විශ්වාසය සමග හැරෙන්නටවත් බැරි තර්කය Management in Sinhala අප ඇතැම් දේ විශ්වාස කරන්නේ තර්ක කර පැමිණි නිගමන ඔස්සේ නොවේ. සමහර විට ඒ විශ්වාසයේ එල්බ ගත්තේ අපට කවුරුන් හෝ හිතේෂියෙකු විසින් විශ්වාස කරන ලෙස කුඩා කාලයේ කියූ ඔවදනක් නිසා ය. ඒවා මත පදනම් ව වසර ගණනාවක් ජීවත් වූ පසු ඒවා අප තුළ ඇටුවන් බහින්නේ ය. එසේ වූ පසු කුමන තර්කයකටවත් ඒවා පහසුවෙන් වෙනස් කළ […] ...
පලා යමු ද? සටන් වදිමු ද? Management in Sinhala බොහෝ දෙනෙකු නව ආයතනයකට බැඳෙන්නේ කප්පරක් අපේක්ෂා හා බලාපොරොත්තු ඇතිව ය. ඒ අතරින් බොහෝ දෙනෙකුගේ වඩාත් ප්රමුඛ ඉලක්කය වන්නේ ආයතනයට කිසියම් දායකත්වයක් ලබා දී එහි ප්‍රයෝජනවත් සහකරුවෙකු වීම ය. ඒ හරහා තම අනාගතය වෙනුවෙන් ශක්තිමත් අත්තිවාරමක් දමා ගැනීම ය. තමන්ට නමක් හදා ගැනීමට ය. නිකම් නමක් නොව කීර්ති නාමයක් ලබා ගැනීමට ය. එහෙත් ඇතැම් ආයතනයකට […] ...
ව්‍යාපාරිකයින් හා වැටුප් ශ්‍රමිකයින් අතර වෙනස කාල කළමනාකරණය ද? Management in Sinhala කෙනෙකුගේ සාර්ථකත්වයේ රහස ඇත්තේ කාල කළමනාකරණයේ යැයි කීම වැරදි නැත. බොහෝ දක්ෂ අය කාලය අපරීක්ෂා කාරීව භාවිතා කරද්දී එතරම් දක්ෂ නොවන මිනිසුන් කාලය පරීක්ෂාකාරීව යොදා ගෙන ඉහළට යන බව මිනිසුන්ගේ චරිත කතා විමසීමේදී පෙනී යයි. අප සතු කාලය අප යොදා ගන්නේ කෙසේ ද යන්න අනුව අපට ලැබෙන ප්‍රතිඵල වෙනස් වේ. අප කරන්නට තෝරාගන්නා වැඩ, කල් [...] ...
රට දියුණු කළ නොහැකි කළමනාකරණ කාරණා Management in Sinhala අපේ රට දියුණු කළ නොහැක්කේ කුමක් නිසා ද යන්න කළමනාකරුවෙකුගේ ඇසින් බලා උත්තරයක් ගොනු කරන ලෙස මිත්‍රයෙක් මට ආරාධනා කළේ ය. මේ බ්ලොග් අඩවියේ හැම සටහනක්ම වෙන්වුනේ ඒ සඳහා වුව ද සියල්ල සාරාංශ ගත කොට එක් සටහනකට ගොනු කිරීමේ වැදගත් කමක් ඇතැයි ඔහු මට නොකියා කිව්වේ යැයි මම සිතමි. මේ සටහන ඒ වෙනුවෙනි. මගේ අදහසේ […] ...
අනේ කාලේ – වනේ වාසේ! Management in Sinhala අලුත් පරම්පරාවට දෙහි නොකපා කළ හැකි අනෙක් දෙය නම් “අද කාලය“ ට දෙහි කැපීම ය. “අපේ කාලේ“ වගේ නොවෙයි “දැන් කාලේ“! එහෙම කියන කොට ඉන් ගම්‍ය වන්නේ අපේ කාලේ දැන් කාලෙට වඩා හොදයි කියා ය. ඒ එක්කම ඉන් ගම්‍ය වන්නේ අපේ කාලය ඉකුත්ව ඇතැයි කියා ය. අද සටහන වෙන් වන්නේ පළමු ප්‍රශ්නයට උත්තර දීමට ය. […] ...
දැන උගත්කම් හා ප්‍රායෝගිකත්වය Management in Sinhala උගත් අයගේ විගඩම් බලන ඇතැම්හු කියන්නේ උන් පොළොවේ පය ගසා නැති අමුතුම සතුන් වර්ගයක් බව ය. ජීවත් වන්නේ උන්ටම උරුම වූ අරුම ලෝක වල බව ය. මහ පොළොවේ ජීවත්වන මිනිසුන් සමග පෑහීමක් ඒ නිසා ඔවුන්ට නැති බව ය. මේ චෝදනා වල කිසියම් ඇත්තක් නැතිවා නොවේ. තමන්ගේ ක්ෂේත්රය තුළ ඇසූ පිරූ ඇත්තේ වුව ද බොහෝ දෑ […] ...
සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල! Management in Sinhala දානයේ ආනිසංශ ගැන දන් ලබන අය කතා කරන විට දැනෙන්නේ තරමක අපුලකි. එසේ වුව ද දානයේ ආනිසංශ කවරේදැයි අපට කතා කිරීමට සිදුව ඇත්තේ නොදී ගන්නට බැරි යැයි අප විසින්ම පසුගිය සටහනේ ලොකුවට කී බැවිනි. නොදී ගන්නට බැරිවා සේම නොගෙන දීමට බැරි ය. ඒ නිසා ගන්නට බලාගෙන දිය යුතු ය. ආනිසංශ ගැන හොයන්නේත් කියන්නේත් ඒ නිසා […] ...
ආයතනවල ඉන්නා අයිය මලෝ හා අක්ක නගෝ Management in Sinhala සරසවියේ අප උගන්නා කාලයේ අපට වඩා වසර කීපයක් ජේෂ්ඨ අයටත් අපට වඩා වසර කීපයක් කනිෂ්ඨ අයටත් මචං කියා අමතන පුරුද්දක් අපට තිබුණි. පාසල තුළ පවා තත්වය බොහෝ දුරට එසේ විය. එහෙත් දැන් මේ ආයතන දෙකේම ජේෂ්ඨයන් අමතනු ලබන්නේ අයියා හෝ අක්කා යන ගෞරව නාමයෙනි. එතකොට ඉතිරිවන අය ඉබේම මල්ලිලා හා නංගිලා වෙයි. මේ ආමන්ත්රණ රටාව [...] ...
අතීත අවතාරවලින් මෙහෙයවන කළමනාකරුවන් Management in Sinhala මියගිය පැරණි අතීතය අදට වඩා හොද යැයි සිතන කළමනාකරුවෝ ඒ අතීත ශ්‍රී විභූතිය නැවත සිය ආයතන තුළට ගෙන ඒම මගින් වඩා සාධනීය ප්‍රතිඵල අයත් කර ගත හැකි යයි සිතති. ඒ සදහා ඒ පැරණි ක්රියාමාර්ගම – ඉවත් කළ පැරණි පිළිවෙත්ම- නැවතත් පණ ගන්වනු සමහර ආයතනවල දී දැකිය හැකි ය. උදාහරණයක් ලෙස මුද්දර හරහා රජයට ආදායම් එකතු [...] ...
රටටම ආදර්ශයක් වන කොත්මලේ ප්‍රාදේශීය ලේකම්තුමාගේ – මේනක හේරත් මහතාගේ – නායකත්වය Management in Sinhala රාජ්‍ය සේවය වෙනස් කිරීමට අපහසු දෙයක් යැයි නිතර කියන කතාවේ ඇත්තේ සම්පූර්ණ සත්‍යයම නොවන බව වටහා ගැනීමට ඔබ යා යුත්තේ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ය. එහි පිටත පෙනුම සුන්දර ය. ඇතුළත වැඩ පිළිවෙල ය. සේවා ලාභියෙකුට අවශ්‍ය සියළු මග පෙන්වීම කාර්යාලයේ පිවිසුම් දොරකඩදීම ලැබේ. ඔබව පිළිගනු ලබන්නේ අත් එක් කොට ආයුබෝවන් වනක්කම් කියන ත්‍රෛයි භාෂාවෙන් […] ...
පෙනුම හා සැබෑව – නොරැවටෙන්නට නම්…. Management in Sinhala උඩින් ඔපේ යටින් හපේ යන්න අපේ ජනවහරේ එන උපහැරණයකි. මේ බව නොදන්නා කෙනෙක් නැත. අපි බොහෝ විට පිට පෙනුමට රැවටෙමු. සැබෑව මග හරිමු. දැනගෙනත් කරන මේ වැඩේ ගැන සමාව දිය හැකි ද? එහෙත් එය කෙරෙයි. රෑ වැටුනු වලේ දවල් ද වැටෙන ගණනටම මේ සම්බන්ධයෙන් අප අන්ධ ය. පොරවාගෙන ඉන්නා සළුපිළි එහාට මෙහාට වෙන විට දේශප්‍රේමී […] ...
ප්‍රතිචාරය වැදගත් ය Management in Sinhala කෙනෙකුගේ නරක ක්‍රියාවක් අඩුපාඩුවක් අපට ලොකුවට පෙනේ. එවැනි විටක ඒ ගැන තමන්ගේ විරෝධය දැක්වීමට ඇතැම් දෙනෙක් පසුබට නොවෙති. ඇතැම් විටක ඒ විරෝධය වඩාත් හොඳින් කළ හැක්කේ කෙසේ දැයි නොසිතා මුලට නැගෙන සිතුවිලි වලින් මෙහෙයවනු ලැබ එකවර විරෝධය පල කරන්නට පවා එවන් අය පෙළඹෙති. ඇතැම් විට ඒ විරෝධය සම්බන්ධයෙන් ඔවුහු අතිශය නිර්දය ද වෙති. අයහපත් ක්‍රියාවක් […] ...
කළමනාකරණය සිංහලෙන් – කුලමල තියෙන්නෙ ගමේ විතර ද? Management in Sinhala ආයතනවල ඉන්නේ අයියල අක්කලා නංගිලා මල්ලිලා පමණක් නොවේ. සමහරවිට කල්ලි කණ්ඩායම් ද ඒවායේ සුලබ ය. හරියට ගමේ තියෙන කුල ගොත් අනුව සැකසුනු සමාජ සබදතා මෙන් ය. වමෙන් ගියත් අපි දකුනේ! මෙසේ ලියා තිබුනේ නම් ලොරියක ය. ඒත් මෙහෙම හණක් නොගැහැව්වත් මෙහෙම ආඩම්බරයෙන් කියන අය ආයතන ඇතුළේ ඇත. දකුණේ විතර ද උතුරේ අයියලා ද හැසිරෙන්නේ වෙනම [...] ...
විවේචනයට මුහුණ දීම Management in Sinhala කළමනාකරුවෙකුට පමණක් නොව ඕනෑ ම කෙනෙකුට සිය ජීවිතයේ දී විවේචනයට මුහුණ දිමට සිදු වේ. විශේෂයෙන් වෙනසක් කරන කෙනෙකුට, වෙනස් අදහස් පල කරන කෙනෙකුට, වෙනස් මගක යන කෙනෙකුට, එවැන්නකට මුහුණ දීමට සිදු වන අවස්ථා වැඩි ය. ඒ අතින් කළමනාකරුවන්ට සෙසු අයට වඩා විවේචනයන්ට මුහුණ දීමට සිදු වේ. ඇතැම් විවේචනය විනාශකාරී ය. වෛරයෙන් යුක්ත ය. නැති භංග […] ...
අවසර දෙන්න. ඉඩ හසර සළසන්න. Management in Sinhala නායකයෙකුට, කළමනාකරුවෙකුට, බොහෝ විට සිදුවන අකරතැබ්බයක් නම් තමන් තම අනුගාමිකයන් මග පෙන්වන ප්‍රමාණය මදි බවට ඇති වන කල්පනාව ය. ඒ නිසා බොහෝ කළමනාකරුවෝ සහ නායකයෝ අනුගාමිකයන්ට, එසේ නැත්නම්-මෙසේ කරන ලෙස කියමින්, උපදෙස් දීමට සිය කාලය වැය කරති. අවවාද අනුශාසනා කිරීම තමන් විසින් අත් නොහළ යුතු කටයුත්තක් ලෙස සළකන නිසා ම එසේ නොකර ගතවන දිනයක තමන් […] ...
නායකයා කට ඇරිය යුත්තේ අවසානයේ ය Management in Sinhala බොහෝ නායකයින් වැරදි තීරණයන්ට එළඹෙති. ඒ ඇති තරම් විකල්ප විසඳුම් නිර්ණය නොකිරීම නිසා ම පමණක් නොවේ. ප්රශ්නය හරි හැටි තේරුම් නොගැනීම ද නිසා ය. පාසලේ ඉහළ පන්තියක ඉගෙන ගන්නා දැරියක් වමනය කරන්නේ ය. මේ තනි සාධකය මත පදනම්ව විදුහල් පති එළඹෙන තීරණය දැරිය ගැබ් ගෙන ඇති බව ය. වමනය කරන්නට හේතු ගොඩක් තිබේ. එකක් කරකැවිල්ල ය. […] ...
දණ්ඩනයෙන් හික්මවීම Management in Sinhala මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මරණ දණ්ඩනය පැනවීම ගැන සංවාදය තවමත් කෙරේ. එහි හොඳ නරක ගැන බොහෝ දේ කතා වෙයි. මේ ලිපියේ අරමුණ ඊට තරමක් වෙනස් ය. අප උත්සහ කරන්නේ එම කාරණය කළමනාකරුවෙකුගේ කෝණයෙන් බැලීමට ය. මේ සංවාදයෙන් කළමනාකරුවෙකුට ගත හැකි පාඩම් කවරේදැයි විමසීමට ය. පසුගිය බදාදා (ජූලි මස 18 දින) මව්බිම පුවත් පතේ පළව තිබූ ප්රවෘත්ති කිහිපයක් […] ...
ඇස්කිමෝවරුනට අයිස් විකිණීම Management in Sinhala නළමනාකරණයේදී අලෙවිකරණයට ලැබෙන්නේ අතිශය වැදගත් ස්ථානයකි. අප නිපදවන දේ අලෙවිකරගත නොහැකි නම් ඉතිරි සියල්ල හරියාකාරව සිදු වුව ද ආයතනයකින් වැඩක් නොවේ. ඇස්කිමෝවරුන්ට අයිස් විකිණීමට උපන් හපන් කමක් ඇති අය ආයතනවලට වුවමනා යයි කියන්නේ ඒ නිසා ය. විකුණන්නේ බඩු භාණ්ඩ පමණක් නොවේ. නෙක සේවාවන් ද අදහස් ද ව්‍යාපෘති ද කුසලතා ද ඇතුළු තව බොහෝ දේ විකිණිය [...] ...
පහළ අය ලවා ඉහළ අය අගැයීම- 360 අගැයීම – ලංකාවේ පුළුවන් ද? Management in Sinhala මිණුමක් හෝ අඩු වශයෙන් වෙනත් ආකාරයක අගැයීමක් හෝ නැත්නම් යමක් පවතින්නේ නැතැයි කියමනක් තිබේ. උදාහරණයකින් කතා කරන්නේ නම් උෂ්ණත්වය මැනිය නොහැකි නම්, එයට යම් අයුරකින් අගයක් දිය නොහැකි නම්, උෂ්ණත්වය යනුවෙන් යමක් නොපවතින බව එයින් අදහස් කෙරේ. කාර්යය සාධනය මණින්නේ නැත්නම් එය අගයන්නේ නැත්නම් කාර්යය සාධනයක් පවතින්නේ නැත. කාර්යය සාධනය මණින්නේ නැති, එයට අගයක් නැති, […] ...
චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ Management in Sinhala හොරුන් කුඩු කාරයින් දූෂිතයින් හොර මත්පැන් බිස්නස්කාරයින් ලෙස චෝදනා ලැබ තිබෙන එහෙත් ඒ බව ඔප්පු නොවුනු අය සම්බන්ධයෙන් පක්ෂවල නාමයෝජනා මණ්ඩල අනුගමනය කළේ කුමන පිළිවෙතක් ද? එම චෝදනා ඔප්පු වී නැති නිසා ඒ අයට නාමයෝජනා දීම ය. සමහර නාමයෝජනා අත්සන් කෙරුණේ චුදිතයන් සිටින බන්ධනාගාරවල දී ය. අපේ ආයතනවල ද චුදිතයෝ සිටිති. ඔවුන්ට එරෙහි වෝදනා තවමත් […] ...