සිංහල යුනිකේත සහ බ්ලොග් කරණයේ ඉතිහාසය ගැන... අන්තර්ජාලයේ මගේ බිත්තිය.. ඉස්සෙල්ලාම කියන්න ඕනේ මෙවැනි මාතෘකාවක් ගැන ලියන්න මට කිසිම අයිතියක් හෝ මහා හැකියාවක් නැහැ..මේකේ ආරම්භය සහ විකාශනය ගැන මම දන්න දේවල් ටික ලියන්න ලියල දාන්නම්.. පහුගිය කාළේ කිහිප දෙනෙක්ම පරණ බ්ලොග් සහ මීට වසර 5-6කට කලින් කොහොමද මේ සිංහල යුනිකේත සහ බ්ලොග් කලාව තිබුණේ කියන එක ගැන උනන්දු වෙලා තිබ්බා.. ඉතින් දන්න දේවල් ටික ලියල දාන්න හිතුවා...මට මඟ හැරුනු ...
බඩු කඩා සතුටු වෙමු - DSLR Camera Lens එකක් සහ Action Camera එකක්... අන්තර්ජාලයේ මගේ බිත්තිය.. පාවිච්චියේදී බඩු කැඩීම සාමාන්‍ය දෙයක්. බඩු කැඩෙයි කියල පාවිච්චි නොකර සිටීම නම් ඉතින් විකාරයක්. බඩු කැඩෙන විදි ඉතින් බඩුවේ හැටියට වෙනස් වෙනවා. සමහර බඩු කැඩුනොත් කැඩුනමයි. සමහර බඩු මලාට කඩන්න බෑ. සමහර බඩු කැඩෙනවා හදනවා, ආයේ කැඩෙනවා ආයේ හදනවා. සමහර බඩු කැඩුනත් පරිස්සම් කරලා අරන් තියෙනවා. සමහර බඩු කැඩෙන්නත් කලින් විසි කරලා දානවා. බඩු වල හැටි ඔහොම තමයි. බඩු ...
ඔරායන් දැක්කෙමි අන්තර්ජාලයේ මගේ බිත්තිය.. හෙන කාලෙකින් ඔරායන් දැක්ක. කලුවරේ ගලක් උඩ නිදාගෙන තරු පිරිච්ච අහස දිහා බලාගෙන ඉන්න එක කොච්චර ආතල් වැඩක් ද? මමයි මමයි අක්කයි දිමුතුවයි ගල් පර්වතේ උඩ හතර පැත්තට නිදාගෙන අහස බලන් හිටියා.. අනිත් 3දෙනා නම් ඇස් පියාගෙන ද කොහෙද ...මම නම් තරු බැලුවා.. තාරකා විද්‍යා උණ කවදාවත් හොඳවෙන එකක් නෙවෙයි.. ඉස්සර උත්තල කාචෙකුයි අවතල කාචෙකුයි බටේකට හයි කරගෙන දුරදක්න ...
මලක්කා, ඉපෝ, මලක්කා, බුකිට් ෆ්රේසර් සහ රවුබ් - 2 අන්තර්ජාලයේ මගේ බිත්තිය.. කලින් කොටස බලලම එන්නඅම්මා ආවට පස්සේ රට තොට බලන්නත් එක්ක අපි තවත් අලුත්ම පැත්තකට ගියා. කලින් මලක්කා ගිය නිසා අපිත් මීට කලින් නොගිය පළාතක් වෙච්ච Ipoh තමයි අපේ ගමනාන්තය වුනේ..ඉපෝ කියන්නේ මෙන්න මේ වගේ අමුතු විදියේ හුණුගල් (Limestone) කඳු ගැට තියෙන ක්වාලා ලාම්පුර් වල ඉඳල කිලෝමීටර් 200 විතර දුරින් තියෙන පළාතක්. මැලේසියානු අර්ධද්වීපයේ උතුරු පැත්තට වෙන්න තමයි මේ ඉපෝ නගරය ...
දෙවියෝ සහ භූතයෝ අන්තර්ජාලයේ මගේ බිත්තිය.. කොච්චර මතවාද තිබුනත් මේ දේව භූත සංකල්ප අපේ ඔලුවෙන් අයින් කරන්න හරි අමාරුයි. අපි කොච්චර උගත්, බුද්ධිමත්, දියුණු ජාතියක් කියල හිතුවත් ජීවිතේ යම් යම් අවස්ථා වලදි මේ දේවල් වලට යොමු වීම සිද්ද වෙනවා. හැමදේම හරියට ගානට සිද්ද වෙන තාක්කල් අපි මේවට බැන්නට අපේ ජිවිත වලට එන කරදර බාධක වලදී අඩුම තරමේ අපේ පවුල් වල අය හරි අපි වෙනුවෙන් මේ ...
කළු දල මල හම්බ වුනොත් කියනවද අන්තර්ජාලයේ මගේ බිත්තිය.. මේ සැරෙත් සැප්තැම්බර් පොත් ප්‍රදර්ශනේ මිස් වෙන ලකුණු තමයි තියෙන්නේ... මෙහෙන් ගත්ත පොත් සෙට් එක නිසා පොඩ්ඩක් හිතේ අමාරුව අඩු වුනාට .. පොත් ගොඩවල් වටේ ටිකක් ඇවිදල, පොත් වල සුවඳ විඳලා, අත පත ගාල එන ආතල් එක මිස් වෙන එක සැහෙන දුකක්...මේ පරණ පොත් ගැන මතක් කර කර ඉන්නකොට මතක් වෙච්ච පොතක් ගැන අහ්! අදහසක් විදියට ලියල දාන්න හිතුනේ මේක. ...
කැප්ටන් නෙමෝ දුටු ඉන්දියානු සාගර පතුල අන්තර්ජාලයේ මගේ බිත්තිය.. ඊයෙ ජුල්ස් වර්න් ගේ Twenty Thousand Leagues Under the Sea කෘතියේ සිංහල පරිවර්තනයක් වෙච්ච ජිනේන්ද්‍රවංශ ද සිල්වා මහතා විසින් පරිවර්තනය කරපු මහ මුහුදේ ගව් 20000ක් යට පොත කියවල ඉවර කළා. කියවපු නැති කෙනෙක් ඉන්නවනම් අර සුප්‍රසිද්ධ කැප්ටන් නෙමෝ සහ එයාගේ නෞටිලස් සබ්මැරින් එක තියෙන්නේ මේ පොතේ.. මරු කතාවක්.. මම මෙච්චර කල් හිතාගෙන හිටියේ ඒ පොත මම කලින් කියවල ඇති ...
2 වෙනි ඇනිවසරි ට්‍රිපය - 2 අන්තර්ජාලයේ මගේ බිත්තිය.. 1 කොටස බලල එනව නම් මෙතන කොටන්න... 1 කොටස මෙලෝ රහක් නෑ 2 කොටසවත් බලමු නම් පහළ බලන්න... එදා ප්රවෘත්ති වලට නතර කළාට පස්සේ කතාව ලියන්න අමතක වුණා නේ (පස්ට බුසී).. ගොඩක් වෙලාවට මට ටීවී එකේ යන ෆිල්ම් බලන්න අමතක වෙනව ඔය ප්රවෘත්ති වලට නවත්තපුවහම.. නැත්නම් නින්ද යනවා.. හරි එහෙනම් එදා අර ටී පැක්ටරිය දැකල නේ සීන් එක අවසන් වුණේ.. ...
ඩේටා තණ්හාව සහ ඇන්ටික් ඩේටා අන්තර්ජාලයේ මගේ බිත්තිය.. තණ්හාව එක එක ආකාරයෙන් තියෙනවනේ. අපි හැමෝම දන්න තණ්හා වර්ග වලින් මේ කාලයේ ඉතා වැදගත් තණ්හා වර්ගයක් තමා මේ ඩේටා තණ්හාව. මම මේ ළඟදී දවසක මගේ ලැප්ටොප් එකේ තියෙන ඔය නානාප්‍රකාර ෆෝල්ඩර් අස්සට පොඩ්ඩක් එබිලා බැලුවා. කවදාහරි ඕනේ වෙයි කියල හිතෙන දහසක් ෆයිල් ජාති ඔහේ ගොඩ ගහගෙන ඉන්නවා. සමහර ඒවා කොච්චර වැදගත් වෙයි ද කියල හිතල එකම ෆයිල් එක ...
ටෙස්ටින් වන් වන් අන්තර්ජාලයේ මගේ බිත්තිය.. මේකේ මොකුත් ලියා ගන්න බැරුව අලි අමාරුවක වැටිලා ඉන්නේ. මොන විදියට හිතල ලියන්න ගත්තත් වචන දෙක තුනකට වඩා ලියවෙන්නේ නැහැ... ලියන්න බොරුවක් වත් ගොතා ගන්න බැහැනේ. ලිය ලිය හිටපු... ...
චූටි එකා,පොඩි එකා ලොකු එකා සහ වෙද බාප්පා සමග අන්තර්ජාලයේ මගේ බිත්තිය.. චූටි එකා හොඳ එකා සද්ද බද්ද නෑ දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්නවා. ලොකු එකත් අවුලක් නෑ ඌත් වැඩි සද්දයක් නෑ.. චූටි එකාටයි ලොකු එකාටයි දෙන්නටම හරි යන්න ඉන්නවා පොඩි එකා.. මොන නැකතක උපන් එකෙක් ද මන්ද හන්දියේ ලවුස් පීකරේ බැන්ද වගේ පටන් ගත්ත වෙලේ ඉඳන් කෑ ගහනව කෑ ගහනවා ඉවරයක් නෑ..වෙද බාප්පා ගේ වැඩ ඔක්කොම හීන් නුලෙන් තමයි. ...
කොටු වීම අන්තර්ජාලයේ මගේ බිත්තිය.. කොටු වීම කිව්වම මේ දවස් වල හැමෝටම මතක් වෙන්නේ ගංවතුරට කොටු වීම. කැළණි ගං මිටියාවතේ ජිවත් වෙන මිනිස්සුන්ට ඔය කොටු වීමට අවුරුදු කීපයකට සැරයක් මුහුණ දෙන්න වෙනවා. මේ සැරේ තරම් නැති වුනත් ගොඩක් අවුරුදු වලදී ගංවතුරෙන් නිතර හානි වෙන පැත්තක්. මිට අවුරුදු 20කට විතර කලින් (20කට වැඩි මිසක් අඩු නෑ).. කාලේදී ආවට පස්සේ ආපු ලොකුම ගංවතුර කියල තමයි අපේ වැඩිහිටියෝ ...
නිවන්/මෝක්ෂය/ස්වර්ගය/ඊ.ටී.සී දකින ගස්... අන්තර්ජාලයේ මගේ බිත්තිය.. එක ගහක් කවද හරි ආයේ හැදෙයි ද? ඒ ජාතියෙම වෙන ගහක් හැදෙයි.. නැත්නම් ඒකෙන් හට ගත් බීජයකින් හරි අංකුරයකින් හරි තව ගහක් හැදෙයි.. හැබැයි ඒ හැදෙන්නේ අර මුල් ගහ නෙවෙයි නේද..? එක් වරක් ඉපදුන ගහක් නැවත මේ ලෝකේ ඉපදෙන්නෙ නෑ කියල ගන්න එක සාධාරණයි නේද..? (ඒ වගේ නේද..?) ගස් කියන්නේ තමාට ජීවත් වෙන්න අවශ්‍යම දේ විතරක් ලබාගෙන තමන් සතු සියළු ...
චිත්ත විකාර පොලාරිස්ලාගේ ග්‍රහලෝක විනාශය අන්තර්ජාලයේ මගේ බිත්තිය.. බලෝන්මාද රටේ ඒකාධිපතියා සාධාරණත්වයේ ආණ්ඩුව බිඳ දැමුවේය. ඒකාධිපතියාගේ "වෛර කිරීම උගැන්වීම" සාර්ථක වුයේ පොදු වෛරය තරම් අන්කිසිවක් මිනිසුන් එක්සත් කිරීමට අසමත් වන බැවිනි. වර්ණ වාදී උපදේශක මණ්ඩලය ඔහු තෝරාගත්තේ ඔහුගේ මෙම සංකල්පය නිසාවෙනි. වටකුරු හිස් ඇතියවුන්ගෙන් ශ්‍රේෂ්ඨතම මිනිසා ලෙස සැලකු විද්‍යා ප්රබුද්ධ ගේ න්‍යෂ්ටික පෘථක්කරණය වටකුරු හිස් ඇත්තන්ගේත් ,දිගැටි මුහුණු ඇත්තන්ගේත් විනාශය ළඟා කරවුයේය. මහද්වීප දෙකේ න්‍යෂ්ටික සමතුලිත තාවයක් ඇතිකර ...
සීමාවක් නැති සාහිත්‍යයය අන්තර්ජාලයේ මගේ බිත්තිය.. අපි වගේ විප්රවාසිව ඉන්න අයට නිකන් ඉන්න වෙලාවට කරන්න ඒ හැටි දෙයක් නෑ.. ඒ කියන්නේ ඔෆිස් එකට ගිහින් ඇවිල්ල නිදාගන්න කම් ඉන්න වෙලාව සහ ගොඩක් වෙලාවට සති අන්ත. (අනිත් අයට කොහොමද දන්නේ නෑ.. මම කිව්වේ මට... ). ලංකාවේ ඉන්නවට වඩා මෙහෙම රටක ඉන්න එකේ එක වාසියක් තමයි කරන්න මෙලෝ වැඩක් නැති වෙලාවල් තිබීම.. ලංකාවේදී එහෙම වෙලාවක් හොයා ගන්න හරි අමාරුයි.. ...
කාල යක්ෂ - 10 - කුමන්ත්‍රණ අන්තර්ජාලයේ මගේ බිත්තිය.. 9 වෙනි කොටසට සෙමින් සෙමින් වැහි පොද වැටෙමින් අහස අඳුරු වී ගෙන අයුරු ඔහුට දැනුනේ මහා හඩින් කෙටු අකුණක හඩ නිසාවෙනි. ඒ වෙන විට බාගෙට හදමින් තිබු කුඩාරම් දුටු ඔහු වැස්සෙන් බේරීමට තැනක් සොයා ගැනීමට සිතුවේ සියලු මළකුණු සෝදා හැරීමට තරම් ළඟ එන කුණාටුව ප්‍රබල බව දුටු හෙයිනි."සෙන්ට්‍රිනෝ ඔය වැස්සට කලින් මෙතෙන්ට වරෙන්. මට උඹට දෙයක් කියන්න තියෙනවා. මදක් එපිටෙන් ...
බදුල්ල නයිට් මේල් අන්තර්ජාලයේ මගේ බිත්තිය.. බදුල්ල නයිට් මේල් එක ගැන ෆේස්බුක් එකේ ළඟදී දැකපු ෆොටෝ ටිකක් හින්දා මගේ පරණ මතක ආයේ අලුත් වුණා. බදුල්ල නයිට් මේල් එකේ ගිහින් උදේ පාන්දර එළිවෙන කොට කඳුකරයේ ලස්සන නොදැකපු කෙනෙක් ඉන්නවනම් ඉස්සෙල්ලා ඒක කරලා ඉන්න. මම හිතන්නේ ලංකාවේ කෙනෙකුට ගන්න පුළුවන් අමතක නොවෙන අත්දැකීමක් ඒක.දැන් මේ නොරටක හිර වෙලා හිටියට මමත් කඳුකරයේ උපන් කොල්ලෙක්. ඔබ 1960-80 අතරේ හපුතලේ පළාතේ ...
The Eternal Torment of Unexpressed Love අන්තර්ජාලයේ මගේ බිත්තිය.. මාතෘකාව ඉස්සුවේ රවී තුමාගේ පෝස්ට් එකකින්. නොහැඟවූ ආදරය නොහඟවන ආදරය අපුරුයි, කලාත්මකයි, වින්දනියයි. නමුත් ඒ ආදරයම Eternal Torment වීම ඛේදනීයයි. සැඟවුනු, ඒක පාර්ශවික සහ හොරෙන් බලා අහිමි වී යන ආදරය සදාතනිකයි. හිමි වී, විඳ, එපා වී, දියවී යන ටිපිකල් ආදරේ පරදවා අහිමි වී, සැඟවී ගිය ආදරය අපේ හිත් වල රැඳෙනවා.ආදරය ප්‍රකාශයෙන් පමණක් හැඟවිය නොහැකි නිසා ප්රකාශනය කෙතරම් වැදගත් ද?බටහිර සංකල්ප ...
තනිකම විඳීම... අන්තර්ජාලයේ මගේ බිත්තිය.. තනිකමට බයයි... තනිකම දුකක්... තනිවෙන එක පවක්... (ද)? මහ පාරවල් වල, අඟුපිල් වල තනියම හැදෙන පොඩි උන් ගේ හිතට දැනෙන දුකත් එක්ක අපි තනි උනාම දැනෙන දුක දුකක් ද? අපි තනි උනාම අපිට දැනෙන දුක හෙන ආත්මාර්ථකාමීයි කියල හිතෙන්නෙ නැද්ද? මට සතුට දෙන්න වෙන කෙනෙක් මගෙ ලඟ නැති වීම ගැන දුක් වෙන එක හෙන පටු කමක් වගෙයි... මේ ලෝකේදි ...
නැවතීමට මඟ පෙන්වූ ගුරුතුමාට - A tribute to a great teacher අන්තර්ජාලයේ මගේ බිත්තිය.. සාමාන්‍ය ළමා කාලයක් සහ ජීවිතය ගැන ගැඹුරු වැටහීමක් නැති යොවුන් සමයක් පසුකරමින් පැමිණි මට ජීවිතය ගැන බොහෝ දේ සිතීමට මාගේ පියාගේ හදිසි වියෝව හේතු වූ බව කිව හැකිය. දරා ගැනීමට අතිශය අපහසු වූ ඒ වියෝව කෙසේ හෝ දරාගත යුතු බව තේරුම් ගෙන ජීවිතය සාමාන්‍යය පරිදි ගෙවීමට අප පුරුදු වී සිටියෙමු. ආර්ථික ගැටළු,අධ්‍යාපනික ගැටළු සහ අනෙකුත් ලෞකික ජීවන ගැටළු සමඟ ගෙවී ...