සියදිවි නසාගැනීම් ගැන යමක් Pandukabaya's Blog සියදිවි නසාගැනීම අද සමාජයේ බෙහෙවින්ම කතාබහට ලක්වෙන මාතෘකාවක්. තමන් විසින් තම ප්‍රාණය නිරුද්ධ කරගැනීම එකෙන් අර්ථවත් වෙනවා. සමාජයේ මෙන්ම ආගම් වල පවා මෙය නොකලයුත්තක් ලෙස හැඳින්වුවත් ලංකාවේ සියදිවි නසාගැනීම් වාර්ථාගත ලෙස ඉහල ගිහිල්ලා. පුවත්පත් වල එක දිනකට එවැනි පුවත් එකක් හෝ කීපයක් නොමැති දවසක් නැතිතරම්. මේ සියදිවි නසාගැනීමේ රැල්ලට විරුද්ධව විවිධ ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කලත් තවමත් ඒ ප්රවණතාවේ වැඩීමක් මිස ...
බෞද්ධයා අනතුරේ Pandukabaya's Blog බෞද්ධයින්ට ඉතාම කණගාටුදායක සිදිධියක් මීට දින දෙකකට පමන පෙර අසන්නට ලැබුනා. ඒ බංග්ලාදේශයේ බෞද්ධ පන්සල් කිහිපයක් ගිනිබත් කර ඒ ප්‍රදේශවලින් බෞද්ධයින් පළවා හැරි පුවතයි. දැනටත් ඒ ප්‍රචන්ඩකාරී වාතාවරණය මහගැරී නැත. මේ සිද්ධිය බංග්ලාදේශයේ සිද්ධවුනු පළමු වතාව නොවේ. බංග්ලාදේශ ජනගහනයෙක් 1% පමණ වාසය කරන බෞද්ධ ප්‍රජාව බංග්ලාදේශ චිතගොන් නිම්නයේ සංකේන්ද්‍රණය වී වාසය කරනවා. ථේරවාදී බෞද්ධයින් ජීවත් වෙන රටක් හැටියටයි එය සැලැකෙන්නේ.මෙම ...
ස්ටීව් ජොබ්ස් - සාර්ථක මිනිසෙකුගෙන් අපට උගත හැකි පාඩම් Pandukabaya's Blog අපි හැමෝම අහලා ඇති ස්ටීබ් ජොබ්ස් ගැන. ලෝකයේ විශාල පරිගණක සමාගමක නිර්මාතෲවරයාව සිට මියගිය සාර්ථක ව්‍යාපාරිකයෙන් තමයි ඔහු. තමන් වැදූ අම්මාගෙන් තාත්තාගෙන වෙන්වෙලා, විශ්ව විද්‍යාල අධ්යාපනේත් කඩාකප්පල් කරගෙන අවසානේ දියුණුවේ හිනිපෙත්තටම නගින්න ඔහු සමත් වුනා.ඔහු මහා මැජික්කාරයෙක් නෙවෙයි. ඔහුත් අපි වැනිම මනුශ්‍යයෙක්. ඔහුටත් අනන්තවත් වැරදීම්, පසුබැහීම් වෙලා තිබෙනවා. නමුත් අප සමාජයේ බොහෝ දෙනෙක් වගේ එම පීඩාවලින් නොවැටී ඔහු තමන්ගේ මාර්ගයේ ...
ඉඟුරු දී මිරිස් ගැනීම (The American Version) Pandukabaya's Blog මැදපෙරදිග දැන් උනුසුම් වී තිබේ. මැදපෙරදිග රටවල් හයක ඇමරිකාවට හා බටහිරට විරුද්ධව ජනයා උද්ගෝෂණ සංවිධානය කර තිබේ. ලිබියාවේ ඇමරිකානු තානාපති කාර්යාලයට කඩා වැදුනු ජනතාව එයට ගිනි තබා ඇමරිකානු තානාපති තුමාද මරා දැම්මෝය. සුඩානයේ ඇමරිකානු හා ජර්මානු තානාපති කාර්යාල වලට පහර දුන්නේ අද දවසේය.පෙනුමෙන් නම් බරපතල දෙයක් සිදුවී ඇත. ඇමරිකාවට ඉතිහාසයේ මුහුනදීමට සිදුවූ දරුණුම විදේශ ජන නැගිටීම මෙයයි. ඇමරිකාවට පමණක් නොව ...
නැගෙනහිරදී මොකද උනේ ? Pandukabaya's Blog 2012 පළාත් සභා ඡන්දය දැන් නිමාවිය. රජය සලාක ක්‍රමයට ඡන්ද පැවැත්වීම නිසා පළාත් තුනක පමණක් ඡන්දය පැවැත්වීමට සිදුවුනි. උතුරුමැද හා සබරගමුව කෙසේ ප්‍රතිඵලය පැමිණියද අපගේ වැඩිම අවධානයක් යොමුවූ පළාත නැගෙනහිර පළාතයි. වැදගත්කමඑය වැදගත් ලංකාවේ ජන අනුපාතය ප්‍රධාන ජනවර්ග අතර බොහෝවිට සම සමව පැවැති පළාතක් වන නිසාය. ඡන්ද ප්‍රතිඵලයට ජන අනුපාතය බෙහෙවින් බලපාන අයුතු මැනැවින් මේ පළාතේ නිරීක්ෂණය කිරීමට හැක. දේශපාලන ...
මොවුනට අපි කුමක් කරමුද ? Pandukabaya's Blog (ඡායාරූපය lankacnews.com වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි)මීට දින කීපයකට කලින් බෞද්ධයින් වශයෙන් අපට දරුණු හිත් රිදීමක් ඇතිවෙන ආකාරයේ සිදුවීමක් අසන්නට ලැබුණි. ඒ ප්‍රංශ ජාතිකයින් කිහිපදෙනෙක් ඇම්බැක්කේ දේවාලයේදී බුදුරජාණන් වහන්සේට අපහාස වන අයුරින් ඡායාරූප ගැනීමේ සිද්ධියකි. සමහර ඡායාරූපවල විදේශ තරුණියක් බුදු පිළිමයක් සිප ගන්නා දර්ශනද ඇතුලත් විය. අවසානයේදී මෙම ඡායාරූප මුද්‍රණය කරන අවස්ථාවේදී ඒ ඡායාරූප ශාලාවේ හිමිකරු පොලීසියට කල පැමිනිල්ලක් අනුව මෙම ...
භික්ෂුව හා දේශපාලනය Pandukabaya's Blog මෑත කාලයේදී දේශපාලන පොරපිටිය ඇවුලුනේ භික්ෂුව හා දේශපාලනය ගැන යම් සිදුවීමක් නිසාය. ඒ නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ආගමික පූජකවරුන්ට දේශපාලනයේ යෙදීම තහනම් කරමින් පනතක් ගෙන ඒමට උත්සාහ කිරීමයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ බෞද්ධ හික්ශූන් මිස අනෙක් ආගමික පූජකවරු නම් නැති එමනිසා මේ පණත කෙලින්ම බෞද්ධ භික්ෂූන් දේශපාලනය කිරීම තහනම් කරන එකකි. මෙයට පක්ෂ විපක්ෂ අදහස් රාශියක් එල්ල ...
ලංකාවේ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගනිමු Pandukabaya's Blog සෑහෙන කාලෙකට පසුව බ්ලෝග් ලිපියක් ලිවීමට සිතුනි. අපේ රටේ දේශපාලනය, කෘෂිකර්මය ගැන ලිපි ලියූ මම රටේ ස්වාභාවික සම්පත් රැකගැනීම ගැන ඔබව දැනුවත් කිරීමට මේ ලිපියෙන් උත්සාහ ගන්නෙමි.යම් රාජ්‍යයකට තිබිය යුතු භෞතික සාධක නම් භූමිය හා ජනගහනයයි. ඒවා එම රටේ ස්වාභාවික සම්පත් වේ. රටක් දියුණු වෙන්නේ එම සම්පත් නිසි පරිදි කළමණාකරණය කරගතහොත් පමණි.ශ්‍රී ලංකාව ගතහොත් අතීතයේ සිටම අපේ රටේ විශාල සම්පත් ...
විදුලි බිලේ වැඩිවීමට තිත. Pandukabaya's Blog මීට ටික කාලයකට පෙර ලංකාවේ විශාල ආන්දෝලනයක් විදුලි බිල 40% වැඩිවීම පිළිබඳ ඇතිවුනා. විදුලිය 40% කින් වැඩිවීම යනු සොච්චමක් නොවේ. සමාජයේ පහල පන්තියේ සිට ඉහල මැද පන්තිය දක්වාම සිටිනා විදුලි පාරිභෝගිකයින් කෙරෙහි මෙය බලපායි. යම්කිසි මුදලක් වැඩිවීම යනු කෙටිකාලීන තත්වයක් වන අතර ඉදිරියේදී පොසිල ඉන්ධන වල හිඟය නිසා තව තවත් ඉන්ධන මිල වැඩිවී ඉහල යන විදුලි බිල කෙරේ එය බලපායි. ...
මේ ගීතය තහනම් කරමුද ? Pandukabaya's Blog ගීතය හා තහනම් කිරීම යන වචන ඔබ දකිද්දීම මේ ලිපියේ අරමුණ කුමක්දැයි පැහැදිළි වෙනවා ඇති. මෙකල මහත් ආන්දෝලනයට තුඩු දුන් ගීතයක් ලෙස ඩැඩී සංගීත කණ්ඩායමේ ටිකෙන් ටික නැමැති ගීතය හඳුන්වා දිය හැක. වසර 2011 නොවැම්බර් මාසයේදී පමණ නිකුත්වූ මේ ගීතයට දැඩි විරෝධයක් එල්ල වී අවසානයේ ප්‍රශ්ණය සංස්කෘතික අමාත්යන්ශය දක්වා දුරදිග ගියේය. ගීතයට පක්ෂව හා විපක්ෂව විවිධ පාර්ශව තර්ක ඉදිරිපත් කල ...
කෘෂිකර්මය රටේ ගැලවුම්කරුවාය Pandukabaya's Blog නූතනයේ මේ ශ්රීලංකාද්වීපය මුහුනදී සිටින ගැටලු රැසකි. රටේ සමාජ ආර්ථික පසුබිම ගැන කවුරුන් කුමක් කීවද එය එතරම් යහපත් මට්ටමක අද නොපවතියි. රටේ ආහාර පිළිබඳ ගැටලු, ආර්ථික අර්බුධ, රැකියා ගැටලු, හා රැකියා විරහිත උපාධිධාරයන් රට වෙලා ගත් ගැටලු වලින් ප්රමුඛ ස්ථානයක් ගනී. කලින් කල අපි මේ ගැටලුවලින් මිදිමට උත්සාහ ගත්තත් ඒහි සාර්ථකත්වයක් නම් පෙනෙන්නට නොතිබේ. මේ කෙසේ වෙතත් අපට රටක් වශයෙන් ...
අපිට වැරදුනු තැන : තුන්වන කොටස[3] (ජේ. ආර් හා ඔහුගේ බෑනලා, දරුවෝ හා මුණුබුරෝ) Pandukabaya's Blog පසුගිය ලිපි දෙකෙන්ම මා ලාංකීය දේශපාලනයේ යුග දෙකක් ගැන විස්තර කළෙමි. මේ ලිපියෙන් දේශපාලනය ගැන ඒ එහි හොඳ නොහොඳ ගැන ලියූ ලිපි පෙළ අවසන් වේ. අඩු කාලයක් තුල ඉතාම විශාල වෙනසකට රට පත්කල යුගයක් ලෙස මේ තුන්වන යුගය හැඳින්විය හැක. මෙහි පුරෝගාමියා එවකට අගමැතිකම (පසුව විධායක ජනාධිපති) හොබවූ ජේ ආර් ජයවර්ධන මහතාය. ලාංකීය දේශපාලනය හා සමාජ ක්‍රමය තුල වැඩිම වෙනස්කම් ...
අපිට වැරදුනු තැන : දෙවන කොටස [2] (බණ්ඩාරනායක යුගය හා එහි හොඳ නරක) Pandukabaya's Blog පළමු කොටසට මෙතැනින් පිවිසෙන්නමේ ලිපියේ මුල් කොටසෙන් දැක්වෙන්නේ නිදහසින් පසු මේ රටේ නායක කාරකාදීන් හා ඔවුන්ගේ ක්‍රියාමාර්ග පිලිබඳවයි. 1956 මේතෙක් පැවැති දේශපාලන දර්ශනය යම් වෙනසකට ලක්විය. එනම් එවකට පැවැති ඉංග්‍රීසි සිරිත් විරිත් හා ඔවුන්ගේ චර්යා ධර්ම මූලික කොටගෙන පැවැතුනු දේශපාලන දර්ශනයක් වෙනුවට ජාතිකත්වය මූලික කොටගෙන සමාජයේ දුපපතා කෙරෙහි අවධානයක් යොමුකිරීම කරන දේශපාලනයක් බිහිවීමයි.මෙහි මූලික අඩිතාලම ඒස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරණායක ...
අපිට වැරදුනු තැන : පළමුවන් කොටස [1] (නිදහසින් පසු මුල් යුගය) Pandukabaya's Blog පළමු කොටස මේ බ්ලොග් අඩවියේ ආරම්භයේදීම මා දේශපාලනික හා ජාතින්, ආගම් ගැන කියැවෙන බ්ලෝග් ලියවිලි නොදැමීමට ස්වයo වාරණයක් ඇතිකරගත්තෙමි. නමුත් කනගාටුවෙන් වුවත් එම වාරණය නොතකා. දේශපාලනය ගැන ලිපියක් ලිවීමට සිතුනේ තවත් දෑත් බැඳගෙන බලාසිටීමට නොහැකි නිසාය. ශ්‍රී ලoකාව නම් වූ දේශයට අද ඇතිවී තිබෙන අභාග්‍ය සම්පන්න ඉරණමට වගකිවයුතු දේශපාලනය නැමැති සාධකය ගැන දීර්ඝ විවරණයක් නොකලහොත් එය ලාoකිකයෙකු වශයෙන් මගෙන් ...
බටහිර වියරුව Pandukabaya's Blog අද ලෝකය දෙස බැලූ කල අපට දැකගත හැකි වන්නේ දරුණු දේශපාලනික හා යුධමය අර්බුධයකි. අර්බුධය යන්න නිර්වචනය කරනවානම් ඒ වනාහී ඉකමනින් විසඳුම් සෙවිය යුතු එමෙන්ම විසඳුම් සෙවීම ඉතාම අපහසු බරපතල ගැටලුවකි. මූලිකවම අර්බුධයකට විසඳුමක් ඉදිරිපත් කිරීමට පෙර අර්බුධයේ මූලය සෙවීම කාලෝචිත වේ. ලෝකය වෙලාගත් මේ දේශපාලනික අස්ථාවරත්වයට මැදපෙරදිග කලාපය හා සංකෙන්ද්‍රනය වී ඇති බව මතුපිටින් පෙනුනත් රීට ගැඹුරින් මුලු ලෝකයටම ...
තවත් එක් ටියුශන් කතාවක් Pandukabaya's Blog ලංකාවේ ටියුශන් සහ අධ්‍යාපනය ගැන ලිපියක් මට ලියන්න හිතුන වාර අනන්තයි. ලඟදි දවසක ඒකට හොඳ ප්‍රවේශ්යක් ලැබුනා. මගේ ඥාති සහෝදරිය දවසක් අපේ ගෙදර ආවා. එයා අගනුවර ජනප්‍රිය යැයි කියාගන්නා ඉස්කෝලෙක තවම 10 වසරේ ඉගෙනගන්න කෙනෙක්. පුංචි අම්මත් එක්ක ආපු එයා ගොඩක් වෙහෙසට පත් වෙලයි හිටියේ කාලෙකින් දැක්කේ නැති නිසා ඇත්තටම මේ ඉස්සර හිටිය පුංචි නංගිද කියල මටවත් හිතාගන්න බැරිවුනා.එයා තනිකර ...
ඵලදායිතාවය ඉහල නංවා ගැනීමට උපක්‍රමයක් Pandukabaya's Blog ඵලදායිතාවය කියන එක අද ගොඩක් දෙනෙක් භාවිත කරන දෙයක්. ඒකේ තේරුම ගොඩක් දෙනෙක් දන්නේ නැති වුනාට එය අපේ ජීවිතයට ඉතා අවශ්‍යයි. ඵලදායිතාවය කියන එකේ තේරුම තමන්ට තිබෙන සීමිත සම්පත් වලින් විශාල වැඩකොටසක් කර ගන්න එක. සම්පත් යනුවෙන් හැඳින්වෙන්නේ කාලය, මුදල් ශ්‍රමය වැනි දේවල්. මේ ලිපියෙන් මම කාලය නිසිලෙස පාවිච්චි කරන එක තුලින් තමන්ගේ ඵලදායිතාවය වැඩිකරගන්න එක ගැන විස්තර කරනවාකාලය ඉතාම ...
නැවත කෘෂිකර්මයට (Back to Agriculture) Pandukabaya's Blog අද ලංකාවේ පමණක් නොව මුලු ලෝකයේම ආර්ථිකය උඩු යටිකුරු වී තිබේ. විවිධ කාල වලදී කෙටි කාලීන ලෙස යම් යම් ආර්ථික අර්බුද පැවතුනද නූතනයේ පවතින ආර්ථික අර්බුදය එතරම් පහසුවෙන් නිමාකිරීමට හැකි එකක් නොවන බව ලෝකයටම ඒත්තු ගැන්වී හමාරය. එක්තරා භාන්ඩයක් හෝ සේවාවක් සමහ බැඳී පවතින ආර්ථික ගැටලුවකට වඩා නූතන සමාජයේ රඳාපැවැත්මට සෘජුවම බලපෑම් කරන ගැටලුවක් බවට මෙය ක්‍රමක්‍රමයෙන් පත්ව තිබේ. ආහාර ...
වගකීමකින් යුතුව පානය කරන්න Pandukabaya's Blog මම කාලෙකින් බ්ලොග් පෝස්ට් එකක් දාන්නයි යන්නේ. මම මේ ලියන දේ ගැන අදහස මගේ හිතේ මීට සති කීපයක් ඉඳලම තිබුනත් වෙසක් සතිය නිසා පව්කාර වැඩ ගැන කතා නොකර ඉන්න ගත්තු තීරණය නිසා ඒක ගැන කියන එක ප්‍රමාද කලා. දැන කට්ටියම බලයි මම මේ මොකද්ද කියන්න යන්නේ කියලා. වෙන මොනවත් ගැන නෙවෙයි. අපේ ජාතික පානය නියමාකාරයෙන් බොන විදිහ ගැන. ලංකාවේ ...
ආදරය පතන තරුණයින්ට උපදෙසක් Pandukabaya's Blog මම අද පැහැදිළි කරන ප්රශ්නය අද ගොඩක් තරුණයන්ට ඇතිවන දෙයක්. සුන්දර තරුණියක් දුටුවාම හැම තරුණයෙක්ගෙම ඇස වගේම හිත යන එකත් පුදුමයක් නෙවෙයි. මන බඳනා කාන්තාවක් තමන්ගේ සිහින කුමරිය කරගන්න අපි හැමදෙනාම කැමතියි. නමුත් මේ හැම දෙයකටම කලින් ඇය ප්‍රේම සම්බන්ධයක සිටිනවාද ? (අපේ භාෂාවෙන් "කොල්ලෙක් ඉන්නවාද?” )කියන එක සැක හැර දැනගන්න අවශ්‍යයි.එසේ කරුණු කාරණා හරිහැටි දැනගන්නේ නැතිව ඇය කෙරෙහි සිතක් ...