සතුට ගෙනෙන දියුණුව – දියුණුව ගෙනෙන සතුට Management in Sinhala අප හැම දෙනෙක්ම කැමති අප තුළ තිබෙන දක්ෂතා හා හැකියාවන් වඩාත් තීව්රව ප්‍රකාශයට පත් කළ හැකි වැඩෙහි යෙදීමට ය. එහෙත් අපට සිදුවන්නේ ඒවා සගවා ගෙන වෙනත් වැඩක යෙදී ජීවත්වීමට නම් එතැන ඇති වන්නේ අසතුට ය. එක් පැත්තකින් නායකයින්ගේ යුතුකම වන්නේ මිනිසුන් සතු මේ දක්ෂතා හා හැකියාවන් වඩාත් තීව්රව ප්‍රකාශයට පත් කළ හැකි වන්නාවූ ද ඒවා [...] ...
රාක්කයේ රැඳෙන උපාය මාර්ගික සැළැස්ම (Strategic Plan) Management in Sinhala බොහෝ ආයතනවල උපායමාර්ගික සැළැස්ම හදන්නේ දින දර්ශනය අනුව ය. නව වසරක් ඇරඹුමට පෙර ය. උපාය මාර්ගික සැළැස්ම එසේ හදන්නට පුළුවන් එකක් ද? අපේ වටපිටාව වෙනස් වන විට අපේ ආයතනයේ අභ්‍යන්තරය වෙනස් වන විට උපාය මාර්ගය වෙනස් කළ යුතු ය. අතීතයේ දී මෙන් නොව බාහිර පමණක් නොව අභ්‍යන්තර වෙනස්කම් ද සිදු වන්නේ වේගයෙනි. එවන් වටපිටාවක දින […] ...
ඩොලරයේ නැගීම හමුවේ අප කළ යුත්තේ කුමක් ද? Management in Sinhala ඩොලරය ඉහළ ගොස් තිබේ. බොහෝ දෙනෙකු ඒ ගැන විස්සෝපයෙන් පසු වෙති. ඊට වග උත්තරකරුවන් සොයති. ඒ නිසා වන විපාක විමසති. ඒ කිසිවක් අයහපත් නැත. එහෙත් වඩා බුද්ධිමත් ප්‍රවේශයක් විය හැක්කේ මේ විපාක වලින් ගැලවීම සඳහා උපාය මාර්ග සෙවිම ය. එක් ක්‍රියාමාර්ගයක් විය හැක්කේ අත්‍යවශ්‍ය නොවන දෑ ආනයනය කිරීමෙන් වැළකීම ය. පෞද්ගලිකව නම් ඒවා මිල දී ගැනීමෙන් වැළකීම […] ...
සංවාදය හා විසංවාදය – ඉගෙනීම හා ඉගෙනීම ප්‍රතික්ෂේප කිරීම Management in Sinhala සංවාදයක දී කටයුතු කරන ආකාරය අනුව මිනිසුන් කඳවුරු තුනකට බෙදිය හැකි ය. පළමු පාර්ශවය වෙනස් අදහස් වලට විවෘත ය. දෙවැනි පාර්ශවය වෙනස් අදහස්වලට විවෘත නැති වුව ද තම මතයටම දැඩි ලෙස පක්ෂපාත වුව ද වෙනස් මතයන්ට ද එක්තරා ප්‍රමාණයකට සංවේදී ය. තුන්වෙනි පාර්ශවය වෙනස් අදහස්වලට ඇලජික් ය. ඔබ කිසියම් කෙනෙකු සමග සන්නිවේදනයේ යෙදෙන්නේ නම් ඒ […] ...
කොහෙද යන්නෙ? වයසට Management in Sinhala ප්‍රශ්නයක් හරියට නොනැගුවොත් අපි අමාරුවේ බව කියන්නට ඉහත උපහැරණය වුව ප්‍රමාණවත් ය. ඒත් එයින් මතුකරන හාස්‍යය නිසා එහි ගැඹුර යටපත් වේ. කළමනාකරුවන් ප්‍රශ්නයකට උත්තර දීමට පෙර නිවැරදි ප්රශ්නය තෝරාගැනීමට වෙහෙස විය යුතු වන්නේ ඇයිදැයි පැහැදිලි කළ හැකි වඩාත් ගැලපෙන උදාහරණයක් ගෙන බලමු. අපේ ආයතනයේ ආදායම් අඩු වෙමින් ඇතැයි සිතමු. ඒ සදහා විසදුම් සොයන අප විසින් [...] ...
අවසර නොඉල්ලා සමාව ගැනීම Management in Sinhala බොහෝ දෙනෙකු කැමති තම ප්‍රධානියාගෙන් අවසර ගෙන යමක් කිරීමට ය. ඒ පසුව එන දෝෂාරෝපණයන්ගෙන් ගැලවීම උදෙසා ය. තමන් ළගට උපදෙස් පතා එන මිනිසුන් ගැන ප්‍රධානියාගේ ද ඇත්තේ පැහැදීමකි. හිතුමතේට වැඩ කරන මිනිසුන් මෙන් නොව එවැනි අවසරයක් ඇතිව වැඩ කරන අයගෙන් ප්‍රශ්න ඇති වන්නේ කලාතුරකින් බැවිනි. ඊට අමතරව මේ අවසරය පතා එන අය නිසා ප්‍රධානියාගේ […] ...
කදු නගින්නන්ගෙන් කළමනාකරුවන්ට පාඩමක් Management in Sinhala කදු නැගීම අමාරු ය. දිවි මකුළුවන් නිසා අල්ලා ගැනීම සම්බන්ධයෙන් ගහක් ගැන විශ්වාසය තැබිය නොහැකි ය. පහසුවෙන් ගැලවෙන නිසා පය තැබීමට ගලක් ගැන විශ්වාසය තැබිය නොහැකි ය. ඒ නිසා මේ සදහා ධෛර්ය හා නිර්භීතභාවය පමණක් ප්‍රමාණවත් නොවේ. උපාය මාර්ගික දක්ෂතාවය ද ඊට අවශ්‍ය ය. සමහර විට පය ගැසුවොත් බුරුල්වී ගැලවෙන බව දැන දැන ගල් මත [...] ...
තිත්ත ඇත්ත සගවා රසවත් බොරුවක් කීම – සාර්ථක උපායක් ද? Management in Sinhala “මට විරුද්ධව ඔබ කියනා සියල්ල මම ප්‍රතික්ෂේප කරමි“. මගේ විවේචකයන් කියන්නේ කුමක් වුව ද එය ඉතා කටුක වූත් අමිහිරි වූත් ඇත්තක් වූ කල මේ උත්තරය දී මට පලා යා හැකි ද? ඇත්ත හා බොරුව අතරින් කළමනාකරුවෙකුගේ තෝරා ගැනීම කුමක් විය යුතු ද? ඇත්ත කටුක නම් එය සගවා මිහිරි බොරුවක් කීම වැරැද්දක් ද? මගේ ආයතනයේ දුර්වලකම් [...] ...
ඇඳීම සහ ඇන්දීම Management in Sinhala අඳින ඇඳුම පමණක් නොව ඊට සමගාමීව කරන කොණ්ඩය සැකසීම වැනි බාහිර සැරසිලි ද කෙනෙකු පිළිබඳ ප්රකාශනයක් වෙයි. ඔහුගේ ඇයගේ අනන්‍යතාවය එයින් ප්‍රකට වෙයි. ඇතැම් විටක ඔහුගේ ඇයගේ හර පද්ධතිය ද එයින් විද්‍යාමාන වෙයි. කෙනෙකු කැමති චාම් හා සරල ප්රකාශනයක් ඉදිරිපත් කිරීමට ය. තව කෙනෙකු කැමති කැපී පෙනෙන ප්රකාශනයක් කිරීමට ය. එපමණක් නොවේ. එක් එක් අවස්ථාවට […] ...
නොගොහින් එන්නට බැරි ය. නොදී ගන්නට බැරි ය. Management in Sinhala බොහෝ දෙනාට බොහෝ දේ ගන්නට වුවමනා ය. එහෙත් ඔවුන් ළග නැත්තේ ඒ වෙනුවෙන් දෙන්නට යමක් ය. හරියට සරත්චන්ද්‍ර ශූරින්ගේ මළවුන්ගේ අවුරුදු දා නවකතාවේ එන නොරිකෝ සන් දෙවොන්දරා සන්ට කීවා සේ “නොගොහින් එන්නට බැරිවා“ වගේ ය. නොදී ගන්නට බැරි ය. අපට දෙන්නට හැක්කේ මොනවා ද? මුදල්, අදහස්, ශ්‍රමය, දැනුම, භාණ්ඩ හා සේවා ආදී වටිනාකමක් දිය හැකි […] ...
ගරු සුජීව සේනසිංහ මන්ත්‍රී තුමාට හා යහපාලන ආණ්ඩුවට ආදරයෙනි Management in Sinhala සුජීව සේනසිංහ මන්ත්‍රීතුමා අධිකරණ නියෝජ්‍ය ඇමතිවරයා ලෙස සිටියදී පොලිස් නිලධාරියෙකුට තර්ජනය කළේ ය. එම තර්ජන කිරීම සම්බන්ධයෙන් එතුමාට එරෙහිව පොලීසිය විසින් පවරන ලද නඩුවක් අධිකරණයේ විභාගවීමට නියමිත ය. එබැවින් ඒ සිද්ධිය ගැන විමසීමට මෙහි අදහසක් නැත. එහෙත් එතුමා තම මැදිහත් වීම සමාජය ඉදිරියේ යම් පමණකට සාධාරණය කළේ නිලධාරීවාදය නැවත හිස එසවීමට තමන් ඉඩ නොදෙන බව […] ...
මහානාම පාලමට දැලක්! ඔලුවට ඉස කුඩිච්චියක්! Management in Sinhala තම දරුවන් දෙදෙනා පාලම උඩින් ගඟට දැමූ පියෙක් නිසා ඒ පාලම උඩින් දැලක් දමන්නට කට්ටිය සැළසුම් කරන බවක් පහුගිය දිනක ගුවන්විදුලියෙන් අසන්නට ලැබුණේ ය. මේ අපූරු තීරණය පිටුපස ඇති තර්කය අපූරු ය. ගගට දමන්නට පුලුවන් වූයේ දැලක් නොතිබුනු නිසා ය. දැන් නම් කිසිම තාත්තා කෙනෙකුට දරුවෙක් ගඟට දමන්නට බැරි වනු ඇත්තේ ය. ඒත් පුංචි ප්‍රශ්නයකට […] ...
රටේ නැති යහපාලනයක් ආයතනයක් තුළ ඇති කළ හැකි ද? Management in Sinhala යහපාලනයක් සැම විටම නිදහසේ නිර්මාණයන් කිරීමට හා සැමට දායකත්වයක් සැපයීමට අවශ්‍ය පසු බිම රටක් තුළ මෙන්ම ආයතනයක් තුළ ද සකසන්නේ ය. ආයතනය තුළ වැඩ කිරීම ප්‍රියජනක දෙයක් බවට පත් කරන්නේ ය. සෑම කෙනෙකු තුළම ආත්ම අභිමානය ඇති කරන්නේ ය. යහපාලනය තුළ නීතියේ ආධිපත්‍යය තහවුරු විය යුතු අතර නීතිය සැමට එකසේ ක්‍රියාත්මක කිරීමත් නීතියට අමතරව චර්යා [...] ...
Fundamental Errors and Technical Errors – තීරණාත්මක වැරදි හා තාක්ෂණික වැරදි Management in Sinhala කිසියම් කෙනෙක් තීරණාත්මක නැතහොත් මූලික වැරැද්දක් කළ විට ඔහුට සළකන ආකාරයත් කෙනෙක් අතින් සිදුවූ තාක්ෂණික වැරැද්දක් සම්බන්ධයෙන් ඔහු හා ගනුදෙනු කරන ආකාරයත් දෙකක් විය යුතු ය. මේ වෙනස බොහෝ දෙනෙකුට තේරුම් ගන්නට බැරි ය. ඒ නිසාම ඔවුහු මේ වැරදි දෙවර්ගයම එක මල්ලේ ලා සළකති. මගේ මිත්‍රයෙක් වරක් කුඩා මට්ටමේ ජල විදුලිබලාගාරයක් තැනීමට අවශ්‍ය තැන් වලින් [...] ...
ස්වභාවික වාසි (comparative advantages) හා නිර්මාණය කර ගත් වාසි (competitive advantage) Management in Sinhala අපගේ ගනුදෙනු කරුවන් ලෙස සමහර ආයතන තෝරා ගැනීම අනෙක්වා තෝරාගැනීමට වඩා අපට වාසිදායක ය. ඒ වාසි අතුරින් සමහර වාසි අප තෝරාගත් ආයතනයේ පරිශ්‍රමයකින් තොරව ස්වභාවිකව නැතිනම් ඉන් ස්වායත්තව ඇති වූ ඒවා ය (comparative advantage). අනෙත් වාසි ප්‍රවේසමෙන් කැපවීමෙන් ගොඩ නගා ගන්නා වාසි ය (competitive advantage). පළමු වර්ගයට (comparative advantage) උදාහරණයක් ගතහොත් යම් ආයතනයක පිහිටීම ගත […] ...
ප්‍රධාන ප්‍රශ්න හා පරිවාරයේ ප්‍රශ්න Management in Sinhala අවධානය යොමු විය යුතු ප්‍රධාන ප්‍රශ්න පරිවාරයේ ඇති කුඩා ප්‍රශ්නවලින් වෙන්කොට හඳුනා ගැනීමේ හැකියාව කළමනාකරුවෙකුට වැදගත් ය. එසේ නොවුනහොත් සිදු වන්නේ එතරම් වැදගත් නැති ප්‍රශ්න විසඳීම සඳහා කාලය වැය කිරිම ය. ඒ තුළ ප්‍රධාන ප්‍රශ්න එලෙසම පැවතීම ය. පැරටෝ කියා සිටියේ ලෝකයේ 80-20 නමින් සංඛ්‍යාත්මක නියමයක් පවතින බව ය. එය අපේ ප්‍රශ්න සම්බන්ධයෙන් යොදා ගත […] ...
වෙනසක් සිදු වුනා. ඒත් පරිවර්තනයක් වුනා ද? Management in Sinhala ආණ්ඩු වෙනසක් සිදු වී ඇති බව සැබෑ ය. එහෙත් පරිවර්තනයක් වී ද? මෙය අද බොහෝ දෙනා නගන ප්රශ්නයකි. ඒ නිසාම එය විමසිය යුතු ය. ඒ පරිවර්තනයක් අපේක්ෂා කළ අය වෙනසකින් නොසෑහෙන හෙයිනි. මුලින්ම විමසිය යුත්තේ මේ වචන දෙක ය. වෙනස බොහෝ විට සීමිත ක්ෂේත්‍ර කීපයක සිදුවන අතර පරිවර්තනය මුළු මහත් වටපිටාවම වෙලා ගනී. රටවල පමණක් […] ...
ප්‍රධානියා ආයතනය තුළ තවත් එක් සංඝටකයකි Management in Sinhala මිනිසෙකු යනු සංකීරණ ප්රපංචයකි. එය සැදී ඇත්තේ ඊට වඩා සරල වූ පද්ධතීන් ගණනාවක් එකතුව ය. ස්නායු පද්ධතිය, ශ්වසන පද්ධතිය, ආහාර ජිර්ණ පද්ධතිය ලෙස අප හඳුන්වන ඒ පද්ධතිවල ක්‍රියාකාරිත්වය මිනිස් ක්‍රියාකාරිත්වය තරම් සංකීර්ණ නැත. ඒ එක එකක් සැදී තිබෙන්නේ අවයව ගණනාවක එකතුවෙනි. උදාහරණයක් ලෙස ආහාර ජිර්ණ පද්ධතිය මුඛයෙන් ද ගල නාලයෙන් ද අමාශයෙන් ද අක්මාවෙන් ද […] ...
අලුත්ගම බේරුවල ගැටුමේ – පරාවළල්ලක් වූ තොරතුරු Management in Sinhala යුද්ධයක දී ගැටුමක දී මුලින්ම අනතුරට ලක් වන්නේ සත්‍යය (තොරතුරු) යයි කියමනක් තිබේ. අලුත්ගම බේරුවල ගැටුමේදී එහි සත්‍යතාවය මොනවට පැහැදිලි විය. මිනිසුන් හා දේපලවලට කරන හානියට වඩා තොරතුරුවලට සිදුවන හානිය නිසා ඇති වන අතුරු විපාක අති මහත් ය. එය නැවත නැවතත් පරාවළල්ලක් ලෙස කැරකී අවුත් මිනිසුන්ට හා දේපලවලට හානි සිදු කරන නිසා ය. තොරතුරු ගලා යාම […] ...
ගොඩනැගිල්ලක් හැදීම හා ආයතනයක් හැදීම Management in Sinhala යමක් භෞතිකව නිර්මාණය කිරීම පහසු ය. අවශ්‍ය වන්නේ ඒ සඳහා සම්පත් සොයා ගැනීම ය. එහෙත් අපට අවශ්‍ය ලෙස මිනිසෙකු නිර්මාණය කර ගැනීම අමාරු ය. ගොඩනැගිල්ලක් නිර්මාණය කර එය ඉදිකිරීම පහසු ය. එහෙත් එය ආයතනයක් බවට ඵලදායී ආයතනයක් බවට පත් කර ගැනීම අමාරු ය. ගෙයක් ඉදිකිරීම පහසු ය. අමාරු එය ගෙදරක් කර ගැනීම ය. භෞතිකව යමක් […] ...