එතකං පාවෙන්න අකූ එන්න යන්න ඔරු පදින්නගලන් නෑලු දැන් ගඟවැහිලලු අන්න මෝය කටසනීපෙට පාවෙතෑකි එක තැනමොකට දුවනවද දාඩිය හල හලවැලි කඳු හාරල හති වැටෙන්නඉවසුවොත් නාකද වාරකං යනකංඑතකං පාවෙමුකො කලපුවේ අපි ඉතින් ...
පෙකනි වැල අකූ කල්පයක මුල් වසරපුතු ගැබෙහි නිදි කරනමස පලා එලි දකිනසිහිනයට කිරි පොවනවින්නඹුව පෙකනි වැලකැපූ බව නොම හැඳිනකලල දිය පිරි බැලුමතවම පුතු වට රකිනපෙකනි වැල දිග දුරටඇමතුමෙන් සුව පතනමේ කිසිත් නම් නොදැනඒ රැහැන නැති තුටිනදියත යම් කොන වසනඔහු නමට හැම දිනමයළි යළිඳු පිළිසිඳිනකිරි බිඳිති ලය උනන ...
ස්වාර්ථ අකූ පරාර්ථකාමයත්එක විදිහක ආත්මාර්ථකාමයක්හැබැයිඅතට අහු නොවෙන දේබලාපොරොත්තු වෙන..අතට අහුවෙන්න උනත්වෙන වෙලාවක බලාපොරොත්තු වෙන....
අනිමිස අකූ කිකලෙකවත් නොලදසව් ලෝ රස පවසදනවාලූ නුඹට....ඒ රස හංගවාදිවි තුරේ මී බඳිනවිතම වී දෝත් මතවඩම්මාලූ නුඹට....'ජීවිතය' වරක් නොවසහස් වර තෙපලමියමේ වදන් අනිමිසයආල පුදසුන් මතුය.... ...
හිමි අහිමි අකූ තහනම් සුළඟයි හමන්නේසිහිල ගත දැවටී...හුස්මක අවසර නොදෙන්නීසුවඳ පා දුවතී...ලය දැදුරු නොම දන්නී...ඔතරම් හිනා මල් කිමැයිඅද නුඹම විමසනු ඇතී...හෙට නේන නුඹ සිහියේ හොවාඅද අඬන්නද හිතවතී...දුක සතුට කර හිනැහෙමී...කාලයම ඔච්චම් කෙරූආලයන් ලොව පැවතුනී...මේ ඇරඹුමද අවසනද නොවනාබව නොදැන හිත බැඳී..අද කාලයට ඔරවමී... ...
රෝස සහ දාස්පෙතියා අකූ කන්ද මුදුනේහරිතගාරේපිපෙනවා රෝස...කොළඹ යන්නටලොරිය එනතුරුනිදනවා රෝස...අනඟ රැඟුමටපෙරව යහනතසිඹිනවා රෝස...කන්ද පාමුලලැයිම මානේපිපෙනවා දාස...දලු අකුල් යටමැකෙන තිලකයදකිනවා දාස...පෝර, දහදියකඳුලු අතරේපාවුනා දාස... ...
හීන මල්ල තුරුලු කරන් මතකය දිගේ අකූ සරසවි ජීවිතය නිමාවෙන්නත් ඔන්න මෙන්න. උරුවම් බාමින් ඉන්න අතර පුරුදු ගීතයක තනුවක් ඉබේම මිමිණුනා.අතරින් පතර කොයිවෙලේත් අතීතයෙ ජීවත් වුනත් හිත බොහෝමයක් වෙලා ඒ ගීතයත් එක්ක අතීතයෙ සැරිසැරුව.ඇත්තම කිව්වොත් හුඟක් දේ වෙනස්වෙලා. මං වෙනස් වෙලා. එදා උන්නු සමහරක් යාලුවො වෙනස් වෙලා. ඉස්කෝලෙ උනත් වෙනස් වෙලා ඇති. ඒ ගැන වමාරන්න මේ කාලය මදි.වයසට යන්න කලින් ඒ දේවල් කොහේ හෝ තැනක කුරුටු ගාන්නත් ...
විසාලා වෙරළේ හිඳ... අකූ පෑළ දිග අහසටතාම අඬදෙන වැල්ලටඅමතකය උඹ ගැනවැල්ලෙ හිනැහුනු උඹ ගැනකරිජ්ජට ඇඹරුණකරටි පොල් අතු යට ඉඳඑබේවිය හිත හිතවෙරළ ගංබද පීරුමුත් හිතපොඩිකමට පැනගෙනමළුවෙ බෝපත් ඇහිලුවඋර උතුරු සළුපොටවහං කරගෙන ගියා ඇස්පිටමගේ සුදු පුතු පැටිආවදැයි හැමදාම කොනහනඅම්මට දෙන්න උත්තරමූදු රැල්ලක එවාපන් මටමේ මූදු සෝනේමැද කොතයි දේවාල දූවේඋඹ ඇඳපු ඉරි කොයිතාම මං හොයනවා වැල්ලේ ...
අලට කන්න බැරි උනු - අලගල්ල අකූ මේ කියන්න යන්නෙ පහු ගිය දවසක ගියපු තවත් ගමනක් ගැන.මේ ගමන ගියේ අලගල්ල කන්ද නගින්න.ගමන්ට එකතු උනේ හතර දෙනයි.ජයකොඩි පවුලයි අකුරැටියගේ පවුලයි.ගමන පටන් ගන්න පරක්කු උනා මොකද ජයකොඩි පවුල පිලිමතලාවට එනකොට ටිකක් දවල් උනා.කොහොමහරි උදේ කෑම පිලිමතලාවෙන් අරන් අපි පොත්තපිටිය බස් එකට ගොඩ උනා.පොත්තපිටියට රුපියල් විස්සෙ දුර.අපි උදේ එකොලහ වෙනකොට පොත්තපිටිය ටවුමෙං බැහැගත්ත.එතන ඉඳන් කන්ද නගින්න පටන් ගන්න තැනට වෙනකන් ...
ගිනිගන්නට පෙර අකූ හිරුට සිඹින්නට අහසේ කෙලවරඉවර නොමැති දිය කැඩපත් මුහුණේගිනිගන්නට පෙර නුඹ ගැන මතකයරළක් නැගේ මා අහසට ඔසවනපුලින මැදුරු සමතල වී විසුලේරහස් ඇසූ සෙනෙහස් වෙරළේමතක අහුරු අඩි ගනිමු දිනෙක අපිතිතක් නොලද අප පෙම් ගීයේසදාතනික පෙම් දිය කඳ ගැඹුරේමතුවෙන දවස වෙරළ කොනේමුතු බෙලි පියනක නිදන්ව ඉනු ඇතිනො එන දිනෙක විවරව ආයේ ...
ගංගා කළණී අකූ නොගලා එක තැන ලතැවෙන ගංගා කළණීඑගං දිගේ සළු හොවමින ඈ මුමුණන්නීරෙදි වැල් සිතිජයට එහා ඉර සැඟවෙන්නීනුබ කුස පඬු පෑ උරමින වියපත්වන්නීකැළණිතිස්ස වාගෙම හිත ගිනි හංගන්නීගිනි මැඩ දුම්ගුලි සුසුමින් වළා තනන්නීඅන් සෙළුවට සුදු පිරුවට නම්බු පුදන්නීපවු හෝදා දිය කලතා තවම පෙඟෙන්නී ...
සිතිවිලි අකූ සිතිවිලි කොනෙන් හිල් විදඅමුණන්නකම්මැලිය මට....කඳුවලින් ඉපදුනුකදුරු පත්ලෙන් හම්බුනුඅසම්පූර්ණව සුමටරවුම් බර පැදියක්අතට අහුවුනු සිතිවිලි එක දෙකක් මතතබාලමි මම...ඒ කඳු සුලඟටජනේලය නොවසාම ...
මාත් තරුවක් තමා අකූ මගේ දුක හඳට කියන්නයවාපු පණිවිඩකාර තරුවආං අහසෙ හරි මැද්දෙතනියම ජෝඩු දාන උජාරුවමාත් තරුවක් තමාඋඹට දුර නොපෙනුනාටතැපැල්කාරය එක්ක හාද උනාටලියුමත් මගේ මුද්දරෙත් මගේ ...
යා යුතු අකූ මේඅයස්කාන්ත තත්පර කිහිපය පමණක්නිදන නුඹ දෙස බලමි...වැහි වලාවක බිජුවටවත්තවමත්ගොවිබිම් කම්හල් උඩින් නොමැතසොඳුර නොනැගිටින්නජීවමානවමමසිත් පහණේසිත්තම් වන තුරුවත් හිඳින්නමායළි නො එන නිසා නොවනුඹ නොසිටිය යුතු නිසාඑපමණක්වත්ගෙනයන්නට ඉඩ දෙන්නඉරත් වැහිත් ඇති සරුබිමටයා යුතුයඅඳුරට පෙරමානා ලඳු පීරාමං තැනිය යුත්තේයනුඹටත් හැමටත්නිදුකින්පා ඔසවන්නටමතු හැම උදාවේමපානා ඉර මැදනුඹේ වත මවා ගමිඑ ඉරු පහනින්දිරි උරා බොමිහැපී විසුලත්පෙණ පිඬව මානුඹ මතින්ඒ බිඳිතිපියවර සුඟක ඔබ්බේනැවත දිය කදුරමයඑතෙක්වත්නොනැගිටින්නමසිත් පහණේසිත්තම් වනතුරු නි
පිතු පාරමිතා අකූ තටු අග බල්බයක් රැඳිකුරුලු පියෙකි බසයේ මුල...මැදිරිගිරියේවනේ බෙනයකඉන්න පැටවුන්ගැන කියයි තවහීලියම් හරි බරට පිට උනබල්බයබිඳියි තටු මත...අසරණ සිනා සලමිනතලයි වීදුරු කටුගලනාලයට ගැලපෙන ලෙසඅයා මුවවිකා කටු කුඩුගිලින්නට පෙරයදී රුපියල්හුණට දහයේ කොල ගෙනගිලී සපමිනදන මුව බියෙන් අයවන...උගුරෙන් පහලබඩටත් මදක් ඉහලිනතැනක් ඇතුවා මෙනරුපියලුත් වීදුරුත් හාවෙන...දහඩිය ලේ කෙලදඅනා 'සෙරිලැක් ' තනා තලි තලිතදකර උගුර මැදපියාඹාවී මැදිරිගිරියටදමා බිලයෙන් හිසමග බලන පොඩි හොටකටවමාරා කැවු තලපේඅනේ වීදුරු ...
අහස සඳ හා තරුව අකූ අහස රෑ අඳුරේසඳ පුරා දුලලන සේඑලි සිහිල යස සේනුඹ විදින අද දවසේසඳට පෙර පිපුනූනුඹ අහස් සිත ඇඳුනූරහස් පෙම් මිමිනූනිවි නිවී යලි දිලුනූඇහස සඳ වැළඳඋන් අයුරු දැක මහදතරු පැතුම් නොම පැරදඉමි අහස් කොන උවදඅහස් ලඳ කොමලීසඳ උවද නෙත නොගැලීඅමාවක දවසක්නේ යැයි සිතනු බොලඳීනුඹ දකීදැයි නොදනීතරු එදාටත් තිබෙතීසඳ තරම් එලි නැතිදූතරු සදාකල් පවතී ...
අතරමඟදි අකූ පෙර දොඩමලු උන කොරිඩෝ පෙත්වලඉඳහිට අප මුණ ගැහෙනු ඇතීඈතින් දුටුවන දෑස බිමට බරනුඹ මා පසුකර ඇදෙනු ඇතීඅපේ ලෝකවල අපි රජ උන මුත්ඒ මොහොතේ හිත් එකට හැපීමතකයෙ ගිනිගල් එකිනෙක ඇතිලීසිහින පුපුරු ගිනි නැගෙනු ඇතී ...
කොටුගොඩැල්ල වීදිය අකූ කොහෙක් අඬනවා කච්චේරිය ලඟ මාර ගහේ ඉඳලා"නුවරම පාලුයි නුවරම පාලුයි අවුරුදු ආ හින්දා "එහෙමද කිව්වේ එහෙමද ඇහුනේ හිත මැසිවිලි නැගුවාඅවුරු කුමරා ගමේ ගිහිල්ලා නුවර ටවුම දාලාදාහක් ගැවසුනු දාහක් හමුවුනු හරස් වීදි මත්තේකපුටන් හමුවී පෙම්බස් දෙඩුවා උන්ගේ හිතුමත්තේකන් තිබුනාදැයි හිතුනුවාර ඇති එවන් දවස් ඇත්තේඋන්ගෙ වසුරු බිම සිඹින හඟින සර පවා ඇසුනි සත්තේමැදදි පහත් උනු අගදී ඉස්සුනු ඈත වීදි ඉවුරේඅයිනට එබෙමින් කුණු ...