Tech-Handiya (http://www.tech-handiya.com/component/content/frontpage.html) Latest Posts Most Popular Posts
ද්විමාන තලයෙන් ඔබ්බට...(3) Tech-Handiya ද්විමාන තලයෙන් ඔබ්බට... Stereocopy ද්විමාන තලයෙන් ඔබ්බට...(2) - Polarization 3D ඉහතින් මා පලකල ලිපි කියවා ඇතිනම් මෙම තාක්ෂණය පිලිබද මූලික තාක්ෂණික කරුණු ඔබ ගැන ඔබට අවබෝධයක් ලැබී ඇත. දැන් අපි එම ක්‍රම හා බැඳුනු ප්‍රායෝගිකව ලොව භාවිත වන නවීන ක්‍රම කිහිපයක් හඳුනා ගනිමු.
කැමරාවක් තෝරා ගනිමු -2 කැමරාවක කොටස් Tech-Handiya කැමරාවක් තෝරා ගනිමු -2 කැමරාවක කොටස් Digital කැමරා ගැන බොහොම සංශිප්ත පැහැදිලි කිරීමක් අපි පෙර ලිපියෙන් ඉදිරිපත් කලා. ඡායාරූපකරණය විනෝදාංශයක් විදියට කරන අයට කැමරා තෝරාගැනීම පිලිබද මාර්ගෝපදේශ සහ උපදෙස් මාලා අන්තර්ජාලයේ බහුලව දකින්න ලැබුණත් සාමාන්‍ය කැමරාවක් මිලදී ගන්න බලාපොරොත්තුව ඉන්න අයට අත්වැලක් සපයන ලිපි ඉතාමත් විරලයි. සිංහල බ්ලොග් අතර රූසර කියන්නෙ මෙහෙම අත්වැලක් සපයන බ්ලොග් කිහිපයෙන් එකක්. ඉතිං පෙර ...
වටිනා ලිපිගොනු රැක දෙන Data Backup Utilities-i Tech-Handiya වටිනා ලිපිගොනු රැක දෙන Data Backup Utilities ඔබේ පරිඝනකයත් විටින් විට ලබා දෙන Data backup pop up reminders සමහරවිට ඔබටත් මහා වදයක් බවට පත්වෙලා ඇති! අපි කවුරුත් බැක්අප් (BackUp -උපස්ථය) ගැන ගණන් නොගත්තාට බැක්අප් වල වටිනාකම තේරෙන්නෙ අත් වැරදදීමකින් හෝ දෘඩ තැටි හානි වීමකින් ඔබගේ දත්ත වලටත් හානි වූ වෙලාවක තමයි. හැබැයි එතකොට ...
කැමරාවක් තෝරා ගනිමු -1 -කැමරා ප්‍රබේධ Tech-Handiya කැමරාවක් තෝරා ගනිමු -1 -කැමරා ප්‍රබේධ කැමරාව දැන් අප හැම දෙනාටම නැතුවම බැරි උපකරණයක්. හැබැයි දැන් ඉතින් ආධුනික/ ප්‍රවීණ හැමෝම අතේ තියෙන්නෙ ඩිජිටල් කැමරා තමයි. විශ්ව විද්‍යාල වල ඡායාරූපකරණය හදාරන සිසුන්නම් බොහෝ විට සේයා පටල යොදන කැමරා භාවිතා කරනව. සේයා පටල කැමරා භාවිතය අභාවයට යමින් ...
ඇත්ත නැත්ත -8- Mobile Phone අතිශය ගිනි ගන්නා සුළුයි? Tech-Handiya අද අපි හොයා බලන්නෙ ඉන්ධන පිරවුම් හල් අසල ජංගම දුරකථන ඇමතුම් ගැනීම භයානකයි කියන ප්‍රචලිත මතය ගැන! මේක බොහොමත්ම ප්‍රචලිත මතයක්! මේ හේතුව නිසා ඉන්ධන පිරවුම්හල් වල එහෙම ජංගම දුරකථන භාවිතය තහනම් කරලත් තියනව(ලු). මේ කාරණය හා සම්බන්ධ වීඩියෝ දර්ශන රැසක් youtube තුලත් දැකගන්න පුලුවන්. මේ ඉන් කිහිපයක් ... http://www.youtube.com/watch?v
PIC "අ" යන්නේ සිට "ඇති" වෙනකන්! – (4) (data sheet බලමු! contd) Tech-Handiya අපි කලින් ලිපියෙන් කතා කරේ PIC වල තියෙන memory ගැනනේ. අද අපි PIC වල තියෙන තවත් වැදගත් දේවල් කිහිපයක් ගැන කතා කරමු. මෙහිදීත් අපි යොදාගෙන තියෙන්නේ PIC 16F628A data-sheet එකමයි. කලින් ලිපියේදී Registers කියල ජාතියක් ගැන කතා කරානේ! ඒ මොනවද? සරලව කියනවනම්, Register එකක් කියන්නේ bits ගබඩා කිරීමට යොදා ගන්නා ස්ථානයක්. ...
ඉලෙක්ට්‍රොනික්ස් සරල බසින් ....!!! (හත්වන පියවර ) Tech-Handiya ඉලෙක්ට්‍රොනික්ස් සරල බසින් ....!!! (හත්වන පියවර ) පසුගිය ලිපියෙන් අපි විශේෂිත ඩයෝඩයන් ගැන කතා බහට ලක් කළා. අද ලිපියෙන් අපි කතා කරන්න යන්නේ ඩයෝඩ වල භාවිත පිළිබඳවයි. මෙහිදී විශේෂයෙන්ම අපි ඩයෝඩයේ සෘජු කාරක ගුණය ගැන කතා බහට ලක් කරනවා. තව ටිකක් සරලව පැහැදිලි කලොත් ඩයෝඩයා හරහා එක දිශාවකට ධාරාව ගමන ...
ඇත්ත නැත්ත -6 ( E-Mail අවවාදය: Phone එක Cancer ඇති කරයි!?) Tech-Handiya පොරොන්දු වුණු විදියටම අද අපි ඇත්ත නැත්ත තුලින් අපේ සමාජයේ පැතිරිලා තියෙන ප්‍රචලිත මතවාද කිහිපයක ඇත්ත නැත්ත හොයා බලන්නයි මේ සූදානම. අද අපි අප කාගෙත් අතේ නිතර ගැවසෙන ජංගම දුරකථන ගැනයි කථා කරන්නෙ!
ඇත්ත නැත්ත 7 -Mobile Phone විකිරණ, තාපය සහ හොද පුරුදු Tech-Handiya පසුගිය සතියේ ඉදිරිපත් කල ලිපිය පිලිබද විවිධ අය දක්වපු අදහස් ප්‍රමාණය නම් අති විශාලයි. බොහෝ දෙනෙක් Mobile Phone කියන්නෙ පිලිකා වලට හේතු වන මූලිකම සාධකයක් බව විශ්වාස කරන බව තමයි සංවාද වලින් තේරුම් ගියේ... සමාජයේ පැතිරිලා තිබෙන මේ මතය පදනම් විරහිත වෙන්නෙ ...
ක්‍රීඩාව අරක්ගත් තාක්ෂණය -The Hawk Eye - Tech-Handiya Hawk Eye (හෝ'ක් අයි) කියන්නේ ඉතින් අපේ රටේ ඉන්න ක්‍රීඩා ලෝලීන්ට අලුතෙන් අදුන්නලා දෙන්න ඕනේ දෙයක් නෙමෙයිනේ...! පිතිකරුවෙක් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු උනාම, ඇත්තටම එම පන්දුව කඩුල්ලේ වදිනවද කියල සැක හැර දැනගන්න Hawk Eye තාක්ෂනය උදව් වෙනවා. ඒ නිසා ඉස්සර වගේ අම්පයර්ලට හොර අවුට් දීල බේරෙන්න හම්බ වෙන්නේ නෑ! :) ලංකාවේ අපි Hawk Eye තාක්ෂණය දකින්නේ ක්‍රිකට් ක්‍රීඩාව තුලින් ...
London කලබල අතරතුර ඉදිවන olympics විශ්මය -2 Tech-Handiya පසුගිය සතියේ අපි ලන්ඩන් නුවර ඔලිම්පික් ක්‍රීඩා උලෙලට සූදානම් වන අයුරු කථා කරන්න පටන් ගත්තා. අද ලිපියෙන් ඉදිවෙමින් පවතින තවත් ඔලිම්පික් ක්‍රීඩාංගන හා ගොඩනැගිලි රැසක තොරතුරු ඔබට දැනගන්නට ලැබේවි! ...
ස්මාර්ට්ෆෝන් සහ අපි ! Tech-Handiya ස්මාර්ට්ෆෝන්. මේ වචනය ඇසූවිට අපේ පාඨකයන් අතරින් ඇතැම් අයගේ ඇස නිරායාසයෙන්ම තමන් පණ දෙවනි කොට රකින, අලුතෙන්ම මිලට ගත් ඒ හුරුබුහුටි මේවලම වෙත යොමු වෙනවා ඇති. වෙනත් කෙනෙකුට තමන් අලුතෙන්ම නිර්මාණය කරන "Android App" එකට නව අංගයක් එකතු ක
ටෙක්නිකල් හන්දියෙ ලොක්ක අයියා..... - 2 වෙනි කොටස Tech-Handiya අපේ ටෙක්නිකල් හංදියට හවස් වෙන කොට යාලුවො එකතු උනා. කට්ටියම කතා උනේ ලොක්ක අයියා අද කරනවා කිව්ව පාඩම ගැන. චන්න-අද මොනවාද කතා කරනවා කිව්වෙ? පසිඳු-fuse ගැන කතා කරනවා කිව්වානේ............! දිවා-ඔන්න ලොක්කා අයියා එනවා. එයාම විස්තර කියයි. ලොක්කා අයියා-ඉතින් මල්ලි ගෙදර වැඩේ හරිද? චන්න- අවුලක් නැ.......... කිව්ව විදියටම කලා... දැන් හරි. ලොක්කා අයියා- අපි අද විලායක ගැන කතා කරනවා කිව්වා නේද? හැරී- fuse කියන්නෙ ඒවාටද? ...
ඇත්ත නැත්ත 5 (මව් සෙනෙහස මිනුම් ඒකකයකින් මැනිය හැකි ද?) Tech-Handiya පෙරවදන: අද අපි ගෙන එන්නේ ටෙක් හංදියේ පලවන 50 වන ලිපියයි. විද්‍යා සහ තාක්ෂණික මාතෘකා මුල් කරගෙන, සාම්ප්‍රදායික තාක්ෂණික බ්ලොග්කරණ රටාවට කොටු නොවී, නැවුම් අත්දැකීමක් ගෙන එන්නට අප දැරූ උත්සාහය සාර්ථක වුණා කියල අපි විශ්වාස කරනවා. විභාග කටයුතු වලින් කාර්යබහුල වී ඇති නිසා මේ අවස්ථාව සුවිශේෂී ආකාරයෙන් සමරන්නට නොහැකි වුනත් 15000 කට ආසන්න අපේ පාඨක නැරඹුම් (Page Hits) තුලින් අපව දිරිමත් ...