නග්ගන්න බස්සන්න තියෙන දිගම, කොටම සහ උසම ඒවා (The Highest, Longest and Shortest Runways in the World) අපේ අහස අපේ ගුවන් තොටුපලේ තියෙන ධාවන පථය මීටර 3300 ක් විතර දිගයි. මුහුදු මට්ටමේම තමයි පිහිටලා තියෙන්නෙ. දැන් මේකට ලෝකෙ තියෙන ලොකුම ගුවන් යානයටත් එන්න පුළුවන් කියලා දන්නවානෙ. ලෝකයේ භුවිෂමතාවය සහ අවශ්‍යතාවය අනුව ගුවන් තොටුපළවල් විවිධ ස්ථාන වල පිහිටුවා තියෙනවා. ඉතින් අද මම කියන්නෙ ලෝකයේ දිගම, උසම සහ කෙටිම ගුවන් ධාවන පථ මොනවද කියලා. අපි මුලින්ම බලමු දිගම සහ උසම එක. ...
DC-10 ගුවන් යානයේ සමුගැනීම Final boarding: McDonnell Douglas DC-10 makes last passenger flight අපේ අහස නවතම ගුවන් යානා කර්මාන්තයට හඳුන්වා දෙන විට දැනට භාවිතා කරන ගුවන් යානා සේවයෙන් ඉවත් වීම සිදු වෙනවා. ඩීසී-10 ගුවන් යානයත් එසේ සේවයෙන් ඉවත්වන ගුවන් යානයක්. දැනට මෙම ගුවන් යානය මගී ප්‍රවාහනය සඳහා යොදා ගන්නේ අපේ අසල් වැසි රටක් වන බංග්ලාදේශයයි. එහි “බිමාන් බංග්ලාදේශ්“ (Biman Bangladesh) ගුවන් සමාගම සතුව මෙම ගුවන් යානා දෙකක් තිබෙන අතර පසුගිය නොවැම්බර් මාසයේ දී එක් ...
MH370 අපේ අහස මේ දිනවල වැඩි වශයෙන් කථා වෙන්නේ මැලේසියානු ගුවන් සමාගමට අයත් MH370 යානයේ අතුරුදහන් වීම සම්බන්ධවයි. අන්තර්ජාතික පුවත් ඒජන්සි සහ ශ්‍රී ලංකාවේ පුවත් ආයතනත් සමාජ ජාලත් මේ සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරමින් සිටී. කෙසේ වෙතත් මේ සෑම ප්‍රවෘත්තියකම අවසාන තොරතුර වන්නෙ මෙම යානය අතුරුදහන් වී ඇති බවත් මේ වනතුරුත් එයින් කිසිදු තොරතුරක් හෝ සුන්බුන් හෝ හමු වී නොමැති බවත්ය මේහා ...
Airbus A350 XWB–( 1 කොටස) අපේ අහස Airbus A350 XWB යානය පසුගිය 14 වන දින (14 ජූනි 2013) සිය මංගල ගමන සිදු කලේය. මේ සම්බන්ධයෙන් මින් පෙර ලිපියක් පළ විය. එහි සඳහන් කළ පරිදි මේ ලිපි පෙළින් එම යානය පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් ඔබ වෙත ගෙන එමි. ලිපිය දිගු නිසා කොටස් කීහිපයකට මෙහි පළ කරමි. දිනෙන් දින දියුණු වන ගුවන් සේවා ක්ෂේත්රයේ නව ගුවන් තොටුපල, තාක්ෂණය සහ නව ...
“ෆෙඩෙක්ස්“ හි ජීවිත සටන “ෆෙඩෙක්ස්“ 705 ගුවන් යානයේ බිහිසුණ සටන -- 2 කොටස අපේ අහස 1 කොටසකැලෝවේ ගේ රාජකාරි හැඳුනුම්පතමෙම සාකාච්ඡාවට සතියකට පෙර ඔබර්න් කැලෝවේ තම මූල්‍ය කටයුතු වල යම් වෙනස් කම් කිපයක් කලේය. ඔහුගේ සියළුම වත්කම එක් කල ඔහු ඩොලර් 54000 ක් පමණ වු එම වත්කම තම හිටපු බිරිඳට ලැබීමට සැළැස්වීය. නීතඥයෙකු හමු වී තම අන්තිම කැමැත්ත සහ ජීවිත රක්ෂණ හිමිකම් සම්බන්ධ තොරතුරු යාවත් කාලීන කලේය. ෆෙඩෙක්ස් හි රැකියාව කරන අතර තුර අනතුරකින් ...
ශ්‍රීලන්කන් ගුවන් සමාගම නව එයාර්බස් 350 ගුවන් යානා 4 ක් සහ එයාර්බස් 330 යානා 6 ක් තෝරා ගනී. SriLankan Airlines opts for six A330’s and four A350 XWB’s අපේ අහස කාර්යක්ෂම දිගුදුර ගුවන් යානා ඇණිය සඳහා ජයග්‍රාහී සුසංයෝගය Winning combination for efficient long haul fleet ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලන්කන් ගුවන් සමාගම A350-900 යානා 4 ක් සහ A330-300 යානා 6 ක් මිල දී ගැනීම සඳහා එයාර්බස් සමාගම සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබීය. එයාර්බස් ගුවන් යානා භාවිතා කරන ගුවන් සමාගමක් වශයෙන් ශ්‍රීලන්කන් ගුවන් සමාගම එහි දිගු දුර ...
ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ඉතිහාසය–Aviation History of Sri Lanka– VIII කොටස අපේ අහස මෙම ලිපියේ හත්වන කොටස මින් පෙර පළ වී ඇත 2000 2000 වර්ෂයේ දී මාර්තු මස 24 වන දින “ස්කයිකැබ්“ සමාගමට අයත් AN12 වර්ගයේ ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහන යානය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩබැස්සවීමට සූදානම් වන අවස්ථාවේ මීගමුව කදිරාන ප්‍රදේශයට කඩා වැටිණ. SCB 702 යනුවෙන් හැඳින්වූ මෙම යානය බැංකොක් නුවර සිට පැමිණ තිබිණ. මෙම අනතුරින් කාර්ය මණ්ඩලයේ 6 දෙනකුත් සමග පුද්ගලයින් ...
Prison Break වල D B Cooper මතකද?-ඇමරිකානු ගුවන් ඉතිහාසයේ නොවිසඳුණ ගුවන් මංකොල්ලය...... අපේ අහස Prison Break නම් වන ජනප්‍රිය රූපවාහිනී වැඩසටහන ඔබට මතක ඇතිවාට සැකයක් නැහැ. 2009 වසරේ දී ඇමරිකාවේ විකාශය වූ මෙම රූපවාහිනි නාට්‍යය ශ්‍රී ලංකාවේ ද විකාශය විය. මෙම නාට්‍ය මාලාවේ පළමු නාට්‍ය ගොනුවේ (Season 1) සිටි එක් චරිතයක් ඔබට මතක ඇති. චාර්ලස් වෙස්ට්මෝලන්ඩ් Charles Westmoreland යනුවෙන් හැඳින්වූ මෙම චරිතය වැඩිහිටි එකක් වූ අතර නිතරම තනිව සිටියේය. ඔහුගේ තනියට සුරතලයට ඇති කරන ...
උඩදි ඉස්සුවොත් පයිලට් කරන දේ Squawk Codes අපේ අහස අද (17/02/2014) අළුයම 1230 ට පමණ ඉතියෝපියාවේ අඩිස් අබාබා ගුවන් තොටුපලින් පිටත් වූ ඉතියෝපියානු ගුවන් සමාගමට අයත් අංක ET702 දරණ ගුවන් යානය ගුවනේ දී පැහැර ගැනීමක් සිදු වී ඇති බව වාර්තා වුණා. සුඩානය ඉහළින් පියාසර කරමින් තිබිය දී මෙම සිදු වීම වාර්තා වූ අතර ගුවන් යානය ගමන් කිරීමට නියමිත වූ ගුවන් තොටුපල වූයේ රෝමයේ “ලියනාඩෝ ඩාවින්සි“ ගුවන් තොටුපලයි. නමුත් එය ...
ප්‍රථම වරට ලෝකයේ විශාලම මගී ප්‍රවාහන ගුවන් යානය A380 කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩබායි. (World’s Largest Passenger A380 Aircraft First Time in Sri Lanka) අපේ අහස ඔබ දන්නවානෙ දැනට ලෝකයේ තියෙන විශාලම මගී ප්‍රවාහන ගුවන් යානය වන්නේ එයාර් බස් සමාගමේ A380 වර්ගයේ ගුවන් යානයයි. පිරිමැසුම් පන්තියේ (Economy Class) ආසන 800 ක් පමණ මෙහි සවි කළ හැකියි. ව්‍යාපාරික පන්තියේ ආසනත් සමග මගීන් 550 ක් පමණ ගෙන යා හැකියි. දැනට ලෝකයේ විශාල ගුවන් සමාගම් වන එමිරේට්ස් (Emirates), සිංගප්පූර් එයාර්ලයින්ස් (Singapore Airlines), කොන්ටාස් (Qantas) වැනි ගුවන් සමාගම් මේ යානා ...
වීසා ගන්න ඕනෙ නම් ප්ලේන් පූජා කරන්න Shaheed Baba Nihal Singh Gurdwara in Jalandhar අපේ අහස පුරාතණයේ සිටම විවිධ දේවල වලට වන්දනා මාන කිරීම ලෝ වැසියන්ගේ සිරිත විය. ගස් ගල් පවා දේවත්වයෙන් පිදීමට ඔවුන් යොමු වී තිබිණ. අදටත් ලොව සමහර ප්‍රදේශ වල අප විශ්වාශ නොකරන දේ වලට දේවත්වයෙන් සැළකීමට මිනිසා පුරුදු වී සිටී. විශේෂයෙන් ඉන්දියාවේ මේ තත්වය වැඩි වශයෙන් දැකිය හැක. ඒ වගේම පූජා භාණ්ඩ ලෙසද ඔවුන් විවිධ දේ පූජා කිරීමට පෙළඹී සිටී. ගුවන් යානා ආදර්ශ ...
“ම්රියා” - බඩු අදින ලොකුම එක–AN225 Strategic Airlifter - “Mriya” අපේ අහස ඔව් ඉතින් මේකෙ කථා කරන්නෙ ප්ලේන් ගැන විතරනෙ. වෙනදේවල් ගැන නෙමේ. මම පසුගිය දවසක කිව්වනෙ ලෝකෙ තියෙන ලොකුම මගී පුවාහන ගුවන් යානය ලංකාවට ආවා කියලා. ඊට පස්සෙ කථා කළානෙ බඩු අදින “බෙලූගා“ ගුවන් යානා 5 ගැන. අද මම කියන්නෙ දැනට ලෝකයේ භාවිතා වන විශාලම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය ගැන. 1980 දශකය වන විට සෝවියට් රුසියාවෙ අභ්‍යවකාශ වැඩසටහනේ “බුරාන්“ ෂටලය ප්‍රවාහනය ...
ගුවන් යානයක ආරක්ෂිතම ආසනය කුමක්ද?Which is the safest seat on an aircraft? අපේ අහස බොහෝ දෙනෙකු සිතන්නේ ගුවන් යානයේ පියාපත් සවිකර තිබෙන ස්ථානයන් ඉතාමත් ශක්තිමත් බැවින් එම ස්ථායන්හි පවතින ආසන ගුවන් අනතුරකදී සාපේක්ෂව ආරක්ෂාකාරී බවයි. තවත් සමහරු සිතන්නෙ ගුවන් යානයේ පසුපස තිබෙන ආසන වඩා ආරක්ෂාකාරී බවයි. මෙහිද යම් තාර්කික බවක් තිබෙන්නේ ගුවන් යානයක් අනතුරකට ලක්වන බොහෝ අවස්ථාවල එහි ඉදිරිපස කොටස පළමුව පොළවේ ගැටීම සිදු වන නිසාය. මේ සම්බන්ධයෙන් බෝයිං සමාගම විසින් මෙක්සිකෝවේ “සොනෝරාන්“ ...
අනුරාධපුරේට ප්ලේන් එකක් බාලා අපේ අහස ඔව් ඉතින් එහෙ එයාර්පෝට් එකක් තියෙනවානෙ. ඕක කියන්නත් දෙයක්ද? මේ කියන්නෙ ඇත්ත. ඔන්න අපි එහෙ සවිකළා AN12 වර්ගයේ ගුවන් යානයක්. නගින්න බහින්න බලන්න නිදහසේ පුළුවන්. හරි හරි ඔන්න සරලවම කියනවා. අනුරාධපුරේ “දැයට කිරුළ“ ප්‍රදර්ශණ භූමියේ අපි ඇත්තම ගුවන් යානයක් සවි කරල තියෙනවා ඔයගොල්ලන්ට බලන්න. මතකනේ ගිය සැරේ බුත්තල තිබුණ දැයට කිරුළ ප්‍රදර්ශණයේ යානය. ඒක තවත් අංග සමග එහි ස්ථාන ගත ...
එන්ඩලා…… එන්ඩලා…. දැන් පෙන්වනවා අපේ අහස මම එදා කිව්වනෙ “දැයට කිරුළ“ ප්‍රදරශණයට අපි ප්ලේන් එකක් ගෙනියනවා කියලා. ඉතින් ඒක බලන්න මහ සෙනගක් ආවා. තවමත් එතනට තමා සෙනග වැඩියෙන් එන්නෙ. මේ තියෙන්නෙ විස්තරේ පින්තූර වලින්ම. බොරු නම් බලන්න. මෙතනම උණු වායු බැලුමකුත් අපි ප්‍රදර්ශණය කලා. මේ තියෙන්නෙ ඒක. මේ ඉන්නෙ කට්ටිය යන්න ලෑස්තු වෙලා ප්ලේන් එකේ. ඉස්කෝලෙ ළමයින්ටත් ඉවසිල්ලක් නෑ බලනකම්. ඉතින් තව ෆොටෝ නම් ඕන තරම්. ...
“ෆෙඩෙක්ස්“ හි ජීවිත සටන “ - ෆෙඩෙක්ස්“ 705 ගුවන් යානයේ බිහිසුණ සටන -- 3 කොටස අපේ අහස 1 කොටස2 කොටසමෙම්පිස් හි ගුවන් ගමන් පාලක කුළුණසෑන්ඩර්ස් සහ පීටර්සන් තම ආසන වලින් නැගිට පිටුපසට ඒමට පෙර කැලෝවේ යළිත් නියමු කුටියට පැමිණියේ “spear gun” යනුෙවන් හඳුන් වන උල් ඊ හිස් විධින ආයුධයක් අතැතිවය. මුලින් ඔහු මේ ආයුධය භාවිතා නොකළේ ගුවන් අනතුරක් සිදු වූ විට ඇති වන තුවාල මොට ආයුධයකින් ඇති වූවාක් මෙන් පෙනිය යතු වූ නිසාය. කැපුම් තුවාල අනතුර ...
Prison Break වල D B Cooper මතකද?-ඇමරිකානු ගුවන් ඉතිහාසයේ නොවිසඳුණ ගුවන් මංකොල්ලය...... අපේ අහස Prison Break නම් වන ජනප්‍රිය රූපවාහිනී වැඩසටහන ඔබට මතක ඇතිවාට සැකයක් නැහැ. 2009 වසරේ දී ඇමරිකාවේ විකාශය වූ මෙම රූපවාහිනි නාට්‍යය ශ්‍රී ලංකාවේ ද විකාශය විය. මෙම නාට්‍ය මාලාවේ පළමු නාට්‍ය ගොනුවේ (Season 1) සිටි එක් චරිතයක් ඔබට මතක ඇති. චාර්ලස් වෙස්ට්මෝලන්ඩ් Charles Westmoreland යනුවෙන් හැඳින්වූ මෙම චරිතය වැඩිහිටි එකක් වූ අතර නිතරම තනිව සිටියේය. ඔහුගේ තනියට සුරතලයට ඇති කරන ...
Ethiopian Airlines Flight 961ඉතියෝපියානු ගුවන් සේවයේ ලොමු දැහැගන්වන ගුවන් සැරිය - ෆ්ලයිට් 961 අපේ අහස පහත වාර්තා කරන සිද්ධිය ඔබ සමහර විට වීඩියෝවකින් දැක ඇති. මෙම අනතුරු සිදු විට ඒ අසල සිටි කාන්තාවක් විසින් ගුවන් යානය අනතුරට ලක් වීම විඩියෝ කර ඇති අතර ඇය සිතා සිටියේ තමන් නැවතී සිටි හෝටලයෙන් ගුවන් යානා සන්දර්ශණයක් එහි සංචාරකයින් වෙනුවෙන් පවත් වන බවයි. මෙම යානයේ ශ්‍රී ලාංකිකයින් 9 දෙනකු ගමන් කර ඇති අතර ඔවුන් 9 දෙනාම මිය ගොස් ...
“ෆෙඩෙක්ස්“ හි ජීවිත සටන “ - ෆෙඩෙක්ස්“ 705 ගුවන් යානයේ බිහිසුණ සටන -- 1 කොටස අපේ අහස ෆෙඩෙක්ස් නව ලාංඡනයඇමරිකාවේ “ටෙනසි“ වල පිහිටි “මෙම්පිස්“ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පසෙක සැතපුම් සිය ගණනක් දිග වාහක පටි (conveyor belts) ද, සිය ගණනක් වූ සේවකයින්ගෙන් සහ පාර්සල් මිලියන ගණනකින් පිරුණ පර්යන්තයකි. දිනකට සියයකට වඩා වැඩි නොනවතින භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා මෙහෙයුමකින් භාණ්ඩ තේරීම සහ බෙදාහැරීම සඳහා මෙහි ගෙන එනු ලබයි. මේ “ෆෙඩ්එක්ස් එක්ස්ප්‍රස්“ නැමති භාණ්ඩ හැසිරවීමේ ආයතනයේ “සුපිරි මධ්‍යස්ථානයයි“. 1994මැද ...
සිවිල් ගුවන් සේවා ක්ෂේත්රයේ දැවැන්තයෙකු වූ ආචාර්ය අසාද් කොටෙයිට් (Dr. Assad Kotaite )මහතාගේ සමු ගැනීම අපේ අහස ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ක්ෂේත්රයේ සුප්‍රසිද්ධ සහ පිළිගත් චරිතයක් වන ආචාර්ය අසාද් කොටෙයිට් මහතා පසුගිය පෙබරවාරි මස 27 වන දින ලොවෙන් සමුගත්තේ ය. ඒ වන විට එතුමා 89 වන වියේ පසු වූ අතර ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ කීර්තිමත් විශ්‍රාමික සභාපතිවරයෙක් විය. ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ වසර 50 ක පමණ කාලයක් තුළ සිවිල් ගුවන් සේවා කර්මාන්තයේ සුරක්ෂිත බව ...