පරණ ෆිල්ම්ස්.... අන්තර්ජාලයේ මගේ බිත්තිය.. ෆිල්ම්ස් බැලීමේ උණ කාලෙන් කාලෙට විවිධ ස්වරූප වලින් එනවනේ.. වෛරස් උණ වගේම තමා ඉතින් බැලුවහම ...මට හිටපු ගමන් හැදෙනව පරණ ෆිල්ම්ස්, සයන්ස් ෆික්ෂන්, එකම ඩිරෙක්ටර්ගේ ෆිල්ම්ස්, ෆිල්ම්ස් සීරීස් වගේ එක එක කැටගරි වල ෆිල්ම්ස් විතරක් බැලීමේ උණක්... කාලේකට කලින් මට ඔය පරණ ෆිල්ම්ස් ඒ කියන්නේ 1950-1980 ව දශක වල වගේ හැදිච්ච ඉංග්‍රීසි ෆිල්ම්ස් බැලීමේ ආසාවක් ආවා.. ඒක තාමත් තියෙනවා.. ...
උපන් දින සුභ පැතුම් සහ නිවන් සුව පැතීම අන්තර්ජාලයේ මගේ බිත්තිය.. මේවගේ දේවල් ගැන මම කතා කරන්න වැඩිය කැමති නෑ... වඩා හරි දේ මේකයි කියල මතයක් ප්‍රකාශ කරල පොඩි ආතල් එකක් ගන්නවට වඩා.. තියෙන දේ තමන්ට හරියනවනම් ගත්තා නැත්නම් නිකා හිටියා තමා මගේ උපන් හැටි... මේක ගැන ඔලුවට ඇවිල්ල දැන් ටික කාලයක් උනාට ලිව්වෙ නෑ... නමුත් කලින් පෝස්ට් එකේ තාත්තාගේ ජීවිතය සහ මරණය ගැන ලිව්වට පස්සේ මේකත් ලියල දාන්න හිතුණා... වැඩි ...
ලංකාවට හඳ අහිමි වූ හැටි... අන්තර්ජාලයේ මගේ බිත්තිය.. මේක දැක්කම මට නම් අවංකවම හිතා ගන්න බැරි වුණා... හැබැයි ඉතින් අපිට මේව ගැන තියෙන උණ ගොඩක් අයට නැති නිසා මෙහෙම දේවල් ඉතිහාසේ වෙලා තියෙන එක සාධාරණයි.. අපි හැමෝම බනින (මමත් එක්ක) ඇමරිකාව මේ ලෝකෙට කරන දස දහසක් විනාශ අතරේ මුළු මිනිස් වර්ගයාටම වැදගත් වෙන වැඩත් කරනවා.. ආත්මාර්ථකාමීව තමන් ගැන විතරක් හිතාගෙන වැඩ කළාට අනිත් අයත් එක්ක තමන්ගේ මහන්සියෙන් දියුණු ...
බ්ලොග් එක CV එකට දැමීම. ඉනටර්විව් පොර ටෝක් සමග කරපු චාටර් වැඩක්...!!! අන්තර්ජාලයේ මගේ බිත්තිය.. මම මගේ CV එකේ මේ බ්ලොග් එක ගැන සඳහනක් දාල තියෙන්නේ. ඔය එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් කියන අන්සෙට අදාලව. මගේ CV එකේ ඒ අන්සේ නම දාල තියෙන්නේ Skills and Competencies කියල. ඒ කියන්නේ මට සිංහල සහ ඉංග්‍රීසි වලින් යමක් ලිවීමේ හැකියාව තියෙනවා කියන එක ඔප්පු කරන්න තමයි ඕක දාල තියෙන්නේ..බ්ලොග් එකක් CV එකට දාන එක ගැන අපි එච්චර නොහිතුවට එකෙන් සැහෙන ...
හුටා..!!!! අදට මම මේ බ්ලොග් එක පටන් අරන් අවුරුදු 7ක් ගෙවිලා.. අන්තර්ජාලයේ මගේ බිත්තිය.. 7 වෙනි වසර සමරන්න එක්ක ටිකක් බරසාර පොස්ට් එකක් දාන්න හිතාගෙන හිටියේ.. හැබැයි අමතක වුනා... දැනට මේකෙන් නිල වශයෙන් අවුරුදු 7 සමරල හෙට අනිද්දට එකක් ලියල දාන්නම්.. මේ අවුරුදු 7තේ මේක බලපු සහ කොමෙන්ට් කරපු ඔක්කොටොම තැන්කු... :) ...
ඉංග්‍රීසි සහ සිංහල අපි අන්තර්ජාලයේ මගේ බිත්තිය.. මේක අපි හැමෝම වගේම ගොඩක් වෙලාවට කතා බහ කරන... හැමදාම විසඳුමක් හොයන ප්‍රශ්නයක්.. මේක ප්‍රශ්නයක් නොවන අය සාමාන්‍යයෙන් ඉන්නෙ ගොඩක් අඩුවෙන්... හැබැයි මෙතන ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවද? පහුගිය දවස් ටිකේ මම මුහුණ දුන්න පොඩි සිද්දියක් නිසා තමයි මේක ලියන්න හිතුණේ.. මම වැඩ කරන ස්ථානයට අලුතෙන් කෙනෙක් ව ගන්න පොඩි ඉන්ටර්විව් වගයක් තිබුණා.. තාක්ෂණික පැත්තේ ඉන්ටර්විව් එක කළේ මම... ඔක්කොම ඇවිත් ...
බාත් රූම් එකේ සිංදුකීම... අන්තර්ජාලයේ මගේ බිත්තිය.. මේ වැඩේ කරල තියෙන අය, කරන අය දන්නව ඇති මේකේ තියෙන ආතල් එක.. මොන මොන දේවල් ඔළුවේ තියාගෙන නාන්න ගියත් එළියට එන්නේ සින්දු කෑල්ලක් කියාගෙන... දොර වැහෙන්නෙ නැති වෙලාවට සිංදු කිය කිය නාන එක වෙනම කතාවක්.... මම කියන්නේ නිවාඩු දවස් වල ආතල් එකේ නානකොට ඉබේ සිංදු කියවෙන එක.. කන පැලෙන්න කෑ ගහ ගහ සිංදු කියන්න තියෙන හොඳම තැන.. සිංදු ...
මගේ Star Gate බැලීම... අන්තර්ජාලයේ මගේ බිත්තිය.. මේක මම බලන්න අරන් දැන් අවුරුදු 4ක් විතර ඇති.. සීසන් 5ක් විතර බලල අවුරුදු 2ක් විතර නොබල හිටියා.. මොකද ඔක්කොම කොටස් ටික නැති කම සහ එක එක වැඩ නිසා... දැන් SG 1 සීසන් 10ටම අදාළ කොටස් සහ Star Gate Atlantis, Star Gate Universe ඇතුළු මෙතෙක් මේ සම්බන්ධව නිපද වූ සියළු කතා එකම වහලක් යටින් ගන්න පුළුවන් විදියට මට ලැබිල තියෙනවා.. ...
රස්සාවයි පරස්තාවයි දෙකම එකට ගොඩ දැමීම අන්තර්ජාලයේ මගේ බිත්තිය.. දැන් කාලේ හැමදේම කොයි කාටත් පහසු විදයට එකම වහලක් යටින් පැකට් කරලා ගන්න පුළුවන් නේ.. තව ඉතින් ඔය නානාප්‍රකාර ප්‍රමෝෂන් කියල ජාති තියෙනවනේ. එකක් ගත්තම තව එකක් නොමිලේ වගේ. ඉතින් ඔය සිස්ටම් එකට මේ රස්සාවයි පරස්තාවයි ගොඩ දැමීමේ කතන්දරයක් තමයි මේක.මම මේ වෙද්දී කොම්පැනි 4ක වැඩ කරලා තියෙනවා. ඒ කියන්නේ මේ මැලේ රටේ එකත් එක්ක. ඉතින් ඔය කොම්පැනි වලින් මුලින්ම ...
දස වසර අන්තර්ජාලයේ මගේ බිත්තිය.. තාත්තා නැතිව දශකයක්... ජීවිතේ ගෙවිල යනවා... බොහෝ දේ වෙනස් වෙනවා... තාත්තා නෑ කියන එක දැනිච්ච වාර ගාන අනන්තයක් විතර ඇති... තාමත් ගොඩක් දවස් වලට රෑට මතක් වෙලා කඳුලක් දෙකක් එනවා... මොනව කරන්න ද මෙච්චර කාලයක් හිටපු එක ඉස්සරහටත් ඉන්නවා කියල හිත හදා ගන්නවා... මට අවුරුදු 20දි තාත්තා නැති වුණේ... වෙලාවකට මං කොච්චර වාසනාවන්තද කියල හිතෙනවා.. මොකද අවුරුදු 20ක් තාත්තා මාත් ...
Accept the way of others අන්තර්ජාලයේ මගේ බිත්තිය.. මේ අදහස කොච්චර ලස්සනට මේකේ තියෙනවද...? අපි අවුරුදු බර ගානක් තිස්සේ මේවගේ ගැඹුරු දේ ගැන දන්නවා... ඒ දන්න දේ ගැන ලොකු ආඩම්බරේකුත් තියෙනවා... හැබැයි මේ සරල දේ අපේ ප්‍රායෝගික් ජීවිතේදී ක්‍රියාත්මක කරන්න අපිට නොතේරෙන්නෙ ඇයි.. ? ලෝකේ ගෝලාකාරයි මිනිස්සු විවිදාකාරයි කියල ලිස්සල යන අය අතරේ උපේක්ෂාවෙන් බලල තමන්ගේ අභ්‍යන්තරය ගැන පුංචි හරි වැටහීමක් ලබා ගන්න උත්සාහ කරන අය ඉන්නෙ ...
ගණිත ගැටළුවක්... amazing logic අන්තර්ජාලයේ මගේ බිත්තිය.. මේක විසඳන්න හෙන ගනන් කාරයෙක් වෙන්න ඕනේ නෑ... හැබැයි ගනන් චුට්ටක් දැනගන්න ඕනේ.. උත්තරේ පට්ට ක්‍රියේටිව්.. ගොඩක් වෙලාවට ඔය ඊමේල් වලින් අපිට එක එක විදියේ ගනිත ගැටළු, පොඩි පොඩි ඉලක්කම් සෙල්ලං වගේ ඒව එනවනේ..මේ අද මට ආපු එකක්... මේක මීට කලින් වෙන අය දැකල ඇති.. සමහරවිට බ්ලොග් වල දාලත් ඇති.. මම නම් අද දැක්කේ. අනිත් ඒවට සාපේක්ෂව තර්කානූකූලව හිතල උත්තරයක් ...
පිළිකාව, ජීවිතය සහ මරණය අන්තර්ජාලයේ මගේ බිත්තිය.. තමන්ට පිළිකාවක් තියෙන බව දැන ගත්ත වෙලාවට කෙනෙකුට මොනවගේ හැඟීමක් එනව ඇද්ද? ඉස්සෙල්ලාම මරණ බය දැනෙනවා ඇති. ඊට පස්සේ ටිකෙන් ටික ලෙඩේ ගැන පොසිටිව් විදියට හිතල කොහොම හරි ඉස්පිරිතාලේ ගිහින් බෙහෙත් අරන් හොඳ කර ගන්න හිතෙනවා. ඊට පස්සේ එක එක දොස්තරවරු, ලෙඩේ හැදිච්ච අය/ හොඳ වෙච්ච අය ගැන හොයල බලනවා. ටිකෙන් ටික බෙහෙත් ගන්න, ඉන්ජෙක්ශන් ගහන්න, කරන්ට් අල්ලන්න පටන් ...
The හිල... අන්තර්ජාලයේ මගේ බිත්තිය.. අපව අනාගතයට රැගෙන ගිය අපූර්ව සිදුරේ කතාව... කාල තරණය.... කරන්න පුළුවන් වැඩක් ද? පුළුවන්... හික් හික්... බ්ලැක් හෝල් වලින් ඕක කරන්න පුළුවන් ලු නේ... හික්.. ඉතින් මේකත් ලාවට බ්ලැක් හෝල් එකක් නේ.. මේකෙනුත් ඕක කරන්න පුළුවන්... අපි කොළා.... හරි කොහෙද ඔය හිල තියෙන්නෙ...? අන්න දැන් මම මේ හදන්නේ ඕක තියෙන තැන ගැන කියන්නයි...... මේකෙන් කාලතරණය කළ අය මේ අවටත් ...
ගුරුත්ව ලාම්පුව සහ සූර්යය බල සෙල්ලම් බඩු... අන්තර්ජාලයේ මගේ බිත්තිය.. විකල්ප බලශක්ති ක්‍රම අපිට ඕනෙ වෙන කාලේ වැඩි ඈතක නෙවෙයි. දැනටමත් අපිට ඒක හොඳටම දැනෙන වෙලාවල ඕනෙතරම තියෙනවා. අපේ රටේ නම් 80-90% විතර විදුලිය තියෙනවා. නමුත් කුප්පි ලාම්පු එලියෙන ජීවත් වෙන මිනිස්සු ඕනේ තරම් මේ ලෝකෙ ඉන්නවා. ලංකාවෙත් ඉන්නව. කාලෙකට පස්සේ ඒ වගේ කුප්පි ලාම්පු එලියෙන් ජීවත් වෙන මිනිස්සුන්ට සාර්ථකව පාවිච්චි කරන්න පුළුවන් විදියේ නිර්මාණයක් ඇවිල්ල . තාම බොහොම ...
මම කියවන බ්ලොග් එකක්... අන්තර්ජාලයේ මගේ බිත්තිය.. මම කියවන බ්ලොග් අතරින්... මගේ හිතට අල්ලපු මේ බ්ලොග් එක ගැන පොඩි දෙයක් ලියන්න හිතුණා.... මේ කතා අපි හැමෝටම වැදගත් නිසා..සෙන් කතා කියවන්න අපි හැමෝම කැමතියි... (හැමෝම කොහොම ද දන්නෑ .. මම නම් හෙන කැමතියි)... මේ පුංචි කතා වලින් අපේ ජීවිත වලට ගන්න බොහෝ දේ තියෙනවා... බොහෝවෙලාවට හතර පෝයට සිල් අරන් (මම අරන් නැති නිසා හරියටම දන්නේ නෑ.. උදාහරණයක් පමණි) ...
සිලිකන් නිම්නයේ වීර සොරු හෙවත් පරිගණකය මේසේ උඩට ආපු හැටි 1 කොටස අන්තර්ජාලයේ මගේ බිත්තිය.. සිලිකන් නිම්නය ගැන අපි හැමෝම වගේ දන්නව. දන්නේ නැත්නම් මෙතනින්(http://en.wikipedia.org/wiki/Silicon_Valley) විස්තර දැන ගන්න පුළුවන්. සිලිකන් නිම්නය අපේ කාලයේ තාක්ෂණික වීරයෝ ඔක්කොගෙම වගේ උපන් ගම කියන්න පුළුවන්. ඒ සිලිකන් මහගෙදර හිටපු සාමාන්‍ය කොල්ලෝ දෙතුන් දෙනෙක් මුලු ලෝකෙම වෙනස් කරපු කතාව නොදන්න අයට දැන ගන්න සහ දන්න අයට වඩා විස්තර සහිතව දැන ගන්න නියම වීඩියො ටිකක මට හම්බ වුණා. Pirates of ...
මාබල් බීච් සවාරිය.. අන්තර්ජාලයේ මගේ බිත්තිය.. දැනට සති 2කට විතර කලින් 2012 වර්ෂය සඳහා වූ අපගේ අවසන් චාරිකාව අපි නිමා කළා. මෙච්චර කාලෙකට ගිහින් තිබුණු නැති නැඟෙනහිර පළාතේ සංචාරයක් දාන්න ලැබීම ලොකු දෙයක් වුණා. මාස කීපයකට කලින් බට්ටින් නංඟිලාගෙ ගෙදර කට්ටියත් එක්ක ගිය නුවර,නුවර එළිය සංචාරෙන් පස්සේ සෙට් වෙච්ච ට්‍රිප් එක මේක. පහුගිය කාලේ තිබිච්ච අධික බිසී බව නිසා අපේ ට්‍රිප් ගමන් සම්පූර්ණයෙන් ම අඩාල ...
හැඩ වැඩ අකුරින් සිංහලෙන් යුනිකේත ලියන්න අන්තර්ජාලයේ මගේ බිත්තිය.. හැඩ වැඩ අකුරින් සිංහලෙන් යුනිකේත ලියන්න තිබ්බ නම් හොඳයි කියන එක මට මතක විදියට බොහෝ කාලයක් තිස්සේ සිංහලෙන් ලියන අය අතරේ තිබ්බ ආසාවක් ඉතින් දැන් ඒ වැඩේ බොහොම සරලව කරන්න පුළුවන් කියල පණිවිඩයක් මේ සිංහල යුනිකේත සමුහයට කෙනෙක් එවල තිබ්බ . ඒ කියන්නේ විවිද හැඩයේ යුනිකේත ෆොන්ට්ස් වගයක් දැන් තියෙනවා. මම අප්ඩේට් වෙන්නේ ටියුබ් ලයිට් ක්‍රමයට නිසා මේවා මිට කලින් ...