට කතා 12 ආගිය කතා ලංකාවේ අන්තිම රාජධානිය වුණු කන්ද උඩරට පාලනය ගෙනගිය අන්තිම පෙළපත වුණේ දකුණු ඉන්දියානු සම්භවයක් තිබුණා නායක්/ නායක්කර්/ වඩුග යන නම්වලින් හඳුන්වපු පෙළපත. ඔවුන් ලංකාවේ කටයුතුවලට මුලින්ම සම්බන්ධ වුණු ආකාරය වගේම අවසානයේදී ලංකාවේ සිහසුන දක්වා පැමිණි ගමන ගැනයි අද ඉතිහාසයේ අප්‍රකට කතා තුළින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දකුණු ඉන්දියාවේ විජයනගර අධිරාජ්‍යය පැතිරී තිබුණු ප්රදේශයමුලින්ම නායක්කර්වරුන්ගේ ප්රභවය ගැන හොයලා බැලුවොත් දකුණු ඉන්දියාවට ...
රතිකෙළියට ලොල්ව පිරිමින් මරන්න ගිය බෝසත් රජ කුමරා ආගිය කතා මාතෘකාව දැක්ක ගමන් සමහරු රෙදි උස්සගෙන ආවද දන්නේ නැහැ මමත් NGO එකකින් සල්ලි අරන් බුදු හාමුදුරුවන්ට අපහාස වෙන කතා ලියනවා කියලා. කෝකටත් කලින් කරුණු කාරණා හරියට කියවලා බලමුකෝ...කතාව මෙහෙමයි. යටගිය දවස [හැමදාම වගේ කතාව පටන් ගන්නේ එහෙමනේ] බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් හිටියා [තාමත් බ්‍රහ්මදත්ත රජතුමාගේ මාළිගාව බරණැස එහෙමත් නැත්නම් වර්තමාන වාරණාසියේ තියෙනවාලුනේ]. බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජ මාළිගාව ඒ ...
සුද්දත් එක්ක උඩරටට විරුද්ධව ඔත්තු බලපු ජේ.ආර්.ගේ මී මුත්තා - ඉතිහාසයේ අප්‍රකට කතා 11 ආගිය කතා තම සහයකයින් සමඟ සිටින තම්බි මුදලිපහුගිය දවස්වල ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සම්බන්ධව කියපු කතා කීපයකම තම්බි මුදලි කියන නම එහෙමත් නැත්නම් දොන් අදිරියන් විජයසිංහ ජයවර්ධන කියන නම සඳහන් වුණා ඔයාලට මතක ඇති. ඒ වගේමයි ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව ඉංග්‍රීසීන්ට පාවා දුන් අයට සාපයක්වැදුනාද කියන කතාවෙන් මම ඇහුවා රජතුමාට කරුණාව දක්වපු තම්බි මුදලිගේ පරම්පරාවට මොකද වුණේ කියලත්. ඉතින් අද ඉතිහාසයේ ...
ඉංග්‍රීසීන්ට උඩරට දිනා දුන් යටි කූට්ටු මහ මොළකාරයා - ඉතිහාසයේ අප්‍රකට කතා 10 ආගිය කතා සර් ජෝන් ඩොයිලි මේ කතාවත් කියවන්න කලින් මුලින්ම කියන්න ඕනේ මීට කලින් මම ලියපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා පාවා දුන් අයට සාපයක් වැදුණාද කියන සටහනත්, රජතුමාට දඩ ගැසූ උඩරට රාජ සභාව කියන සටහනත්, ලංකාවේ අන්තිම රජ්ජුරුවන්ට අන්තිමට මොකද වුණේ කියන සටහනත් මේ කතාවත් එක්ක සෘජුවම නැතත් වක්‍රව සම්බන්ධයක් තියෙන නිසා ඒ කතා කියවන්න බැරිවුනා නම් කියවලා එන්න කියන එක. ...
මත්පැන් වළඳා වෙරි වී කසළ ගොඩකට වැටුණු බුද්ධ උපස්ථායක සාගත හාමුදුරුවෝ ආගිය කතා මත්පැන් පානය කියන එක බොහොම විවාද සම්පන්න මාතෘකාවක්. මත්පැන් එහෙමත් නැත්නම් සුරාව හැදුණු හැටි ගැනත් මම එකෝමත් එක කාලෙක කතාවක් කිව්ව මතක ඇතිනේ.ශරීරයට, පොකට් එකට මත්පැන් පානය හොඳ නැහැ කියලා කියන පිරිසක් ඉන්නවා වගේම මත්පැන් ටිකක් බොන එක සෞඛ්‍යයට ගුණදායක වෙනවා, පිරිමිකමේ සංකේතයක් කියන උදවියත් ඉන්නවා. එහෙම උදවියලුනේ මේ කවිය හැදුවා කියන්නේ.සුරාවෙහි අගයත්එහි ඇති මනා ගුණයත්බොන සුදනෝ දනිත්නොබොන අනුවණ දනෝ ...
ලංකාවේ අන්තිම රජ්ජුරුවන්ට අන්තිමට මොකද වුණේ ? - ඉතිහාසයේ අප්‍රකට කතා 09 ආගිය කතා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාමුලින්ම කියන්න ඕනේ මීට කලින් මම ලියපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා පාවා දුන් අයට සාපයක් වැදුණාද කියන සටහනත්, රජතුමාට දඩ ගැසූ උඩරට රාජ සභාව කියන සටහනත් මේ කතාවත් එක්ක සෘජුවම නැතත් වක්‍රව සම්බන්ධයක් තියෙන නිසා ඒ කතා දෙක කියවන්න බැරිවුනා නම් කියවලා එන්න කියන එක. ඒකෙන් වඩාත් හොඳින් මේ කතාව ග්‍රහණය කරගන්න පුලුවන් වේවිලංකාවේ රාජාවලියේ අන්තිම ...
තවමත් සුරක්ෂිතව පවතින මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ශ්‍රී දේහය ආගිය කතා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේබුදු හාමුදුරුවන්ට රූපයෙන් බොහෝ දුරට සමාන වුණු රහතන් වහන්සේ නමක් ගැන කතාව හුඟක් වෙලාවට ඔයාලා අහලා ඇති. ඒ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. මගධ රාජ්‍යයේ මහාතීර්ථ බමුණු ගමේ කෝසියගොත්ත බමුණාට සහ සුමනාදේවී බැමිණියට දාව ඉපදුණු පිප්ඵලී කියන බමුණු කුමාරයා තමා පසුකාලීනව බුදුන් සරණ ගිහින් මහා කාශ්‍යප නමින් ප්‍රකට වුණේ. ධූතාංගධාරී භික්ෂූන්ගෙන් අග්‍රස්ථානය වගේම බුදුන් වහන්සේ ...
රජතුමාට දඩ ගැසූ උඩරට රාජ සභාව - ඉතිහාසයේ අප්‍රකට කතා 08 ආගිය කතා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සහ රදළ නායකයන්මේ ලිපිය මීට කලින් ලියවුණු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා පාවා දුන් අයට සාපයක් වැදුනාද කියන ලිපියට සම්බන්ධයක් තියෙන නිසා කලින් ලිපිය කියවන්න බැරි වුණා නම් ඒ ලිපිය වගේම ඒ ලිපියට එක්වුණු විවිධ අදහස් ටිකත් කියවලා ආවා නම් මේ ලිපියෙන් කියන්න යන දේ වඩාත් හොඳින් වැටහේවි.කන්ද උඩරට රාජධානිය ගැන කරුණු එකතු කරලා A Sketch ...
සක්කර දෙවියෝ දිව්‍ය ස්ත්‍රීන් සම්බන්ධ නඩු විසඳන හැටි.. පට්ට පට පට :D ආගිය කතා ගෑණු සම්බන්ධ නඩු මොන රටේද නැත්තේ. ඉතින් ඒක දිව්‍ය ලෝකෙත් නැති වෙන්න විදිහක් නැති හින්දා අපි කියමු ගෑණු සම්බන්ධ නඩු මොන ලෝකෙද නැත්තේ කියලා :)ලෝකේ කිව්වාම මතක් වුණේ එහෙම නඩු රූපාවචර බ්‍රහ්ම ලෝකවල නම් නැතුව ඇති. මොකද රූපාවචර බ්‍රහ්ම ලෝකවල ඉන්න බ්‍රහ්මයන්ගේ ස්ත්‍රී පුරුෂ භේදයක් නැහැලුනේ. ඉතින් ආයි අද කතාවට ආවොත් ස්ත්‍රීන් සම්බන්ධ නඩු කිව්වාම දන්නවනේ ඉතින් ඒ නඩු ලේසි ...
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව පාවා දුන් අයට වැදුණු ශාපය ??? - ඉතිහාසයේ අප්‍රකට කතා 07 ආගිය කතා 1815 මාර්තු 2 දින උඩරට ගිවිසුම කියවනු ලැබූ අවස්ථාවවසර 2000 කට අධික කාලයක් පැවතුණා වූ ලාංකීය රාජාවලියේ අන්තිමයා බවට පත්වුණේ ශ්‍රී වික්‍රම රාජසිංහ කියන නායක්කර් වංශික රජතුමා. ඔහුගේ රාජ්‍යත්වය අහෝසි වෙන්නේ 1815 පෙබරවාරි 14 වෙනිදා ඉංග්‍රීසින් සෙංකඩගල නගරය අත්පත් කර ගැනීමත්, ඊට පස්සේ පෙබරවාරි 18 මැද මහනුවර ගල්ලැහැවත්තේදී ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සහ බිසෝවරුන් අල්ලා ගන්න ඉංග්‍රීසින් සමත් වීමත්, ...
බුද්ධ කාලයේ මිහිපිට ජීවත් වුණු තව්තිසාවේ දෙවිවරු ආගිය කතා බුදුරදුන් හමුවට පැමිණි ශක්‍ර දේවේන්ද්‍රයා සහ මහා බ්රහ්මයාදේව සංකල්පය කියන එක බොහොම විවාද සම්පන්න මාතෘකාවක්. ඒ වගේමයි ඒක බෞද්ධ දේව සංකල්පය කියලා කතා කරද්දීත් කිසිම වෙනසක් නැහැ විවාද සම්පන්න බව කලින් එකටත් වඩා වැඩියි.... මේ විවාදවලදී එන ප්‍රධානම ප්‍රශ්නයක් තමා "කවුද දෙවියන්ව දැක්කේ" කියන එක. ඒත් බුද්ධ කාලයේ ජම්බුද්වීපයේ වාසය කරපු මිනිස්සුන්ට දෙවිවරු දැකගන්න අවස්ථාව හම්බුණා කියන එක ත්‍රිපිටකය ...