හොඳ කලා නිර්මාණය කරන්න -නීල් ගේමන් අරුණි ශපීරෝ වෙතින් ජෝර්ජ් මේසන් විශ්ව විද්‍යාලයේ 2012 කලා උපාධි ප්‍රදානෝත්ස්වයේ දී ආරාධිත කතාව පැවැත්වූයේ නීල් ගේමන් නම් ජනප්‍රිය බ්‍රිතාන්‍ය ලේඛකයා විසිනි. මෑතක දී අසන්නට ලැබුණු විශිෂ්ඨ දේශනයක් නිසා මෙහි ගොඩවදින පාඨකයන් සමඟ එය මෙසේ බෙදා ගන්නට සිතුවෙමි. ලොකු කුඩා කාහටත් රසවිඳින්නට හැකි අනගි ප්‍රබන්ධ රාශියක් ඔහු අතින් නිර්මාණය වී ඇත. මේ දේශනයේ කියන ආකාරයෙන් ම “හොඳ කලාව” ලොවට පිරිනමා ඇති ඔහුගේ ...
ෆ්‍රැන්සුවා බූෂේ ඇන්ද වීනස් ආදරය සනසයි පින්තූරය අරුණි ශපීරෝ වෙතින් මේ චිත්‍රය ෆ්‍රැන්සුවා බූෂේ (François Boucher) නම් කලා ශිල්පියා විසින් අඳින ලද්දකි. එය අද වොෂිංටන් ඩී සී හි ජාතික කලාගාරයේ ප්‍රදර්ශනය පිණිස තිබෙන්නකි. ප්‍රංශ විප්ලවයට පෙර හා පසුව ද පැවති මේ ඉඳුරන් පිනවන ප්‍රංශ සමාජය සෑදී තිබුනේ පරම්පරාගත රදළයන්ගෙනි. පැරිසියේ උපන් ෆ්‍රැන්සුවා බූෂේ 18 වැනි සියවසේ වඩාත්ම කීර්ති ප්‍රශංසා ලැබූ කලාකරුවා යැයි සැලකේ. ඔහුගේ අනුග්‍රාහිකාව වූ මැඩාම් පොම්පඩූරා එවක ...
සියළු පාපයන්හි ප්රභවය මුදල් නම් මුදල් වල ප්රභවය කුමක් ද? අරුණි ශපීරෝ වෙතින් පින්තූරය අද පටන් ව්‍යවහාරයට ලැබෙන නව මුහුණුවරකින් නිකුත් කරන ලද ඩොලර් සීයේ මුදල් නෝට්ටුවයි. අද ඇමෙරිකන් ආණ්ඩුව වැසී තැබෙන අටවැනි දිනයයි. රජය විසින් තීරණය කරන ලද අත්‍යාවශ්‍ය සේවාවන්හි යෙදෙන අය අතර මුදල් අච්චු ගසන්නන් ද නොකඩවා සේවයේ යෙදෙති. බයිබලයේ දැක්වෙන පරිදි සාන්ත පෝල් විසින් තිමතිට ලියන්නේ “මුදල් වලට ඇති ආදරය තමයි සියළු පාපයන්හි ප්රභවය,” කියායි. සියළු පාපයන්හි ප්රභවය මුදල් ...
නිව් යෝර්ක් පොලීසිය අනාගත් හැටි අරුණි ශපීරෝ වෙතින් ලංකාවේ දුම්රිය පොළක දී අහිංසක මගියෙකුට පොලීසිය පහර දුන් විඩියෝ පටය අන්තර්ජාලයෙන් ලෝකය පුරා ඉන්නා ශ්‍රී ලාංකිකයන් අතර පැතිර යද්දී නිව් යෝර්ක් පොලීසිය අනාගත් හැටිත් අන්තර්ජාලයෙන් ලොව පුරා පැතිර ගියේය. නිව් යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුව නොහොත් NYPD විසින් ට්විටර් මාර්ගයෙන් තමන් හා නිව් යෝර්ක් හි පොලිස් නිලධාරීන් සමඟ ගන්නා ලද ඡායාරූප #myNYPD යටතේ බෙදා ගන්නට යැයි ආරාධනා කරන ලදි. ප්‍රසිද්ධියේ ...
නිදහස් ලංකාව ආරම්භයේ දී ම අයිතීන් කප්පාදු විය අරුණි ශපීරෝ වෙතින් සරලව කියතොත් පුද්ගල අයිතීන් යනු අයෙකුට සිය සිරුරට සහ තම ශ්‍රමය කැමති ආකාරයකට වෙහෙසීමට සහ තම ශ්‍රමයේ ඵලදාව තමනට කැමති ආකාරයට පරිහරණයට ඇති අයිතියයි. සරලව කියතොත් පුරවැසි අයිතීන් යනු අයෙකුට තමන් වාසය කරන රටේ දී කරන්නට ආණ්ඩුව විසින් නීත්‍යානුකූලව අවසර දෙන ලද කටයුතු පමණි. සාමාන්‍ය පුරවැසියා ආණ්ඩුව දිහා බලන්නේ එය මහත් විශාල සමාජ සේවයක් ඉටු කරන්නා වූ සමාජයේ යහපත ...
එම්පෙඩක්ලීස්ගේ බල්ලා අරුණි ශපීරෝ වෙතින් එම්පෙඩක්ලීස් බහුවිධ න්‍යාය මතධාරියෙකි. පරම සත්‍යය යනු එකක් නොව විවිධත්වයෙන් යුතු වූවක් යැයි හේ සැලකීය. එසේ සලකන්නට පටන් ගත් දාර්ශනික සම්ප්රදායේ ආරම්භකයා ලෙස හැඳින්වෙන්නේ එම්පෙඩක්ලීස් ය. ග්‍රීක යටත් විජිතයක වාසය කළ ඔහු අග්නි, වායු, පෘතුවි සහ ජලය යන හතරෙන් සියල්ල නිර්මාණය වී ඇතැයි විශ්වාස කළේය. වෙනස හා චලනය විග්රහ කරන්නට ඔහු යොදාගත්තේ ආදරය සහ කලහය යන දෙකෙන් ලැබෙන බල ...
ස්නෝඩන් සහ ජාතික ආරක්ෂක ඒජන්සිය අරුණි ශපීරෝ වෙතින් දුරකතන සංවාද වලට සවන් දීම සඳහා අවසර ලබාදෙන 11 දෙනෙකුගෙන් හැදුන විදේශීය බුද්ධිමය ඔත්තු උසාවිය මෑත කාලයක් වනතුරු ඒ ඒ විමර්ශනය වෙනුවෙන් විශේෂ අවසර අනුමත කරන ලද්දකි. එහෙත් පසුගිය මාසයේ දී ජාතික ආරක්ෂක ඒජන්සියේ කොන්ත්‍රාත් රස්සාවක යෙදුනු එඩ්වඩ් ස්නෝඩන් මෙම FISA උසාවියේ ආඥාවක්, වරයිසන් වයර්ලස් කොම්පැණියට තමනට දුරකතන වාර්තා එවන්න යැයි ඉල්ලා සිටීම ගැන හෙළිදරව් කරද්දී එයට ඇමෙරිකාවේ සුපිරි ...
අවදානමයි: උණු පානය උණුයි!!!!! අරුණි ශපීරෝ වෙතින් Coffee Quotes | Forward this Picture ඔබ සුවිශේෂී පුද්ගලයෙක්. ඒ කියන්නෙ ඔබට සුවිශේෂී වූ දේවල් ඒ ලෙසින්ම පිහිටා ඇති වෙන කිසිවෙක් මේ ලෝකයේ නැහැ. ඔබේ වර්ගයා අතර දකින්නට ලැබෙන විවිධ ලක්ෂණ ඔබ තුලින් දකින්නට ලැබුණත් ඒවා සංකලනය වී ඔබ හැදී ඇත්තේ ඔබටම වූ සුවිශේෂී ලෙසකින්. එය ඔබ පිළිගත්තේ නැති පමණින් අසත්‍යයක් නොවන්නකි. ඔබේ දිවට යම් රසයක් දැනෙන්නේ ඔබට සුවිශේෂී ...
හර්ෂි හෝටලය, චොක්ලට් ටවුම, යූඑස්ඒ අරුණි ශපීරෝ වෙතින් 1930 දී ඉදි කරන ලද “හොටෙල් හර්ෂි” තියෙන්නෙ පුංචි කන්දක් මුදුනක. වර්තමානයේ දී එය ඇමෙරිකාවේ ජාතික ඵෛතිහාසික ස්ථානයක් හැටියට සැලකේ. මෙය ඉතාලි සහ ස්පාඤ්ඤ ගෘහ නිර්මාණ විලාසිතා ආභාෂයෙන් ගොඩනඟන ලද්දකි. ඇමෙරිකාවේ මහා ආර්ථික අවපාත සමයේ දී හර්ෂි චොක්ලට් කොම්පැණියේ නිර්මාතෘවරයා ඉදිරියේ තෝරා ගැනීමක් විය. පළාතේ ගොඩනැඟිලි ඉදිකිරීම් කටයුතු වල නියැළෙන කම්කරුවන්ගේ රස්සාවල් නැතිවීම නිසා ඔවුනට සුබසාධන ගෙවනවා ද? නැත්නම් ...
නොමඟ යවන ලෙසින් බෙදා හරින විද්‍යාවේ අවිද්‍යාව අරුණි ශපීරෝ වෙතින් “දැනුම වනාහී බලයයි,” යන්න අනේක විධ පෝස්ටර වලින් දකින්නට ලැබෙනවා. සර් ෆ්‍රැන්සිස් බේකන් ඉදිරිපත් කරපු වහරකි මෙය. එහෙත් දැනුම බෙදන නාමයෙන් පතුරුවා හරින්නේ බියෙන් ඉන්නා අයව මුග්ධත්වයෙන් රත්කර ලැබෙන ප්‍රතිඵලය වූ ඊර්ෂ්‍යාව නම්?!!!!! එවිට දැනුම යැයි කියා බෙදා හරින බලය ලැබෙන්නේ කාට ද?!!!!!! තෝරා ගැනීම් වලට මුහුණ නොදී දත් මදින්නවත් බැහැ. තෝරා ගැනීමක දී මුහුණ දෙන්නට සිද්ධ වෙන අවිනිශ්චිත ...
යුරෝපීය සමාජවාදය ආරම්භයේ දී කඩා වැටිච්ච හැටි අරුණි ශපීරෝ වෙතින් Mt Zugspitze, Germany 2008 18 වැනි සියවස අග දී සහ 19 වැනි සියවස මුල් දශකයේ දී බටහිර යුරෝපයේ (එංගලන්තය, ප්‍රංශය වැනි) සමාජවාදය පිහිටුවන සැලසුම් ඉදිරිපත් කළ කර්තෘවරුන් මධ්‍යම යුරෝපයේ එනම් ජර්මන් ලෝකය = ඩොයිෂස් රයික් = Deutsches Reich හි සමාජීය අදහස් හෝ තත්වයන් ගැන දැන සිටියේ නැත. ජර්මන් රාජාණ්ඩු වලින් 18 වැනි සියවසේ දී පවත්වා ගෙන ගිය සුබ සාධන රාජ්‍යය ...
ශ්‍රම විභජන ආර්ථිකයේ පැවැත්මට හේතුව අරුණි ශපීරෝ වෙතින් ඕනෑම අවස්ථාවක දී පවතින සම්පත් ප්‍රමාණවත් නොවීම හෝ අසම්පූර්ණ ලෙසකින් තිබීම විනා හිඟය යන්න පරම වූවක් නොවේ. පහන් පත්තු කරගන්නට තල්මස් තෙල් යොදාගත් කාලයේ දී පෙට්‍රෝලියම් ගැන මිනිසා නොදත්තේය. අශ්ව කරත්ත වලින් ගමන් බිමන් යද්දී මිනිසා දහන එන්ජිම ගැන නොදත්තේය. හිඟය යන්න උවමනා සමඟ සාපේක්ෂ වූවකි. නොවැලැක්විය හැකි ලෙසකින් හිඟයට මුහුණ දෙන මිනිසා එක්කෝ තමන් හමුවේ පවතින සීමිත සම්පත් ...
ජාන දැනුම සහ සත්ව කරැණාව අරුණි ශපීරෝ වෙතින් සත්ව කරැණාව සහ සත්ව අයිතීන් ගැන දැඩි ලෙසකින් හඬ නඟන බහුතරය එහෙම කරන්නේ විසල් ව්‍යාපාරවලට සහ ඒකීය පුද්ගල තෝරාගැනීම් සඳහා ඉඩක් ලැබෙනවාට විරැද්ධත්වය දක්වන්නට. සත්ව පරිපාලනය නිසා ලෝකයේ කොතරම් ජනතාවක් කුසගිනි නිවාගැනීම පමණක් නොව නිරෝගීව වැඩෙන්නට පෝෂ්‍යදායක ආහාර පහසුවෙන් ලබාගත හැකිදැයි ගැන මේ අය විමසා බලන්නේ නැහැ. හැමෝටම තමන්ගෙ වත්තෙ වවාගත්තු ආහාර වලින් නිරෝගීව වැඩී ජීවත්වෙන්නට තරම් ලෝකයේ භූමි ...
ජාතික එකතුවකින් විජාතික බලවේගයන් වලින් ආරක්ෂාව ලැබේ අරුණි ශපීරෝ වෙතින් ජෝන් ජේ ලියූ තෙවැනි ෆෙඩරලිස්ට් රචනාව කළින් අදහස් තවත් පහදයි. “ඕනෑම රටක ජනතාවක් (ඔවුන් ඇමෙරිකන්කාරයන් සේ බුද්ධිමත් සහ හොඳින් කරුණු කාරණා දන්නේ නම්) තමන් ගේ යහපත පිණිස යැයි කියමින් වැරදි විශ්වාස වල වසර ගණනාවක් එල්ලී සිටිනුයේ කලාතුරකිනි. ජාතික අරමුණු සඳහා පමණක් වූ බලය ඇති එක ෆෙඩරල් ආණ්ඩුවක් යටතේ තිර ලෙසින් එකතු වීම වැදගත් යැයි ඇමෙරිකානුවන් දකින්නේ මේ නිසයි. මේ ...
නිහඬ වසන්තය අරුණි ශපීරෝ වෙතින් 1962 ජූනි මාසයේ දී “ද නිව් යෝර්කර්” සඟරාවේ පළ වෙන්නට පටන් ගත්තේ රසායන විරෝධි ලිපි පෙළකි. මෙම ලිපි වලින් පාඨක අවධානය ගෙන ගියේ මිනිසා විසින් හදන කෘමිනාශක වලින් පරිසරයට වන හානිය පිළිබඳවයි. රසායන භාවිතය ගැන පරිණත විද්‍යාත්මක දැක්මක් නොව, බිය ජනිත කරවන දැක්මක් ලියා විද්‍යාවේ නාමයෙන් ලොවට බෙදා හැරිය ඒ ලිපි පෙළ ජීවිත බේරාගන්නට තොරතුරු එකතු කරන ප්‍රාජකයන් ඇති ...
විලියම් ශේක්ස්පියර් සහ වෙනිසියේ වෙළෙන්ඳා අරුණි ශපීරෝ වෙතින් ශේක්ස්පියර් උපන්නේ 1564 අප්‍රේල් 26 වැනිදා. වයස 52 දී මිය යද්දී ඔහු ඉංග්‍රීසි භාෂාවට දහස් ගණනක අලුත් වචන දායද කර තිබුණි. එපමණක් නොව ඔහු මිය ගිහින් වසර 400 කට පමණ පසු අද අපි දිනපතා පාහේ භාවිතා කරන පද වහර මහත් සංඛ්‍යාවක් ඔහුගේ නිර්මාණ වෙති. 1623 දී First Folio නමින් හැඳින්වෙන ශේක්ස්පියර් නාට්‍ය 36 කින් යුත් එකතුව ප්රකාශනය විය. ගද්‍ය ...
නුවණ නැති අය ගැන කුමක් කරමු ද? අරුණි ශපීරෝ වෙතින් ධර්මය ගැන අවබෝධයක් පහළ වෙන්නේ කල්පනා ශක්තියෙනි. සහයෝගයෙන් එකිනෙකා හා කටයුතු කළ යුතු යැයි පිරිසක් කියද්දී එසේ කළ යුත්තේ මන්දැයි වටහා නොගන්නා එහෙත් වටහා ගැනීමට හැකියාව ලැබෙන කල්පනා ශක්තිය ද සතු වූ පිරිස ගැන කුමක් කරමු ද? යම් ධර්මයක් නුවණැතියන්ට නම් නුවණ නැති අය ගැන කුමක් කරමු ද? ආචාර ධර්මානුකූල අවබෝධයෙන් ශක්තිමත් පෞරුෂයන් ගොඩනැඟී තිබෙන අධිෂ්ඨාන ශක්තියෙන් පිරිපුන් අය ...
ඕනෑ වේලාවක ඕනෑ තරම් නිවාඩු ගන්න අරුණි ශපීරෝ වෙතින් ධනපතියන් භංගවේවා නොකියා ධනපතියන්ට සේවා සපයා ඩොලර් බිලියන පහක වත්කමක් උපයන්නට සමත් වූ රිචඩ් බ්‍රැන්සන් බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. වර්ජින් ගෲප් නමින් හැඳින්වෙන්නේ නොයෙක් ක්ෂේත්රයන්ට විහිද ගිය ඔහුගේ ව්‍යාපාරික උත්සාහයන් එකතුවෙන් හැදෙන කොම්පැණියයි. බ්‍රැන්සන්ගේ අලුත්ම අත්හදා බැලීම තමන්ගේ ආයතන වල සේවකයන්ට ඕනෑම වේලාවක ඕනෑ තරම් නිවාඩු ගැනීමට ඉඩදීමයි. නිවාඩු ගන්නවාද නැද්ද යන්න සේවකයාට තීරණය කරන්න ඉඩ දුන්නාම දවසේ පැය කිහිපයක් නිවාඩු ...
මිනිස් හුවමාරු සමඟ බැඳී පවතින අභිමතයන් අරුණි ශපීරෝ වෙතින් අභිමතයක් (preference) හැම විටෙකම මිනිසෙක් කරන හුවමාරුවක් සමඟ බැඳී පවතින්නක්. ඒ නිසා අභිමතයන් වලින් අරමුණු දක්වන්නේ ශ්‍රේණිගත (ranking) ආකාරයකට. අමර විසින් වැනිලා අයිස්ක්‍රීම් වලට වඩා චොකලට් අයිස්ක්‍රීම් කන්න ප්‍රිය බවක් දක්වන්නේ නම්, ඔහුගේ ක්‍රියාව පෙන්නුම් කරන්නේ එම අරමුණ වෙයි. මෙහි දී වැනිලා රසට වඩා චොකලට් රසට අමර කොපමණ තරමක අභිමතයක් දක්වන්නේ ද යන්න අපිට තීරණය කළ නොහැකියි. චොකලට් අයිස්ක්‍රීම් ...
පඩි වැඩි කරන්න යැයි උද්ඝෝෂණ පවත්වන්න සිද්ධ වෙන්නේ ඇයි? අරුණි ශපීරෝ වෙතින් ගණන් කළ නොහැකි මිනිසුන් සංඛ්‍යාවක් විසින් වෙළඳපොල ගණුදෙනු කරමින් දක්වන මිල නිසා ඕනෑම ව්‍යවසායකයෙකුට තමන් නිෂ්පාදනය කරන්න ගැන ආර්ථික ගණනයක් කිරීමට අවස්ථාව පෑදේ. ඒත් ඒකීය මිනිසා නිෂ්පාදකයෙක් හැටියට ද වැඩියෙන් හුරු වී සිටින්නේ තම නිෂ්පාදනය හෝ සපයන සේවාව තම ශ්‍රමයේ ප්‍රතිඵලයක් හැටියට පමණක් දකින්නට ය. වේතන සඳහා ශ්‍රමය වෙහෙසන්නෙක් තම “ජීවන වියදම” පියවා ගන්නට පඩි වැඩි කරන්න යැයි උද්ඝෝෂණ ...