අපෙන් එකෙක්වත් නොදෙමු! My notion මේ මගේ මතය ‘ඩෙංගු නැවතත් හිස ඔසවයි’ සියලුම මාධ්‍ය හරහා රට පුරා විශාල ප්‍රචාරයක් දෙන යුගයයි. ඩෙංගු නිසා මරුවාට ගොදුරු වූ සංඛ්‍යාව දවසින් දවස එකතු කරමියන් ඉදිරියට ගෙන එයි. තම පරිශ්‍රයේ ඩෙංගු මදුරුවන්ට විසීමට අවස්ථාව ලබා දීම නිසා නීතියට ගොදුරු වූ සංඛ්‍යාවද දවසින් දවස ඉහල යයි. වෛද්‍යවරුන්, විදුහල්පතිවරුන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන්, ජනප්‍රිය පුද්ගලයින් ආදී වශයෙන් සමාජයේ විවිධ ආකාරයේ පුද්ගලයින් මරුවාට හෝ නීතියට ගොදුරු වෙමින් ...
ගෙවී ගියේ මතයක් නැති කාලයක් වගේ! My notion මේ මගේ මතය "වෙලාවක් නැ..!" මේ අමූලික බොරුවක්නෙ. මොනව නැති වුනත් නැති වෙන්නෙ නැති දේ තමා වෙලාව. ආයෙත් ලියන්න වෙලාව ඇවිත්.
සිදු විය යුත්තේ කුමක්ද? My notion මේ මගේ මතය සිදු විය යුත්තේ කුමක්දැයි හඳුනා ගැනීමට පළමුවම පවතින තත්ත්වය තේරුම් ගත යුතුය. අද 2022 මැයි 13 වෙනිදා. රටේ තත්ත්වය සීග්‍රයෙන් වෙනස් වෙමින් පවතිනවා. ඒත් මේ කතා කරන්නේ එසේ සීග්‍රයෙන් වෙනස්වන මතුපිට තත්ත්වය පිළිබඳව නෙමේ. කාලාන්තරයක් තිස්සේ එකතැන පග්වන අභ්‍යන්තර තත්ත්වය පිළිබඳව. පවතින තත්ත්වය ඇති වූයේ කවදාද? එහි වයස කොමණද? එයට විවිධ අය විවිධ ආකාරයෙන් නිර්වචනය ඉදිරිපත් කරනවා. NPP/JVP එකට අනුව ...
කවුරු හෝ ඔබේ කකුළෙන් අදීද? My notion මේ මගේ මතය කවුරු හෝ ඔබේ කකුළෙන් අදීද? එසේනම් ඔහු සිටින්නේ ඔබේ දෙපා ළඟය. බලන්න ....... ඔබ සිටින්නේ දෙපයින් සිට ගෙනද? ඔබ දෙපයින් සිටගෙනනම්..., කකුලෙන් අදින්නා; ඔබේ ප්‍රධානියා වුවත් ... ඔහු සිටින්නේ ඔබේ දෙපා මුල ඇද වැටීය. සතුටු වන්න..! දැන් ඔබට විකල්ප දෙකකි. 1. ඔහුවත් නැගිටුවන්න - එවිට ඔහු ඔබේ දෙපයින් ඈත් වේවි! සැම විටම ඔහුටත් දෙපයින් නැගී සිටීම උදව් කරන්න; එවිට කිසි ...
කුලයේ අභිමානය වෙනුවෙන් නොනැවතී ඉදිරියට My notion මේ මගේ මතය Chamal Akalanka Polwaththage ගේ ෆේස්බුක් බිත්තියේ පලවූ "මිලියන ගණනකට විශ්වවිද්‍යාල දොරටු විවර කළ ඇමරිකානු කළු කෙල්ල" ලියවිල්ල මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති Mahinda Deshapriya මැතිතුමා "තවත් එකක් , සමාජ යුක්තිය ගැන . මෙය සුරැකිව තබාගනිමු . සමාජ සාධාරණත්වය , සමාජ යුක්තිය , සියල්ලන් ඇතුළත් වියයුතු බව යනාදි ඉදිරි කටයුතු සදහා ගන්න ඇහැක් වේවි" යනුවෙන් සටහනක් යොදමින් මැතිවරණ කොමිෂම් ෆේස්බුක් ජන සමූහයවෙත ...
හැම ගෙයක්ම පංසලක් වගේ My notion මේ මගේ මතය ඇඟ කිලිපොලා යන සීතලක් නාස් පුඩුවලින් ඇතුල් වෙලා මුළු සර්වාංගය පුරාම දිව යන්නේ ගිනි ගත් දෙයක් නිවා දාන්න වගේ.වෙනදා අහස පුරාවට නිසොල්මනේ බලා සිටින තරු කැට සියල්ලම අද අහසින් පහලට බැහැල හාත්පස සැරි සරන්නේ මේ ලෝකෙ වෙන්න බැරි දෙයක් නෑ කියනවා වගේ. ඉර එළිය සැර බලා කරල අප වෙත ගේන සෞම්‍ය සඳ කිරණ ජල තලයට වැටිල දිලෙද්දී මැඩි-මසුන් ජල-තරංග ඇති ...
සභාවෙන් අවසරයි! My notion මේ මගේ මතය කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක, ක්‍රිපිටක වාගීස්වරාචාර්ය මහෝපාධ්‍යාය පණ්ඩිත අතිපූජ්‍ය වැලමිටියාවේ ධර්ම කීර්ති ශ්‍රී කුසලධම්මාභිධාන නාහිමිපාණන් වහන්සේ හා දොම්පෙ ගණේගොඩ ශ්‍රී සාරානන්ද මහා පරිවේනාධිපති, දොම්පෙ ගණේගොඩ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම මහා විහාරාධිපති, බුද්ධ ශාසන කීර්ති ශ්‍රී ,ත්‍රිපිටක ධර්මවේදී, සිරි සුගතවංසාලංකාර, සියනාදී සිව් කෝරළයේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රවේදී පූජ්‍ය දන්දෙණියේ ජිනවංසාභිධාන නාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා ...
ගෝලයාගේ වග...! My notion මේ මගේ මතය ඔබ ඔබගේ ගෝලයාව, ඔබගේ අමුත්තෙක්ට හඳුන්වා දෙන්නේ කෙසේද? ඔබ බලාපොරොත්තු වන්නේ ඉහල තැනක්නම්, ඔබ ඔබේ ගෝලයාව අවංකවම අගය කර හඳුන්වා දෙන්න. ඔහුගේ හැකියාවන් පැහැදිලිව ප්රකාරශ කර අගය කරන්න. ඔයුට දීමට හැකි ඉහලම තැන ලබා දෙන්න. ඔහුගේ හැකියාවන් හෝ ඔහු ලබා තිබෙන තත්වයන් ගැන කිසිවටකත් නොසැලකිල්ලෙන් කථ නොකරන්න. ඔහුව ඉහලින් තබන් තබන්න ඔබේ තත්වය වඩාත් ඉහලට එසවෙනු ඇත. කිමද ඔබ ඔහුට ...
සතුටු කිරීමෙන් සතුටු වීම හෙවත් ජීවත් වීම My notion මේ මගේ මතය ජීවත් වෙනවා යනු තෝරා ගනු ලබන පිරිසකගේ සතුට වෙනුවෙන් කටයුතු කිරීමෙන් සතුටු වීමයි. .................සෛල නැත්නම් පඨක වර්ධනයට අවශ්‍ය රසායන මුඛයෙන් හා නාසයෙන් ලබා ගැනීමට අමතරව ජීවත් වෙනවා කියා තවත් දෙයක් තිබේද? මුඛයෙන් රසායනයන් ලබා ගන්නවා හෙවත් ආහාර සොයා ගැනීම පහසු කර ගැනීම සඳහාත්, එසේ ආහාර ගන්නා තවත් සත්වයෙකුගේ ගොදුරක් බවට පත්වීමෙන් ආරක්ෂා වීම සඳහාත්, පාරිසරක සාධක හේතුවෙන් ශරීරය විනාශ ...
සුරැකෙන හිමිකම කුමක්ද? My notion මේ මගේ මතය මානවයා යනු මම නොවේ අපිය.මම ගැන පමණක් සිතන විට ඇති බොහෝ දේ අපි ගැන සිතන විට නැති බව පෙනේ. බොහෝ දේ ඇති අය ගැන සිතන විට, ඒ අය අපි අතර නැති බව සිතේ. බොහෝ දේ ඇති අයත්, බොහෝ දේ නැති අයත් මමත් සියල්ලෝම අපි වන්නේ කවදාදැයි සිතමින් සිටිද්දී, මෙලෙස අපට නොමැති දේ ගැන කියැවුන තැන් ගැන සොයා බලන්නට සිතුනි.http://ozziesaffa.blogspot.com/2013/07/uk-calls-grow-to-boycott-toxic-human.htmlමානව අයිතිවාසිකම් ...
කොණ්ඩෙ බැඳල පාසල් යමු...! My notion මේ මගේ මතය ලංකාවේ ක්‍රියාත්මක වන්නේ 'නිදහස්' අධ්‍යාපනයකි. අධ්‍යාපනයට මෙම 'නිදහස්' කෑල්ල එක්වන්නේ කන්නංගර යුගයේය. එතෙක් (වැඩිදුර) අධ්‍යාපනය ලැබීම සඳහා ගෙවීමක් කිරීමට සිදුවිය. එයින් නිදහස් කර නොමිලේ අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව ලබා දීම නිසා අධ්‍යාපනයට 'නිදහස' එකතු විය. එසේ නිදහසේ ලබන්නට පින් ලැබුයේ එතෙක් පැවති මිෂනාරී අධ්‍යාපනයමයි. මෙම මිෂනාරී අධ්‍යාපනය 'නිදහසේ' ලැබිය හැකි එකක් නොවීය. එය අති මහත් නීති පද්ධතියක් යටතේ දැඩි පාලනයකින් ...
බෞද්ධ දරුවන්ට දහම් පාසල් මොකටද? My notion මේ මගේ මතය අද දහම් පාසල් දවසනෙ. උදේම ගියා පොඩි කට්ටිය අරගෙන දහම් පාසලට. අද පන්සලක් නෑ. එතනත් පාසලක්. ගේට්ටුව අවට වාහන 75ත් 100ත් අතර සංඛ්‍යාවක් තිබුණා. 'දහම්පාසල් බස්රථ' තුනකුත් තිබුණා. ගේට්ටුව ළඟ ශිෂ්‍ය නායක අයිල දෙන්නයි, අක්කල දෙන්නයි. 'නිල ඇඳුම', 'බැජ් එක' පරීක්ෂා කරනවා. "මල්ලිගේ කොණ්ඩේ වැඩියි" එක අයියා කෙනෙක් අපේ පුතාට කිව්වා. "එයත් ප්‍රිෆෙට්" අනෙක් අයියා කිව්වා. මල්ලිත් හිනා උණා මිසක් ...
මහවැලියේ ඓතිහාසික වැරැද්ද... My notion මේ මගේ මතය මහවැලියේ සිදු කෙරුන විශාලම වැරැද්ද මොකක්ද කියල කිහිප දෙනෙක්ගෙන්ම ඇහුවා. පුදුමය කියන්නේ හැමෝම දුන්නේ එකම උත්තරය. අනිවාර්යයෙන්ම ඔබගේ සිතෙත් ඒ පිළිතුරම නලියනවා. මම හරි නේද? ඒ නිසා ඒ මොකක්ද කියල මම ලියන්නේ නෑ. ඒත් මගේ තක්සේරුවේ හැටියට ලොකුම වැරැද්ද එය නෙමේ. එහෙනම් මොකක්ද? මහවැලි යෝජනා ක්රමයේ ප්‍රධාන ඉලක්ක දෙකක් තියෙනවා. 1. ජලවිදුලිය නිෂ්පාදනය. 2. වී ගොවිතැන. තවත් විවිධ අරමුණු විවිධ ...
ඊළඟ යුගය කුමක්ද? What will be the next Age? My notion මේ මගේ මතය මානව පරිනාමය විවිධ යුගවලට වෙන් කර දක්වා ඇත. ගල් යුගය, එඬේර යුගය, ගොවි යුගය, කාර්මික යුගය, තාක්ෂණ යුගය ආදී ලෙස (වෙනස් ආකාරයේ කොටස් කිරීම් හා නාම ද තිබේ) පැමිණ අදවන විට තොරතුරු තාක්ෂණ යුගයේ සිටින්නේ යැයි පැවසේ. එළඹෙන යුගය කුමක් විය හැකිද? ඉහත දැක්වූ යුග සියල්ල ප්‍රධාන යුග දෙකක අනු යුග නොඑසේනම් උප යුග ලෙස මම සිතමි. ගල් යුගය, එඬේර යුගය ...
ප්රේමවන්තයිට තවත් දිනයක් දෙමු! My notion මේ මගේ මතය අද ප්‍රේමවන්තයින්ගේ දිනයද? ඔවු! අද ප්‍රේමවන්තයින්ගේ දිනය. ප්‍රේමවන්තයින්ටත් දිනයක් ඕනෙද? ඔව්! ප්‍රේමවන්තයින්ටත් දිනයක් ඕනෙ! අඩුම ගානෙ එදාටවත් එකිනෙකාට ප්‍රේම කරන්න. ඇත්තටම ප්‍රේම කරන්න. අද ඇත්තටම ප්‍රේම කළොත් තවත් දවසක් වෙන් කරල දෙන්න බලමු! ප්‍රේමවන්ත දවසක් වේවා! ...
සහෝදරකම My notion මේ මගේ මතය මගේ මතය අනුව ලොව ඇති රැකගතයුතුම ඥාතිකම නම් සහෝදරකමයි. අපගේ ජීවිත කාලයට සමාන වූ කාලයක් අප සමග එකට හුස්ම ගන්නා ඥාතියා සහෝදරයා වේ. අම්මා හා තාත්තා අපට බොහෝ කළකට පෙර ඉපිද බොහෝ විට අපට බොහෝ කලකට පෙර අපෙන් වෙන්ව යයි. දූ දරුවන් සම්බන්ධව එහි අනෙක් පැත්තයි. අපිට බොහෝ කලකට පසු ඉපිද බොහෝවිට ඔවුනට පෙර අපි ඔවුන්ගෙන් වෙන්ව යයි. බිරිඳ හා ස්වාමියා ...
ජනමාධ්‍යයේ කැත වැඩ My notion මේ මගේ මතය ජනමාධ්‍ය යනු රටේ මතවාදය හසුරුවන ප්‍රධාන ධාරාවකි. රටකට නිවැරදි මතවාදයක් නොමැති තාක් කල් බොහෝ දෙනා අයාලයේ යන මතවාද ජන විඥ්ඥානය තුළ තැම්පත් කිරීම වැලැක්විය නොහැකිය. එහෙත් ජනතාව එපා නොකියන නිසා තමන්ට හිතෙන හිතෙන දේ ජනමාධ්‍ය හරහා බෙදා දීමට ජනමාධ්‍ය කටයුතු නොකළ යුතුය. කොහේ හෝ සිදුවන දෙයක යම් කුණු රසයක් තිබේනම් එය ප්‍රවෘත්තියක් ලෙස ඉදිරිපත් කිරීම අද ජනප්‍රිය ජනමාධ්‍ය සම්ප්රදාය ...
යුතුකම් හා අයිතිවාසිකම් My notion මේ මගේ මතය යුතුකම් කියන්නේ ක්‍රියාවක්. අයිතවාසිකම් කියන්නේ ප්‍රතිඵලයක්.යුතුකම් කියන්නේ එක් අයෙකු විසින් ඉටු කළ යුතු කාර්යයක්. අයිතිවාසිකම් කියන්නේ ඒ පුද්ගලයා යුතුකම් ඉටුකිරීම නිසා තවත් අයෙකුට ලැබෙන ප්‍රතිඵලය.ඒත් අපි ඔය දෙක මාරු කරගෙන ඉන්නේ.අපි හිතන් ඉන්නේ අයිතිවාසිකම් කියන්නේ තියෙන දෙයක්. යුතුකම් කියන්නේ කළ යුතු දෙයක් කියල. සේවකයා හිතන් ඉන්නවා සේව්‍යයා තමන්ට වැඩි පඩි ලබා දිය යුතුයි; එය තමන්ගේ අයිතිවාසිකමක් කියල. එහෙත් එතන තියෙන්නේ ...
විපක්ෂ නායක ජනාධිපති කරන නව ව්‍යවස්ථාවක් My notion මේ මගේ මතය ශ්‍රී ලංකාවේ මේදිනවල ජනප්‍රසිද්ධම මතෘකාව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි. ජනාධිපතිවරණයේ එක් පාර්ෂවයක ප්‍රධානම තේමා පාඨය වී තිබෙන්නේත් එයයි. අපේ රටට විධායක ජනාධිපති වරයෙකු අවශ්‍ය බවයි මාගේ මතය. එහෙත් ඒ තනතුරට වර්තමානයේ ආරෝපණය කොට තිබෙන්නා වූ අසීමිත බලයතල ඉවත් කළ යුතුයි. විශේෂයෙන් ජනාධිපති පාර්ලිමේන්තුවට/ව්‍යවස්ථාදායකයට හා අධිකරණයට ඍජුවම වගකිව යුතුයි. එසේම විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය එකිනෙකින් ස්වායත්ත ආයතන විය යුතුයි. විධායකය ප්‍රධාන ...
කාකාසලාට පරිගණක My notion මේ මගේ මතය රජයේ කාර්යාලවල තිබෙනා තවත් තනතුරකි, කාකාස හෙවත් කාර්යාල කාර්ය සහයක. කාර්යාලය විවෘත කිරීම හා වසා දැමීම එනම් යතුරු රාජකාරිවල සිට පිරිසිදු කිරීම්, නිලධාරීන්ට බීමට වතුර සැපයීම, මේසයේ දූවිලි පිස දැමීම, අඩි හතරක පහක දුරකට පවා ලිපිගොනු චලනය කිරීම, ලිපි විවෘත කිරීම, විදුලි පහන් දැල්වීම හා නිවා දැමීම, විදුලි පංකා ක්‍රියාත්මක කිරීම ක්‍රියා විරහිත කිරීම, වායුසමනය යනුත්රය ක්‍රියා කිරීම හා ක්‍රියා ...