ප්රාග්ධනය කෙන්යාවට ගිය හැටි හා ශ්‍රමය රුසියාවට ගිය හැටි W3Lanka කෙන්යාවේ, ටැන්සානියාවේ සහ රුවන්ඩාවේ ලිප්ටන් තේ සමාගම් ඔවුන්ගේ එක්සත් රාජධානිය සහ නෙදර්ලන්තය පදනම් කරගත් මුල් සමාගම්වලින් මිලදී ගැනීමට එකඟතාවකට පැමිණ ඇති බවශ්‍රී ලංකාවේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පවසයි.ගෝලීයකරණය තුළ ප්රාග්ධනයට සංචලනය වීමට ඇති අවස්ථා ලංකාව වැනි රාජ්‍යයන් ද භාවිතා කළ යුතුය.එසේම, පංචලනය වීමට ප්රාග්ධනයට තිබෙන නිදහස ශ්‍රමය වෙනුවෙන් ද ලබාගැනීමට අරගල කළ යුතුය.කෙසේ වෙතත්, ශ්‍රම ...
ජගත් මනුවර්ණ කරනකොට හරි දෙයක් වන හොරකම W3Lanka අජිත් පැරකුම් ජයසිංහජගත් මනුවර්ණ සල්ලිකාරයෙකුට ගේමක් ගසා ඇත. ඒ කොඩි ගහ යට නම් ටෙලි නාට්‍යය නිෂ්පාදනය කර අයිටීඑන් හරහා අලෙවි කිරීමෙනි. සල්ලිකාරයාට පිරමිඩ් ජාවාරම් සමග සම්බන්ධකම් ද ඇත.ලංකාවේ කලාව යනු කොහොමත් කළු සල්ලි සුදු කරන තවත් එක් අසපුවකි. ඒ නිසා මෙය අමුතු තත්වයක් නොවේ. ජගත් මනුවර්ණ මේ සල්ලිකාරයා අන්දා ඇත්තේ ද ඔහුට ගැලපෙන කතාවකිනි. එහි ඉන්නේ කුලියට මිනී මරන, මංකොල්ල ...
ගොවීන්ට ඉඩම් අයිතිය දුන්නාම ඔවුන් දුප්පත් වෙනවාද? W3Lanka මේ දැන්වීම ෂෙයා කරන්නෙ පැහැදිලි දේශපාලනික හේතුවක් ඇතුව. ලංකාවේ ජාතිකවාදී වාමාංශිකයන් කාලයක් තිස්සේ ප්‍රවර්ධනය කරන අදහසක් තමයි, ගොවීන්ට ඉඩම් අයිතිය ලබාදුන්නොත්, ඔවුන් තමන්ගේ ඉඩම් බහුජාතික සමාගම්වලට විකුණනවාය කියන අදහස.මේක තරමක් විහිළු අදහසක් වුණත්, මේ අදහසම තමයි රාජපක්ෂ බලවේගය 2019 වසරෙදි ඇමරිකාවෙන් ලැබුණු එම්සීසී ඩොලර් මිලියන 500 ප්රදානය ප්‍රතික්ෂේප කරන්නට මහජනයා බලමුළුගන්වන්නටත් පාවිච්චි කළේ. ...
නලින් ද සිල්වා මිය ගියාට ඔහුගේ දේශපාලන පදනම මිය ගොස් නැත W3Lanka අජිත් පැරකුම් ජයසිංහනලින් ද සිල්වාගේ මතවාදී අරගලය හා දේශපාලනය විසින් සිදු කරනු ලැබුවේ සිංහල බෞද්ධ ගොවිගම පිරිමි රාජ්‍ය ආධිපත්‍යය තහවුරු කිරීමයි. රාජපක්ෂ පවුල් පාලනය එහි උච්චතම ප්රතිඵලයයි.නලින් ද සිල්වා සිංහල බෞද්ධ වුවත්, ගොවිගම නොවේ. එහෙත්, ඔහු ගොවිගම බලය පිළිගත් අයෙකි. එයට හේතුව පැහැදිලිය. බලවත් සුළුතර කරාව කුලයේ උන්නතිකාමය සමග සෙසු සිංහල බෞද්ධ ගොවිගම පිරිමි නොවන සියලු බලවේග බලමුළු ගැන්වී ...
සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා හෝටලය හා කැසිනෝ ළඟදීම විවෘත වේ W3Lanka මෙය ඉදි වෙමින් තිබෙන ‘සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතියේ ග්‍රැෆික් රූපයකි. මෙල්කෝ රිසෝට්ස් සහ දේශීය සමාගමක් වන ජෝන් කීල්ස් හෝල්ඩිංස් එක්ව ඉදිකෙරෙන මෙම ව්‍යාපෘතියෙහි අඩංගු වන්නේ සුඛෝපභෝගී හෝටලයක් සහ කැසිනෝවකි. ආයෝජනය ඇ.ඩො. බිලියන 1ක් වන අතර, කොළඹ නගර මධ්‍යයේ ඉදි කරන මෙම ව්‍යාපෘතිය රටේ සංචාරක ක්ෂේත්රයට සහ ආර්ථිකයට තවත් ප්‍රගතියක් ලබා දෙන්නට ඉලක්ක කර ඇත. හෝටලය 2024 වසරේ අවසාන ...
පාසල්වල සහ සියලු ශාරීරික දඬුවම් තහනම් කෙරේ W3Lanka 2024 වසරේ ශාරිරික දඬුවම් අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය සැමරීම සඳහා සියලුම ක්ෂේත්රයන්හි ශාරීරික දඬුවම් තහනම් කිරීම සඳහා වන සංශෝධන දණ්ඩ නීති සංග්‍රහයට සහ අපරාධ නඩු විධාන සංග්‍රහයට කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලදී.සෑම ළමයෙකුගේම අයිතිවාසිකම් සහ යහපැවැත්ම සුරක්ෂිත කිරීමට ඇති කැපවීම සමග පෙළ ගැසෙමින්, ශ්‍රී ලංකාවේ කිසිදු දරුවෙකු ශාරීරික හෝ මානසික ප්‍රචණ්ඩත්වයට ලක් නොවන බව සහතික කිරීම සඳහා ...
ලංකාවෙ උපත් අඩු වෙලා; මරණ වැඩි වෙලා W3Lanka වාර්ෂික උපත් සංඛ්‍යාව අඩු වන අතර මරණ සංඛ්‍යාව වැඩි වන බැවින් ශ්‍රී ලංකාව සැලකිය යුතු ජන විකාශන වෙනසක් අත්විඳිමින් සිටින බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) වාර්තා අනාවරණය කර ඇත. මෙම අසමතුලිතතාවය ජාතියේ ජනගහන ව්‍යුහයට සහ ආර්ථික ස්ථාවරත්වයට බලපානු ඇතැයි අපේක්ෂා කෙරේ.රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවට අනුව, වාර්ෂික උපත් අනුපාතය 2020 ට පෙර දළ වශයෙන් 325,000 ...
අත්වාරු පොලු පාර W3Lanka අජිත් පැරකුම් ජයසිංහඊයෙ මම මිතුරකුගෙ අවමඟුලකට සහභාගී වුණා. ඔහු සංචලන ආබාධ සහිත පුද්ගලයෙක්. දෘෂ්‍ය ආබාධ සහිත පුද්ගලයන් කණා යනුවෙන් හඳුන්වන එක වළක්වන්නට පහුගිය දිනවල රජය යම් පියවර ගනිද්දි, ලංකාවෙ හෙණ ප්රගතිශීලීන් ඒකට හිනා වුණා. කණා, ගොලුවා, සොත්තියා, මොංගලේ, දෙ ම ළා, ත ම්බි යා, රදවා, හකුරා, පද්දා, වැද්දා, පො න්න යා, ගෑනි, හිඟන්නා, වැඩකාර ගෑනි, සක්කිලියා වගේ වචනවලට තමන් අයිති ...
සොරකමින් ඉපැයූ ධනය පවරා ගැනීමේ නීතියට කැබිනට් අනුමැතිය W3Lanka කැබිනට් අනුමැතිය ලැබුණු නව අපරාධ ආදායම් පනත් (POCA) කෙටුම්පත මගින් අපරාධවලින් ලැබෙන මුදල් අධිකරණ භාරයට ගැනීමට සහ රාජසන්තක කිරීමට ඉඩ ලබා දෙන අතර එවැනි අත්පත් කරගත් වත්කම් කළමනාකරණය කිරීමට නව අධිකාරියක් ස්ථාපිත කිරීමට නියමිතය.මෙම නව පනත නීතිය ලබන මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට රජය සැලසුම් කොට ඇති බව වාර්තා වෙයි.සොරකම් කළ දේපළ සොයා ගැනීමට සහ ඒවා පවරා ගනීමට ...
පාස්කු ප්‍රහාරයේ දේශපාලනය අද කොතැනද? W3Lanka අජිත් පැරකුම් ජයසිංහඅනුර සිංහල බෞද්ධ ගොවිගම. මේ රටේ ඡන්ද දායකයන්ගෙන් අති බහුතරය එහෙම අය. පාස්කු ප්‍රහාරය එල්ල කළේ ආගමික අන්තවාදීන් පිරිසක්. ඒ වගේ කුරිරු ප්‍රහාරයක් එල්ල කරන්නට තරම් හේතුවක් ලංකාවේ මුස්ලිමුන්ට තිබුණෙ නැහැ. ඒක තනිකර ආන්තික ත්රස්තවාදයක්.ඒක ගැන ලැබුණු තොරතුරු පාලකයන් හා ආරක්ෂක අංශ එතරම් සීරියස් අරගෙන නැහැ. ඔය දැන් කයිවාරු ගහන වැඩිදෙනෙකු ඔය වගේ කුරිරු ප්‍රහාරයක් අනුමාන කළේ නැහැ. ...
දෙල්ගහයටගෙදර විප්ලවය කුමක්ද? W3Lanka දර්ශන කාහිංගලලංකාවේ දැවැන්තම එන්ජීඕව හැටියට හඳුනා ගන්නේ සර්වෝදය. සර්වෝදය නිර්මාතෘ ඒ.ටී.ආරියරත්තගේ අවසන් කටයුතු අද හවස රාජ්‍ය ගෞරව සහිතව සිදුකෙරෙනවා.NGO (Non-Governmental Organizations) හඳුන්වන්න සිංහලෙන් බොහෝ විට යොදන්නේ වැරදි වචනයක්. ‘රාජ්‍ය විරෝධී’, ‘රාජ්‍යයෙන් පිටත’ වගේ අදහසක් දෙන ‘රාජ්‍ය නොවන සංවිධාන’ කියන වචනය වෙනුවට ‘ආණ්ඩුවේ නොවන ආයතන’ කියන වචනය වඩාත් සුදුසු වෙිවි.ඇත්තම කතාව මේ NGO ...
පාස්කු ප්‍රහාරය හා ජවිපෙ W3Lanka අජිත් පැරකුම් ජයසිංහපාස්කු ප්‍රහාරය තව කෙතරම් හාරා පෙරළුවත්, එය සම්බන්ධ අමුතු මහ මොළ සොයාගැනීමට නොලැබේ. හේතුව, එය මහ මොළකරුවන්ම සැලසුම් කර, සංවිධානය කර, මරාගෙන මැරෙමින් එල්ල කළ ප්‍රහාරයක් නිසාය. ත්‍රස්තවාදය තුළ මෙවැනි දේ සිදුවිය හැකි අතර, එයට පටහැනි සාක්ෂි කිසිවක් මෙතෙක් සොයාගෙන නැත. තිබෙන්නේ සාක්ෂි නොමැති අනුමාන සහ ප්‍රබන්ධ රැසකි.එවැනි ප්‍රබන්ධ තව තවත් නිර්මාණය කළ හැකිය. ඕනෑ නම් ඊබ්‍රාහිම් ...
අර්ථසාධක හිමියන්ට කෙළ වුණාද? W3Lanka දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී අර්ථ සාධක හිමියන්ට 2027 දක්වා සියයට 12 පොලියපොළියක් සහතික කළේ ය. ඉන්පසු කාලය සඳහා සහතික කළ පොලියපොළිය සියයට 9 කි.මෙලෙස සහතික නොකළේ නම් පොළිය තීරණය වන්නේ භාණ්ඩාගාර බිල්පත් විකිණෙනෙන පොළී අනුපාත අනුව ය. පසුගිය සතිය වන විට එම පොළී අනුපාත සියයට දහයට පහළින් සටහන්ව තිබිණි. මහ බැංකුව කියන පරිදි උද්ධමනය සියයට පහක මට්ටමේ පවත්වාගෙන ගියහොත් ...
ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා ඩොලරයේ මිල W3Lanka ඉකොනොමැට්ටාඅපි ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම දැනට නැවතී තිබෙන තැනට නැවත එමු. මෙහි බැඳුම්කරහිමියන් විසින් ඉදිරිපත් කර තිබෙන සංශෝධිත යෝජනාවක් තිබෙනවා. ශ්‍රී ලංකා රජය එම යෝජනාවට කැමති වුවහොත් වැඩේ එතැනින්ම අහවරයි.ලංකාවට මීට වඩා වාසිදායක යෝජනාවකට මිසක් අවාසිදායක යෝජනාවකට ශ්‍රී ලංකා රජය කිසිසේත්ම කැමති වෙන්නේ නැහැ. ඒ නිසා, දැනට පවතින තත්ත්වය ලංකාවේ පැත්තෙන් බැලූ විට, පැවතිය හැකි නරකම ...
ණය ප්‍රතිව්‍යූහගතකරණය හිර වෙලාද? W3Lanka ණය ප්‍රතිව්‍යූහගතකරණය කියන්නෙ ආර්ථික විද්‍යාත්මක කාරණයක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන, දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම, මිල සූත්‍ර, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කිරීම ආදිය එම ක්‍රියාවලියේ ප්‍රධාන අංග.එය රාජ්‍ය මට්ටමේ වැඩක්. දේශපාලන නායකත්වය කුමක් වුණත්, සිදුවන්නෙ එකම ක්‍රියාවලියක්. එතනදි වත්මන් ආණ්ඩුවට අත්දැකීම් හා විශ්වාසය තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ගැන කෙළින් කතා ...
වින්දිත ගැහැණිය වෙනුවට චැම්පියන් ස්ත්‍රිය W3Lanka අජිත් පැරකුම් ජයසිංහබොහෝ ස්ත්‍රීවාදීන් කරන්නේ කාන්තාව වින්දිතයකු ලෙස නැවත නැවත නිරූපණය කිරීමයි. කාන්තා දුක් අඳෝනා පිරි කලා නිර්මාණ මීට නිදසුන් වේ. ඒවා වැඩියෙන් ජනප්‍රිය වන්නේ ද ඊනියා ස්ත්‍රීවාදී පිරිමින් අතරමය.පුරුෂාධිපති ව්‍යූහයන් තුළ ස්ත්‍රියගේ වින්දිතභාවය නැවත නැවත අවධාරණය කිරීමෙන් පැවති ඒකාකෘති ප්‍රශ්න කිරීමක් සිදුවන මුත්, ඒවා අලුත් වටයකින් නැවත වැරගැන්වීමක් ද සිදු වේ.පුරුෂාධිපති ...
ඉරානය ඉගැන්වූ අලුත් පාඩම W3Lanka බර්ටි රණවීරගේඊයේ ඉරානය ඩ්රොන් සහ මිසයිල 331 ක් ඊශ්‍රායලය වෙත එල්ල කොට අලුත් පාඩමක් මුස්ලිම් ලෝකයාට සහ වාමාංශික මත දරන්නන්ට ඉගැන්වුවේයඑනම් ඊශ්‍රයලයට පහර දී විනාශ කරන්නට ඉරානයටද බැරි බවය.ඉරානයේ පුජක ආණ්ඩුව කාලයක් හමාස් අය්යලාට, හුති පුතාලාට හිස්බුෙල්ලා සීයලාට සහ ඉරාකයේ සහ සිරියාවේ සිටින සිය චක් ගෝලයන්ට අවි ආයුධ මිල මුදල් සහ යුධ පුහුණුව ලබා දී ඊශ්‍රායලයට ගැස්සුවේයඑහෙත් ඒවායින් ඊශ්‍රයලයට ...
මං ඔයාට කියන්නම් රට බංකොලොත් වෙච්ච හැටි W3Lanka අජිත් පැරකුම් ජයසිංහ1. කාලයක් තිස්සෙම ලංකාව කළේ රජයේ අයවැය පියවගන්න දේශීය හා විදේශීය ණය ගන්න එක. එහෙම ණය ගොඩගැහුණා.2. ආනයන කරගන්නට අපනයන ආදායම මදි වෙනකොට ඒක තුලනය කරගන්නත් විදේශ ණය ඉවහල් වුණා.3. මෙහෙම ගත්ත විදේශ ණය පාවිච්චි කරලා ඩොලර් එක පෙග් කළා. ඒ කියන්නෙ ඩොලරයේ වටිනාකම රු. 200 සීමාවේ කෘත්‍රිමව තියා ගත්තා. ඒ කියන්නෙ දැන් කරන එකේ අනෙක් පැත්ත කළා. ...
පශ්චාත් රොහානියානු ලංකාව W3Lanka අජිත් පැරකුම් ජයසිංහශ්‍රී ලංකාවේ ඊනියා ඇකඩමික්ලා බහුතරය එදා මෙන්ම අදත් ජනතාව තුළ දැනුම හා සාධනීය ආකල්ප ගොඩනැගීමේ සම්ප්‍රදානයක නැහැ. ඒ රික්තය තමයි රොහාන් පෙරේරා වගේ නොන් ඇකඩමික් ඇකඩමික්ස්ලා ග්‍රහණය කරගත්තෙ. භෞතික ලෝකයේ අතෘප්තිකරභාවයෙන් හා ආධ්‍යාත්මික ලෝකයේ හිස්බවින් අතෘප්තියට පත් වුණ තරුණයන් විවිධ ශාස්තෘන් සොයා ගියා. ඉන් පසු ඔවුන්ගේ අනුගාමිකයන් බවට පත් වෙලා, පසුව, ඇතැම් විට තමන් ද ශාස්තෘන් ...
කනාමුට්ටිය වාසනා මුට්ටිය වීම හිනාවෙන්නට කාරණයක්ද? W3Lanka අජිත් පැරකුම් ජයසිංහසංක්රාන්ති ලිංගිකයන්ට පො_ _යා කියනවාට කැමතිද අකැමැතිද යන්න ඇසිය යුත්තේ එම ලිංගික ප්‍රජාව නියෝජනය කරන සංවිධානවලින්ය. කාන්තාවට ගෑනි, බඩුව හෝ කෑල්ල යයි කියන්නට පිරිමින් කැමති වුණත් කාන්තාවන් කැමති නැති බව පැහැදිලිය.අවිවාහක අයට මහත්මිය කියා ඇමතූ විට එයට විරෝධය පළ කරමින් තමන්ට මෙනෙවිය යයි කියන්නට අවධාරණය කරන කාන්තාවන් මා ඕනෑ තරම් දැක ඇත. ඉංග්‍රීසි භාෂාවේ Ms. යන යෙදුම නිර්මාණය ...