පැතු දේ නොම වෙයි. නොසිතු දෙයක් වෙයි. Management in Sinhala ජීවිතය රේඛාවක ගමන් කරන්නේ නැත. අපට කිසියම් අවස්ථාවක අහවල් තැනට ලගා විය හැකි යයි කිව හැක්කේ එවැනි රේඛීය ගමනක දී ය. ගණිතය ගැන දන්නා උදවිය මා සමග එකග වෙන එකක් නැත. ඒ රේඛාවක නොවුව ද කිසියම් නිශ්චිත පථයක ගමන වේ නම් යම් අවස්ථාවක අප කොතැනට ලගා වේ දැයි කිව හැකි බව කියමිනි. ඉතින් ඔවුන් වෙනුවෙන් […] ...
කාලත්රය තුළ දිවි ගෙවීම Management in Sinhala ගෙවී ගිය අතීතය පිළිබඳව වැලපීමේ තේරුමක් නැත. එළඹීමට නියමිත අනාගතය ගැන බිය වීමේ තේරුමක් නැත. කළ යුත්තේ මේ මොහොත සතුටින් ගත කිරීම ය. මේ මොහොතේ කළ යුතු දෙය මනා ලෙස කිරීම ය. සතුටින් කිරීම ය. ක්‍රමවත්ව කිරීම ය. කරන දේ පිළිබඳ මනා සිහියෙන් කිරීම ය. මේ අවවාදය බොහෝ සෙයින් යහපත් එකක් බවට විවාදයක් නැත. අවසන් […] ...
දෘෂ්‍යමාන හා අදෘෂ්‍යමාන ප්‍රතිඵල Management in Sinhala දෑසට පෙනෙන යමක් කිරීමට බොහෝ දෙනා කැමති ය. එවැනි එකක් නැවත ඇගිල්ලෙන් ඇන පෙන්විය යුතු නොවන නිසා ය. ඒ නිසා ම ආයතනයක නම් බොහෝ අය කැමති ගොඩනැගිලි, පුටු, මේස, රාක්ක, මල්පෝච්චි වැනි දෑ වෙනස් කිරීමට ය. ඒවා බොහෝ විට මුදල් වියදම් කර කළ යුතු වැඩ ය. ඒ නිසා මුදල් සොයා ගැනීමට දක්ෂ අයට පමණක් කළ […] ...
ඒක නායක සහ බහු නායක Management in Sinhala පිරිසක් හා කණ්ඩායමක් අතර ඇත්තේ පැහැදිලි වෙනසකි. පිරිසකට පොදු අරමුණක් තිබිය හැකි ය. එහෙත් එය සම්මුතියකින් එකගතාවයකින් පසු ඇති කරගත් බෙදා හදා ගත් අරමුණක් නොවේ. එවැනි සම්මුතියකට පැමිණ ඇති අරමුණක් සහිත පිරිසක් වේ නම් එය හදුන්වනුයේ කණ්ඩායමක් ලෙස ය. බොරැල්ලට යාම සඳහා තනි තනිවම පැමිණ බස්නැවතුම්පොලක සිට ගන්නා පුද්ගලයින් රැසකට ද පිරිසක් යයි කිව හැකි […] ...
පහසුම හා වඩාත්ම ඵලදායී ආයතනික ඉගෙනීම – ඉගෙනීම ගැනත් උගනිමු Management in Sinhala සමහර ආයතන ඉගෙනීමට බොහෝ කැමති ය. හැමවිටම නැවුම් වීම ඔවුන්ගේ අභිප්‍රායයි. මේ නිසාම ඔවුන් අධික වියදම් දරමින් පුහුණු වැඩසටහන්වලට සිය කළමනාකරුවන් යවති. එය ඉතා හොද දෙයක් බවට සැකයක් නැත. හැමවිටම අලුතින් යමක් ආයතනයට එකතු කරගැනීමට ඒ බොහෝ අවස්ථාවන් මග පාදන බැවිනි. එහෙත් ඊට වඩා පහසු ලාභදායක ඵලදායී ක්‍රමයක් තිබේ. බොහෝ ආයතන මගහරින එම ක්‍රමය අන් [...]
ඇතුවත් බැරි නැතුවත් බැරි සැළසුම් Management in Sinhala එන එන විදිහට ජිවිතය පිළිගැනීම එක් විදිහකි. සැළසුම් ඇති ව ජීවිතයට මුහුණ දීම තව විදිහකි. බොහෝ කළමනාකරණ පොත් වල ද කළමනාකරණ ගුරුවරුන්ගේ උපදෙස් වල ද ඉගැන්වීම නම් සාර්ථක මිනිසෙකු විමට දෙවැන්න අනුගමනය කළ යුතු බව ය. සාර්ථක ආයතනයකට නම් දෙවැන්න නැතිවම බැරි බව ය. සැළසුමක වැදගත් ම දෙය ඉලක්කයක් තිබීම ය. ඒ ඉලක්කයට යා හැකි […] ...
පොලියත් එක්ක ගෙවන්නට නියමිත තෑගි බෝග! Management in Sinhala මේ නත්තල් සමය යි. තෑගි බෝග ලැබෙන සමය යි. නත්තලට ලැබෙන තෑගි බෝගවලට ජනපතිවරණය වෙනුවෙන් ලැබෙන තෑගි ද එක් කළ විට නම් පේන්නේ අපේ ග්‍රහයා උච්ඡස්ථානයේ පසුවන බවයි. මේ ලැබෙන දේට ලබන්නා ගෙවන්නේ නැත. සියල්ල නොමිලේ ය. මේ කතාව ඇත්ත ද? නත්තල් සීයා ගෙනෙන තෑගිවලට පවා කවුරු හෝ ගෙවන්නේ නැත් ද? ඒවා අයිස්ලන්තයේ සිට ගෙනෙන්නේ […] ...
එක හිත දෙතැනක නොව දස අත ය Management in Sinhala ඇතැම් කළමනාකරුවන්ට ඉස්පාසුවක් නැත. ඔවුන් අද එකක් කියන්නේ ය. හවසට කල්පනා වන්නේ එය නොව වෙන එකක් කළ යුතු බව ය. පසු දා පාන්දර ඔහු පැමිණ තවත් යමක් කියන්නේ ය. තමන් ඊයේ කී දෙය සම්බන්ධයෙන් කුමක් කළ යුතු දැයි නොකියාම ඔහු මේ නව උපදෙස් දෙන්නේ ය. එදින ම හවස් වන විට ඊට හාත්පසින්ම වෙනස් දෙයක් කියන්නේ […] ...
පරිහානියට මග සළසන සාර්ථකත්වය Management in Sinhala සාර්ථකත්වය උදෙසා සැවොම වෙහෙසෙති. කැප වෙති. එහෙත් සාර්ථකත්වය පරිහානියට ද මග පාදන බව දන්නේ සිතන්නේ කීයෙන් කීදෙනෙක් ද? යම් සමාගමක් තරඟයෙන් සියළු ප්‍රතිවාදීන් පරදවා එම ක්ෂෙත්රයේ එකම සමාගම – ඒකාධිකාරය – බවට පත්වුවහොත් සිදු විය හැක්කේ කුමක් ද? දැන් තරගකරුවන් නැති නිසා තවදුරටත් ගුණාත්මක බව ඇති කිරීමට වෙහෙසීමට නුවුමනා වීම ය. නව ආකාරයන්ට හිතන්නට නුවුමනා […] ...
නායකයා ගරු කළ යුත්තේ නීතියට ද ආචාර ධර්මයන්ට ද? Management in Sinhala සාධාරණය කළ හැකි යම් හේතුවක් නිසා නීතියක් කඩ කළ කෙනෙකුට දඩුවම් නොදී සමාව දීමට නායකයෙකුට හැකි ද? සාධාරණය කළ හැකි කිසියම් දෙයක් වෙනුවෙන් නීතියක් කඩ කිරීමට නායකයෙකුට හැකි ද? නීතියක් යනු දේව නියමයක් නොවේ. මිනිසුන් විසින් නිර්මාණය කර ගත් දෙයකි. නීති හදා ගෙන තිබෙන්නේ වඩා හොඳින් වැඩ කටයුතු කිරීමේ පහසුවට ය. එයින් අනියමින් කියවෙන්නේ ඒවා […] ...
එක තැන රවුමට කැරකෙන….. කළමනාකරුවෝ! Management in Sinhala කළමනාකරුවන්ගේ කාලය ද ඔවුන් සතුව ඇති සම්පත් ද සීමිත ය. ඒ නිසාම කවරකට ප්‍රමුඛතාවය දිය යුතු ද යන්න ඔවුන් විසින් නිතිපතා තීරණය කළ යුතු කාර්යයක්ව තිබේ. ප්‍රමුඛතාවය දිය යුත්තේ සේවා ලාභීන්ට ද සේවකයන්ට ද? අද දවසේ ලාභය වැඩි කර ගැනීමට ද හෙට දවසේ දියුණුවට ද (වෙළදපොළ උරුමය වැඩි කර ගැනීමට ද)? තිබෙන කුසලතාවලින් ප්‍රයෝජන ගැනීමට […] ...
දන්න දේ හා නොදන්න දේ Management in Sinhala සමහරු නොදන්න දෙයක් නැත. ඊට අමතරව ඒ හැම දෙයක්ම ඔවුන් හොඳින්ම දන්නා බව ඔවුන්ට විශ්වාස ය. සැකයක් නැතිව ම විශ්වාස ය. ඒ බව ඔවුහු දිව්රා කියති. තව කෙනෙකුට කිසිවක් කීමට ඉඩ නොතබා කියති. ඒ සඳහා ඔවුන් බර තබන්නේ ඔවුන්ගේ ජේෂ්ඨත්වයට ය. අත්දැකීම් වලට ය. පළපුරුද්දට ය. වයසට ය. ඔවුන් ලඟ තිබෙනවා යැයි සෙසු අය විසින් […] ...
අනාරක්ෂිත ආරක්ෂාව Management in Sinhala ඔබ ඔබේ දරුවාට නිදහස දීමට කැමති ය. එහෙත් ඒ නිදහස ඔහු කෙසේ භාවිතයට ගනී ද යන බිය ද ඔබට තිබේ. ඒ නිසා ඔබ ඔහුට නිදහස දීම කල් දමයි. මැලි වෙයි. ආසයි බයයි යන මේ උභතෝකෝටිකය තව බොහෝ දේ සම්බන්ධයෙන් ද තිබේ. කළමනාකරණයේ දී ද ඔබ මේ උභතෝකෝටියට මුහුණ දෙයි. ඔබ ඔබේ සේවකයන්ට ඔබේ බලය බෙදා […] ...
අපේ මිණුම් දඩු Management in Sinhala අප බොහෝ විට මිනිසුන් මණින්නේ ඔවුන් අප ගැන දක්වන සැළකිල්ල, දයාව, කරුණාව, අනුග්‍රහය, උදව්ව සැළකිල්ලට ගෙන ය. අපට සහයක් වන එවන් අය අපේ ඉහළ අගැයීමට ලක් වන්නේ ය. මේ අගැයීම ඇතැමි විට නිවැරදි නොවිය හැකි ය. ඒ තැනැත්තා අපට අනුග්‍රහ දක්වන්නේ කිසියම් ලාභයක් ලැබේය යන චේතනාවෙන් විය හැකි ය. එවිට ඔහුගේ අනුග්‍රහය අපට නොවේ. අපෙන් […] ...
සංවර්ධන නිර්ණායකය විය යුත්තේ – ධනය ද සතුට ද? Management in Sinhala රටක සංවර්ධනය ගැන එක් එක් අයගේ සිහින වෙනස් ය. ඔවුන් සංවර්ධනය දකින්නේ විවිධ ආකාර වලට ය. සමහරු සංවර්ධනය ආර්ථික සංවර්ධනයට ලඝු කෙරෙති. එහි ප්රතිපක්ෂය ආර්ථික සංවර්ධනය යන නිර්ණායක මග හැර වෙන අනම් මනම් දොඩති. දෙවැනි පාර්ශවයට අයිති එක් උප කුලකයකට අනුව රටක් සංවර්ධනය වනවා යනු ඒ රටේ මිනිසුන්ගේ සංතෘෂ්ඨිය සංවර්ධනය වීම ය. ආර්ථික සංවර්ධනය ඉලක්කම් […] ...
හැම ඉරියව්වෙන් ම දක්ෂ විය යුතු කළමනාකරුවා Management in Sinhala කළමනාකරුවෙකු වීමට ඕනෑ ම කෙනෙකුට පුළුවන. එහෙත් දක්ෂ කළමනාකරුවෙකු වීමට, වාසනාව අත වන තොත් මිස, හැම කෙනෙකුට ම බැරි ය. ඔහු තමන් යටතේ ඉන්නා මිනිසුන්ගෙන් වැඩ ගත යුතු ය. ඒ සඳහා ඔවුන් අභිප්‍රේරණය කළ යුතු ය. දක්ෂ කළමනාකරුවෙකු තම අනුගාමිකයන්ගෙන් ඔවුන් කෙරෙන් ඔවුන්ගේ අපේක්ෂිත මට්ටමට ඔබ්බෙන් ගොස් දායකත්වය ලබා ගත යුතු ය. ඒ සියල්ල සඳහා […] ...
නෑ බෑ නොකියා Management in Sinhala “හැමෝගෙම හිත දිනා ගෙන ඉන්න ඕනෑ“. මේ ඔබේ පැතුම නම් ඔබ අමාරුවේ ය. හිත හොඳ අම්මණ්ඩි හැමදාම බඩින් යැයි යන වැකිය පිටුපස ඇත්තේ මේ අවදානම් ඇගවීම ය. හැම කෙනාගේම හිත දිනා ගැනීමේ එකම මග පැත්තක් නොගෙන සිටීම ය. වැට උඩ සිටීම ය. කිසිම දෙයක් ගැන තමන්ගේම මතයක් ඇති කර නොගැනීම ය. හැම දෙයකටම හූ මිටි […] ...
මොකක් හරි කරමු Management in Sinhala කතා කර කර ඉඳල හරි යන්නෙ නෑ. අපි දිගටම ඕක නෙ කළේ. දැන්වත් ඉතින් මොකක් හරි කරමු. මේ ප්‍රකාශය ඔබ අසා ඇතුවාට සැක නැත. මේ කලබල කාර සැහැසි ප්‍රකාශය පිටුපස තිබෙන්නේ කිසි දෙයක් සිදු නොවීම පිළිබඳ කළකිරීම ය. කෝපය ය. එය සාධාරණ ය. යුක්ති යුක්ත ය. එහෙත් එයින් සිදු වන වැඩක් නැත. මොකක් හෝ කිරීමෙන් […] ...
හිත හීලෑ නැතිද හැම තැනම දුවන්නේ ද – මුරණ්ඩු ද? ඒ හිත අගය කළ යුතු ය. Management in Sinhala බොහෝ විට අපට අසන්නට ලැබෙන්නේ අවධානය මද බවට කරන චෝදනා ය. හැම තැනම දුවන සිතකට අවධානය රදවා ගැනීම අමාරු ය. එයින් සිදුවන්නේ පටන් ගත් යමක් සම්පූර්ණ කිරීමට නොහැකි වීම ය. ඒ නිසාම අවධානයේ වැදගත්කම ගැන අපමණ කතා ඇසේ. එසේ දුවන සිත අල්ලා බැද දැමිය හැකි එක් ආකාරයක් ලෙස භාවනාවේ අගය ද ප්‍රකාශ කෙරේ. ඒ සියල්ල [...] ...
පාරිභෝගික සත්කාරය වින්දෙමි! Customer is the King; නොදෝකින්! Management in Sinhala පාරිභෝගික සත්කාරය අතින් ලංකාව ඉන්නේ බොහෝ පහළ මට්ටමක ය. Customer is the King; නොදෝකින්! පහුගිය දිනක මම දුම්සහතිකය ලබා ගැනීමට බත්තරමුල්ලේ ඉකෝටෙස්ට් මධ්‍යස්ථානය වෙත ගියෙමි. වාහන කීපයක්ම පෝලිමේ තිබුනු අතර එක පෝලිමක් වෙනුවට අමුතු සක්කයන් ගසා පෝලිම් කීපයක් ඒ වනවිටත් සැදී තිබිණි. පෝලිම පැත්තකින් තිබියදී ලොරියක් පැමිණ සහතිකය ලබා ගෙන ගිය අතර මට පසුව පැමිණි [...] ...