24. සිංහල බ්ලොග් අවකාශය සහ මැතිව් ඉන්මන් අකුරු බ්ලොග්කරනයට මම තවමත් නවකයෙක්... නමුත් බ්ලොග් කියවීමට මා ඇබ්බැහි වූයේ නම් මීට වසර ගණනාවකට ඉහතදීයි... එදාත්, අදත් තිබූ එකම වෙනස වූයේ සිංහල බ්ලොග් අවකාශය නම් දෙයක් නොදැන සිටීමත්, කියවීමට ඇති ආශාව නිසාම සමහරවිට වරද්ද වරද්දා හෝ ඉංග්‍රීසි බ්ලොග් කියවීමත් පමණයි... මා එසේ කියවන්නට පුරුදු වූ දුසිම් ගණනක් බ්ලොග් අතරේ සමහරක් බ්ලොග්කරුවන් තම ස්ථිර රැකියාව අතහැර දමා පූර්ණකාලීනව බ්ලොග්කරනයට යොමුවෙන අයුරු ...
22. තව පොඩ්ඩෙන් අමතක වෙනවා... | Happy New Year අකුරු "ඒමිස් සීයේ..!""ඕ....""ඒමිස් සීයේ..!""මං මේ කුස්සියේ...""මොකද කරන්නේ..?""මං මේ ලුණු මිරිසක් කොටනවා..""ෂා... කිරිබත් හැදුවද..?""මොන කිරිබත්ද... මේ හීල් බත් ටිකක් ඉතුරු වෙලා තිවුණා...""ආ එහෙනම් මෙන්න...""මොනවද මේ..?""කිරිබත්...""ආහාර අනුභවේ ඉවරද..? වෙඩි සද්දයක් වත් ඇහුණේ නෑනේ..?""තාම නෑ... අනුභවේට කලින් හොරෙන් ගෙනාවේ...""අපෙ අප්පේ...""එහෙනම් වෙඩි සද්දේ ඇහෙද්දී කන්න... ගෙදරින් හොයනවා ඇති මම යනෝ...""ඔය… ඔය... දුවන්ඩ එපා... හෙමින් යන්ඩ… ""කොහෙද ළමයෝ අන්ත්‍රස්දාන වෙන්නේ... මෙතනට එන්න දැන් අනුභවේට වෙලාව ළඟයි
21. සිඩ්නි ලුමැට් (1924–2011) | Sidney Lumet (1924–2011) අකුරු අනෙක් බොහෝ බ්ලොග් මිතුරන් සේම චිත්‍රපටි නැරඹීම මාගේ අල්ප වූ විනෝදාංශ වලින් එකක්... කෙසේ නමුත් එකදු බොක්ස් ඔෆීස් චිත්‍රපටියක් අතනොහැර නරඹන මාගේ සහෝදරයා හා සැසඳූ කළ මා අත දරුවෙක්... ඔහුගෙන් ලැබෙන ඔත්තුවකින් සති අන්තයේ අතට හසුවූ යමක් නරඹනවා හැරෙන්නට චිත්‍රපට තෝරාබේරාගෙන නැරඹීමට තරම් ඒ ක්ෂේත්රයේ හසළ දැනුමක් මා සතුව නැහැ...ඒ නිසාම බොහෝ විට මා මසකට නරඹන චිත්‍රපට සංඛ්‍යාව හතරකට පහකට ...
20. නියමුවෙකුගේ සමුගැනීම | Good Bye Mentor අකුරු දැනට මම සේවය කරන ආයතනය තමයි මගේ වෘත්තීය ජීවිතයේ මම වැඩිම කාලයක් සේවය කල ආයතනය... එතැනත් මම වැඩිම කාලයක් සේවය කළ ආයතන ප්‍රධානියා සේවයෙන් සමුගන්න බව මීට සති කිහිපයකට පෙර නිල වශයෙන් දැනුම් දුන්නා... ඔහු හා මා හමුවෙන විට නිකම්ම නිකම් තවත් එක් සේවකයෙක් වුණු මට වෘත්තීය මට්ටමේ තරඟකාරී පෞරුෂයක් ගොඩනගා ගන්නා හැටි ඉගෙන ගැනීමට ඔහු ලබාදුන් සහාය අති විශාලයි...ඔහු ...
19. තවත් එක් වෛද්‍යවරයෙක් | Just another Doctor අකුරු මේ කතාව මට මතක් වුණේ නවම් මාවතේ පළවී තියෙන “හෘදසාක්ෂියක් නැති මිනිසා” කියන පෝස්ට් එක සහ එහි ප්‍රතිචාර කියවද්දී... ඒ පොස්ට් එකට ප්‍රතිචාරයක් විදියට ලියන්න පටන් ගත්තත්, ලියාගෙන ලියාගෙන යද්දි ප්‍රතිචාරයකට වඩා විශාල වුණු නිසා මගේ බ්ලොග් එකේ පෝස්ට් එකක් විදියට දාන්න හිතුණා... ඒ පෝස්ට් එක මඟ ඇරුණ කෙනෙකුට මෙතනින් කියවන්න පුළුවන්…නවම් කියලා තියෙන වෛද්‍යවරයා වැඩිපුර ගත්ත මුදල රිෆන්ඩ් නොකළ ...
18. සෙමි ෆයිනල් අතුරු කතාවක් | India vs Pakistan අකුරු ක්‍රිකට් උණුසුම ඉහවහා ගිය වෙලාවක මගේ සේවා ස්ථානයේ ආසියානුවන්ගෙන් ඉතිරිවෙලා හිටි කිහිප දෙනාත් රූපවාහිනියක් තියෙන තැනකට රොක් වෙලා..."මොකද මේ කට්ටියට වෙලා තියෙන්නේ...?"කොහේදෝ යන සුද්දෙක් අහන්නේ හිස් වෙච්ච කියුබිකල් දිහා බලමින්..."ඇයි අද වර්ල්ඩ් කප් සෙමි ෆයිනල් නේ..""මොන වර්ල්ඩ් කප් ද...?""ක්‍රිකට්...""මොනවා... ක්‍රිකට් වලට වර්ල්ඩ් කප් එකකුත් තියෙනවද..?"එසේ කියමින් විශ්මයක් මුහුණට නඟාගෙන ඔහු ඇවිද යන්නේ මම ඊටත් වඩා විශ්මයෙන් ඔහු දෙස බලාගෙන ඉඳිද්දී...අසාධ්‍ය ...
17. අපි නොදන්න නළ මුදු සුවඳ | The Nala Mudu Thing අකුරු ඔන්න මේක යාන් හෑල්ලක්... ඊයේ රාත්‍රියේ ඇසගැටුණු සිදුවීමක් හදිසියේම මගේ හිතට අතීත මතකයක් කැන්දන් ආවා, සභාවක කතාකරන්න නොසුදුසු දෙයක් නිසා සංයමයකින් ලියන්න බලන්නම්... ලැජ්ජා බයට හැදෙන ගැනු ළමයෙක් එහෙම මේක කියවනවනම් දැන්මම අතෑරලා දැම්මත් අවුලක් නෑ...ඊයේ රාත්‍රියේ අපි සතිඅන්තයේ රස්තියාදුවක යද්දී, පාර හරහා වාහන දෙකක් එකකට එකක් ගෑවෙන මට්ටමට නවත්තාගෙන හරි කලබලයක්... වාහනේ පදවපු කාගේ හරි අත්වැරැද්දක් නිසා දැන් කට්ටිය ...
16. මී පුංචයි මී කතුරයි (ළමා කතාවකි) | The Mouse Trap (A Bed time story) අකුරු ගම හාමිනේ පොළට ගිහින් එනකල් ඇහැ ගහගෙන හිටි මී පුංචා පොළෙන් ගෙනාපු බෑග් මලු එහා මෙහා වෙන සද්දෙට හෙමිහිට විපරම් කරලා බැලුවා... කඩදාසි කොළේක ඔතාපු යමක් ගම හාමිනේ මල්ලකින් එළියට ගනිද්දී මී පුංචා ඔළුව ගස්සමින් ඉවකලේ ඇතුළේ තියෙන කෑම ජාතිය මොකද්ද කියලා අනුමාන කරගන්න...හුරුපුරුදු ඉව සුවඳක් අල්ලගන්න බැරිවුණ නිසාද කොහෙද ගුලෙන් පොඩ්ඩක් මෑත් වුණ මී පුංචා, ගමහාමිනේ කඩදාසිය දිග අරිනකල් ...
15. සුදුමැලි පුංචි තිත... | Pale Blue Dot අකුරු පේනවද ඒ පුංචි තිත... අන්න ඒක...ඒ මෙහේ... ඔව් අපි... අපේ ලෝකේ...අපේ හැම දේම...අපි පණටත් වැඩියෙන් ආදරය කරන අය...ඊටත් වැඩියෙන් වෛරකරන අය...ගරුකරන, නොසලකන හැමෝමත්,මිතුරනුත්… සතුරනුත්...ඒ පුංචි තිත ඇතුළෙමයි...අපි හැමෝගෙම... හැම දුකක්ම... සතුටක්ම...සිනහවක්ම... කඳුලක්ම....මෙතෙකුත්... මතුවටත්...වින්දෙත්, විඳින්නෙත්...ඒ පුංචි තිත ඇතුළෙමයි...නිමක් නැති ඇදහිලි... ආගම්... විශ්වාස...සංස්කෘති...ආර්ථික මූලධර්ම... මතවාද...මේ සේරමත්...හැම දේශප්‍රේමියෙක්ම...දේශද්‍රෝහියෙක්ම...ජාතිවාදීන්... ජාතිකවාදීන්...ත්රස්තවාදීන්... මාක්ස
14. ටැබූ හමුවීමි... | I met Taboo අකුරු කුඩා කාලයේ මගේ ලෝකයේ වීරයන්ගෙන් කෙනෙක් වූයේ බොහෝ දෙනෙකුගේ අප්‍රසාදයට ලක්වූ මිල්රෝයි අයියායි... ගමේ අනෙකෙකු යෑමට සිතන්නටත් බිය තැන්වල ඔහු පිණුම් ගැසුවේය... ඔහු විදුලිය ඇති රැහැනක් විදුලිය විසන්ධි නොකරම අළුත්වැඩියා කරන අයුරු කට ඇරගෙන බලාසිටි මම පසුව එය වැඩිහිටියෙකුට විස්තර කල විට;"ඕක වීරකමක්ද..? ඔය මෝඩයා කවදා හරි හොඳ පාඩමක් ඉගෙන ගෙන තමයි නතර වෙන්නේ..." යැයි අවඥාවෙන් සිනාසෙද්දී මම සිතින් විස්සෝප ...
13. කන් පීතර ජිල් මාට්ටුව... | Computer Jilmart අකුරු මේක පුංචි සරල සිදුවීමක්... බ්ලොග් අඩවියක දාන්න තරම් ලොකු දෙයක් නෙවෙයි... ඒත් ඒ සිදුවීම පිටිපස්සෙන් ගලාගෙන ගිය ලොකු කතාවක් තියෙන නිසාම, අකුරු කරන්නම් කියලා හිතුවා...මතකය දිගේ ආපස්සට ගියොත් මේ සිදුවීම වෙනකොට මම උසස් පෙළ අධ්‍යයන කටයුතු පටන් ගත් අවදිය... වාහනයක් මිදුලේ නවත්තන සද්දය ඇහිලා විපරම් කරනකොට මම දැක්කේ තාත්තාගේ මිතුරෙක් වෙන රණේ හෙවත් අපි අමතන විදියට රණවීර අංකල් ගෙදරට ගොඩවෙන ...
12. මහළු සොල්දාදුවා | The Old Soldier අකුරු Muammar al-Gaddafi during an interview yesterday...ලේ වැකුණු රන් කාසි ආකර දෙවියනුත් යට කර ගලද්දී... කල නොකල පව් එකින් එක පෙලගැසී වන්දිය මිල කරද්දී...සදාකාලික සිහින කිරුළක මුතු පබළු ගිලිහී වැටෙද්දී...ලෙයින් කඳුලින් පොඟවමින් ගොඩනැගූ විජිතය සසල වෙද්දී...මධුබඳුන් දෝතින් අරා සව්දිය පිරූ උන් මඟ හරිද්දී... පණ ගසා ආ සතුරු බලමුළු එක් කඳවුරක රොද බඳිද්දී... මරණයේ පණිවුඩ ...
11. කොචින් දුම්රියේ සාත්තරකාරයා | Fortune Teller in the Cochin Express අකුරු "ඔන්න ඉන්දියන්කාරයෙකුයි පකිස්ථාන්කරයෙකුයි අසල්වැසියෝ..."කථා මැසිමක් වන අරූන් එකක් ඉවරවන විට තව එකක් ලෙස කථාවක් පටන්ගන්නේ දුම්රියේ එකිනෙකට මුහුණලා ඇති ආසන දෙකෙහිම වාඩිවී සිටිනා මගීන්ගේ අවධානය තමා වෙත යොමු කර ගනිමින්..."දවසක් උඹලගේ එකාගේ කිකිළි ගිහිල්ලා අපේ එකාගේ වත්තේ බිත්තරයක් දැම්මා... දැන් දෙන්නම බිත්තරේ අයිති කරගන්න රංඩු වෙනවා...” කියන්නට යන කතාවෙන් සුපුරුදු පරිදිම තමන්ට අපහාසයක් වෙන බව දන්න වස්ති හූමිටි නොතියාම අහගෙන ඉන්නවා..."අපේ ...
10. එකෝමත් එක කාලෙක, ආදර කතාවක් | Once upon a time, A Love Story අකුරු "හත්වන වේදිකාවට පැමිණියේ මහනුවර සිට පැමිණි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියයි..."යකඩ කටේ සද්දෙට වැඩි සද්දෙකින් මගේ හදවත ගැහෙද්දී, වක්කඩ කැඩුවා වගේ පිටවීමේ දොරටුවෙන් ගලාගෙන එන ජන සන්නිපාතය අතරේ ඇයව හොයමින් මගේ ඇස් දිවගියේ විදුලි වේගයෙන්...අවුරුදු දෙකකට ආසන්න කාලයක් තිස්සේ ලෙංගතුව දොඩමලු වුණ ඒ සොඳුරු කටහඬට රූපයක් ලැබෙන මේ මොහොත එනකල් මාස ගනනක ඉඳන් මම පෙරුම් පිරුවා...ඒ සේරම පටන් ගත්තේ අහම්බෙන් කිව්වොත් වැරැද්දක් ...
9. දස වසක් ඇවෑමෙන්..? | Ten Years Since Then... අකුරු සෙනසුරාදාට දාන්නම් කියලා හිතාගෙන පුංචි කතාවක් ලියන්න පටන් ගත්තත් රාජකාරි ස්ථානයේ වැඩ හින්දා ඉවර කරගන්න බැරිවුණා... ඒත් සති අන්තය වෙද්දි මොනවා හරි දාන්න ඕනේ කියලා හිතෙන්නේ මේකට මම ඇබ්බැහි වේගන එන නිසාද කියලත් වෙලාවකට හිතෙනවා...මම කලින් කිව්වා වගේ වෘත්තීමය පැත්තෙන් හුස්මක් ගන්න ඉස්පාසුවක් නැති දවස් කීපයක්... අම්මා කෙනෙකුට බබෙක් හදන්න මාස දහයක් යනවනම් අම්මලා දහදෙනෙක් එකතු කරලා එක මාසෙන් බබෙක් ...