ශේෂ කඳු අකූ විසල් තැනිතලාවකඋන් හිටි තැන්වල ඈඳිගත්හූවක දුරින් මූණට මූණ බලන්පොඩි කඳු දෙකක් තිවුනාශත වර්ෂ ගාණක්ගණන් නොතරම් අව් වැසිපැමිණියද එදෙදෙනසසැලි සිත ගල් කරන් උන්නාඉර එබෙන'හට ඔබ්බෙන්මේකුලු බරණ ඇඳසතොසින් දවසරිනකඳු පවුල් උන් බවත් දන්නාඅපුලයි තනිය පාලුයිපුංචිත්ති කෙටි පණිවිඩවියැලුනු හුළඟෙ අමුණාඑහෙ මෙහෙට ගිය දවස් තිවුනාදරුපල නොම වැළඳගං දූ කොමළි නොම ලදමව් කඳු තෙම තරංනෑඬුවත් හේ හිතින් ඇඬුවාඅහම්බෙන් දවසකමනුසතෙක් ගිය දඩ මගඅවුරාන හිස් විලසටදෙමහල්ලො ඔහෙ ...
පාපොච්ඡාරණය අකූ නේරංජන ඉවුර මෙපිටඅවසඟ වී දෙපය බරිනආපහු නුඹ වෙතින් හැරුනරාත්රිය මතකදදිය ඇති නැති ගං වැල්ලටමෙපිටහ ගංබඩ ඉඳඟෙනකෙළෙස් කදක් උර තියානසුබ ගමන්ය යැයි පතන්නකුහක උනා මංසියෙරාමෙස්ට්රාවේකඳු බෑවුම් ගානේපාරමිතාදම් පුරාපුචේ දැකලා නැතස්වාර්ථය බිම පාගාපාරක් පාරක් ගානේදහදියරට ලේ හරවනඋඹ දැකලා ඇත ...
ඉර්තු අකූ අපිත් බෙදාගමුවසන්තය සිසිරය ලෙසකාලයවසරක් දිග වැඩි නැත්දඑතකොට එක ඉර්තුවක් සතුටෙන්තව ඉර්තුවක් දුකකින්ඉර්තුවක් මැදහත් සිතින්හරි හරි තව එකක් ප්‍රේමෙන් ...
පෙම්වත් වනරොද ඔහුගේ නම් වෙද අකූ තණබිම් ඉද්දරඅහඹුව නැවතුනුවන ගුල්මෙක අසනැවතී හුන්නාතුරුගොමු අතරින්ලියවැල් නටමින්වෙලේවි බඳ වටහවසක ඇවිදින්හිතමින් උන්නාපතමින් උන්නාඅත් අල්ලාගෙනයනතුරු කැන්දාඅහසට පෙමිනාඉහලට ඇදුනාමිස තුරු අගිනාබැල්මන් නොහුනාදඩයක්කරුවෝදරමිටි කැපුවෝවනයට ඇදුනෝවනයෙන් මිදුනෝඅදරැති සෙනෙහෙන්මහකල් ගෙවුනාකිකලෙක වනරොද ඉම නොම පරයාහමරැළි වැටුනාපස තෙත සිඳුනාසුසුමෙන් සුසුමටසෙවනැලි ඇරුනාරංගය අවසනබැරි පය ඔසවාපෙම් බැඳි අරණටයන්නට සිතුනාපියවර සුඟකටඑපිටහ පැත්තේමතකය වහගෙනමියැදී වැටුනාවනයට රිදුනාහුනිද නොඅඟවාඊයේ විලසමඉහලට වැඩුනාදඩයක්කරුවෝදරමිටි කැපුවෝ
අත්තම්මා අකූ දරු මුණුබුරන් සුරතල්කෙලි කවටකම් අතරපෑනේ මිතුරු පෙම්වතඑවූ ඉපැරණි සිතුවමටදඇතැම් හවසකහදේ ඉඩදෙන
උන්ට නං දුප් බල්ලා අකූ වහංවීයන්සැහැසි කබරාගෙන්වගුර පැත්තටනොයා ඉන්නට හිත හදාගංඑයාගේදහ අවුරුද්දෙ දානේවඩම්මල දීගන්න හැකි නංඒත් කෝ කවුරුත්උඹයි මමමයි විතරමනෙ දැන්රැලේ හෙම නොගිහින්ගෙයි ගෙවලයෙක් වාගේඔහොම ඉන්නේ කොහොමදබැඳල තිබ්බත් මේස කකුලට" අමාරුයි දැන් මගේ වයසට "කෙඳිරිලි බිරිල්ලෙන් කීවදඅපිම අපිටම කියාගනු හැරඔව්නෙ අවුරුදු දහතුනක් නෙවනපුරු වේවිද කරුමයයටවෙලා අපි ගිල දමන්නටඉණක් උසටම ලං වෙනකැළෑ තණ ගොල්ලෙන්නොපිළිසින්දද මා ගැබපෙකනිවැලකින් යා වෙලා වදවඳියකව අම්මා කෙනෙකු කලඋඹ..... ...
ගඟට වට මල අකූ ඇය වැටුනේ අන් සියල්ලටම කලින්දඟලලා දඟලලාමය.පාර වැරදුනු අකල් හුළඟකට නතුවඅනිත් අය ගිලිහෙද්දීඈ නොගැඹුරු දියේ පුංචි දිය සුළියකනටමින් උන්නාය.මේ නම් විසිතුරු පොරිම යැයි සිතාගැඹුරු දියේ හිට දිව ආ කොරළිද කිති කවන්නට වූහ.කලෙක තමන්දදියත්තක්ව හුන් සමය මතක්වගඟදමේ දඟය වින්දාය.චණ්ඩි කොරළියෙකු නිසාඈ දිය සුළියෙන් ඉකුත් වද්දීඅන් සියල්ලෝමපාව ගොස් හමාර බව පමණක් හැඳින්නාය.බොල්ලැහැට දික් මල්පෙතිඋස්සාන ලහිලහියේමපහළට දිව ගියාය.අහෝ...ඈට මාලුන්ට සමුදෙන්නටවත් නොහැකි වීය.මක් කරන්නදගඟක් වේනම් ...
අවුරුද්දේ ස්තුති කතාව අකූ හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!ඉතින් මොන විදියටද මේක ලෝකයාට කියන්නෙ කියල කල්පනා කරා.පොර සෙයියාවෙන්ද? එහෙම නැත්තං අහිංසක පුංචි ආඩම්බරෙන්ද අනේ මන්ද අන්තිමට විදියක් හිතාගන්න බැරි උන හින්ද එහෙම් පිටින්ම කියල දාන්න හිතුව.මේකයි ...!මේ බ්ලොග් පිටුව පටන් අරන් හෙටට අවුරුද්දක් පිරෙනව.මේ තියෙන්න මම පලවෙනියටම දාපු පෝස්ට් එක.ඉතින් මේ වෙලාවෙ මතක් කරන්න ඕනෙ කීප දෙනෙක්ම ඉන්නව විශේෂයෙන්.ඒ අයට ස්තුති කරන්නයි විශේෂයෙන් ...
ආවේ කොහි සිට අකූ කඳුලු සමහරවිටඑකම උල්පතකින් නූපදීසංකීර්ණ ලෙජරයකඅවසන ශේෂයවනෙත් අගින් වෑස්සේමයඉතින් සබඳඑසයුරත ලුණුරස දියත්තෙන්විමසීම වටනේදනුඹ උපන්නේවළා වන වදුලකදපල්දෝරු නලයකද ...
Untitled Post අකූ ඉරට්ටක එල්ලී ලූල්ලුම තුන්දෙනෙක්ඉඩ මදියි තදබදයි අනෙකු හා තෙරපෙමින්පැද්දි පැද්දී කොනක සයිකලේ හැඬලයේඅහා යන හැටි අගෙයි ගොම්මනේ ගමගෙදර
කැලෑගම සහ අතරමග මම දැකපු හැටි අකූ කැලෑගමේ දියත් උනු කොළඹ වෛද්‍ය පීටයේ වෛද්‍ය කඳවුර ගැන මම වතාවක් හැමෝවම දැනුවත් කෙරුව මතක ඇතිනෙ.එක වතාවක් විස්තරාත්මකව කියපු නිසා ආයෙත් කියන්න යන්නෙ නෑ. මේ තියෙන්නෙ ඒ ලිපිය.http://lahiruakuratiyage.blogspot.com/2011/12/2012.htmlඅද ලියන්න කියල හිතාගත්තෙ ඒ ගමන ගැනම තමයි.බෞද්ධ ශිෂ්‍ය එකමුතුව බලාපොරොත්තු උනා වගේම බොහෝම සාර්ථකව පහුවුන ජනවාරි මාසෙ 8වැනිද ගමේදි පැවැත්වුනා.ගමන ගැන ලියන්න කියල හිතුවට ඉතින් බෙදාගන්න තියෙන්නෙ පින්තූර කිහිපයක් තමයි.සෙනසුරාද රෑ නිකවැරටියෙ ...
අඳුරට සාප කරන්න හැබැයි මේ කණ්ණාඩියෙනුත් බලන්න අකූ මේ විසල් මහ පොළව මත ජීවිත සටන කොයි කලෙකවත් ලෙහෙසි වූවක් නම් නොවේ.සියල්ලෝම නොයෙක් අයුරින් කාසි සොයා කාසි මතින් ජීවිතය සොයන්නට තතනති.එබඳු තවත් මිනිස් කුලකයක ජීවිත අත්දැකීම් අහුරක් දෙස සමීපව බලන්නට දරන වෑයමකි මේ.සමාජයේ සෑම ස්ථරයකටම අවියෝජනීයව ඒත් අසම්මතව යාවී ඇති ගණිකා වෘත්තිය නොදන්නෙකු නෑසූවෙකු සිටිය නොහැකිය. එහෙත් මේ කතාබහ ඔවුන් සියල්ලම ගැන නම් නොවේ. ඒ කුලකයේත් අඩුම ලංසුවේ සමාජ ...
සූතිකාගාරයේදීය අකූ දරා දෝතින් ඈසර්වබලධාරී දෙව් රුවඅයාගත් මුව තවදෙව් පුතුට තම හුස්ම සපයනසාන්තුවරියකි සෙමිනපය තබන්නටමල් පාවඩ එලනමරිය මුව විට ඇගෙ නමට ගැයුගීතිකා නම් නෑසුනා මෙනළඟක නොඉඳුල් යෝනියෙහි ගැබරැකි එපවත් දෙසනමරිය මවු තෙමඅසිහියෙනි තවමග ලකුණු තරු පිපිරෑ අහස් ගැබ තලකොන්ක්රීට සිවිලිමෙන් මුවහවලබා කුමරිඳු කෝ කොහිද සෙවුසාන්තුවරුය යුහුසුලු තවතව නොවැඩි කුමරුනිගව ලෙනම ඔබ නමට අවදිවබැටලු තෙම වී මම්බලා ඉමි උඳුවප නොවූවද ...
ඕනෑ මට.. අකූ ඉර මැරිලා පාවෙනකොටහිම කපාන කෝච්චි ගියරේල්පාරෙ ඈතින් එනසමිසෙන් නද විඳ විඳතනි පිල්ලෙ ඇවිදින්නටආසයි මට...සරත් කාලෙ මොමිජි හෙවනෙදේදුනු ඇතිරිලි පොරෝනරෑ අහසේ තතාමියේහොඳම තැනක තරු වියන්නආසයි මට...හෑල්ලුවට බුබුලු දානඋණුදිය පොකුණත අයිනේඔබි පටියට වැටෙන්න ඇරලැම වෙහෙසත් වත පියරුත්දියකරලා පා කරන්නආසයි මට ආසයි මට....බෙලි මිරිකපු කාකු රැලත්හූ කියනා මූදු අඬත්කවුලු දොරින් එන බිල්ඩිංහා හූ දෙන නාකි එවුන්එපා වෙලා දැන්නං මටඕනෑ........ ගේෂාවක් වන්නට ...
Untitled Post අකූ වාතලය පහුරු ගෑ සෙබඩකගෙ ඇමතුමටඅවසඟව පියාපත් මොණර තෙම විපිළිසරහා මටද ඇමතුවේ වැහිවළා විමසිලිවඇද හැලෙන්නම හදයි තෙමා වෑ පිටි පළස
පීලි පැනීම අකූ රේල් පීලි තැලෙයි තැලෙයිඉර එළියට දිසෙයි දිසෙයිහෙමිහිට ඉදිමෙයි ඇකිලෙයිඒත් පේළියටම හිඳියිඇණ ටිකකුත් නැතුව නොවෙයිආහ් සිල්පරනුත් ඇතිමයිඒත් උවමනාව නැතුව ඔය විදිහට ඉනු බැරිමයිඉඳහිටලා දවසක එනඑක බේබදු කෝච්චියක්වෙරිමතේම පෙරලුනාම" ආං පීලි පැන්න" කියයි ...
මැයි දෙවෙනිදා අකූ අවුරුද්දට එකම දවසඅල්මාරියෙ කොනක පිපෙනකපුරු බෝල සුවඳ පොවපුඅත්කොට කමිසේ...පාණ්ඩු පෑ රතු පාටටරතු කියන්න බැරි තරමටඅව් සැරේට වැහි පොදේටදියවෙලා ගියේ...අප්පච්චී උදේ රැයින්පොල් කටු ගින්නේ පළහංනැමි රාසිය එක දෙකකටඅඩුකර ගනිතේ...අලුත් කමිස රැලට යටින්හැමදාමත් එක දවසක්එළඹෙනකං අවුරුද්දක්බලාන ඉන්නේ...උදේ රැයිං රේල්ලුවෙංකැන්දං ගිය අප්පච්චීගෙට ගෙවදින තුරු ඉඳපංනිර්ධන කමිසේ...එක දවසේ පංති හටනපහුවදාම පාවාදුන්ජුදාස් එනකං නේ උඹ බලාන ඉන්නේ...දිය බේරෙන වැලේ කොනකකණ කැස්බෑ ඉර එළියෙන්අද විතරක් සැනහීයංඅත් ...
ඈ සහ මුනිඳු අකූ උතුරුදිග ලුණු දිය තලාවේඉහළට මදක්ඇස් උස්සා බලනදූවකි හෙමිනකවුරු හෝ එනපිළිගත යුතුය අදිටනිනවෙලී එකිනෙකවැලිත් බිම්තඹුරුත්ඉඩ ලද විටක ලතවනඅතරතුර ඉරු තාප උරමිනඑකලාවඅයාගත් දෑසිනතුන්සිය හැටපස් දවසගව්වේ දුරින් හිඳගෙනමින් සොයා පින් පුරනරංචුවට ට්රෝලරලං වීම තුන් හිතකවත් වෙදමුර සංචාරය කරන බෝට්ටුව නම්ඉඳහිට එනබලා අතගාහිඳීදැයි සැක හැරඅඩි කීපයක් වැල්ලේ ඔබා යනවසරකින් පායනදෙදිනක් කෙරේ පෙම් බැඳඋන් තබා යන අඩිලයේ සඟවාගෙනවැලි පිරෙන්නට නොදීතවත් වසකුත් රකිනතනිකම මෙයය නොම දැනලතවෙනනොපෙනෙන ...
එකසිය හැට හය අකූ එක්ස් රේ රබානටඅතිනි තට්ටුව හෙමිහිටජෝති හඬ තාලෙටබසේ මැද නුඹ උන් විලාසෙටකොට කොටා හැට හයනිසල බැල්මය ඉවතකනොහොල්ලන ඇස් යුගහිස් කතාවකි කියන නොකියනනොම කිළිටි ඇඳුමිනවැටෙන රුපියල් කිහිපෙටනොවේ නුඹ ලතවෙනඈත නොපෙනෙන ඉමක මෙන හිතගිලිහෙන්න දිලිසෙනඩහබිඳු නාස් පුට අගමගෙ හිතට වදදෙනබැල්ම තවමත් තැවෙයි අහකක ...