Untitled Post One | Zero | Zero "බ්‍රේකින් නිව්ස් ඇහුවෙ නැද්ද ? අන්න ප්ලේන් එකක් කඩං වැටිලලු" රොහාන්... නිහඬය. මා සිත ගැහෙන්නට පටං ගත්තේය. පාලක කුළුනේ සිටින සොයුරාට ඇමතුවෙමි. "අද උදේ එයාබෝන් ගිය එක තමා නංගි බය වෙන්න එපා රොහාන්ට කරදරයක් නැතුව ඇති. මං හොයල බලන්නම්." රොහාන්... දුරකතනයත් නිහඬය. "මීට සුළු මොහොතකට පෙර සිදු වූ ගුවන් අනතුරින් යානයේ සිටි සියළුම හමුදා නිලධාරීන් ජීවිතක්ෂයට පත් වී ඇති බව.... ...
සමනල්ලු One | Zero | Zero ජයමංගල ගී හඬ මැද්දේ මංගල පෝරුව අසල රෑදී සිටීම මානසික විඩාවකි. ඔහු මා පසෙකින්ය, අද ඔහුගේත් මගේත් සිව් අවුරුදු ප්‍රේමය නිමා වේ. ඒ විවාහයකිනි. නමුත්.. පෝරුවේ චාරිත්‍ර නිම කල වහා දැඩි හදිසියක් මවා පාමින් හෝටලයේ වැසිකිලිය දෙසට දිවගියමි. කැඩපත ඉදිරියේ පෙනෙන මගේ දෙනෙත් කඳුලු බරවී තද රත් පැහැවී තිබිනි. ඒවාට නිදහසේ ගලායාමට ඉඩ දිය යුතුය. සරසවිය පුරාවට අප ඇවිද ගිය ...
හිටු කියා බැරිනම් ඉඳු කියා ළමයි හැදීම One | Zero | Zero ගිහාන් සුරංගලගෙ ගෙදර ගියේ අවුරුදු ගාණකට පස්සෙ. සුරංගයි ශානිකයි උන් දෙන්නගෙ අවුරුදු හතරක විතර පොඩි එකාට බත් කවාගන්න යුද්දෙක.ගිහානුත් පැත්තක ඉඳන් යුද්දෙ බලන්න ගත්තා.පොඩි එකාට තනියම කන්නත් ඕන... අම්මයි තාත්තයි ඉන්නත් ඕන... තව මොනවදත් ඕන වගේ...ඌ කෑම පිඟානෙ බත් ඇට හල හල බෙරිහන් දෙනවා.ටිකකින් ශානිකා පොඩි එකා ඉස්සරහ බිම ඉඳගත්තා...'හරි මගේ සුදු පුතා දැන් කන්නකෝ... අම්මි බිම ඉඳගත්තනේ...'ඒත් පොඩි එකාගෙ ...
Adopt a dog One | Zero | Zero මට මේක හැමදාමත් කරන්න බැහැ ඔයාලගේ අම්මට කොච්චර කිව්වත් වැඩක් නැහැ ඇඳේමයි ජරා කරන්නේ. මට පුළුවන්ද හැමදාම ඔය ජරාව අදින්න. ඉක්මනටම එයාව කොහේ හරි ගිහින් දාන්න නැත්නම් මන් යනවා අපේ ගෙදර. ලබන සෙනසුරාදට මොකුත් වැඩ නම් දාගන්න එපා. මිසිස් සිල්වියාලගේ බලු අයිතිවාසිකම් සුරෑකීමේ සංවිධානයෙන් පාරේ ඉන්න බල්ලෝ හදාගන්න දෙන උත්සවයක් තියෙනවා ඒකට යන්නම ඕනේ අපි.අනේ බලන්නකෝ මේ පැටියා, මොන හිතකින් ...
කාර්තිශා! One | Zero | Zero ගත දවනා ගිණි අව්වේකර්කශ වූ මහ පොළොවේඅරුම පුදුම ලෙසින් පිපුණරෝස පැහැති රෝස මලකිමටනම් නුඹකාර්තිශා…..ආමි ඇඳුම් දැක ඔරවනකොළඹ උන්ට සිහන සලනපුදුකුඩියිරිප්පු හන්දියේ හිඳතඹ පෑ දූවිල්ල මැද්දේමිදි විකුණනකාර්තිශා…..බිත්තියේ ඇති උණ්ඩ පාරසුළඟිල්ලෙන් හාර හාරඋකුලු මුකුළු සිනා බසින්“මාත්තියා… මාත් කොළඹ අරං යන්න” කියා නුවන් කොණින් බලාමගෙ හදවත නවතා ලූසුරඟන නුඹකාර්තිශා…..“එන්න මාත්තියා ගන්න මේවා”“යාපනේ තීන හොඳම ඒවා”කනට කරලා හොර රහසින්“මේ ගාණට මාත්තියාටමයි”ඇස් ලොකු කර මදෙස ...
මාලය One | Zero | Zero පිරිමි දහසයක්ද ගැහැණු තුනහමාරක්ද සහභාගි වූ රැස්වීම අවසන් වූයේ මඳ වැස්සක් වැටෙමින් තිබියදීය.වැස්ස. කොළඹ නවාතැන්හල් තෙමමින් ඇද හැළුණි.අපි. පිටත මහ වැසි වසිද්දී, බත්තරමුල්ලෙහි හතර හය ප්‍රමාණයේ නාන කාමරයකින් දහදිය සෝදා හලෙමු.“ආ...!“මේසය මත තිබූ මාලය ගත් ඈ එය මා වෙත දිගු කලාය. කොණ්ඩ කටුවක් දත් අතර තිබියදීම.“මොකටද....?““අරන් යන්න ...!““කොහාටද....?““යන හැමතැනම. පරෙස්සමට. හැබැයි මට ආපහු දෙන්න.““කවද්ද...?““ඊලඟ දවසෙ....!“***********************************************ඊලඟ දවස. තවත් මාස තුනයි තුන්කාලකට ...
රේල් පීලි One | Zero | Zero රේල් පීලි දිහා හුඟ වෙලාවක් බලාගෙන හිටිය නිසා මට ඒවා පෙනුනේ බොඳ වෙලා. හරියට එකතු වෙලා වගේ. ලොකු කලබලයකින් මගේ වටේට ලෝකය කැරකුනා. කෝච්චි ආවා. ගියා. සෙනඟ ඒවාට නැග්ගා. බැස්සා. ඈත යකඩ කටකින් මොන මොනවාදෝ කිව්වා. මට කිසිම දෙයක් ඇහුනේ නැහැ. පෙනුනෙත් නැහැ. ඊට වැඩිය කලබලයක් මගේ හිත ඇතුලේ පෙරලුනා. ඈ ආයෙත් මගේ ළඟ හිටගෙන ඉන්න බව මට ඉබේම වගේ ...
කඩ්ඩ තමා One | Zero | Zero විභාග ශාලාවෙන් පිටත එකම කසුකුසුවකි. තම තමන් ලියු පිළිතුරු සසඳමින්, ප්‍රතිථල අනුමාන කරමින් මිතුරු මිතුරියන් කතාබහේ යෙදෙද්දී හුදෙකලා මම තනිවම පඩිපෙල නැග ප්‍රධාන මාර්ගයට පිවිසුනෙමි. බස් නැවතුම කෙලවරක කසාවතින් සැරසුණු පැවිදි කෙනෙකි. මට පිටුපා සිටියේ මෙහෙනියක් බව හඳුනා ගැනීමට හැකිවිය. සිතට දැනුනේ කවරාකාර හැඟිමක් දැයි සිහිකරන්නට වෙහෙසෙන නමුත් තවමත් පැහැදිලි නැත. ඇය හා කතා කාරීමේ බලවත් උවමනාවකින් දැවීගියෙමි. නමුත් මින් ...
ස්පාන්යෙට පිපින්යා One | Zero | Zero පෙරේරා රාළහාමි දවසක් ඉබ්බන්වල හන්දියෙ ඩියුටි කරනකොට මෝටර් සයිකලයක් එනවලු කඩාගෙන.රාළහාමි විසිල් ගහලා බයිසිකලේ නතර කළා.'මොකද හදිස්සිය? මේ හරියෙ ලිමිට් දන්නෙ නැද්ද?''අනේ සර්... පොඩි හදිස්සියක්. එළවලු ටිකක් මරදානට අරං යනවා''කොයිතරං හදිස්සි වුණත් නීති රීති තියෙනවනේ... ගන්නව ලයිසන් එක'බයිසිකල්කාරය ලයිසන් එක දෙනව...'මොකක්ද නම?''ඥාණසිරි'පෙරේරා රාළහාමි ඔළුව කසන්න ගත්තා. ඥාණසිරිට වැඩේ තේරුණා... දෙන්නම් වැඩේ කියල හිතුව.'කොහෙද පදිංචි?''කොම්පඤ්ඤ වීදියෙ සර්''රස්සාව?''ස්පාඤ්ඤෙට පිපිඥ්ඥා පටවනව සර්'''හ්ම්... මේක ...
සත්ව කරුණාව One | Zero | Zero ළමයෝ, ඉක්මනට මෙහාට වරෙන්...මේ අහිංසක බලු පැටියට කවුද ගහලා...ඌ කකුලක් කොරගහනවා....රත්නේ අයියේ ආරංචිද වැඩක්....ඊයේ රෑ සුමපාලයව ඉස්පිරිතාලේ ගෙනිහින්. අර අලුතෙන් ආපු උන්ගේ ගෙවල් ගාව වැටිලා ඉඳලා. ඒ ගෙදර උන් එක්ක එච්චර හිත හොඳින් නෙමෙයි ඉඳලා තියෙන්නේ. මිනිස්සු කියන්නේ බීලා වැටිලා කියලා, ඒත් මන් හිතන්නේ අරුන් ගහලා.උන්ගේ &^*(^*&....කොල්ලෝ ගෙනෙන් අර ඇඳ යට තියෙන කිතුල් පොල්ල මන් ගිහින් ඕකුන්ට පාඩමක් උගන්නලා එන්න. ...
කඳුළු One | Zero | Zero “ලොකු අය වැටුනේ නැතිවත් අඬනවද අම්මා?”“ඇයි මගේ පුතා එහෙම ඇහුවේ?”“අම්මා ජනේලෙන් එලිය බලාගෙන අඬනවානේ .. ඉතින් අම්මා වැටුනේ නැහැනේ ”“අම්මා ඇඬුවේ නැහැනේ පුතා.. නිකම් වැස්ස දිහා බලාගෙන හිටියානේ”“වහින එක ගැන අම්මාට දුකද? ඒකද අම්මා අඬන්නේ? ”“ම්ම්.. නෑ පැටියෝ..”“අම්මා එපා කියද්දී මම තෙමෙන්න ගිය එකටද? ඔන්න මම ආයෙත් යන්නේ නැහැ! ”“නෑ.. නෑ!”“එහෙනම් මගේ බෝට්ටුව ගහගෙන ගිය එකටද අම්මා අඬන්නේ? අයියෝ අපි ...
පාට දෙකේ මනාලිය One | Zero | Zero මනෝජ් ගීතිකා දෙන්න කසාද බැන්ද. චාරිත්‍ර කිසි දෙයක් නැතත් හැමෝගෙම ආශිර්වාදෙන්, පොඩි වියදමකින්.පස්සෙ දවසක දෙන්නට ඕන වුණා වෙඩිං හෝම්කමිං පින්තූර ගන්න. ඉතිං ඇඳුම් කැඩුම් ලෑස්ති කරගෙන ස්ටූඩියෝවට ගියා.ගීතිකා ක්‍රීම් පාට සාරියක් ඇන්දා. මනෝජ් ලා නිල් කමිසෙට උඩින් කෝට් එක දාල කළු සපත්තු දැම්මා. දෙන්න ඒ විධියට වෙඩිං පින්තූරෙ ගත්තා.ඊට පස්සෙ ගීතිකා ඇන්ද රතු පාට සාරිය. එයාට හැඩ වෙන්න උදව් වෙලා ...
(අ) නුවණැති පුරෝහිතයා One | Zero | Zero එකෝමත් එක රටක හිටපු රජතුමෙකුට රට තොට සංචාරය කරනකොට සිරිපතුලෙමඩ ගෑවෙන එක ලොකු ප්‍රශ්ණයක් උනාලු. ඒත් ඉතින් සංචාරය නතර කරන්නත් බෑනෙ, රාජකාරිය දේවකාරියටත් වඩා උතුම්ලුනෙ. මේකට විසඳුමක් විදිහට රජතුමා යෝජනා කලාලු රටේ හැමතැනකම බුමුතුරුණු අතුරන්න. ඒත් නුවණැති පුරෝහිතය කිව්වලු රජතුමාගෙ කකුලෙ මඩ ගෑවෙන එකනෙ ප්‍රශ්නෙ, ඉතින් රජතුමාගෙ කකුල් වැහෙන දෙයක් හැදුවනම් හරිනෙ කියල. ඔය විදිහටලු සපත්තු ඇතිඋනේ.ඒ අතීත කතාව, ඒ ...
ඔහු සහ ඇය One | Zero | Zero "නංගි එයා මාව දාලා ගියා"උසාවියේ රැව් දෙන කටහඬ ක්ෂණයකට බිඳිලා ගියා. "එයාට මගෙ ආදරේට වඩා අරයගෙ ආදරේ දැනෙනවලු."මගෙ හිතට නොඉවසිලිමත් කේන්තියක් ආවා. "අයියා ඔයා ඒ වගේ කෙනෙක් වෙනුවෙන්ද මේ මැරෙන්න හදන්නෙ?"මගේ නොඉවසිලිමත් සිත වචන වුණා. "මට දරා ගන්න බෑ නංගි."මට ආපහු කේන්තියක් ආවා. හුස්මක් එක්ක ගාලු කොටු පවුරෙ හයියෙන් ඒ කේන්තිය වැදුනා."එයාව වෙන කාටවත් දෙන්න බෑ නංගි""කෙහෙම්මල... එයාව බලෙන් ගෙනිච්චයෑ.""අනේ ...
කාන්තා විමුක්තිය... One | Zero | Zero එක ග්‍රහලෝකයක් තිබ්බා. එහෙ කාන්තාවන්ට තිබ්බේ පිරිමින්ට සමතැනක්. පිරිමි ගැහැණු කියලා කාටවත් විශේෂ සැලකිලි තිබ්බේ නෑ. ඒ රටේ ගෑණු හිටියේ හරිම දුකෙන්.මොකද... ගෑණු කෙනෙක්ට පොරකාලා නඟින බස් එකක ලේසියෙන් වාඩි වෙලා යන්න ලැබුණේ නෑ. ඉස්කෝල වල රණ්ඩු වලදී එහෙම ගෑණු ළමයි පිරිමින්ගෙන් ගුටිකාලා රෝහල් ගත කළ අවස්ථා බොහොම වැඩියි. ළමයි හම්බ උනාය කියලා එයාලට විශේෂ නිවාඩු තිබ්බේ නෑ. ඒවා ලැබුණේ ...
පැවිද්දෙක් දුටිමි One | Zero | Zero දුම්රිය සෙමින් සෙමින් ස්ටේෂමට සේන්දු විය. දුම්රිය තුළට වැදුනු මා දෙනෙත් සෙවූයේ ආසනයකි. ඉදිරිපසම හිස්ව තිබුණු අසුනක මා අසුන් ගත්තෙමි.ඉදිරි පස අසුනේ මට මුහුණලා සිටියේ තම දෑස් බිමට නැඹුරු කර ගත් පැවිද්දෙකි. තැන් තැන් වල අණ්ඩ දමා තිබුණු සිවුරත්, විවර්ණ වුණු කුඩයත්, පාවහන් පවා නොපැලඳ සිටි උන්වහන්සේගේ මුහුණින් විහිදුනේ පුදුමාකාර කාන්තියකි. මුළු ශරීරයෙන්ම අමුතුම දිස්නයක් විහිදුණි. දකිනාවුනගේ නෙත් සිත් ආකර්ශණය ...
වනලැහැබ අසබඩ විල්තෙර One | Zero | Zero සඳවතිය සිල්ගත් රැයක වන ලැහැබක් අසබඩ විල් තීරයක තනිවුනෙමි.චන්ද්‍රකාන්තියෙන් ආලෝකමත් වන ලැහැබ නෙක දසුන් මවයි. වන මෘගයින් නිදනා හෝරාවේ මුවන් සාවුන් විල් තීරයේ වැතිර සඳ එළිය ස්නානය කලෝය.ස්වර්ණ හංසයින් විල්දිය මත පිහිනා සතුටු වෙති. රුදුරු යැයි සම්මත වන මෘගයින්ද නිසල හොරාවේ වැඳිරියන් හා රමණයේ යෙදෙන සර්පයෙකුද විල්තෙරෙහි සතුටු වන සිව්පාවුන්ට සමච්චල් කරද්දී සාවුන් මුවන් අසරණව බලා සිටියෝය. ඒ දර්ශණය සිව්පාවන්ට ...
අපේ ආදරය One | Zero | Zero අදුරු මගෙ සිත් අහසමඑලිය කලා ඔබ නොසිතුව විලසටදහසක් සුන්දර හීන ගොඩක් මැදඅපෙ ලොව තනන්න පැතුම් පතමි මම නොදකින මුත් ඔය රුව මා නිතරමසිතින් ඔබේ ලග තමයි සෑමවිටඉදහිටලා හෝ හමුවන විට අපදවස ගෙවෙනවා පුදුමයි නොදැනිම මා කියනා ලද බොලද වදන් ගැනඔබ හිනැහීලා විහිලු කරන විටදුකින් මනෙතු තෙමෙනා විට හනිකටමා සනසන හැටි කොතරම් සොදුරුද ආවත් බාධක කොතරම් අපහටදරා ගනිමු අපි ආදරෙ හින්දමආලය ...
ජාතික ගීය One | Zero | Zero ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් අවසානයේදී ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කළේය. එහි සතුට සැමරීම සඳහා කාර්යාලයේ සේවකයින් සියළුම දෙනාට පසු දින උදයේ දහයට කාර්යාල භූමියට පැමිනෙණ ලෙස වසර ගනණක් ඕස්ට්‍රේලියාවේ හැදී වැඩුණු කළු සුද්දකුගෙන් ඊ මේල් පණිවිඩයක් ලැබුණේය.දහයට විනාඩි පහක් තියා කාර්යාල සේවකයින් විශාල ප්‍රමාණයක් කාර්යාල භූමිය තුළ එක් රැස්ව සිටියහ. මෙය දුටු කළු සුද්දාට තම දෑස් පවා අදහාගත නොහැකි විය. ඔහුගේ සතුට ...
ස්වතන්ත්රතාව One | Zero | Zero ඇසිපිය ගසමි,ඔබේ ඇසිපිය කෙලවර සීමාවට මෙපිටින් සිටසිත්සේ ගැඹුරු සුසුම් හෙලමි,ඔබේ සුසුමක අවකාශයේ පරිමාවට අංශු මාත්‍රයක් මෙපිටින් සිටදෑත් දෙපසට විහිදුවමි,ඔබේ නාසයේ කෙලවරට සෙන්ටිමීටරයක් මෙපිටින් සිටින්නටඒය මාගේ නිදහස බව ඔබට පිලිගන්නට සිදුවේවි!!ආදරණිය පාඨකයිනි, මම ඔබේ අදරණිය ලේඛකයා ලෙස මෙලෙස කියමි.අසන්නටදකින්නටබලන්නටසිතන්නටගොතන්නටලියන්නටමා ලැබු සුචලනය පෑන් තුඩින් පිට කරමි, සහ එය ඔබේ දැන ගැනීම පිනිස ප්‍රකටීකරණය කරමි.කියවන්නටදැනගන්නටතේරුමගන්නටඅභිනන්දනයටපරිවාදයටඑකඟත්වයටවිවේචනයටවිතර්කයටආක්රෝශයට හෙවත් පරිභවයටඔබට අති