බලහත්කාරයෙන් ආදාහනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ සමාව ඉල්ලීම ප්රගතිශීලී පියවරක් W3Lanka අජිත් පැරකුම්මෝදර පදිංචි ත්‍රිරෝද රියදුරකු වන ෆාහිම්ටත් ඔහුගේ බිරිඳටත් සය වසරක බලාපොරොත්තු ඉටුකරමින් ලැබුණු පුතු වන ෂෙයික් (මුල් ඡායාරූපය) රෝහල්ගත කරන්නේ 2020 දෙසැම්බර් 7දාය. දරුවාටත් මව්පියන්ටත් කරන ලද ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවල ප්‍රතිඵල 8දා දහවල ලැබේ. ඒ අනුව දරුවාට කොවිඩ්-19 වැළඳී තිබේ. මව්පියන්ට නැත. දරුවා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර මව්පියන් නිවෙස් නිරෝධායනයට යවනු ලැබේ. සවස දරුවා මියයයි ...
ප්‍රසන්න විතානගේගේ පැරඩයිස්: නොගැඹුරු දේශපාලනය හා ගැඹුරු ජීවිතය W3Lanka අජිත් පැරකුම් ජයසිංහපැරණි ඉංග්‍රීසියට paradise යන වචනය පැමිණියේ ලතින් භාෂාවෙනි. එය බොහෝ විට ඒදන් උද්‍යානය හෝ ස්වර්ගීය මරණින් මතු ජීවිතයක් හා සම්බන්ධ පරමාදර්ශී, සුන්දර ස්ථානයක අර්ථයන් දරයි.එහෙත්, ප්‍රසන්න විතානගේගේ ‘පැරඩයිස්’ චිත්‍රපටයට වඩා ගැලපෙන්නේ ග්‍රීක් භාෂා මූලයෙහි අර්ථයයි. පැරණි පර්සියානු pairidaeza යන වචනය පැරණි ග්‍රීක භාෂාවට paradeisos (παράδεισος) ලෙස ඇතුළු වී ඇත. එය උද්‍යානයක හෝ ...
කාලයේ ඝන කැලෑවෙන් වැසී ගිය “ඉඳුරුපිටිය ඉස්කෝලෙ” W3Lanka බුද්ධික ප්‍රදීප් අතුකෝරළබස්නාහිර පළාතෙ වලල්ලාවිට ප්‍රාදේශීය බල ප්‍රදේශයට අයත්ව තිබූ ඉඳුරුපිටිය ඉස්කෝලෙ දැන් තත්වය ගැන හොයලා බලන්න අද මාත් ඉඟුරුදළුව ඉස්කෝලෙ ගුරුවරු දෙන්නෙක් වන රොශාන් සහ නුවන් ප්‍රසන්න මහත්වරු දෙන්නා එක්ක ගියා.මගේ මතකය නිවැරදිනම් ඒ ඉස්කෝලෙ වැහුනෙ 1990 ගනන්වල වෙන්න ඕන. ඇත්තටම ඒක අති දුෂ්කර පාසලක්. යන්න එන්න හරි හමන් පාරක් තොටක් අදටත් නෑ. අපි ගියෙත් ජල දුර්ඝ වන දුර්ඝ ...
ගෙන්දගම් හෙවත් සල්ෆර් පොළව W3Lanka අජිත් පැරකුම් ජයසිංහගෙන්දගම් පොළව කියන යෙදුම භාවිතයට ආවෙ ඇයි? සල්ෆර් සඳහා සිංහල වචනය ගෙන්දගම්.“ගෙන්දගම්” (ගෙන්දගම්) සංස්කෘත “गन्धक” (ගන්ධක) යන වචනයෙන් ව්‍යුත්පන්න වී ඇතැයි සැලකිය හැකියි. එහි තේරුම “සල්ෆර්” යන්නයි. සංස්කෘත භාෂාවෙන් “गन्ध” (ගන්ධ) යන මූල වචනයේ තේරුම “ගඳ” හෝ “සුවඳ” යන්නයි, සල්ෆර්වල ලාක්ෂණික තද ගන්ධය මෙම වචනයට හේතුවයි.කොළඹට ගෙන්දගම් පොළව යයි කියන්නේ එහි ගෙන්දගම් ඇති නිසා නොවේ. ...
අවදානම් ගැනීම, ජීවිතාසාව හා දේශපාලනය W3Lanka අවදානම් ගැනීම, ජීවිතාසාව හා දේශපාලනයඅජිත් පැරකුම් ජයසිංහමිනිහෙක් ජනාධිපතිවරණයකදී ඡන්ද ගන්න ප්ලෑන් කරලා කන ළඟින් යන්න වෙඩි තියා ගනියි කියල හිතන මිනිසුන් ලෝකෙ ඉන්නවා. මේ වගේ කුමන්ත්‍රණ න්‍යාය පතුරුවන අය ලංකාවෙ ගොඩක් ඉන්නවා.චන්ද්‍රිකා බණ්ඩාරනායක 1999දි ඡන්ද කැම්පේන් එක අතරතුර අනුකම්පා ඡන්ද ගන්න තමන්ටම බෝම්බ ප්‍රහාරයක් එල්ල කරගත් බව ජ්‍යේෂ්ට මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාගේ චෞර රැජින පොතේ ...
දුස්තොරතුරු පතුරුවන බෝපගේ සහෝදරයා W3Lanka ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රධාන ලේකම්වරයකු වූ, නැවත මාලිමාවට සහයෝගය දක්වමින් සිටින ඔස්ට්‍රේලියානු පුරවැසියකු වූ ලයනල් බෝපගේ මහතා විසින් ෂෙයා කරන ලද මෙම රූපයේ මූලාශ්‍රය ගූගල් මගින් සොයා බැලූ අතර එය 2022 වසරේ පමණ පළමු වරට ෂෙයා කර ඇති බව දක්නට ලැබිණි. එසේ ෂෙයා කර තිබුණු වැඩි පිරිසක් විදේශිකයන් වන අතර එම ස්ථානය කොහේද යන්න සොයාගැනීමට නොහැකි විය. කෙසේ වෙතත්, ...
සර්, මැඩම් හා අයියා, අක්කා රැකියා W3Lanka අජිත් පැරකුම්මේ ලිපිය ලියන්නට හේතු වුණේ අප මිත්‍ර චන්දන ගුණසිංහ ඩෙන්මාර්කයට සංක්‍රමණය වුණාට පස්සෙ ලියපු ලිපියක්. ඒක මෙහෙමයි:අන්කලුයි , මමයි…..මල්කා මීගහතැන්නෙ ස්පිරිතාලෙ DMO ඉන්න කාලේ මගේ මිත්‍රයෙක්ගේ දියණියක් එයාගෙ පළවෙනි පත්වීම විදිහට මීගහතැන්නෙ ස්පිරිතාලෙ වැඩ බාරගත්තාය.දොස්තරලගෙ සිරිතක්නෙ වැඩිමහල් දොස්තරලට අයියෙ අක්කෙ කියල ආමන්ත්‍රණය කරන එක. ඉතින් අර කෙල්ල මගෙ බිරින්දැට අක්කෙ කියන ගමන් ...
සමුපකාර ව්‍යාපාරය ජනසතු කරනු! W3Lanka නගරවල හොඳම ස්ථානවල, රජයෙන් හම්බ වුණ ඉඩම්වල, කාලයක් තිස්සෙ ඉඳන් තියෙන බිල්ඩිංවල, කඩ කුලී නොගෙවා, බදුත් හරියට නොගෙවා සිල්ලර කඩ කරන එක මහ ලොකු බිස්නස් එකක් නෙමෙයි. නගරයක ලක්ෂ ගණන් කුලී ගෙවන ගොඩනැගිලිවල, තරුණ තරුණියන් පිරිසකට රැකියා දීලා, බදු ගෙවලා සිල්ලර වෙළඳාම පිළිවෙලට කරන ව්‍යාපාර නගරවල ඕනෑ තරම් තියෙනවා. ඒවා නිසා මේ වෙනකොට ගම්වල පුංචි පුංචි සිල්ලර කඩ වැහිලා යන ...
Untitled Post W3Lanka සමස්ත මහා වැඩවර්ජන ගල උඩ සටනකට එළඹෙමු!අජිත් පැරකුම් ජයසිංහලංකාවේ රාජ්‍ය සේවා වෘත්තීය සමිති යනු අමු මාෆියාවකි. ඒවායේ නායකයන් පාතාල අපරාධකරුවන් වැනි පිරිසකි. පාතාල අපරාධකරුවන්ට අන් කිසිවක් වැදගත් නැත. වැදගත් වන්නේ තමන්ගේ අපරාධ කාටලයේ ලාභයයි. ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ගේ හැඟීම් ද එහිදී වැදගත් නැත. ඔවුන් තීරණ ගන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව නොවේ.වෘත්තීය සමිති නායකයන් ද එවැනිය. ඔවුන් තීරණ ගන්නේ සීමිත කල්ලියක ...
රුපියල ශක්තිමත් වෙලා විදේශ ණය බර අඩු වෙලා W3Lanka ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය තොගය 2024 අප්‍රේල් 30 වන විට රුපියල් බිලියන 803.2කින් හෙවත් 2.76% කින් කැපී පෙනෙන අඩුවීමක් සිදු වී ඇති බව මුදල් රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ පවසයි. මෙම අඩුවීම 2023 දෙසැම්බර් 31 වන දින රුපියල් බිලියන 29,150.4 සිට රුපියල් බිලියන 28,347.2 දක්වා අඩු වී ඇත.මේ අතරින් විදේශ ණය තොගයේ සැලකිය යුතු අඩුවීමක් නිරීක්ෂණය විය. රුපියල් බිලියන 12,076.7 සිට ...
ශ්‍රී ලංකාව ISB ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමකට එළඹෙයි W3Lanka 2024 ජූනි 3 වන දින, ශ්‍රී ලංකාව සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එහි පුද්ගලික ණය හිමියන් සමඟ පෙරළිකාර ගිවිසුමකට එළැඹි අතර, රාජ්‍ය පාලනය-සම්බන්ධිත බැඳුම්කරයක් (GLB) භාවිතා කරන පළමු රට බවට පත් විය. මෙම නව්‍ය මූල්‍ය උපකරණය නිර්මාණය කර ඇත්තේ කොළඹ වෙරිටේ රිසර්ච් ආයතනය විසිනි.අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ රාජ්‍ය පාලන මිණුම් සලකුණු රටෙහි සාධනය මත පදනම්ව Verité-GLB ආපසු ගෙවීම් සකස් කරයි. ...
මා ගිය මුහුදු ගමනක් W3Lanka මේක මහලොකු අත්දැකීමක් නෙමෙයි. මෙතන ඉන්න අයට මීට වඩා බොහෝ අත්දැකීම් ඇති. මේක මට මැජික්. මට වගේම අපේ රටේ ජනගහනයටත් මැජික් ඇයි කියන එක මං ලිපියේ අග හරියෙ කියනවා.1989 කැරැල්ලෙන් පස්සෙ නිදහස් වෙලා ඇවිත් මං අපිත් එක්ක එකට වීරවිල හිටපු බන්දු අයියගෙ ටැංකි බෝට්ටුවෙන් දවස් හතක විතර මුහුදු ගමනකට සහභාගී වුණා. ඒ පුංචි බෝට්ටුව කොච්චර අබලන් එකක්ද කියනවා නම් හැමදාම හවසට ...
මාලදිවයින ලංකාවෙන් ගුරුවරුන් බඳවා ගනියිද? W3Lanka මාලදිවයිනට ලංකාවෙන් ගුරුවරුන් බඳවා ගන්නට කැමති බව එරට ජනාධිපති මොහොමඩ් මුයිසු මාලදිවයිනේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් රංග සුජීව ජයවර්ධනට පැවසූ බව එරට raajje වෙබ් අඩවිය වාර්තා කළා.ඉස්සරත් ලංකාවෙ ගුරුවරුන් (විශේෂයෙන් ඉංග්‍රීසි ගුරුවරුන්) මාලදිවයිනේ රැකියාවල යෙදුණා. පස්සෙ කාලෙක ඒක නතර වුණා. ඒකට හේතුව මාලදිවයින තම අධ්‍යාපන ක්ෂේත්රය ගොඩක් දියුණු කරගැනීම.ඒ වගේම, ලංකාවේ ගුරු අධ්‍යාපනයේ හා ගුරු ...
හිරුනිකාගෙන් චම්පික ඇතුළු සෙසු දේශපාලකයන් උගත යුතු පාඩම W3Lanka – අජිත් පැරකුම් ජයසිංහ,හිරුනිකා පැවත එන්නේ දේශපාලන බලය භාවිතා කර නීතිය සමග සෙල්ලම් කිරීම සාමාන්‍ය භාවිතාවක් බවට පත් කරගත් පරපුරකිනි. ලංකාවේ අප පැවත එන්නේ නීතිය යනු අප කරන වැරදි ඔප්පු කිරීම හෝ නොකිරීම සඳහා තිබෙන මෙවලමක් ලෙස සිතන සමාජයකිනි.භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේදී භාරතගේ රියදුරා, හිරුනිකා, රන්ජන් රාමනායක, විනිසුරු පද්මිනී රණවක සම්බන්ධ නීතිය නැවීම හා සම්බන්ධ නාටකයක් තිබේ. ඒ ගැන මෙහි ...
මුහුදේ පා වෙන බෝතල්වලින් මත්පැන් කියා වස පානය කරන ගුරුවරු W3Lanka අජිත් පැරකුම් ජයසිංහ, Praja.lkරජයේ සේවකයන්ට වැටුප් වැඩි කරගන්නට අවශ්‍ය නම්, ඔවුන් පළමුව රාජ්‍ය ආදායම් වැඩි කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටිය යුතුය. බදු අය කිරීම සිදුකරන රාජ්‍ය ආයතන එය හරියට කළ යුතුය. අය කරන බදුවලින් කාර්යක්ෂම සේවාවක් රජය ලබාදෙන බව සහතික කළ යුතුය. බදු ගෙවන ජනතාව බදු ගෙවීමට නිර්ලෝභී වන්නේ එවිටය. සරලව කියනවා නම් රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ නැංවිය ...
සුනිල සම්භාෂණ මැද ස්ටෑන්ඩ් අප් කොමඩි W3Lanka අජිත් පැරකුම් ජයසිංහඊයේ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන මහතාගේ පොත් දොරට වැඩුමට මාත් වැඩියා. එතනදී ආපු අදහසක් මේ.වැඩසටහන පුරාම එක්තරා හොඳ මට්ටමේ නිර්මාණාත්මක විහිළුවක් සැරිසැරුවා. ඒක පටන් ගත්තෙ නිර්මාල්. කථිකයකු නොපැමිණෙන නිසා ඒ වෙලාවත් තමන්ට ගන්නට පුළුවන් බවත්, එය කතා කිරීමට දෙන වේලාව ඉක්මවා කතා කරන පුරුද්දක් ඇති සුනිල් විජේසිරිවර්ධන මහතාට උපහාරයක් විය හැකි බවත් ඔහු කීවා. එය නිර්මාණාත්මක ...
ලංකාවට අයිති මුහුදේ කොබෝල්ට් ගවේෂණයක්? W3Lanka ශ්‍රී ලංකාවේ නීතිමය බල ප්‍රදේශයට අයත් විය හැකි කොබෝල්ට් බහුල අක්වෙරළ නිධියක් සඳහා ඉන්දියාව ගවේෂණ අයිතීන් ලබා ගැනීමට උත්සාහ කරමින් සිටින බව වාර්තා වේ.බැටරි, ජෙට් එන්ජින් සහ ගෑස් ටර්බයින සඳහා භාවිතා කරන කොබෝල්ට්, ලැප්ටොප්, ස්මාර්ට්ෆෝන් සහ විදුලි වාහන සඳහා ද ඉතා වැදගත් වේ.ඉන්දියාව සිය වෙරළේ සිට කිලෝමීටර් 1,350 ක් පමණ දුරින් මධ්‍යම ඉන්දියන් සාගරයේ අෆනාසි නිකිටින් මුහුදු කන්ද ගවේෂණය කිරීම ...
දුස්තොරතුරුවලට මිස්තොරතුරුවලට අප සම්බන්ධ වෙන හැටි. W3Lanka ගිය සතියෙ කාර් එකක් හැපීම නිසා කැඩී ගිය වතුර බටයේ පිංතූරයක් ලෙස ෂෙයා කරපු මේ බටය තායිලන්තයේ එකක්ලු. පිංතූරය අරගෙන තියෙන්නෙ 2016දි. එය වෙනුවට වෙනත් බටයක් යෙදූ බව තායිලන්ත බලධාරීනුත් කිව්වා. (Fact Checking මූලාශ්‍රය AFP 1 කමෙන්ටුවේ ඇත)මෙවැනි දුස්තොරතුරු බෙදාහැරීම පසුපස මොන වගේ අරමුණු තිබෙන්නට පුළුවන්ද?1. රජය, යටිතල පහසුකම් හා සමාජ ක්‍රමය පිළිබඳ අවිශ්වාසය පැතිරවීමේ අරාජිකවාදී දේශපාලන ...
ණය ප්‍රතිව්‍යූහගතකරණය දැන් කොතැනද? W3Lanka ශ්‍රී ලංකාව සිය ද්වි පාර්ශ්වික විදේශ ණය කළමනාකරණය සඳහා රටවල් කිහිපයක් සමඟ ගිවිසුම් බදාදා අත්සන් කිරීමට නියමිතය. මෙය බරපතළ ආර්ථික අර්බුදයකින් පසු රටේ මූල්‍ය තත්ත්වය ස්ථාවර කිරීමට උපකාරී වන විශාල පියවරකි. විදේශ අමාත්‍ය අලි සබ්රි මාධ්‍යවලට පැවසූ පරිදි, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳුදා මෙම ණය සැලැස්ම පිළිබඳව සිය කැබිනට් මණ්ඩලයට දී ඇත.ණය සැලැස්මට කැබිනට් මණ්ඩලය එකඟ වී බව කැබිනට් ප්‍රකාශක ...
ස්ත්‍රී පුරුෂ සමාජභාවී අනන්‍යතා සහ ජූඩිෂියල් කැනිබාලිසම් W3Lanka ස්ත්‍රී පුරුෂ සමාජභාවී අනන්‍යතා සහ ජූඩිෂියල් කැනිබාලිසම්Posted on June 23, 2024June 23, 2024 by adminඅජිත් පැරකුම් ජයසිංහ“ජූඩිෂියල් කැනිබාලිස්ම්” යන යෙදුම විධිමත් ලෙස ස්ථාපිත නීතිමය යෙදුමකට වඩා රූපකාර්ථ සහිත ප්රකාශනයකි. එහි පවතින්නේ අධිකරණයට හෝ අධිකරණ පද්ධතියට අදාළ “අධිකරණ” යන වචනය සහ “තමන්ගේම වර්ගයා ආහාරයට ගැනීම” යන අරුත දෙන වචනවල සංකලනයකි.මෙය ‘අධිකරණමය මිනීකෑම’ ලෙස ...