වේයන්ගොඩ නිදානෙ රන් දෑකැති තියෙන්න බැරිද W3Lanka අජිත් පැරකුම් ජයසිංහලංකාවේ රත්තරං තිබුණේ නැත. මුතු මැණික් නම් තිබිණි. එහෙත්, ලංකාව ඉතිහාසයේ කවදාවත් ලොව ප්‍රධානම ධනවත් රාජ්‍යයක්ව සිටියේ ද නැත. ලංකාවේ රජවරු නිතරම අභ්‍යන්තර කැරලි, කුමන්ත්‍රණ ආදියටත්, පරසතුරු ආක්‍රමණ ආදියටත් මුහුණ දුන්හ. ඔවුන් ළඟ අති විශාල ධනස්කන්ධයක් එකතු වෙන්නට විදියක් නැත. එහෙම එකතු නොවූ ධනස්කන්ධයක් නිදන් කරන්නට විදියක් ද නැත.පසුව ගන්නට නිදන් කරපු ඒවා රජුගේ උරුමකරුවන් හෝ ...
චතුරංග අබේසිංහ නම් ඉන්ද්‍රජාලිකයා W3Lanka චතුරංග අබේසිංහ නම් ඉන්ද්‍රජාලිකයාPosted on November 23, 2024November 23, 2024 by adminඅජිත් පැරකුම් ජයසිංහකර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ දැන් ඩොලර් බිලියන 15ක් වන අපනයන 2030 වන විට ඩොලර් බිලියන 35ක් දක්වා වැඩි කරනවලු. ඒ කියන්නෙ දිනපතා ඩොලර් මිලියන 10.5කින් විතර අපනයන ආදායම වැඩි කරනවා. අවුරුදු පතා 15%කට වඩා අපනයන වර්ධනයක් අවශ්‍යයි. මේක කරන්න නම් අවුරුදු කීපයක් ඇතුළත ...
ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන අපේ මතය W3Lanka අජිත් පැරකුම් ජයසිංහනොවැම්බර් 21දා ජවිපෙ දසවන පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පවත්වන ලද කතාවෙන් රජය අනුගමනය කරන්නට බලාපොරොත්තු වෙන ප්‍රතිපත්ති ප්‍රකාශයට පත්කරන ලදි.ජවිපෙ/ ජාජබ බලයට පත්වීමෙන් ඇස් ගිනිකණ වැටී සිටින අඳබාලයන් හානේ, මාරයි, කොලයක් බලාගන්නෙ නැතුව කොහොම මෙහෙම කතා කරනවද ආදී වශයෙන් විස්මය පළ කළහ. ජනාධිපතිවරයාගේ මේසය මත කොළයක් විය. ටෙලිප්‍රොම්ප්ටර පාවිච්චි ...
ලස්සන ජීවිතයක් සඳහා එච්චරම පොහොසත් වෙන්නට අවශ්‍යද? W3Lanka අජිත් පැරකුම් ජයසිංහජනාධිපතිතුමා හෙට ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරනවා. මේ දවස්වල රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග සමාලෝචන සාකච්ඡා පවත්වමින් සිටිනවා.උපයන විට බදු අය කරන අවම සීමාව රු. ලක්ෂයේ සිට ලක්ෂ දෙක දක්වා ඉහළ නංවන්නට ජාතික ජන බලවේගය පොරොන්දු වුණා. ඒ කාරණය රජය ජා.මු.අ. සමග සාකච්ඡා කරනවා ඇති.රජයේ සේවකයන්ට වැටුප් වැඩි කරන බවටත් පොරොන්දු දුන්නා. දිළිඳු සහනාධාර වැඩි කරන්නටත් පොරොන්දු ...
සුහුරු කෘෂිකර්මාන්තයේ යුගයක වී වපුරා අපෙන් පෝර ඉල්ලන ගොයියෝ W3Lanka අජිත් පැරකුම් ජයසිංහආහාර නිෂ්පාදනයෙදි කෘෂිකර්මාන්තය හා ධීවර කර්මාන්තය ඉතා වැදගත්.එම ක්ෂේත්රවල සාකච්ඡා කළ යුතු නවීන විෂයයන් වන්නේ, තිරසාර කෘෂිකර්මාන්තය, දේශගුණයට ඔරොත්තු දීමේ හැකියාව, ඩිජිටල් තාක්ෂණය සහ නවෝත්පාදනය, ආර්ථික ශක්‍යතාව, ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම, හානි සහ නාස්තිය අවම කිරීම සහ ජෛව විවිධත්ව සංරක්ෂණය වැනි විෂයන් පිළිබඳවයි.දියුණු කෘෂිකර්මාන්තයක් ඇති රටවල සාකච්ඡා කරන්නේ නිරවද්‍ය ( ...
ජාජබ ඇමති මණ්ඩල විශ්ලේෂණය W3Lanka අද දින දිවුරුම් දෙන ලද කැබිනට් මණ්ඩලයේ සමස්ත ඇමතිවරුන් සංඛ්‍යාව ජනාධිපතිවරයා ද ඇතුළත්ව 22කි.අග්‍රාමාත්‍ය හා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශ පමණක් කාන්තාවන්ට හිමි වී ඇත. ඇමතිවරුන් හයදෙනෙකු පත්කර තිබෙන්නේ ජාතික ලැයිස්තුවෙනි. ගම්පහ දිස්ත්‍රික්කයට ඇමති තනතුරු තුනක් ද මාතර දිස්ත්‍රික්කයට ඇමති තනතුරු දෙකක් ද ලැබී ඇත.උතුරු නැගෙනහිර පළාත්වල ජනයා ඍජුව නියෝජනය කරන කිසිවකුට ඇමති තනතුරු ලබාදී නැත.ගාල්ල ...
දෙමළ ජනතාවට දෙමළ වීම නිසා තියෙන ගැටලුව මොකක්දැයි නැවත ඇසීම W3Lanka අජිත් පැරකුම් ජයසිංහදෙමළ ජනතාවට දෙමළ වීම නිසා තියෙන ප්‍රධාන ගැටලුව වෙන මොකක්වත් නෙමෙයි දේශපාලන බලය පිළිබඳ ගැටලුව. යටත් විජිත සමය තුළ ඉදිකළ මාර්ග පද්ධතිය හා කෝල්බෘක් කැමරන් ප්‍රතිසංස්කරණ ඔස්සේ නිර්මාණය වුණ සිලෝන් ඒකීය රාජ්‍යය 1948 නිදහසෙන් පසු සිංහල බෞද්ධ ගොවිගම පිරිමි ආධිපත්‍යයට යටත් ශ්‍රී ලංකාව බවට පත් වීමෙන් පසු රාජ්‍ය ආධිපත්‍යයෙන් මුළුමනින්ම පිටමං කරන ලද ප්‍රජාව තමයි දෙමළ කතාකරන ...
අම්බිගා හෙවත් කඳුරට දෙමළ කාන්තා නායකත්වය සහ සිංහල පිරිමි W3Lanka අජිත් පැරකුම් ජයසිංහඅම්බිකා සැමුවෙල් යනු 2024 මහ මැතිවරණය සඳහා බදුල්ල දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගයෙන් තරග කළ කාන්තාවකි. කුමක් හෝ නොදන්නා හේතුවක් මත සිංහල සමාජ මාධ්‍ය මාලිමා ක්රියාකාරිකයන් ඇය අධික ලෙස ඔසවා තබනු දක්නට ලැබිණි. එය කෙතරම් සීමාව ඉක්මවා ගියාද යත්, සිංහල පිරිමින්ගේ ෆැන්ටසියට ඔබින පරිදි ඇගේ රූපය සුදු කර සකසා භක්ෂණය කරනු දක්නට ලැබිණි.කුමාර හෙට්ටිආරච්චි ලියූ කවියක් ද මේ අතර ...
උපුල්ලා, කැටිපෙලා, ව්‍රායිලා කැපිල ගියේ ඇයි? W3Lanka අජිත් පැරකුම් ජයසිංහඋත්තරය කැපිල්ල නොවේ. ඉස්සිල්ලක් නැති නිසාය. මේ අය මේ ෆේස්බුක්වල තරම් මහජනයා අතර ප්‍රසිද්ධ නැත.එතකොට කවුරුවත් නොදන්නා අප්‍රකටම චරිත අති විශාල ගණන්වලින් මනාප ලබාගෙන පත්වුණේ ඇයි? ඒ ඔවුන් පත්කරගන්නට පක්ෂ නායකයන්ට උවමනා වී තිබුණු නිසාය. මෙම පාර්ලිමේන්තු මැතිවරණයේදී වඩා වැදගත් වුණේ ජවිපෙ විසින් ඔසවා තැබීමය.එහෙම වුණාය කියා මේ වගේ මහා ඡන්ද රැල්ලකදී එය පාලනය කරගත්තේ කෙසේද? ...
කුලියට නෙමෙයි ආණ්ඩුවට ණයට උපදෙස් W3Lanka – අජිත් පැරකුම් ජයසිංහලංකාවෙ ජනතාව කියන්නෙ මෝඩයන් නෙමෙයි. පට්ට අවස්ථාවාදියෝ. කාව හරි දේශපාලකයෙකුව අන්දලා රජයෙන් කාලාම තමයි පුරුදු වෙලාම තියෙන්නෙ. වැඩ කරන්න, මහන්සි වෙන්න, කැපකිරීම් කරන්න සූදානම් නැහැ. නිකං කන්න තමයි බලාපොරොත්තුව. දියසෙනලා ඇවිත් වටපිට බලනකොට හම්බ වෙච්ච පාර තමයි ණය. දැන් ණය කතන්දරෙත් ඉවරයි.ඒ වුණාට, බල පෙරේතයෝ හැමදාම දියසේනලා වගේ ඇඳගෙන එනවා. උන් හිතනවා උන් ජනතාව රවටනවාය කියලා. ...
වැහි පීල්ලක අතරමංව W3Lanka යසස් සමන්ත වීරසිංහගේ කෘතියක් ගැන අදහසක්වැහි පීල්ලක අතරමංව පොත දෙපාරක් කියෙව්වා. ඒක විදර්ශන සාහිත්‍ය තරගාවලියෙ හොඳම නවකතාවට තේරුණු කෘතිය. මගේ නවකතාවකුත් ඒ තරගයෙදි දිගු ලැයිස්තුගත වුණ නිසා, තරගකරුවකු නිසා, මොකක්වත් නොලියා ඉන්නත් හිතුවත්, අද උදේ උදන් ප්‍රනාන්දු එක්ක මේ පොත ගැන කතා කරපු නිසා මෙය ලියන්නට හිතුණා.වැහි පීල්ලක අතරමංව කියන්නෙ පසුගිය ආර්ථික අර්බුදයෙදි තෙල් පෝලිමක නාට්‍යමය සිදුවීම් ...
මං ඡන්දෙ දුන්නෙ කාටද? W3Lanka අජිත් පැරකුම් ජයසිංහමං ඡන්දෙ දුන්නෙ කාවින්ද රණවීරට. එයා කලක සිට අපේ දේශපාලන ලයින් එකේ වැඩ කරන කෙනෙක්. ඔහු ඡන්දෙ ඉල්ලන බවක්වත් මට කිව්වෙ නැහැ. ඡන්දපොළට යන ගමන් මං ඊෂාගෙන් ඇහුවා, ඡන්දෙ දෙන්නෙ කාටද කියලා. එයා හිටියෙ ගෑස් සිලින්ඩරේටත්, එහි අපේක්ෂකයන් දෙදෙනෙකුටත් ඡන්දය දෙන්න. මං පැහැදිලි කළා මං ඇයි කාර් එකටයි, කාවින්දටයි දෙන්නෙ කියන එක. අන්තිමට එයාත් එයාගෙ ඡන්දය කාවින්දටයි, චමිල ...
ශ්‍රී ලංකාවේ පළමු විවෘත සංක්‍රාන්ති ලිංගික පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂක W3Lanka ඡායාරූපයේ සිටින චානු නිමේෂා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී තරග කරයි.චානු නිමේෂා ශ්‍රී ලංකාවේ පළමු සංක්‍රාන්ති ලිංගික පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂිකාවය.ඇය තරග කරන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයෙනි. නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයයි.චානු නිමේෂා 2022 #GotaGoHome ව්‍යාපාරයේ ක්‍රියාකාරිනියකි.“මම සටන දිගටම කරගෙන යන්නෙමි, නමුත් වෙනත් ආකාරයකින්,” යි නිමේෂා EFE Comunica වෙබ් අඩවියට පැවසීය.Adapted ...
මාලිමාවට තුනෙන් දෙකේ බලයක් දිය යුතු එක හේතුවක් තමයි රථගාය සුව කිරීම W3Lanka අජිත් පැරකුම් ජයසිංහමේ වෙනකොට වාහන බලපත්‍ර හිමියන් 8,000ක් පෝලිමේ ඉන්නවා. සමහරුන්ට දෙක තුන තියෙනවා. මේ ටික තීරු බදු සහන මත ආනයනය කරන්නට දුන්නොත්, රටේ ඩොලර් ටික පිටරට යනවා. රජයට ආදායමක් ලැබෙන්නෙත් නැහැ. රජයට ආදායමක් නැති නිසා රජයේ සේවකයන්ට පඩි වැඩි කරන්නට වෙන්නෙත් නැහැ.මේ බලපත්‍ර හිමියන් වැඩිදෙනෙකු ඒවා විකුණනවා. අවසානයේදී මෙයින් සිදුවෙන්නෙ වාහන ආනයනකරුවන් අධික ලාභයක් ලබන එක. ආනයනය කරන ...
රාජ්‍ය සේවයේ අවුරුදු තුනේ සේවයෙනුත් විශ්‍රාම වැටුප් ගෙවන හැටි W3Lanka අජිත් පැරකුම් ජයසිංහදේශපාලකයන්ගෙ විශ්‍රාම වැටුප අහෝසි කරන බවට ජනප්‍රිය ප්‍රකාශ ජනාධිපති අනුර කුමාර දිසානායක කරනවා. එහෙම කරන්නෙ ලාල් කාන්ත, සුනිල් හඳුන්නෙත්ති, බිමල් රත්නායක, සමන්ත විද්‍යාරත්න, වසන්ත සමරසිංහ, රාමලිංගම් චන්ද්‍රසේකරන්, එරික් වීරවර්ධන වගේ මාලිමා නායකයන් මේ මාසෙත් ඒ විශ්‍රාම වැටුප ගන්න ගමන්. අහෝසි කරන්න ආණ්ඩුව තීරණ ගන්නකල් ඉන්නෙ ඇයි? ප්‍රතික්ෂේප කරන්න.මේ ජනප්‍රිය වෛරී බොරුවෙන් ...
හාල් ප්රශ්නය, ජනාධිපති, මාලිමාව හා ප්රතිවාද W3Lanka අජිත් පැරකුම් ජයසිංහප්රතිවාද කණ්ඩායමේ රමිඳු ලක්ඛික පෙරේරා සහල් ප්රශ්නය හා මාලිමාවේ ආර්ථික චින්තනය නම් ලිපියේ දක්වන ආකාරයට, මාලිමාවේ ආර්ථික චින්තනය අනුව, මහා පරිමාණ සහල් වෙළඳුන් යනු මිනිසුන් නොවේ. ඔවුන් බලා සිටින්නේ හාල් මිල ඉහළ දමා හැකි තරම් ලාභ ලබාගැනීමටය. එහෙත්, ඔවුන් කොයි තරම් නරක වුණත්, ලංකාවේ හාල් මිල ද සාපේක්ෂව එතරම් ඉහළ අගයක නැත.අස්වනු කපන කාලයට ගොවීන්ට අවශ්‍ය ඉහළ මිලක් ...
කුඩ දාසයේ කතාව W3Lanka ජනාධිපතිවරු කියන්නෙ සේනාධිනායකයන්. ඒ අය තමයි යුද්ධය හෝ සාමය සම්බන්ධයෙන් තීරණ ගන්නෙ. අපේ රටේ තිස් අවුරුදු යුද්ධයක් තිබුණා. ත්රස්තවාදයට ඊට වඩා දිගු ඉතිහාසයක් තියෙනවා. ජනාධිපතිවරු කියන්නෙ හැමදාමත් රට වෙනුවෙන් අවදානම් ගත් පිරිසක්. උදාහරණයක් විදියට මහින්ද කියන්නෙ යුද්දෙ දිනන්න දැඩිව අවදානම් තීන්දු ගත්ත කෙනෙක්. මම නම් දිගටම යුද්දෙදි දෙමළ පාර්ශ්වය ගැන සානුකම්පිතව හිටපු කෙනෙක්. ඒ වුණාට යුද්දෙ දිනුවෙ ...
KDU බස් අනතුර දවසෙ මතුගමත් දෙන්නෙකු අනතුරුවලින් මරුට W3Lanka කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සම්බන්ධ මාරක රිය අනතුර සිදු වුණ දවසේ තවත් සිව්දෙනෙකු රිය අනතුරුවලින් මිය යනවා. දෙදෙනෙකු මිය යන්නෙ මතුගම පාන්තියේ, වැල්කන්දල හන්දියේ සහ බදුගමදීයි.මතුගම කලුතර පාරෙ රිය අනතුරින් 58 හැවිරිදි යතුරුපැදිකරුවකු මිය යනවා. ඕමත්තේ සිට කොළඹ බලා ධාවනය වන බස්රියක් පාරේ දකුණු පැත්තෙන් අයිනට හරවමින් සිටි පුද්ගලයාගේ යතුරුපැදිය පිටුපසින් වේගයෙන් හප්පා තිබෙනවා. මෙම බස්රිය වෙනත් ...
මාලිමාවේ හොඳ වැඩ W3Lanka අජිත් පැරකුම් ජයසිංහමේ පිරිසිදු කිරීමේ ශ්‍රමදාන හොඳ වැඩ. මාලිමාවට රටට කරන්නට පුළුවන් එක දෙයක් තමයි පරිසරය පිරිසිදුව තියාගන්න එක. ඒක සංචාරක කර්මාන්තය වැනි දේට විශේෂයෙන් හොඳයි. පොදුවෙත් හොඳයි. මේක සාර්ථක කරගන්නෙ කොහොමද?ජවිපෙ 3% කට්ටිය නම් ඉස්සර ඉඳන්ම පරිසරය ගැන සංවේදීයි කියන්න පුළුවන්. ඒගොල්ලන් රැස්වීමක් තිබ්බත් එතන පිරිසිදු කරන්නෙ ඉස්සර ඉඳන්මනෙ. දැන් ඔය 43%ට එකතු වෙලා ඉන්න ඉතුරු 40% වෙන ...
මාලිමා ආණ්ඩුවේ නෝට්ටුවලින් ගනුදෙනු කරන්නට පුළුවන් කවදා සිටද? W3Lanka අජිත් පැරකුම් ජයසිංහමහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහගේ අත්සනින් යුත් මාලිමා ආණ්ඩුවේ මුදල් නෝට්ටු භාවිතයට ගන්නට දැන්ම බැරි වනු ඇත.එහෙනම්, ආණ්ඩුව රුපියල් බිලියන 100ක සල්ලි අච්චු ගැහුවා කියන එක බොරුවක්ද?එහෙම තමයි ඒ ක්‍රියාවලියට කියන්නෙ. ඒ වුණාට නෝට්ටු අච්චු ගහලා නැහැ. කරලා තියෙන්නෙ මුදල් මැවීමක්.ඔය භාණ්ඩාගාර බැඳුම්කර වගේ ගත්ත ණය තියෙනවානෙ. කල් පිරුණාම ඒ ණය පොළියත් එක්ක ගෙවන්නට ඕනැනෙ. ඒවා ...