නිකන් ඉන්නවට ඉලෙක්ට්‍රොනික් - Control LED with Arduino and Processing අන්තර්ජාලයේ මගේ බිත්තිය.. පොඩි කාලේ ෆෝමිකා බෝඩ් කවකට්ටෙන් හිල් කර කර අම්ම වැඩට යනකොට ලියල දීල ගෙන්න ගන්න ට්‍රාන්සිස්ටර් ,රෙසිස්ටර් ,කන්ඩෙන්සර් LED,IC ලී මිට තියෙන බවුත් එක යාන්තමට නහය කිට්ටුවට අරන් හොඳට රත් වෙලාද කියල බලල ඊයම් යාරේ වැඩිය උණු වෙන්න නොදී පරිස්සමට කැලිටික පාස්සගෙන LED ටික පත්තු වෙනකොට තිබ්බ ආතල් එක... ගෙදර කට්ටියම එනකම් ඉඳල කාමරේ ලයිට් නිවල නිවී නිවී පත්තුවෙන බල්බ් ...
නැන්දම්මාගේ රෙකමදාරුව අන්තර්ජාලයේ මගේ බිත්තිය.. නැන්දම්මල ගැන කතා ඉතින් බලංගොඩ මානවයාගේ නැන්දම්මාගේ කාලේ දක්වා දිව යනවා මම හිතන්නේ.. හැබෑට ඒ කාලේ මේ කාලේ කියල වෙනසක් නෑනේ... මම මේ කියන්නේ.. නෑ නෑ එක්කෝ ඕනේ නෑ...මේක මේ පොඩි කතාවක්.. කතාවක් කිව්වට කතාවක්ම නෙවෙයි.. පොඩි සිද්දියක්.. මෙන්න මේ කතන්දරේ විදියට අපි දෙන්නගේ කතාව පටන් ගත්තට පස්සේ ඉතින් කාලයක් ගෙවිලා ගෙවල් දොරවල් වලින් කතා බහ කරගෙන දැන් වෙඩිම ගන්නත් ...
මාස 6යේ සංවත්සරය... අන්තර්ජාලයේ මගේ බිත්තිය.. දෙකඩ වෙලා මාස 6ක් ගෙවිල ගිහිල්ලා.... පිස්සුවෙන් වගේ ඔහේ ඉන්න එක තමයි වැඩි හරියක් කරන්නේ.... ආදරයයි තේරුම් ගැනීමයි තරම් සතුටින් ජීවත් වෙන්න හේතු වෙන කිසිම දෙයක් නෑ කියල හිතෙනවා.... එකම දේ එකම වෙලාවට දෙන්නෙක් හිතන එක හෙන සිරා... ටෙලිපති වගේ ඉබේම තේරුම් යනවා... මමයි මමයි කියල මම කියන්නේ ඒකයි... දෙකක් නෙවෙයි එකක්... අපි විතරක් නෙවෙයි පවුල් වල ඉන්න අයත් හිත්වල ...
ආච්චිගේ වයස අන්තර්ජාලයේ මගේ බිත්තිය.. ගැහැනුන් ගේ වයස ගැන කතා කිරීම නොහොබිනා දෙයක් ලෙස සලකන්නේ මන්දැයි මම නොදනිමි. නමුත් ඉතින් ඔය වයස හැංගිම තේරුමක් නැති වැඩක් බව ඒ පාර්ශවයේ අයට තේරුම් කර දීමටද නොහැක. කොච්චර හැංගුවත් කිරි ගහට ඇන්නා වගේ ඔය ගැහැණු ළමයින් ගේ වයස දැන ගැනීමේ අත් බෙහෙතක් ඇත. කාගේත් දැන ගැනීම පිණිස එය මෙසේය. ඔබ කැමති හෝ පොඩි හරි මෙව්වා එකක් ඇති ...
නිදහස් අධ්‍යාපනේට 6% ලැබෙනකම්... අන්තර්ජාලයේ මගේ බිත්තිය.. මීට වඩා දුක් විඳල ඉගෙන ගත්ත අය සහ ඉගෙන ගන්න අය අප අතර ඉන්නව ඇති... මේවගේ දේවල් වලින් අපේ පැහිච්ච මොළවලට ජීවිතේ තේරුම් කරන්න ට්‍රයි කරන්නේ නෑ මම.. ඒත් අර පොඩි උන් දෙන්නගේ උනන්දුව දැක්කම මේක නොදා ඉන්න හිත දුන්නෙ නෑ... ...
කොම් පැණියට බ්ලොග් එකක් අන්තර්ජාලයේ මගේ බිත්තිය.. මේ වැඩේ මම කලින් වැඩ කරපු තැනකදී අත්හදා බලපු පොඩි දෙයක්. බ්ලොග් කියවන්න ලියන්න කැමති අය ඉන්න තැනකදී ගොඩක් සාර්ථක වෙන්න පුළුවන්. මේක ඇත්තටම වැඩ කරපු ආයතනයේ නිල වශයෙන් කරපු දෙයක් නෙවෙයි. එක ප්‍රොජෙක්ට් එකක වැඩ කරපු අපි සෙට් එකක් කරන්න පටන් ගත්ත වැඩක්..වැඩ කරන කණ්ඩායමේ කණ්ඩායම් හැඟීම ටිකක් දියුණු කරන්න හොඳ විදියක් කණ්ඩායමේ ඉන්න අයගේ විවිධ දක්ෂතා ඒ කියන්නේ ...
සොෆ්ට්වෙයාර් මැජික් සමඟ අධික වැඩ ... අන්තර්ජාලයේ මගේ බිත්තිය.. මෙහෙ ආවට පස්සේ මාස 2ක විතර ෆ්‍රී ටයිම් එකක් තිබ්බට දැන් සති තුන හතරක් විතර එක දිගට මැරී ගෙන වැඩ. අපි දෙන්නම එක විදියට වැඩ ... ලංකාවේ අයිස් ගහපු ඔක්කොටම හරියන්න දැන් හෝ ගාල වැඩ ... උදේ 10ට වැඩට ගිහින් හවස 5ට මාරු වෙලා සැපසේ හිටපු අවුරුදු 3කින් පස්සේ එක දිගට මෙහෙම වැඩ කරන්න හිතයි,ඔළුවයි,කඳයි ,බඩයි හදාගන්න සැහෙන්න අමාරුයි. ...
කඩදාසි සෙල්ලම් බඩු හෙවත් ඔරිගාමි... අන්තර්ජාලයේ මගේ බිත්තිය.. මේක නම් මගේ ප්‍රියතම වැඩක්.. කොම්පුටරේ කොටන්නෙ නැතුව මේසයක් ලඟ වාඩි වෙලා ඉන්න වෙලාවට නිතර කරන වැඩ 2න් එකක් තමා මේ.. අනිත් එක අහුවෙන කොලේක (කොලයක් නැත්නම් අත, කකුල, බඩ) මොනව හරි බලි ඇඳීම (සම්භාව්‍ය බලිත් හිටපු ගමන් ඇඳෙනව). බලි ඇඳිම ගැන වෙනම පෝස්ට් එකක් දාල මේකේ කඩදාසි සෙල්ලම් බඩු ගැන ලියන්නම්. ඉස්සෙල්ලාම හදන්න ඉගෙන ගත්තේ බෝට්ටුවද කුරුල්ල ද කියල ...
ඇගේ ඇස අග - Let her cry අන්තර්ජාලයේ මගේ බිත්තිය.. මම මිට කලින් අශෝක හඳගම ගේ ෆිල්ම් එකක් මුල සිට අගට බලා ඇත්දැයි අවංකවම මට මතක නැත. ඔය වැඩිහිටියන්ට පමණක් වෙච්ච කොටස් ටික නම් අනිවාර්යයෙන් කොහෙන් හෝ හොයා ගෙන බලන්න ඇති මුත් සම්පුර්ණ කතාව නිදහසේ බැලු බවක් නම් මතකයේ නැත. ඉතින් මම කවදාවත් අශෝක හඳගම නම් නිර්මාණ කරුවා ගැන විවේචන හෝ වර්ණනා කිරීමට උත්සාහ දරා නැත. එහෙම කිරීමේ හැකියාවක් මෙතුවක් ...
ලංකාවේ සතා මොකාද ? මැලේසියාවේ නම් Big Bad Wolf අන්තර්ජාලයේ මගේ බිත්තිය.. ලංකාවේ ඉන්න අපි කතා වලින් කියවපු නපුරුම භයානකම සතා මොකාද (මනුස්සය නැතුව..) ? උලම ද? උලමාගේ රාත්‍රිය කියල මම ඉස්සර පොතක් කියෙව්වා වගේ මතකයි.. හැබැයි මොනවගේ කතාවක් ද කියල මතක නෑ.. ඊට පස්සේ එහෙම බය ජනක හැඟීමක් අපිට දුන්න සත්තු මොකුන්ද? ගුරුලා, නරසිංහ,ඇත්කඳ ලිහිණිය පදනම් වෙච්ච කතා අපේ සාහිත්‍යයේ තියෙනවද? අර කණට කොඳුරලා යන වළහ මම හිතන්නේ අපේ කතාවක් නෙවෙයි..වලි ...
බෝර්නියෝ සංචාරය - 2 මුහුණට මුහුණ හමුවුණු මාළු සහ පැරිෂුට් ගමන.. අන්තර්ජාලයේ මගේ බිත්තිය.. අපේ බෝර්නියෝ සංචාරයේ පළවෙනි දවස කොහොමද ගෙවුනේ කියල පහලින් බලන්නබෝර්නියෝ සංචාරය - 1දෙවෙනි දවසේ උදේ 9.30ට වගේ කලින්දා වගේම වෑන් එකක් ඇවිත් අපිව Kota Kinabalu නගරයේ තිබුණු ජැටිය ට එක්කන් ගියා. අපි හිටපු හොටෙල් එකේ ඉඳල විනාඩි 10ක වගේ දුර. මේ නගරය දකුණු චීන මුහුදට මායිම් වෙච්ච නගරයක්. නගරය අවට තිබුණු පුංචි දුපත් සමුහයක් තියෙනවා. ඒ හැම දුපතක් ම වගේ ...
ලයිෆ් බැලන්ස් ... අන්තර්ජාලයේ මගේ බිත්තිය.. අපි බැලන්ස් ද? අපේ ජීවිත බැලන්ස් ද? කොහොමද ජීවිතේ බැලන්ස් කරන්නේ.. ? අපි බැලන්ස් එකේ ඉන්නව කියල හිතාගෙන හිටියට ඇත්තටම එහෙම ද...? බැලන්ස් එකේ ඉන්නෙ කොහොමද? හොඳ පවුලක ඉපදිලා හොඳට ඉගෙන ගෙන හොඳ රස්සාවක් කරල හොඳ කසාදයක් බැඳල පවුලට හොඳට සලකල හොඳට පින් දහම් කරල මැරිල යන එක ද බැලන්ස් ලයිෆ් එක? ඔය ඉස්සෙල්ල වාක්‍යයෙන් හොඳ කියන ටික අයින් ...
සිංහල යුනිකෝඩ් ලියන්න හොද ෆොනටික් මෘදුකාංගයක් ගැන උදව්වක්... අන්තර්ජාලයේ මගේ බිත්තිය.. මම මෙච්චර කල් පාවිච්චි කලේ ගාර්ප් සිංහල සොෆ්ට්වෙයාර් එක... මොකක්දෝ හේතුවකට මම දැනට පාවිච්චි කරන ලැප් ටොප් එකේ මේ ගාර්ප් එක වැඩ කරන්නේ නැ... සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්ත දා ඉදල ගාර්ප් එක පාවිච්චි කරපු නිසා ඊට පස්සේ අලුතින් එකතු වෙච්ච සිංහල යුනිකේත සොෆ්ට්වෙයාර් ගැන මට එච්චර අදහසක් නෑ.. මට ඕනේ වෙබ් පිටු වල සහ වින්ඩෝස් වල ඒ කියන්නේ ...
වීරයෝ අන්තර්ජාලයේ මගේ බිත්තිය.. වීරයෝ ගොඩක් ඉන්නවා.. එක එක කාලෙට මේ වීරයෝ වෙනස් වෙනවා.. ඉස්සර හිටපු වීරයෝ ගැන පොඩ්ඩක් ලියන්න හිතුනේ අද ටී.වී එකේ සිටුවර මොන්ට ක්‍රිස්ටෝ බැලුවට පස්සේ... රූපවාහිනය ඉපදුනේ මම ඉපදිලා අවුරුද්දකට විතර පස්සේ.. අපිට ටී.වී එකක් බලන්න හම්බවුණේ ඉපදිලා අවුරුදු 7-8ක් ගියාට පස්සේ.. ටී.වී එක දකින්න කලින් පොත පතින් කියවල තිබ්බ.. සුරංගනා කතාවල වීරයෝ ගැන.. ඊට පස්සේ තුන් යහළු වික්‍රමය,කල්ලන්දූවේ මුතු ...
ඔරිජිනල් අපි අන්තර්ජාලයේ මගේ බිත්තිය.. හරිම සංකීර්ණ තත්වයක්. කොච්චර ට්‍රයි කලත් ගොඩ දා ගන්න බැරි තරමට ම තත්වය දරුණු වෙලා. වෙච්ච සිද්දිය මම කෙටියෙන් කියන්නම්කො..ඔන්න මම බොහොම පාඩුවේ අහිංසක ළමයා වගේ අම්මයි තාත්තයි කියන දෙයක් අහගෙන ඉස්කෝලේ ටීචර් ල සර් ලා කියන දෙයක් අහගෙන අවුරුදු 10-12ක් ගෙවල දැම්මා.. ඒ කාලේ මට ඔය "මගෙන්" ඒ හැටි කරදරයක් තිබුනේ නෑ.. මට ඕනේ නම් සෙල්ලම් කළා, ඕනේ නම් ...
13බී බා උන හැටි හෙවත් තවත් උසස් පෙළ විර ක්‍රියාවක් අන්තර්ජාලයේ මගේ බිත්තිය.. උසස් පෙළ කරන අවසාන අවුරුද්දේ ට්‍රිප් එකක් යන එක සාමාන්‍ය සිරිතනේ... මම හිතන්නේ කුමාරි මිස් ගේ සීන් එකෙන් පස්සේ ද කොහෙද මේ ට්‍රිප් එක ගියේ.. මේ ට්‍රිප් එක ඉතින් ඔය සාමාන්‍යය විදියට කට්ටිය සාකච්චා වට හැටක් විතර දාල තීරණේ කර ගත්තා හන්තාන කන්ද නගින්න ... පන්තිබාර සරුත් යන බොහොම ඔෆිසියල් ට්‍රිප් එකනේ.. කොල්ලෝ වෙන වෙනම යන ඒවා ඇරුනම මම හිතන්නේ ...
මගේ ප්‍රථම තෙල් සායම් චිත්‍රය... අන්තර්ජාලයේ මගේ බිත්තිය.. නිකන් ඉන්න එකේ කාලයක් තිස්සේ කරන්න ආස වෙලා තිබ්බ වැඩක් කරලා බැලුවා.. හරියටම කිව්වොත් සා.පෙ කාලෙන් පස්සේ මේ වගේ වැඩක් කලාමයි.. ජිවිතේ පළවෙනි වතාවට කැන්වස් එකක චිත්‍රයක් ඇන්දා.. චිත්‍රයක් කිව්වට හිතට එන දේ ඔහේ ඇන්දා... තෙල් සායම් පෙට්ටියක් අරන් ඒකෙ තියෙන පාට ගාන්න ආසාවට ඇඳපු බොහොම ප්‍රාථමික මට්ටමේ චිත්‍රයක්..අහුවෙන අහුවෙන කොලේ කුරුටු ගාන එක නම් මම කවදත් කරපු දෙයක්.. ඔය ...
බෝර්නියෝ සංචාරය, කිනබලු කන්ද, පැරා සේලින් සහ දිය යට ෆොටෝ අන්තර්ජාලයේ මගේ බිත්තිය.. ලෝකයේ තුන්වෙනි විශාලම දුපත වන බොර්නියෝව පිහිටලා තියෙන්නේ අග්නිදිග ආසියාවේ. ජාවා දුපතට උතුරිනුත්, සුමාත්‍රා දුපතට නැගෙනහිරිනුත්, සුලාවෙසි දුපතට බටහිරිනුත් තමයි මේ බෝර්නියෝ දුපත පිහිටලා තියෙන්නේ. දේශපාලනික වශයෙන් රටවල් තුනකට මේ දුපත අයත් වෙනවා. ඒ රටවල් තමයි බෘනායි රාජ්‍යයය, ඉන්දුනීසියාව සහ මැලේසියාව. ඉන්දුනීසියානු භාෂාවෙන් Kalimantan විදියට තමයි මේ දුපත හඳුන්වන්නේ. මැලේ භාෂාවෙන් සහ ජාත්‍යන්තරව දුපත හඳුන්වන්නේ Borneo නමින්. දුපතේ විශාලත්වය ...
ශාරුක් හමුව... Rendezvous with Shahruck Khan අන්තර්ජාලයේ මගේ බිත්තිය.. මට කාලයක් මයිකල් ජැක්සන් පිස්සුව තදේට හැදිලා තිබ්බා.. ඒ කාලේ මම හිතුව කවදාහරි මයිකල් ජැක්සන්ගේ ලයිව් ෂෝ එකක් නම් බලන්න යනවමයි කියල.. ඒ කියන්නේ ජිවිතේ කවද හරි කරන වැඩ වලින් එකක් විදියට ඒක මම හිතාගෙන හිටියේ. අපේ වෙලාවට මයිකල් ජැක්සන් අකාලයේ අපෙන් සමුගත්ත නිසා මගේ ඒ හීනෙත් එහෙමම ඉවර වුණා...ශාරුක් ඛාන් සහ මයිකල් ජැක්සන් කියන්නේ සමාන කරන්න බැරි චරිත දෙකක් ...
පෑනේ මිතුරුකම්... අන්තර්ජාලයේ මගේ බිත්තිය.. පෑනේ මිතුරෝ දැන් දැන් අභාවයට යනවද මන්ද... දැන් ගොඩක් ඉන්නේ එෆ්.බී මිතුරොයි ඔන්ලයින් මිතුරොයි නේ.. පෑනේ මිතුරු සංකල්පය සෑහෙන පරණ දෙයක්. මම හිතන්නේ තැපැල් සේවයේ ආරම්භයත් එක්කම බැඳී තියෙන එකක්.. කාලෙත් එක්ක ඇතිවෙච්ච දියුණුවත් එක්කම මිනිස්සු වඩා ඉක්මනින් මිතුරුකම් හදා ගන්න ක්‍රම හොයා ගත්ත නිසා පෑනේ මිතුරු සංකල්පය යට වෙලා යනවා වගේ.. හැබැයි තාමත් පෑනේ මිතුරුකම් තියාගෙන ඉන්න අය ...