මිනිසුන්ගේ නික්මයෑම අන්තර්ජාලයේ මගේ බිත්තිය.. අපි කොච්චර අවිනිශ්චිත ජිවිතයක් ගෙවනවද කියන එක අපිට ගොඩක් වෙලාවට වැටහෙන්නේ නෑ.. වචන මාත්‍රයෙන් තේරුම් ගියාට ප්රත්යක්ෂයෙන් ඔය අවිනිශ්චිත කම අපිට දැනෙන්නේ නෑ... ගිරව් වගේ අපි ඔහේ මේ ජිවිතේ අවිනිශ්චිතයි කියල කියෙව්වට එක්කෝ තමුන් මැරෙන්න වැටෙන කම් හරි තමන්ගේ ළඟම කෙනෙක් හදිසියේම මැරෙන කම් හරි මරණය කියන දේ ගැනවත් අපිට හරි හැඟීමක් දැනෙන්නේ නෑ... මොන දේ වුනත් ටික කාලෙකින් ආයේ ...
මල්ටි ලෝක අන්තර්ජාලයේ මගේ බිත්තිය.. දෙවියෝ සහ භූතයෝ ගැන මට තියෙන්නේ ඔය ගොඩක් දේවල් වලට වගේම නියුට්‍රල් හැඟීමක්. ඒ කියන්නේ එයාල ඉන්නවනම් එයාල එයාලගේ පාඩුවේ හිටියාවේ මම මගේ වැඩක් කරගන්නම් වගේ ගතියක්. කොල්ලා කාලේ ඕවා ගැන හොයන්න උනන්දුවක් තිබුනට දැන් දැන් ඒ වගේ වැඩ ගැන ඒ හැටි උනන්දුවක් නෑ. හැබැයි දේව භූත සිද්දි ගැන කතා අහන්න නම් ඉතින් කවදත් කැමතියි.මිනිස්සු විදියට අපි කොච්චර දියුණුයි කියල ...
DSLR කැමරාවක් සමඟ මාස 6ක්... අන්තර්ජාලයේ මගේ බිත්තිය.. "These days every man and his dog has a camera" කියල කවුරු හරි සුද්දෙක් කියපු එකක් දැක්කට පස්සේ අයියෝ DSLR කියල හිතුණා.. කොහොම වුණත් කොල්ලෙක් වෙන්න නම් DSLR කැමරාවක් තියෙන්න ඕනේ කියල මට හෙන ආතල් එකක් ගන්න පුලුවන් අර හැකර කටක් සහ චාටර් කැමරාවක් ඇති වරුණයට චැට් එකේ අනම් මනම් කියල... ඇත්ත වශයෙන් ම කිව්වොත් පහුගිය මාස 6 ම ...
අම්මට හුඩු මොනවද පණිවිඩ කියන්නේ...! අන්තර්ජාලයේ මගේ බිත්තිය.. දැන් බලන්න මේ වෙලා තියෙන දේඅපිට නිදහසේ හිතන්න නෑහිතන එකත් කෘතීම වෙලාඅපි නොසැලකිල්ලෙන් හිතුවොත්බොහෝ වැරදි වැටහීම් වෙන්න පුළුවන්අනේ මන්ද දැන් කාලේ නම්ඒ වගේ ද ඉස්සර...දැන් බලන්න මේ වෙලා තියෙන දේඅපේ ඔළුව ඉලෙක්ට්‍රොනික වෙලාමේ හිස් වැසුමට අපි ඇබ්බැහි වෙලාමේක නැතිව දැන් කිසි දෙයක් කරගන්න බෑමිනිස්සු අතර දැන් තියෙන්නේ ඉලෙක්ට්‍රොනික බැඳීමක්අනේ මන්ද දැන් කාලේ නම්ඒ වගේ ද ඉස්සර...දැන් බලන්න මේ වෙලා තියෙන ...
Amazon Kindle සහ මගේ පොත් කියවීම අන්තර්ජාලයේ මගේ බිත්තිය.. අපි ඉතින් ලියනවා කිව්වොත් ලියනවා ..හෙහ් හෙහ් (කොච්චර කල් ලියයි ද කියල අහන්ඩ එපා :))ඔන්න මේ වසරේ නම් මම හෙන බුද්දිමත් වෙන්ඩයි යන්නේ .. ඒ කියන්නේ පොත් කියෙව්වහම බුද්දිමත් වෙනවා කියන සංකල්පය අනුව . මට තියෙන ප්‍රස්නේ එතකොට , යු බටේ , බුකිය , ටික්ටෝක් එක බැලුවම අපිට බුද්දිමත් වෙන්ඩ බැරිද කියන එක . ඔන්න දන්න කෙනෙක් එකට උත්තරයක් දෙන්න ...
සෙල්ලම් කාලේ - 2 අන්තර්ජාලයේ මගේ බිත්තිය.. පහුගිය පෝස්ට් එකෙන් ලිව්වනේ අපේ ගම ගැන විස්තරයි.. ගේ දොර විස්තරයි ටිකක් .. ඔය කාලේ සහ ඊට කලින් ඉපදිච්ච බහුතර පිරිසකගේ කතාව ඔය හා සමාන ඇති. ඒ හැම කතාවේම තියෙනවා වගේ මටත් හිටියා මරු යාලුවෝ සෙට් එකක්.මම හිතන්නේ යාලුවෝ ගැන ටිකක් මම අර බයිසිකල් මතක පෝස්ට් එකේ ලිව්වා. [සුදුවා, සුගත්, මම, බර්ටි, ලෙඩා සහ බඩා, චමින්ද, ලොකු දොඩ්ඩා අපේ මුල් ...
මලක්කා, ඉපෝ, මලක්කා, බුකිට් ෆ්රේසර් සහ රවුබ් - 3 අන්තර්ජාලයේ මගේ බිත්තිය.. කලින් කොටස් 2ක බලලම ඉන්නඑකදෙකඅක්කල එන්න කලින් ම අපි එයාලගේ ට්‍රිප් එක ප්ලෑන් කළා.. අපි මෙහෙ ආවට පස්සේ 3න් පාරක් අක්කල ගැන්සිය මෙහෙ ආව නිසා එයාලටත් ක්වලාලාම්පුර් වලින් එහා මැලේසියාව බලන්න ඕනේ වෙලා තිබුනේ.. ඔය නඩේට මුලින් ම සැරේ 11දෙනෙක් ආව. ඊට පස්සේ සැරේ 9 දෙනෙක් ආවා මේ සැරේ 10ක් ආවා.. මුල්ම සැරේ හොඳට කටු කෑවා කට්ටියම එක්කන් යන්න ටැක්සි ...
ඉබ්බා දියේ දැමීම... අන්තර්ජාලයේ මගේ බිත්තිය.. ඉබ්බා දියේ දැම්මම මොකද වෙන්නේ කියල දන්නවද? උගේ කටුව පෙඟෙනවා... අනිත් එක්ක ඉබ්බා මොකද හාවත් එක්ක රේස් එක දුවන්න සැට් වුණේ... ඉබ්බට ඌ ගැන පට්ට ආත්ම විශ්වාසයක් තිබ්බා දිනන්න පුළුවන් කියල.. ඒක මේ ඌ බොරුවට හිතින් මවා ගත්ත සීන් එකක් නෙවෙයි ඌට දුවන්න පුළුවන් කියල ඌ දන්න නිසයි ඌ ගේමට බැස්සේ... (ජය පරාජය ඉතින් කාටත් පොදුයි නේ) අනිත් එක්ක ...
කාල යක්ෂ - 7 - මිත්‍යා අන්තර්ජාලයේ මගේ බිත්තිය.. මෙතෙක් කතාව Sombrero චක්‍රාවාටය පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 31.1 පමණ දුරකින් පිහිටි ඇත. එහි වූ පැරදිසෝ නම් වූ ලොවක පිහිටි පෙරදිග රාජ්‍යය නෙමින්දෙර් රජු විසින් පාලනය කරනු ලබයි. නෙමින්දෙර් රජු සාමකාමී, තාක්ෂණයට ලැදි, සිය ජනතාව සහ රටේ සංවර්ධනය ගැන සිතන පාලකයෙකි. රසායනික මුලද්‍රවය මත දිවෙන ආර්ථිකයක් ඇති පෙරදිග රාජ්‍යයේ මුහුදු බඩ සහ පහතරට ප්‍රදේශ මේ වන විට තාක්ෂණිකව ඉතා ...
මලක්කා, ඉපෝ, මලක්කා, බුකිට් ෆ්රේසර් සහ රවුබ් - 4 අන්තර්ජාලයේ මගේ බිත්තිය.. කලින් කොටස් 3 බලලම ඉන්නඑකදෙකතුනජනවාරි මාසේ ආයේ සුපුරුදු පරිදි අපි වැඩට යන අතරේ පාළුව යන්නත් එක්ක ඔන්න ඔහේ කියල අපි දෙන්න තව ගමනක් ගියා...!මේ ගමන ගියේ ඔෆිස් එකේ අම්බානක් වැඩ අස්සේ... යනවද නැද්ද යනවද නැද්ද කියල හිත හිත ඉඳල අන්තිමට සෙනසුරදා රෑ හෝටල් හොයල ඉරිදා උදේ ගියේ.. සඳුදා තිබ්බ නිවාඩුවක් අල්ලලා...පහුගිය මාස 4-5ක් තිස්සේ නම් සිරාවට වැඩ කළා.. ඔය අවංකවම ...
පුරාවෘතයේ පැවැත්ම ... "No survivors? Then where do the stories come from I wonder?" අන්තර්ජාලයේ මගේ බිත්තිය.. කොහොමද මේ පුරාවෘත බිහිවෙන්නේ ..? දැන් මේ අපි ආසාවෙන් කියවන, බලන රසවිඳින අතීත කතා නිකම් කාගේ හරි මනං කල්පිත විතරද ? ඇත්තටම සිටි මිනිසුන් ,සිදුවීම් නිසා මේවා හට ගත්ත නම් ඒ මොන මොන කාල වල ද? මම කියන්නේ මේ අපි දන්නා අවුරුදු 5000ක විතර අතීතේ ගැන නෙවෙයි .. ඊට එහා ගිය විශ්මිත මායා කරුවන් , නිර්මාණ කරුවන් , වීරයින්,දුෂ්ටයින්, ...
දුක සහ අපි අන්තර්ජාලයේ මගේ බිත්තිය.. අපි අතර ඉන්නවා දුක දකින මිනිස්සුදුක ගැන කතා කරන මිනිස්සුදුක් විඳින මිනිස්සුසැප විඳින මිනිස්සුසැප කියන්නෙත් දුකක් කියල දකින මිනිස්සුසැප කියන්නේ දුකක් කියල කියන මිනිස්සුදුක සැප යන දෙකම විඳින මිනිස්සුදුක් විඳින්නෙත් නැති සැප විඳින්නෙත් නැති මිනිස්සුඔය මිනිස්සුන්ගේ හරි මිනිස්සු කවුද?දුක දකින මිනිස්සු දැකල කම්පා වෙලා සිහියෙන් ජිවිතේ ගෙවනවා. ඔවුන් දුකට බයයි. දුකක් වෙනවට කැමති නෑ.. තමන්ට දුකක් වෙන එක වළක්වාගෙන කොහොම ...
වීදී චිත්‍ර - Street Arts අන්තර්ජාලයේ මගේ බිත්තිය.. වීදී චිත්‍ර කියන්නේ හරි අපුරු කලාවක් ... ලෝකේ පුරා අතිශය ජනප්‍රිය මේ කලාව විවිද රටවල විවිද විදියට නිර්මාණය කරලා තියෙනවා ... බොහෝවිට පාරවල් වල ඇඳපු ත්‍රිමාණ චිත්‍ර අපි හැමෝම වගේ දැකල ඇති ඔය එක එක වෙබ් සයිට් වලින් එහෙම ... ලංකාවේ දියවන්නා උද්‍යානයේ ඒ වගේ ත්‍රිමාණ දිය ඇල්ලක් ඇඳලා තියෙනවා.. ගොඩක් අය දැකල ඇති ඒක නම්... මේ විදී වල එක ...
නැවත හමු නොවන සඳ ! අනාථ ජිවිත අන්තර්ජාලයේ මගේ බිත්තිය.. හිරු මුහුදේ ගිලී යමින් ටිකෙන් ටික අඳුර ගෙනෙන සැන්දෑ යාමයේ මුහුදු වෙරළේ සැන්දෑ සුව විඳිමින් සතුටු වන තරුණ පෙම්වතුන්, දරු පැටවුන් සමගින් ආ දෙමාපියන්, ජිවිතයේ සැන්දෑ සමය ගෙවා දමමින් සැනසිලි සුව විඳින මහල්ලන් අතර නොනවතින රැලි වලට දෙපා තෙමා ගනිමින් වෙරළ දිගේ ඇවිදින තරුණයෙකි.ඔහුගේ වයස හරියටම හිතා ගත නොහැකි වුවත් ජිවිතයේ දෙවෙනි දශකය ගෙවා දමමින් සිටින බව සිතිය හැක. ...
සොෆ්ට් සරණිය - පොතේ විදියට සොෆ්ට්වෙයාර් එකක් හදන හැටි අන්තර්ජාලයේ මගේ බිත්තිය.. අද සොෆ්ට් සරණිය වැඩසටහනින් මම ඔයාලට කියල දෙන්න යන්නේ සොෆ්ට්වෙයාර් එකක් පොතේ විදියට හදා ගන්න හැටි.මුලින්ම අවශ්‍ය ද්රව්යයසොෆ්ට්වෙයාර් (මෘදුකාංගය) එකක් හදන්න අවශ්‍යතාවයක් හෝ අවශ්‍යතාවයක් ඇති පුද්ගලයින් (Client) - 1යිඑයින් ලබා ගත හැකි ප්‍රයෝජන, නැත්නම් ලාභය, කුමන අය වෙනුවෙන් ද, කුමක් සඳහාද යන ආදී දේවල් ගැන හොඳ අධ්‍යයනයක් කර ලබා ගත්ත දත්ත - හැකිතරම්මෙම මෘදුකාංගය කුමන මාධ්‍යක් සඳහා බාවිතා වෙනවද කියන ...
සිඳුලෝලී සේලරුවා හෙවත් මොන මගුලේ කතාවක් ද අන්තර්ජාලයේ මගේ බිත්තිය.. සාහිත්‍ය මාසේ ඇවිල්ල පොත් ප්‍රදර්ශනෙත් එන හින්ද පොතක් ගැන මොකක් හරි ලියන්න හිතුවා.මේ සැරෙත් ප්‍රදර්ශනේ මිස් වෙනවා හැබැයි හිතට දුක නෑ මොකද අපිව බලා ගන්න වෘක රාළහාමි ඉන්නවනේ. වෘක රාළහාමි මේ අවුරුද්දෙත් එක පාරක් ආවා. මම හිතන්නේ ආයේ එයි. හිතේ දුක යන්නත් එක්ක මැලේසියාවට ඇවිල්ල ගෙවුණු අවුරුදු 2ක ඇතුලත ගත්ත පොත් ටිකේ ෆොටෝ එකක් දාන්නම්කෝ. හෙහ් හෙහ් අම්ම ගහයි බැට් ...
අපි කියවන්නෙ ඇයි..? අන්තර්ජාලයේ මගේ බිත්තිය.. සාහිත්‍ය මාසේ පටන් ගන්න කොටම ලියන්න කියල හොඳ මාතෘකාවක් සෙට් වුණා.. හෙන සම්භාව්‍ය හෝ හර බර ලෙස නැතුව(එහෙම ලියන්න දන්නෙ නෑ) "මේ මාසේ ගිය මාසේ වාගේ නොවන්න..." කියල මේ ලියන්නේ... ඇයි අපි කියවන්නේ කියල හිතල බලන්න කලින් මම කල්පනා කළා ඇයි මම කියවන්නේ කියල... අවංකවම බොන්න ඕනෙ ප්‍රශ්නයක්.. ඇයි මම කියවන්නේ...? එකක් පොඩි කාලේ ඉඳල ඇති වෙච්ච පුරුද්ද නිසා.. ...
බාලි සංචාරය - 3 අන්තර්ජාලයේ මගේ බිත්තිය.. පසුගිය කොටස්1 කොටස2 කොටසපහුවදා ගමනට අපි හොටෙල් එකෙන් වාහනයක් සෙට් කරගත්තා. උදේ නමය වෙද්දී ගමන පිටත් වෙද්දී අපේ අදහස තිබුනේ බාලි වලට යන ඕනෙම කෙනෙක් බලන්න යන ප්‍රධාන පන්සල් දෙකක් බලන්න යන්න. එකක් Tanah Lot සහ අනික Uluwatu. මිට අමතරව Ubud කියල වෙනම රට ඇතුලට වෙන්න තිබුණු පැත්තක් ලස්සනයි කියල අපි ඉන්ටර්නෙට් එකෙන් හොයල දැනගෙන තිබ්බ නිසා ඒ පළාත බලන්නත් ...
මාරුව...! අන්තර්ජාලයේ මගේ බිත්තිය.. සුබ සැන්දෑවක් මිස්ටර් බෝ, කොහොමද පයිනස් ... අප්පා මේ සුළඟ හරි සැරයි නෙ අද.. රෑ වෙනකොට කුණාටුවක් එයි ද මන් ද.. මේ කාලෙට කොහොමත් හුලං ටිකක් සැරයි මිස්ටර් බෝ.. සමහරවිට රෑ වෙද්දී වහියි.. අන්න මිස්ටර් ජැක් දැනටමත් ඇවිල්ල ඉන්නේ.. මිස්ටර් බෝ ගිහින් වාඩි වෙන්න මම කෝපි අරගෙන එන්නම්.. ආ පයිනස් මට ටිකක් සැර කෝපි එකක් ගේන්න... සීනි චුට්ටක් වැඩියෙන් ...
දශකයක් සිංහලෙන් බ්ලොග් ලිව්වෙමි -- A decade as a Sinhala Blogger අන්තර්ජාලයේ මගේ බිත්තිය.. මීට හරියටම අවුරුදු 10කට කලින් මෙන්න මේ කවිය ලියලයි මම බ්ලොග් ලියන්න පටන් ගත්තේ. කොම්පියුටර් එකේ සිංහලෙන් ලියන්න තියෙන ආසාවට පටන් ගත්ත ලිවිල්ල දන්නෙම නැතුව අවුරුදු 10ක් ම ලියල. බ්ලොග් ලිවිම කියන දේ වෘත්තියක් වෙලා තියෙන දැන් කාලේ බ්ලොග් එකක් කියන්නේ තව දුරටත් අමුතු දෙයක් නෙවෙයි. හැබැයි මම මේක පටන් ගන්න දවස් වල මට නම් මේක අමුතු අත්දැකීමක් වුණා. ...