අහෝ !!! වැලන්ටයින් Pandukabaya's Blog තවත් වැලන්ටයින් දිනයක් ඇවිල්ලා. වැලන්ටයින් දිනයට දවස් ගානකට කලින් ඉඳලම ටීවී එකේ ඉන්නෙම වැලන්ටයින්. රේඩියෝ එකේ හැමතිසෙම ඇහෙන්නේ ආදර සින්දු. වැලන්ටයින් ගැන තියෙන බැනර් රට පුරාම. මේක දැකපු මට හිතුනේ මුලු ලංකාවෙම පාලනය වැලන්ටයින්ට ගිහිල්ලා කියලා. මේ කාලේ ඉතින් කෙල්ලොන්ට කොල්ලොන්ට නම් රජ මගුල්. තමන්ගේ ආදරවන්තියට බ්‍රේස්ලට් එකක්, රත්තරන් මාලයක් අරන් දෙන්න බැරිවුනත් (අරන් දෙන්න පුලුවන් කාලයකුත් තිබුනා.) ටෙඩී බෙයා ...
කෙල්ලනේ, උඹලා මෙහෙම ඇඳගෙන පලයල්ලා. Pandukabaya's Blog ඔන්න දැන් ලංකාවේ අලුත් නීතියක් ඇවිල්ලා. කාන්තාවන්ට සංස්කෘතියට නොගැලපෙන ඇඳුම් අඳින්න බෑ කියලා. හැබැයි කවුරුවත් මේ නීතිය හරියට විස්තර කරලා තිබුනේ නෑ. කාන්තාවන් ගෙදරින් එළියට බහින්කොට තමන්ගේ ඇඳුම හරියට තියනවාද කියලා හොයලා බලන්න. අපේ පොලීසියේ උත්තමයෝ ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ. පොලීසියේ ඉන්න රත්තරන් මිනිස්සුන්ට මල පන්නන්නේ නැතිව ශරීරය වහගෙන යන එක තමයි නුවණට හුරු. ඒ කොහොම උනත් ...
ධනාත්මක චින්තනය : සත්‍යය හා මිත්‍යාව Pandukabaya's Blog මම මේ ලිපිය ලිවීමට අදහස් කලේ බොහෝ කාලයක සිටය. නමුත් ඒ සඳහා අවශ්‍ය කරුණු එක් රැස් කරගෙන නොතිබුනු නිසා එය කල් දැමීමට සිදුවුනි. කෙසේ වෙතත් ඔබ සැමගේ අවධානය පිණිස කල් පසුවී හෝ මෙය ඉදිරිපත් කරන්නෙමි.ධනාත්මක චින්තනය ගැන අද රටේ බොහෝ දෙනෙක් කථාකරති. ප්‍රායෝගික මනෝ විද්‍යාව නමින් අලුත්ම පොත් පත් විශාල ප්‍රමාණයක්ද අද වෙළඳපලේ පවතියි. අලුත් චින්තනයක් තුලින් දියුනුවේ මංපෙත සලසා ...
සුනඛයන් සමග මිතුරු වීම Pandukabaya's Blog සුනඛයා වනාහී මිනිසාගේ ඉතාම කිට්ටුවන්ත් මිතුරාය. ආරක්ශාව ලබාගැනීමට හා සුරතලයට සුනඛයන් ඇතිකිරීමට මිනිසුන් පුරුදු වී සිටිති. සමහර ආක්ටික් ප්‍රදේශ වල නම් කරත්ත ඇදීමට පවා සුනඛයන් යොදා ගනිති. සුනඛයන් සාමාන්‍යයෙන් මිනිසා සමග මිත්‍රශීලී වුවත් සමහර සුනඛයන් ස්වභාවයෙන්ම ආක්‍රමණශීලී බවක් දක්වයි. එවන් සුනඛයන් සමග මිත්‍රවීම අවදානම් සහගත ක්‍රියාවකි. මේ කෙසේ වෙතත් අලුත් සුනඛයෙක් සමග මිත්‍ර වීමේදී පහත ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ...
දෙවන ලෝක යුද්ධය ගැන පසු වදනක් Pandukabaya's Blog දෙවන ලෝක යුද්ධය වනාහී මිනිස් ඉතිහාසය තුල සිදුවුනු ඉතාම දරුණු සංග්රාම වලින් එකක්. එංගලන්තය, ඇමෙරිකාව, රුසියාව ඇතුලු මිතුරු පාර්ශවය හා ජර්මනිය ඉතාලිය ජපානය ප්රමුඛ සතුරු පාර්ශවය යනුවෙන් කල්ලි 2 කට බෙදී සිදුවුනු මෙම සටන නිසා මිලියන ගනනක් ජනතාව මරණයට පත්වුණි. දෙවන ලෝක යුද්ධයේ බිහිසුනු මතකයන් අද පවා බෙහෝ දෙනෙක් තුල රැඳී තිබේ. මේ මහා යුද්ධයට තුඩු දුන් කාරණා බොහොමයක් අද ...
කාල කළමනාකරණය. Pandukabaya's Blog කාලය රන් හා සමානයි කියා පැරණි කියමනක් ඔබ අසා ඇති. තමන් කොතරම් ප්ර්වේසම් වුවත් ගිලිහී යාමට වඩාත්ම ඉඩ ඇති වස්තුවද කාලයයි. එය නිසි පරිදි යොදාගැනීම අපි සෑම දෙනටම වැදගත් වේ. ඔබ බහුජාතික සමාගමක විධායක නිලධාරියෙක් වන්නට පුලුවන්. එසේත් නැත්නම් තවම අධ්‍යාපනය ලබනවා වන්නට පුලුවන්. මේ සෑම දෙනාටම තම ජීවිතය සාර්ථක කරගැනීම සඳහා අනිවාර්යයෙන්ම පුරුදු පුහුනු කලයුතු දෙයක් තමයි කාල කළමනාකරණය.අප ...
මුදල් ඉතිරිකර ගැනීම Pandukabaya's Blog වර්ථමානයේ ලෝකයේ ආර්ථික තත්වය ඉතාම නරක තත්වයකට වැටිලා කියලා අමුතුවෙන් කියන්න ඔනේ නෑ. හැම කෙනාටම සල්ලි අතින් යම් යම් අමාරුකම් තියෙන කාලයක් මේක. ලංකාවට විතරක් නෙවෙයි ලෝකයේ බොහෝ දෙනෙකුට ආර්ථික අර්බුදය නිසා කරදර විඳින්න සිදුවෙලා තියෙනවා. සමහර අය රස්සා වලින් පාරට වැටෙනවා. ලංකාවේ විතරක් 50000 කට වඩා රැකියා (සියලුම අංශ වල.) ආර්ථික අර්බුදය නිසා නැතිවුනා කියලා පහුගිය කාලේ අහන්න ලැබුනා. ...
වෙහෙසී වැඩකරමු Pandukabaya's Blog විපක්ශයේ එක්තරා මන්ත්‍රීවරයෙක් ගෙනා යෝජනාවක් ඇසුරුන් මේ ලිපිය සම්පාදනය කිරීමට මට සිතුනි. එම යෝජනාව නම් ලංකාවේ නිවාඩු ගනන අඩුකර වැඩකරන පැය ගණන වැඩි කිරීමයි. එයින් ලංකාවේ අනාගතයට හා ආර්ථික වර්ධනයට ඇතිවන යහපත් ප්‍රතිඵල ගැන එම යෝජනාව ඉදිරිපත් කල මන්ත්‍රීවරයා කරුණු දැක්වුවේය. එතුමා අතීතයේ කල කී දේවල් කෙසේ වුවත් ඉහත යෝජනාව ඉතා වැදගත් මෙන්ම කාලෝචිත එක්ක බවත් කිවයුතුය.රටක් දියුනු වන්නේ එම ...
ශිල්ප සොඳින් ගෙන Pandukabaya's Blog අධ්‍යාපනය ලැබීම අපි උපතේ සිට මරණය දක්වාම සිදුකරමු. නමුත් විධිමත් පාසල් අධ්‍යාපනයක් අවුරුදු 13 ක් හා උසස් අධ්‍යාපනයක් ඉන්පසුවද සාමාන්‍ය පුදගලයෙක් ලබනවා. රටෙන් රටට මෙය සුලු වශයෙන් වෙනස්වීමට හැක. විධිමත් අධ්‍යාපනයට වඩා අවිධිමත් අධ්‍යාපනය තුලින් ගතහැකි දේවල් බොහෝමයක් තිබුනත් තම රැකියාවට පාසල තුලින් හා උසස් අධ්‍යාපන ආයතන වලින් ලබන දැනුම මහත් පිටිවහලක් වෙනවා. රජය විසින් අනිවාර්යයෙන්ම අධ්‍යාපනය ලැබිය යුතු වයසක් ...
අනිවාර්ය යුධ සේවය (Conscription)ලංකාවේ ඇතිකරමු Pandukabaya's Blog මාගේ බ්ලොග් අඩවියේ මූලික නීතියක් ලෙස දේශපාලනික කාරණා ගැන ලිපි ලිවීම නොකරයි. මගේ කිසිඳු දේශපාලන බලවේගයකට සහය දීමක් නැත. එම නිසා පහත ලිපිය දේශපාලන පදනමකින් තොරව කියවීම තුලින් මෙහි හරය නිසි ලෙස ග්රහනය කරගත හැකි බව සලකන්න. අනිවාර්ය යුධ සේවය (Conscription) ලොව බොහෝ රටවල් වල තිබෙන දෙයක්. සියලුම පුද්ගලයින් යම් වයසකට පත්වූ පසු අනිවාර්යයෙන්ම රටේ හමුදාවට, පොලීසියට හෝ වෙනත් රජය ...
අන්තර්ජාලයෙන් නිසි ප්‍ර යෝජන ලැබීම Pandukabaya's Blog අන්තර්ජාලය වනාහී අද ලෝකයට අත්‍යාවශ්‍ය දෙයකි. එය මුලු ලෝකයම එකට සම්බන්ධ කරයි. අතීතයේ මෙන් නොව නූතනයේ මිනිසාට එකිනෙකා හා සම්බන්ධ වී සිටීමට සිදුවේ. ස්වයංපෝශිත ජීවන රටාව ලබාගැනීමට ලොව කිසිඳු රටකට නූතනයේ නොහැකි වී තිබේ. කාලයත් සමග සංකීරිණ වන මිනිස් අවශ්‍යතා සමග මූල්‍ය අංශය පෙරදා නොවූ ආකරයට ප්‍රසාරණය වූවා. එමෙන්ම එක් පුදගලයෙක් අනෙකා මත යැපීමට සිදුවුනා. අවසානයේ ලෝකය විශ්ව ගම්මානයක් බවට ...
මරණ දඬුවම තුලින් සමාජය විනයගරුක කරමු Pandukabaya's Blog අද ලංකාවේ අපරාධ රැල්ලක් ඇතිවන බව බොහෝදෙනෙක් කියති. නිරන්තරයෙන් අප රටේ මහා භයානක අපරාධ සිදුවේ. මිනීමැරුම්, මහා පරිමාන මුදල් වංචා, සොරකම් හා ලිංගික අපරාධ දවයිනේ දස දෙසින් වාර්ථාවේ. රටේ නීතිය ආරක්ශා කරන පොලීසිය හා උසාවිය වැනි ආයතන වලටත් මේ අපරාධ රැල්ල අවම කිරීමට තවත් හැකිවී නැත. මෑත කාලයේදී නීතිය සුරකින ආයතන පවා අපරාධකරුවන්ගේ තර්ජන වලට හසුවූ බව ටික කලකට පෙර ...
යෝජිත විවාහ Pandukabaya's Blog සමාජයේ කුඩාම ඒකකය පවුලයි. පවුලක මූලික කාරයය වන්නේ සමාජයේ ඉදිරි පැවැත්මට ගැලපෙන ලෙස අනාගත පරපුරට රැකවරණය ලබාදීමයි. නව පවුල් ඒකක ඇතිවන්නේ ගැහැනියක් හා පිරිමියෙක් එක්ව වාසය කිරීමෙනි. ඔවුන් ප්‍රජනනයෙන් නව පරපුරක් බිහිකරගෙන එය පෝෂණය කරති. දරුවන් නොමැති පවුලකින් සමාජයට නිසි වගකීම ඉටු නොවේ. පවුල් තැනීමේ මූලික අඩිතාලම නැමති විවාහය සිදුකරන ක්‍රම කිහිපයක් තිබේ. සමාජය තුල වැඩියෙන්ම ජනප්‍රිය වී තිබෙන්නේ ප්‍රේම ...
කෝපයේ යහපත් පැත්ත Pandukabaya's Blog කෝපය වනාහී සෑම ජීවියෙක් තුලම ඇතිවන ඉතාම සුලභ හා බැරෑරුම් සිතුවිල්ලක්. තමන්ගේ සිතැඟි පරිදි පරිසරයේ වෙනස්කම් සිදුනොවෙන විට හා තමාගේ ජීවිතයට යම් තරජනයක් එල්ල වුනු විට කෝපය සෑම විටම ක්‍රියාත්මක වෙනවා. අපි සෑම දෙනාම අසා තිබෙන්නේ කෝපය යනු මිනිසාගේ විනාශයට හේතුවන චිත්තවෙගයක් ලෙසය. නමුත් කෝපය කෙනෙකුගේ ජීවිතයට යහපත් ආකාරයෙන් බලපෑම් කරන අවස්ථාද තිබේ. කෝපය දනවන හැඟීම් තමාගේ ජීවිතයට ඵලදායී ලෙස ...
ශාරීරික දඬුවම් දීම තුලින් ළමා පරපුර විනයගරුක කරමු (Spare the rod and spoil the child) Pandukabaya's Blog අද අප රටේ විනය බරපතල ලෙස පිරිහිලා තිබෙනවා. සරසවි ශිෂ්‍යයන් මෙන්ම පාසල් දරුවන් පවා ප්රචන්ඩත්වයට නැඹුරු වෙනවා. එමෙන්ම ලමා මනසට අනවශ්‍ය දේවල් වලට සිත යොමුකොට තමන්ගේ අනාගතය අඳුරු කරගන්නා දරුවන් රාශියක් අද සමාජයේ සිටිනවා. මීට දශක කීපයකට ඉහත සිටි ළමා පරපුර/තරුණ පරපුර හා සන්සන්දනය කිරීමේදී නූතන පරපුරේ විනය අතින් දැඩි පිරිහීමක සිටිනවා. පාසල් වල ළමයින් ගුරුවරුන් සමගද ගැටුම් ඇතිකරගන්නවා. ළමා ...
ජීවිතය දිනන්නේ මෙහෙමයි Pandukabaya's Blog තමන්ගේ ජීවිතය දෙස මොහොතක් හැරී බලන්න. ඔබ ජීවත් වෙන්නේ අභියෝග පිරුණු ලෝකයක. ඉපදීමේ සිට මරණය දක්වා මිනිසා විවිධ අභියෝගයන්ට මුහුණ දෙනවා. මුලින්ම බැලුවොත් ජීවත්වීම තමයි ලොකුම අභියෝගය. කෙනෙකුගේ ජීවිතය සාර්ථකද අසාර්ථකද කියලා මනින්නේ ඔහු/ඇය කොතරම් හොඳින් අභියෝගයන්ට මුහුනදනවාද කියන එකෙන්. ජීවිතයේ විවිධ අවස්ථාවල එන අභියෝග වලට සාර්ථක ලෙස මුහුන දෙන්න අවශ්‍ය කරුණු ටිකක් මම අද ඔබට කියන්නම්. මේවා පිළිපැදීමෙන් මගේ ...
ආදරය තහනම්ද ? Pandukabaya's Blog පශ්චාත් යුද්ධ කාලයේ ලංකාවේ ආදරවන්තයන් තරම් සමාජයේ හා පොලීසියේ තර්ජන වලට, අපහාසයට හා දඩුවම් වලට ලක්වුනු තවත් පිරිසක් නැති තරම්ය. පසුගිය කාලයේ සෑම අතින්ම අසන්නට ලැබුනේ පෙම්වතුන්ට වූ කරදර ගැනයි. පොදු ස්ථාන වල ආදරය කරන යුවලවල් අවසානයේ නතර වන්නේ පොලීසෙයේය නැත්නම් උසාවියේ ය. ඇත්තටම ලංකාවේ සමාජය තුල ප්‍රේමය තහනම්ද ? මෙරට මුල්බැසගෙන තිබෙන සිංහල බෞද්ධ සංස්කෘතිය හා සාරධර්ම තුල ලිංගිකත්වය ...
නිවසේ කාර්යාල කාමරය සකසා ගැනීම Pandukabaya's Blog අපි සෑම දෙනාම අපේ කාලයෙන් සැලකිය යුතු කොටසක් ඉගෙනීමේ කටයුතු වලට හා රැකියා කටයුතු වලට මිඩංගු කරනවා. සමහර වෙලාවට දවසට පැය 20 පමණ ගතකරනවා. ඔබ උපධියකට හෝ උසස්පෙළ විභාගයට සූදානම් වෙන අයෙක් නම් දවසේ වැඩි කොටසක් ඔබේ මේසය අසල ගතකරනවා විය හැක. මෙසේ වැඩි කාලයක් ගතකරත් ඔබ වැඩකරන ස්ථානයේ සැකැස්ම හා පහසුකම් ගැන කෙදිනකවත් සොයා බලා තිබේද ?අපි යෙදෙන කාර්යයේ ...
නින්ද අඩුකර කාර්යක්ශමතාවය වැඩිකර ගමු Pandukabaya's Blog අපි සෑම කෙනෙකුටම නින්ද අවශ්‍යයි. සමාජයේ සාමාන්‍ය මතය වන්නේ කෙනෙකුට පැය 8 ක් වත් නින්ද අවශ්‍ය වන බවයි. නමුත් අද බොහෝ වැඩිහිටියන් හා තරුණයින් පැය 5-6 ක නින්දක් ලබාගන්නවා. සමහර අවස්ථා වලදී අපට තිබෙන වැඩ කරයුතු අනුව දවසේ පැය 24 ත් ඒ සඳහා ප්‍රමානවත් වෙන්නේ නැහැ. මේ තත්වය වැඩියෙන්ම පවතින්නේ පාසලේ උසස් පෙල පන්තියේ දරුවන්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් හා උසස් ...
හොඳ පෙම්වතෙක් වෙන්නේ කෙසේද (How to be a good Boyfriend) Pandukabaya's Blog මම මේ බ්ලොග් එක පටන් ගත්තේ ආදරය කරන අයට උපදෙස් දෙන්න නම් නෙවෙයි. නමුත් මේක අරඹා ඉතා කෙටි කාලයකින්ම ජනප්‍රිය වීම නිසා තව තවත් ආදරයට සම්බන්ධ මාතෘකා ගැන උපදෙස් දෙන්න හිතුවා.මේවා බොහෝමයක් මම හිතමිතුරන්ගේන් ලබාගත්ත අදහස්. නමුත් මානසික වෞද්යවරුන් හා තරුණ අයට ජීවිතය ගැන කියාදෙන උපදේශක මහත්ම මහත්මීන් පවා මේ කරුණු සනාථ කර තිබෙනවා. තරුණ වයසේ ආදරය කරන ඔබ තමාගේ ...