2024 ජනාධිපතිවරණයේ ප්‍රතිපත්ති ප්‍රකාශ W3Lanka ප්‍රතිපත්ති ප්‍රකාශ සියල්ල!⭕️දිලිත් ජයවීර විසින් ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කල “එක්ව නංවන රටක් – සතුට පිරුණු දැයක්” ප්‍රතිපත්ති ප්‍රකාශය:⭕️අනුර දිසානායක විසින් ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කල “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශය:⭕️සජිත් ප්‍රේමදාස විසින් ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කල “සැමට ජයක්” ප්‍රතිපත්ති ප්‍රකාශය:⭕️රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කල “ ...
IMF නැතුවම බැරිද? W3Lanka අජිත් පැරකුම් ජයසිංහරටක් දරුණු මූල්‍ය අර්බුදයකට මුහුණ දෙන විට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ගිවිසුම් සහ කොන්දේසි සහිත රාමු නොමැතිව ඉදිරියට යාම කළ නොහැක්කක් බව වඩ වඩාත් පැහැදිලි වේ. මූල්‍ය කැළඹිලිවලට මුහුණ දෙන ආර්ථිකයන් ස්ථාවර කිරීමට සහ නැවත ගොඩනැගීමට IMF හි ව්‍යුහාත්මක සහයෝගය සහ අධීක්ෂණය අවශ්‍ය බව ගෝලීය අත්දැකීම් නැවත නැවතත් පෙන්නුම් කර ඇත.IMF සම්බන්ධ ගෝලීය අත්දැකීමලොව පුරා, මූල්‍ය ...
අනුර කුමාරගේ සුරංගනා කතා පොතේ නැති දේ W3Lanka මේ කතන්දර පොතේ තියෙන දේවල් ක්‍රියාත්මක කරන එකේ කිසිම වරදක් නැහැ. මේ වගේ කතා තමයි ඉතිහාසය පුරාම මැතිවරණවලදි ප්‍රතිපත්ති ප්‍රකාශ විදියට එක එක පක්ෂ විසින් එක එක පාටවලින් නිකුත් කරල තියෙන්නෙ. මේ වැඩි හරියක් ඒ වගේ ප්‍රතිපත්ති ප්‍රකාශවලින් කොපි පේස්ට් කරලා මොඩිෆයි කරපුවා. පහුගිය මැතිවරණවලදි ප්‍රතිපත්ති ප්‍රකාශ කියවලා නැති අබ්බ ගොබ්බයන්ට නම් මේවා මාරයි කියල හිතෙයි.මේ ප්‍රතිපත්ති දීර්ඝකාලීනව ...
දුම්රිය සේවය ටිකට් දෙන බිත්තියේ හිලෙන් නිදහස් කරගැනීම විප්ලවීය ප්රතිසංස්කරණයක් W3Lanka – අජිත් පැරකුම්Pravesha.lk එකෙන් කෝච්චි ටිකට් එකක් අරගත්තා හරිම ලේසියි. මේවා චෙක් කරන ක්‍රමය මොකක්ද දන්නෙ නැහැ. ස්වයංක්‍රීය ගේට්ටුවලට වඩා මේක සාර්ථකයි. මතුගමින් කොළඹ බස් එකක කලුතරට ආවාම ඒක නවත්තන්නෙ බෝධිය ළඟ. එතකොට පිට්ටනිය පැත්තෙන් දුම්රියපොළට එන එක ලේසියි. හැබැයි, ටිකට් කවුන්ටරේට දුරයි. ඒ නිසා ඕනැ තරම් කෝච්චි මිස් වෙලා තියෙනවා. ළඟදි පන්නිපිටියෙදිත් ටිකට් අරගෙන කෝච්චියක එල්ලුණේ අන්තිම ...
කොහු මිටි හංස හමුදාව සිහිපත් කරන මාලිමා කොට්ඨාස සභාවල සාමය ආරක්ෂා කිරීම W3Lanka අජිත් පැරකුම් ජයසිංහසාමය පවත්වාගෙන යාමට මාලිමාවේ කොට්ඨාස සභා අවශ්‍ය නැත. නීතිය හා පිළිවෙල පවත්වාගෙන යාමට රාජ්‍ය යාන්ත්‍රණ තිබේ. පොලිසිය හා අධිකරණය එහි ප්‍රධාන අංශයකි. පොලිසියේ, අධිකරණයේ අඩුපාඩු තිබේ නම්, ඒවා නිවැරදි කර එම අංශ ශක්තිමත් කිරීම අවශ්‍යය. මහජනතාව පොදුවේ පොලිසියට සහාය දැක්විය යුතුය. ග්‍රාම නිලධාරි වසම් මට්ටමෙන් ඒ සඳහා පුරවැසි කමිටු ද පිහිටුවා තිබේ. සාමය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය ...
ඔබත් එකසිය නමයෙ කෑල්ලක්ද? W3Lanka – අජිත් පැරකුම් ජයසිංහ2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමන පනත ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීමේදී ඉතා වැදගත් නීතියක්. ධනයෙන් බලය ලබා ගැනීමේ ක්‍රමය එයින් වෙනස් කරන්නට පුළුවන්. හැබැයි, භූමියේ දේශපාලනය කළ යුතුයි.ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මැතිවරණ වියදම් නියාමන පනත ගෙන එන්නට මුල් වූ ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු එක් ඡන්ද දායකයකු වෙනුවෙන් වියදම් කළ ...
කලුතර මන්ත්‍රීවරුන් ජනාධිපතිවරණයේදී සහාය දෙන හැටි W3Lanka කලුතර දිස්ත්‍රික්කයෙන් 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් මෙසේය:රෝහිත අබේගුණවර්ධනවිදුර වික්රමනායකපියල් නිශාන්තඅනුප පස්කුවල්සංජීව එදිරිමාන්නලලිත් එල්ලාවලලලිත් වර්ණකුමාර (මහින්ද සමරසිංහ ඉල්ලා අස්වීමෙන් පසු පත් විය)ජයන්ත සමරවීරකුමාර වෙල්ගමරාජිත සේනාරත්නමේ අතරින් රෝහිත අබේගුණවර්ධන, පියල් නිශාන්ත, අනුප පස්කුවල්, ලලිත් වර්ණකුමාර, කුමාර වෙල්ගම හා රාජිත සේනාරත්න ...
ජවිපෙ ගෙම්බන්ගේ පිනුම් W3Lanka ජනාධිපතිවරණ අපේක්ෂකයක් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද අලුත් සන්ධාන ගොඩනගමින් සිටිනවා. මේ අතරින් පුළුල්ම සන්ධානය ගොඩනගමින් සිටින බව පෙනෙන්නේ ස්වාධීන අපේක්ෂක රනිල් වික්රමසිංහයි. එහි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නන්දන ගුණතිලක, අචල සුරංග ජාගොඩ වැනි අය පවා සිටිනවා. ජවිපෙ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන වරුණ දීප්ත රාජපක්ෂ ...
රටෙන් තුනෙන් එකක් තවමත් අතීරණයකද? W3Lanka විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සිදු කරන ලද මෙම සමීක්ෂණයේ ප්‍රතිඵලය අනුව, ජනාධිපතිවරණයේ ප්‍රතිඵල තවමත් විවෘතය. මෙහිදී අසා තිබෙන ප්රශ්නය වන්නේ ඔබගේ සමීප පවුලේ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කිරීමට සමත් කවුරුන්ද යන්නයි. තවමත් වැඩිදෙනෙකු සිතන්නේ කිසිදු නායකයකු ඒ සඳහා නුසුදුසු බවයි. මේ අතර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින ප්‍රධාන නායකයන් අතරින් මහජන ප්‍රශ්න විසඳීම සම්බන්ධයෙන් තවමත් වැඩි ...
සජිත්ගේ නීතීඥයන්ගේ දක්ෂකම W3Lanka අජිත් පැරකුම් ජයසිංහනඩු තීන්දු සඳහා නීතීඥයන්ගේ සාර්ථක නියෝජනය වැදගත් වේ.සජිත්ගේත්, කාදිනල්ගේත්, සහරාන්ගේ ගෝලයන්ගේත් නීතීඥයන් ඉතා දක්ෂ අය බව මගේ නිරීක්ෂණයයි.පාස්කු බෝම්බ ප්‍රහාරය සඳහා පසුබිම සකසමින් අන්තවාදය පැතිරවූ, බෝම්බ ප්‍රහාර සැලසුම් කළ, ඒවාට පහසුකම් සැපයූ, ඒවා ක්‍රියාත්මක කළ, ත්රස්තවාදීන්ට රැකවරණ සැපයූ කිසිවෙකුට මෙතෙක් නීතියෙන් කිසිදු දණ්ඩනයක් ලැබී නැත. නඩු පවරා ඇති ආකාරය අනුව ඔවුන් ...
ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඊළඟට ඉන්දියාවද? W3Lanka අජිත් පැරකුම් ජයසිංහබංග්ලාදේශය දකුණු ආසියාවේ ඉහළ ආර්ථික වර්ධන වේගයක් තිබුණු රටකි. එය 2026 වන විට එක්සත් ජාතීන්ගේ අවම සංවර්ධිත රටවල් ලැයිස්තුවෙන් ඉවත් වී 2031 වන විට ඉහළ මධ්‍යම ආදායම් තත්ත්වය ළඟා කර ගැනීම ඉලක්ක කර ගනිමින් කටයුුතු කරමින් සිටියේය.ස්ථාවර ආණ්ඩුවක් යනු සංවර්ධනය වෙමින් පවතින රටකට වේගවත් සංවර්ධනයක් අත්පත් කරගැනීම සඳහා අත්‍යවශ්‍ය තත්වයකි. ස්ථාවර ආණ්ඩු බොහෝ විට මර්දනකාරී වේ. ...
බිත්තර ප්රශ්නය W3Lanka ආනයනය කරනවාය කිව්ව ගමන් බිත්තර මිල රු. 10කින් විතර අඩු වෙලා. ඒ කියන්නෙ කූල් රූම්වල හංගගෙන ඉන්න බිත්තර එළියට දාලා.ලංකාව පුංචි වෙළඳපොළක්. ජාවාරම්කාරයන් කීපදෙනෙකුට ඒක පාලනය කරන්නට පුළුවන්. ඒ නිසා රාජ්‍ය නියාමනය අත්‍යවශ්‍යයි. නිසි වෙලාව බලලා ආනයන කිරීම්, ආනයන බදු අඩු කිරීම් ආදිය දැඩි නියාමනයක් ඇතුළෙ කරන්නට ඕනැ.බිත්තර තොග වෙළඳුන් අසාධාරණ විදියට මිල වැඩි කරනකොට සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර ...
සජිත්ගේ අනාගත ආන්ඩුව, AI සහ GFN W3Lanka ශිරාල් ලක්තිලකඅනාගත පාලකයන් පිලිබඳ මාගේ සිතුවිලි-3සජිත් දිනපතා සිදුකරන කතා තුලින් ඉදිරිපත් කරනු ලබන විවිධ ප්‍රතිපත්තිමය සංචිතයක් මා විසින් ගොඩනඟමින් සිටී. එවැනි විවිධාකාරවු විසඳුම් මා විසින් Chat GPT මෟදුකාංගය හරහා ඒ තුල තැන්පත් කරමින් සිටී. කෟතිම බුද්ධිය හරහා මම උත්සාහ දරන්නේ සජිත්ගේ අනාගත ආන්ඩුව කුමන ආකාරයක ප්‍රතිපත්තිමය පාලනයක් රට තුල ගෙන යනු ඇතිද යන ප්රශ්නය පිලිබඳව සාකච්ඡාවකට අවතීර්න ...
පැරිස් ඔලිම්පික් ජෙන්ඩර් කතිකාව W3Lanka අද ජෙන්ඩර් හෙවත් සමාජභාවය පිළිබඳ කතිකාවේ වැදගත් දවසක්. ජීව විද්‍යාත්මක පිරිමියෙකු බව ඇතැමෙකු කියන ඉමානේ කෙලිෆ්ට ඇල්ජීරියාව නියෝජනය කරමින් කාන්තාවක් ලෙස ඔලිම්පික් බොක්සිං ක්‍රීඩාවට සහභාගී වීමට ඔලිම්පික් කමිටුවේ අවසරය ලැබී තිබුණා.ඇල්ජීරියාව යනු ලිංග සංක්‍රාන්තිය නීති විරෝධී වන ඉස්ලාමීය රටක්. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) සහ පැරිස් බොක්සිං ඒකකය ඒකාබද්ධ ප්‍රකාශයක් මගින් තරග කිරීමට ඇගේ ...
රාජපක්ෂ පවුල් දේශපාලනයේ අවසානය හා ලාංකීය ධනේශ්වර විප්ලවයේ මේ මොහොත W3Lanka රාජපක්ෂ පවුල විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ගෙන තිබෙන තීරණය 2022 මැයි 9 දින අරගලයට පහර දීමට ගත් තීරණය වැනිම එකකැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පැවසීය.මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසුවේ පසුගිය සමයේ ආර්ථිකය ගොඩගැනීමට රජය සමත් වීමත් සමග පොහොට්ටුවේ ඇතැම් නායකයන් අතර ඊර්ෂ්‍යාවක් ඇති වී තිබෙන බවයි.ලංකාවේ ආර්ථිකය ගොඩගැනීමට උර දුන් ...
නිවාඩු හා දුම්රිය බලපත්‍ර හොරුන් රැස්වී හොරු ඇල්ලීම ගැන සාකච්ඡා කිරීම W3Lanka අජිත් පැරකුම් ජයසිංහලංකාවේ කිසිදු දේශපාලන පක්ෂයක අභ්‍යන්තර ප්රජාතන්ත්රවාදයක් නැත. වාමාංශික පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණෙහි රාජපක්ෂ පවුල්වාදී පොහොට්ටුවෙහි ඇති මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදයක්වත් නැත. එහි තීරණ, තීන්දු ගනු ලබන්නේ ඉහළ නායකත්වය විසින් වන අතර පහළ සාමාජිකයන්ට තිබෙන්නේ එය අනුමත කිරීම පමණි.මේ බව නිරූපණය කරන අපූරු දර්ශනයක් පසුගියදා ජවිපෙ නායක අනුර කුමාර දිසානායකගේ මූලිකත්වයෙන් පැවති ...
ඕනෑම කෙනෙකු දියේ ගිලී මිය යා හැකිය, කිසිවෙකු එසේ නොවිය යුතුය W3Lanka ලංකාදීප පුවත්පත මෙසේ වාර්තා කරයි:මහනුවර ලුවි පීරිස් මාවතේ පිහිටි හෝටලයක පිහිනුම් තටාකයේ ගිලි වයස අවුරුදු 07 ක පිරිමි ළමයෙකු මිය ගොස් ඔහුගේ වැඩිමහල් සහෝදරයාද එම පිහිනුම් තටාකයේම ගිලි බරපතල තත්ත්වයෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට ඇති බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි .සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ වැරැල්ලගම කුරුදුගොල්ල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් මිස්ජාන් නමැති දරුවෙකි.මෙම දරුවන් දෙදෙනා තම ...
හැමදාම උදේ නැගිටලා වැඩට ගිය මං W3Lanka අජිත් පැරකුම් ජයසිංහශත වර්ෂ කාලක් හෙවත් අවුරුදු 25ක් පාර්ලිමේන්තුවේ සිටි, කතා පැවැත්වීම හැර වෙනත් වැඩක් කර නැති, ඒ අවුරුදු 25ටම මේ රටේ මහජන මුදලින් වැටුප් හා වරප්‍රසාද භුක්ති විඳි අනුර කුමාර දිසානායකගේ දැනගැනීම සඳහා මේ ටික කියමි.මම ද දැන් ශත වර්ෂ කාලක් තිස්සේ රාජ්‍ය බලය හා සම්බන්ධ නොමැති සිවිල් සමාජ දේශපාලනයේ යෙදී සිටිමි. ඒ වෙනුවෙන් අඛණ්ඩව ලියමි, කතා කරමි, ක්‍රියා ...
කට බොරු කීවත් දිව බොරු නොකියන හැටි W3Lanka පෝලිම් නැති කළේ වැඩි කළ බදු ගෙවූ නුබ සහ මමය…මෙය මේ දිනවල සමාජ මාධ්‍යවල ඇතැමුන් පළකරන පෝස්ටුවකි. ඇත්තෙන්ම මෙය රාජ්‍ය නායකත්වය හරි දේ කළ බව පිළිගන්නා ප්‍රකාශයකි.බදු යනු කිසි කලක බදු ගෙවන ජනතාව ස්වේච්ඡාවෙන්ම කරන ගෙවීමක් නොවේ. බදු ගෙවන්නේ බදු නොගෙවා සිටියොත් බදු දැලට හසු වන නිසාය.බදු අය කිරීම පහසු කාර්යයක් නොවේ. ඒ සඳහා කාර්යක්ෂම බදු අය කිරීමේ යාන්ත්‍රණයක් තිබිය ...
දේශබන්දු සාධකය හා ලාංකීය ධනේශ්වර විප්ලවයේ වත්මන් මොහොත W3Lanka අජිත් පැරකුම් ජයසිංහව්යවස්ථාදායකයත්, විධායකයත්, අධිකරණයත් අතර ගැටුමක් පවතින රටක නිර්මාණය වන්නේ පූර්ණ අරාජිකත්වයකි. එවැනි තත්වයක් වළක්වා ගැනීමට නම් මෙම අංශ තුන අවබෝධයෙන් කටයුතු කළ යුතුය. එම අවබෝධය තිබිය යුත්තේ පවත්නා සමාජ ක්‍රමය රැක ගනිමින් අවශ්‍ය පරිවර්තන සිදු කිරීමටය. විප්ලවීය බලහත්කාරයක් යනු වෙනස් තත්වයකි. එහිදී විධායකය සෙසු අංශ යටපත් කරගෙන කටයුතු කරයි. ඒකාධිපතිත්වයක් ද ඒ හා සමානය.ශ්‍රී ...