මාලිමාවට මා කැමති එක් හේතුවක් තමයි රථගාය හොඳ කිරීම W3Lanka අජිත් පැරකුම් ජයසිංහවාහන ආනයනය නැවැත්තුවට රජය තීරු බදු රහිත වාහන ආනයන බලපත්‍ර නිකුත් කරන එක නැවැත්තුවෙ නැහැ. දැන් දේශපාලකයන් හා රජයෙ නිලධාරි දත මැදගෙන ඉන්නෙ එකතු කරගත් බලපත්‍ර විකුණන්න. සමහරුන් ගාව බලපත්‍ර දෙක තුන තියෙනවා.දැන් වාහන ආනයනය කරන්න දුන්නොත් රටේ ඩොලර් ටිකත් පිටරට. රජයටබදු ආදායමත් නැහැ. තෙල් ආනයන වියදමත් වැඩිවෙනවා. රට නැවත ආර්ථික අර්බුදයකට යනවා.ඉස්සර මේ බලපත්‍ර දුන්නෙ වාහනය ...
පක්ෂ දේශපාලනය බැහැර කරන රනිල්ගේ මූලෝපාය W3Lanka දේශපාලන පක්ෂ ක්‍රමය සකස් විය යුත්තේ රට ආර්ථික වශයෙන් ගොඩනැගීමට මිස පක්ෂයට අවශ්‍ය ලෙස රටේ ආර්ථිකය සකස් කිරීමට නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේ පැවති නීතීඥ හමුවකදී පසුගියදා ප්‍රකාශ කළේය. එය රනිල් වික්‍රමසිංහගේ දේශපාලන දිශානතිය ප්‍රකාශ කරන වැදගත් ප්‍රකාශයකි.ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත නමින් නව නීතියක් මෙම මැයි මාසයේදී ගෙන එන බව ද ජනාධිපතිවරයා අනුරාධපුරයේදී සඳහන් කළේය. ...
හේමා ජයවර්ධන W3Lanka කළුතර දිස්ත්‍රික් හිටපු සංවර්ධන සභා මන්ත්‍රී සහ අගලවත්ත හිටපු ගම්සභා සභාපති, සාම විනිසුරු හේමරත්න ජයවර්ධන හෙවත් හේම ජයවර්ධන මහතා අභාවප්රප්ත විය. ඔහු පැලවත්ත උප තැපැල් කාර්යාලයේ ප්‍රථම උප තැපැල් ස්ථානාධිපතිවරයා ද විය. පැලවත්ත විවිධ සේවා සමුපකාර සමිතියෙහි සභාපති ද වූ ඔහු 1979දී කලුතර දිස්ත්‍රික් සංවර්ධන සභාවේ මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් විය.ඔහු විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන, නාමල් ජයවර්ධන, දේවිකා ...
ලංකාව මේ දවස්වල විදේශ ණය ගෙවන්නෙ නැද්ද? W3Lanka 2022 අප්‍රේල් මාසයේදී බංකොලොත්භාවය ප්‍රකාශ කිරීමෙන් පසුවත්, ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි බහු පාර්ශ්වීය ආයතනවලට ගෙවිය යුතු ණය වෙනදා පරිදිම ගෙවනවා. ඒ වගේම, බංග්ලාදේශයේ ඩොලර් මිලියන 200ක හදිසි ණය පහසුකම සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කළා. බංකොලොත්භාවයෙන් පසු ඩොලර් බිලියනයකට වඩා ණය ආපසු ගෙවා ඇති බව වාර්තා වෙනවා.සාකච්ඡා පවතින්නෙ තනි තනි රටවලට හා ජාත්‍යන්තර ...
ඥානසාර හිමි සිරගත කළ 291 (අ) වගන්තිය ගැන සිවිල් සමාජයේ අදහස කුමක්ද? W3Lanka අජිත් පැරකුම් ජයසිංහඥානසාර හිමි සිරගත කරනු ලැබුවේ දණ්ඩ නිති සංග්‍රහයේ 295 වන වගන්තිය යටතේ යයි බීබීසී ඇතුළු ජනමාධ්‍ය වාර්තා කර තිබේ. එහෙත්, ඔහු වරදකරු වී ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) වගන්තිය යටතේය. එය ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 295 වගන්තියට සමාන වේ.දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) වගන්තිය: ආගමික හැඟීම්වලට හානි කිරීම සඳහා හිතාමතාම චේතනාවෙන් වචන ප්‍රකාශ කිරීම.ඕනෑම පුද්ගලයෙකුගේ ආගමික හැඟීම්වලට ...
ලෝක බැංකුව හා එක්සත් ජාතීන් වසර 15කදී ආපසු ලබාගත් සොරකම් කළ දේපළ ලංකාවේ එක් මසක ආනයන වියදමට වඩා අඩුයි W3Lanka ලෝක බැංකුව සහ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNODC) අතර හවුල්කාරිත්වයක් වන සොරකම් කළ වත්කම් ප්‍රතිසාධන (StAR) මුලපිරීම වසර 15 කට වැඩි කාලයක් මුළුල්ලේ ඩොලර් බිලියන 1.9කි. වැඩිම මුදල පිලිපීනයෙනි.මේ සමස්ත මුදල ශ්‍රී ලංකාවේ සමස්ත මාසික ආනයන වියදමට ආසන්න මුදලක් පමණි.වසර 15ක් තිස්සේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය කෙතරම් මුදලක් වැය ...
Jet Propulsion (A Flash Fiction) W3Lanka Flash fiction කියන සාහිත්‍ය ෂානරයට මං එච්චර කැමති නැහැ. කොටින්ම මම ඔය ආකෘතික කාරණා ගැන ඒ තරම් සැලකිල්ලක් නැහැ. කතාවක් කියන්නට තියෙනවා නම්, අවංකව ඒ වැඩේට බැස්සොත් ආකෘතිය ඉබේම හැදෙනවා. මට නම් දෙයියො දෙනවා. මොකද, මං ඕවා ගැන ගැඹුරින් හදාරපු කෙනෙකු නොවන නිසා, මට නිර්මාණශීලීත්වය ලැබෙන්නෙ බුද්ධියෙන් නෙමෙයි.පහත පළවෙන්නෙ මං ලියන්නට උත්සාහ කරපු Flash fiction ඒකක් හෙවත් සංක්ෂිප්ත ප්‍රබන්ධයක්. Flash ...
ඥාන ගී සරණිය W3Lanka අජිත් පැරකුම් ජයසිංහඉතිහාසයේ දිනක මෙසේ සිදුවිය …පළමු ලෝක යුද්ධයට පෙර හා එම කාලවකවානුවේදී තුර්කිය පාලනය කල ඔටෝමන් තුර්කි වරු මහා මිනිස් සංහාරයක් ආරම්භ කරන ලද්දේ ආර්මේනියාව බලහත්කාරයෙන් යටත් කර ගැනීම ඉලක්ක කරගෙනය. තුර්කිය විසින් ආර්මේනියාව ආක්‍රමණය කිරීමත් සමගම, එරට ජනයා සමුලඝාතනය කිරීම ආරම්භ කළේය. කාන්තාවන්, ළමුන් හා වැඩිහිටි පිරිස් බලහත්කාරයෙන් සිරියානු කාන්තාර ප්‍රදේශවලට පිටත් කරමින් ...
මැතිවරණ වර්ෂයක කලබල W3Lanka අජිත් පැරකුම් ජයසිංහ2022 වසරේදී බංකොලොත්භාවය ප්‍රකාශ කිරීමෙන් පසුව ගත වූ වසර දෙකක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවේ සැලකිය යුතු වෙනස්කම් රැසක් සිදු වී තිබේ. එම වෙනස්කම් අතරින් වැඩි ප්‍රමාණයක් දකින්නට ලැබෙන්නේ ආර්ථික පෙරමුණේය.ලංකා රජය මේ වන විට ණය ගෙවීම සඳහා දරණ වියදම හැර සෙසු ආදායම් හා වියදම් තුලනය කරගෙන තිබේ. 2023 අවසන් කාර්තුවේදී යම් අතිරික්තයක් ද වාර්තා විය. එසේම, ජාතික ...
සවන් දීමේ වගකීම හා ප්රකාශනයේ නිදහස W3Lanka සවන් දීම ද අදහස් ප්රකාශනයේ නිදහසට ගරු කිරීමේ වගකීමෙහි කොටසකි. අදහස් ප්රකාශනයේ නිදහසට බාධා කිරීමටත් වඩා, වර්තමානයේදී දකින්නට ලැබෙන බරපතල ගැටලුවක් වන්නේ අදහස්වලට සවන් නොදීමයි. අනුන්ගේ අදහස්වලට සවන් නොදී තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම මෙන්ම, තමන් සවන් නොදුන් අදහස් සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීම ද අතිශය සුලබය. මේ සියල්ලම ප්රකාශනයේ නිදහසට බාධාකාරීය.ඩිජිටල් යුගය යනු අතිශය වේගවත් සන්නිවේදනයක් ...
Defense, safety, security and protection – ආරක්ෂාව, ආරක්ෂාව, ආරක්ෂාව සහ ආරක්ෂාව W3Lanka අජිත් පැරකුම් ජයසිංහලාංකිකයන් යනු මහත් අනාරක්ෂිතභාවයකින් දීර්ඝ කාලයක් තිස්සේ පෙළෙන දේශපාලන ප්‍රජාවකි. වර්තමානයේ මෙම අනාරක්ෂිත හැඟීම ප්රකාශමාන වන ප්‍රධානම ආකාරයක් වන්නේ පිස්සන් සේ රටින් පළා යාමයි.ආර්ථික අර්බුදයට සමගාමීව රටින් පළා යන බොහෝ පිරිස් ලංකාවේ යහපත් ජීවිත ගත කළ අයයි. ඔවුන් බොහෝ දෙනෙකුට ලංකාවේ රජයේ රැකියා, හොඳ ගෙවල්, කුලියට දුන් දේපළ, ඉඩම්, ව්‍යාපාර, වාහන, ඉතුරුම් ආදිය ඇති බව ...
සූදුරු අබා W3Lanka මං වැඩට යන්නෙ කලුතරින් හතට පිටත් වෙන කෝච්චියෙ. කොවිඩ්වලට කලින් කාලෙ ඒ කෝච්චියට කිව්වෙ මීගමුව කියලා. දැන් ඒක යන්නෙ මරදානට විතරයි. ඒ නිසා ඒක නිකම්ම හතේ කෝච්චිය.කැම්පස් කාලෙන් පස්සෙ මට නැවත සුබා හමුවුණේ මේ කෝච්චියෙ. ඒකිට අමාත්‍යාංශෙක සංවර්ධන නිලධාරි තනතුරක් ලැබිලා. මතුගමටත් එහා වැලිපැන්න හරියෙනෙ එයාගෙ ගේ තියෙන්නෙ. එහේ ඉඳන් බස්සෙකේ ඇවිත් කෝච්චියේ සීසන් එකෙන් වැඩට යනවා. මං වැඩ කළේ ...
දේශපාලනය නියෝජනය වගේම තමයි හමුදා පොලිස් කාන්තා නියෝජනයත් W3Lanka රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ කාන්තා නියෝජනය සැලකිය යුතු ලෙස අඩු මට්ටමක පවතී. අර්බුදකාරී තත්ත්වයන් තුළ සහ ඉන් පසුව කාන්තාවන්ගේ විශේෂිත අවශ්‍යතා සපුරාලීම සඳහා ඔවුන්ගේ නියෝජනය වැඩි කිරීම අත්‍යවශ්‍ය වේ.ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ කාන්තා නියෝජනය සැලකිය යුතු ලෙස අඩු මට්ටමක පවතී.යුද හමුදාව – 4%නාවික හමුදාව – 3.3%ගුවන් හමුදාව – 7.7%පොලිසිය – 10%පද්ධතිය ...
අයියාට මේ රජ ගේ නංගි හදාලා W3Lanka අජිත් පැරකුම් ජයසිංහශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 5.3%ක් පමණ වේ. එය ලෝකයේ පමණක් නොව දකුණු ආසියාවේ පවා අඩු අගයකි. මන්ත්‍රීනියන් සංඛ්‍යාව 12කි.වර්තමානයේදී කාන්තා කටයුතු අමාත්‍යාංශය පවා පවතින්නේ පිරිමියකු යටතේය. කාන්තා කටයුතු ඇමතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වන අතර, කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනිය ගීතා කුමාරසිංහයි.කාන්තා දේශපාලන සවිබල ගැන්වීම සම්බන්ධයෙන්, ශ්‍රී ලංකාව සිටින්නේ ...
පොලිස්පති දේශබන්දුට ස්වාධීන ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිත සහාය W3Lanka වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස ස්ථිර කිරීමට ව්‍යවස්ථාදායක සභාව ඊයේ ලබාදුන් අනුමැතිය තීරණාත්මක පියවරක් ලෙස සැලකිය හැකියි.අගමැති දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, සහ වෛද්‍ය අනුලා විජේසුන්දර (සිවිල් සමාජ නියෝජිත) තෙන්නකෝන් මහතාගේ පත්වීමට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.කෙසේ වෙතත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේගයේ ...
යුද-දේශපාලනික පසුබිම තුළ මුලින් එන්නෙ මොන ඡන්දෙද? W3Lanka අජිත් පැරකුම් ජයසිංහපාර්ලිමේන්තු ඡන්දය පිළිබඳ තීරණයක් ගැනීමේ බලය ජනාධිපතිවරයාට තිබේ. ඒත්, ජනාධිපතිවරණය නියමිත කාලයට කලින් පවත්වන්නට වර්තමාන ජනාධිපතිවරයාට බලතල නැති බවයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශේෂඥයන් පවස්. දැන් ප්රශ්නය වන්නේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කලින් විසුරුවයිද, නැද්ද කියන එකයි.බොහෝ අවස්ථාවලදී ජනාධිපතිවරණය පවත්වා තිබෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයට පෙරයි. 1982ී ජනාධිපතිවරණය පවත්වා, ඉන් ...
අතට ගත් විට ඔබෙ රථේ – ඉගිලිලා නොයනු! W3Lanka අජිත් පැරකුම් ජයසිංහරිය අනතුරක් යනු අලෙවි කළ හැකි සංවේදී ප්රවෘත්තියකි. මෙහි දැක්වෙන්නේ එවැනි ප්‍රවෘත්තියක් ලංකාදීප වෙබ් අඩවිය විසින් ඉදිරිපත් කර තිබෙන ආකාරයකි. රූපවාහිනී විසින් මෙහි සීසීටීවී දර්ශන සොයා ඉදිරිපත් කරනු ඇත. ඒවා බලා සමාජය මොහොතකට කම්පනය වේ. එහෙත්, ඊළඟ මොහොත?2023 වසරේදී මාරක රිය අනතුරු 2,220කින් පුද්ගලයන් 2,557ක් මියගිය බව පොලිසිය නිවේදනය කරයි. 2022 වසරට සාපේක්ෂව මරණ ...
මැරෙන එකත් පණ යන වැඩක් W3Lanka අජිත් පැරකුම් ජයසිංහඊයෙත්, අදත් ගතවුණේ සියදිවි නසාගත්, ඥාති සහෝදරයකුගෙ මරණයේ කටයුතුවලට. එයා අවිවාහකයි. වයස 41යි. උගත්. ඒත්, මානසික අවුලක් තිබුණා. කුරුල්ලෙකු වගේ සැහැල්ලුවෙන් සිටි ඔහු අවුරුදු දහයක් ඇතුළත අක්‍රිය අසරණයෙකු වුණා. අවසානයේදි පෙති ගොඩක් බීලා ගේ ඇතුළෙම මැරුණා. උදේ දොර කඩලා තමයි මිනිය හොයාගත්තෙ.86 හැවිරිදි, ඇඳෙන් නැගිටින්නට අමාරු, තාත්තාගෙ විදුහල්පති විශ්‍රාම වැටුපෙන් තමයි දෙන්නා ...
පොකට් කැලැන්ඩරේ ඩේ කාඩ් වීම (සුන්දර ඉංගිරිසි) W3Lanka අජිත් පැරකුම් ජයසිංහදැන් කාලෙ ළමයින් අතර ඩේ කාඩ් නම් වචනයක් භාවිතා වෙනවා. ඔවුන් ඩේ කාඩ් කියන්නෙ පොකට් කැලැන්ඩරයට හෙවත් සාක්කු දින දසුනට.කැලැන්ඩරේ කියන්නෙත් ඉංග්‍රීසි තත්භව වචනයක්. ඒ කියන්නෙ වෙනස් කරගත් වචනයක්. එහි ඉංග්‍රීසි උච්චාරණය අනුව එය කැලින්ඩ(ර්) /ˈkalɪndə/ නම් වෙනවා එය ලතින් හා ඉන්පසු ප්‍රංශ භාෂා සම්භවයකින් ඉංග්‍රීසි භාෂාවට පැමිණෙන වචනයක්.අද ඉරිදා – හෙට සඳුදා – ඉස්කෝලෙ පළවෙනිදා – කැලැන්ඩරේ ...
නා කපන අනෝරා වැස්සක ජෝතිපාල W3Lanka අජිත් පැරකුම් ජයසිංහඊයෙ රෑ මා නොවන මම කියන වැඩසටහනට ආපු නිලාන් හෙට්ටිආරච්චි කියන ගායකයා යසිත් කෙළඹිආරච්චි කියන ගායකයාගේ ගීයක් ලස්සනට ගැයුවා. සීතල හාදුවකින් දෙකොපුල් තෙමූ කියන මේ ගීය මං අහල තියෙන්නෙ බස්වලදි. වෙනත් බස් සිංදු බොහොමයකට සාපේක්ෂව එය සුන්දරයි.වැඩසටහන මෙහෙයවපු කැලුම් ශ්‍රීමාලුත්, නිලානුත් එම ගීයට ජෝතිපාලගේ හඬ මුසු කළ කෘත්‍රිම බුද්ධි තාක්ෂණ ගීයක් ගැන මහ ඉහළින් කතා කළා. ඒ නිසා ...