පෑන මාත් එක්ක තරහයි.. Tharaka-Lankanet අවුරුදු ගාණක් පරිගණකයත් එක්කම ගත කරලා අන්තිමට මගේ අකුරු ලිවීමත් දැන් අන්තිමටම නරක් වෙලා. පෑනක් හරියට පාවිච්චි කරපු කාලයක් මතක නෑ. ලියුමක් ලිව්ව කාලයක් මතක නෑ (මොකක් ද ලියුම් කියෙන්නේ?) මම හිතන්නේ මම වගේ හුඟක් අයට මේ ප්රශ්නය ඇති. පෑනක් පාවිච්චි කරන්නේ මොකක් හරි අත්සන් කරන්න වුනොත් නැත්නම් ටෙලිෆෝන් අංකයක් ලියා ගන්න වගේ වැඩකටයි.ඒත් දැන් අත්සනත් වරදින වෙලාවල් තියෙනවා. බැංකුවෙන් ...