Lanka Art Diary - ලංකා කලා දිනපොත (http://lankaartdiary.blogspot.com/) Latest Posts Most Popular Posts
සමනල සංධවනිය Lanka Art Diary - ලංකා කලා දිනපොත ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයට පසුසමනල සංධවනියඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමා ශාලාවලදිවෙදහාමිනේ, දඬුබස්නාමානය, අකාල සන්ධ්‍යා වැනි අතිශය වින්දනීය සහ සම්මානිත ජනප්‍රිය ටෙලිනාට්‍ය ද අග්නිදාහය, ගරිල්ලා මාර්කටිං වැනි සම්මානිත සහ වින්දනීය චිත්‍රපට ද නිර්මාණය කළ ප්‍රවීණ සිනමාකරු ජයන්ත චන්ද්‍රසිරි ගේ නවතම චිත්‍රපටය "සමනල සංධවනිය"ය. (Buterfly Sympony) රූ සිනමා ක්‍රියේෂන් හවුස් වෙනුවෙන් රුවන් ජයසිංහ සමග පාලිත ගුණවර්ධන නිෂ්පාදනය කළ "සමනල සංධවනිය" දැන් තිරගත වන ශ්‍රී ...
නමක් නැති මිනිසාගේ පුරාවෘත්තය 05 දා ජනගත වේ Lanka Art Diary - ලංකා කලා දිනපොත නමක් නැති මිනිසාගේ පුරාවෘත්තය 05 දා ජනගත වේප්රවීණ පරිවර්තක එස්. චන්ද්‍රසිරි දසනායක ගේ පරිවර්තන කෘතිය ‘නමක් නැති මිනිසාගේ පුරාවෘත්තය’ (THE LEGEND OF THE MAN WITH NI NAME – GRANK CHANDLER/JOE MILLARD) මේ මස 5 වැනි අඟහරුවාදා උදේ 10.00ට කොළඹ මරදානේ දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේ දී දොරට වඩී.’නමක් නැති මිනිසාගේ පුරාවෘත්තය’ නමින් ඔබ අත පත්වන මෙම ග්රන්ථයට පාදක ...
දිනක දිවිය Lanka Art Diary - ලංකා කලා දිනපොත දිනක දිවියදිනක් ආයු වලඳාදිනම සුවඳ කරලාඑදිනම මිලින වනසුවඳැ’ති කුසුම...ලොවම හැඩ කරලොවම මුකුලිත කරලොවම ආදරය කරනසියුමැලි කුසුම...සමනල බිඟු කැන් වටකරඉඟි පා රස රහස් කියනමල් මුවරද තුටින් ම දෙනපිවිතුරු කුසුමකි මිහි මත...සුරඟන රස කතා මවනපිනි බිඳු තුරුලට අරගෙනරිවි කුමරුට ආලපානඔහු හා පිබිදී මියැදෙනඅපූරුමැයි දිනක දිවිය...නිල්පනාගොඩ ගයාත්‍රි සුලක්ඛනා සතරසිංහ ...
කොළඹ කවියට පෙර ගමට ගිය කවි පොත් Lanka Art Diary - ලංකා කලා දිනපොත රජරට පාරම්පරික කොටු ගම්මානවල ජනතාව බණ පොත් හා පන්සල සමඟ දැඩි බැඳියාවක් පැවතිණි. වාර්ෂික බණ පින්කම් මාලාවල් මෙන්ම දොරකඩ අස්න - ආලවක දමනය - සච්චක දමනය ආදී දෙබස් සහිත රංගමය ආකාරයේ ධර්ම දේශනා ද ඒ අතර විය. මේ කුමන ආකාරයේ බණ පින්කම් තිබුණ ද කවි බණවලට ඔවුන් විශේෂ ළැදියාවක් දැක්වූහ. ඒ හැර ගුත්තිලය – බුදුගුණාලංකාරය – යසෝදරාවත - වෙස්සන්තර ජාතකය ...
සොයාගෙන කියවන්න - ගෙදර ගැන හිත හිතා නැටුවා.... Lanka Art Diary - ලංකා කලා දිනපොත සොයාගෙන කියවන්න - ගෙදර ගැන හිත හිතා නැටුවා....කවියක යොදන වචනයක් යනු අර්ථයක් සහ රිද්මයක් මතු කරන්නක්. වචන යනු අපගේ මනස තුළ විවිධ සංඥාවක් ඇති කරන දෙයක්. වචන තුළින් අප තුළ හැඟීම් සාධනය කරනවා. කවියක සාර්ථකත්වයක් රැඳී තියෙන්නේ කවියා විසින් කවිය තුළ යොදන භාෂාව අනුවමයි. කවියාට තම නිර්මාණය ගොඩ නඟන්නට තිබෙන අමුද්‍රව්‍ය වනුයේ භාෂාවයි.2010 වසරේ රාජ්‍ය සම්මාන දිනූ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ...
අඥාන සූරසේනලා ඉසිවර නුවණින් දැකි දේශපාලන ටෙලි නාට්‍යකරුවා Lanka Art Diary - ලංකා කලා දිනපොත අඥාන සූරසේනලා ඉසිවර නුවණින් දැකි දේශපාලන ටෙලි නාට්‍යකරුවා1941 ජනවාරි මස 28 වැනි දින දකුණු පළාතේ හික්කඩුව නම් ග්‍රාමයේ උපත ලබා ගාල්ල මහින්ද විදුහලෙන් සිප්සතර හැදෑරීමෙන් පසුව මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ රැකියාලාභියකු වී කොළඹ පැමිණෙන ධම්ම ජාගොඩ තරුණයා වසර 30කට පසුව, පරිණත වී කලා ක්ෂේත්රයේ දැවැන්තයකු ලෙසටත් සවිඥානික දේශපාලන සත්ත්වයකු ලෙසටත් නාට්‍ය අංශයේ ප්‍රධානියා වශයෙන් ආසනාරූඪවීම සඳහා ජාතික රූපවාහිනියට පියවර තබන්නේ රූපවාහිනී මාධ්‍යයේ ...
ත්‍රස්ත වූවෝ භ්‍රාන්ත වීම Lanka Art Diary - ලංකා කලා දිනපොත ත්‍රස්ත වූවෝ භ්‍රාන්ත වීම හඳගමගේ විකල්ප සිනමා ප්රකාශනය"ඉනියවන්" තුළින් ඉච්ඡාභංගයට හසුවීද?අජිත් ගලප්පත්තිඅශෝක හඳගම සිය සිනමා චර්යාව අවුල් කරගෙනද? ඔහුගේ ගමන් මග අක්‍රමවත්ද? "ඉනිඅවන්" මෙතරම් ඉක්මනින් සිනමා ශාලාවලින් ගැලවුණේ ඇයි? සිනමා කෘතිය යටපත් කොට සිනමාකරුවා මතු වූයේ ඇයි? සිය "ඉනියවන්" කෘතිය නොවිමසා මේ දිනවල අප විමසන ගැටලු එයාකාරයි.චර්යාව අවුල් නොකරගෙන, එනම් අක්‍රමවත් නොකරගෙන යම් ඉච්ඡාභංග අවස්ථාවක් පිළිගැනීමේ හැකියාවක් යමකු තුළ තිබිය ...
සම්ප්රදාය නොහදාරා නූතන වෙන්න බැහැ Lanka Art Diary - ලංකා කලා දිනපොත සම්ප්රදාය නොහදාරා නූතන වෙන්න බැහැරත්න ශ්‍රී විඡේසිංහසංවාදයසඳුන් ප්‍රියංකර විතානගේරත්න ශ්‍රී විඡේසිංහ වත්මන් ලාංකික සාහිත්‍ය ක්ෂේත්රයේ, විශේෂයෙන් ම කවිය සහ ගීතය යන කලා මාධ්‍ය දෙකේ, ප්රමුඛයෙකි. කලාවේ වත්මන් තත්ත්වය, එය මුහුණ දෙන අභියෝග හා කලාකරුවන් ඒ අභියෝග ජය ගැනීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ආදී මාතෘකා ඔස්සේ ඔහු හා යෙදුණු සංවාදයක සංක්ෂිප්ත සටහන පහතින දිගහැරේ.කාව්‍යකරණයේදී ඔබ ලබා ඇති සාර්ථකත්වයට බලපෑ ප්‍රධාන ...
හෙට නැවත එයි Lanka Art Diary - ලංකා කලා දිනපොත සුලභ අත්දැකීම් ඇසුරෙන් පුලුල් ජීවනාර්ථයක් මතු කරන හෙට නැවත එයිගාමිණී වේරගමකර්තෘ ( බුද්ධදාස ගලප්පත්තිසරසවි ප්‍රකාශකයෝ - නුගේගොඩ"හෙට නැවත එයි" බුද්ධදාස ගලප්පත්තිගේ සිව්වන කෙටිකතා සංග්‍රහයයි. මේ නිසා බුද්ධි කෙටිකතාවට ආධුනිකයකු ලෙස සැලකිය නොහැකියි. ඔහුගේ මෑතකාලීන කෙටි කතා විමසුමේ දී ඉස්මතු වන ප්‍රධාන ලක්ෂණ කිහිපයක් තිබේ. ඔහුගේ තේමා බොහෝවිට සුලභ ස්වභාවයක් හිමි කර ගනී. මේ සුලභ බව ඇසුරින් මනුෂ්‍ය ස්වභාවය පමණක් නොව ...
මහ සමයම මහා සම්ප්රදාය සොයා යන ගමනක ආරම්භයයි Lanka Art Diary - ලංකා කලා දිනපොත මහ සමයම මහා සම්ප්රදාය සොයා යන ගමනක ආරම්භයයිමහාචාර්ය ආරියරත්න ඇතුගලදේශීය "යාතුකර්මයන්" තුළ විශ්වීය නාට්‍ය ධර්මතා පවතින බව නොරහසකි. ගී්රක නාට්‍යයන්ට රංග භූමියක් තිබූ නමුදු යාතුකර්මයට රංග භූමියක් නොතිබිණි ඒ හේතුවෙන්ම මෙරට යාතුකර්මය සිදු කරන භුමි ප්‍රදේශයම රංග භූමියක් ලෙස සැලකිණි. එම රංගභූමිය විශ්ව ආකෘතියට පසු නොවුණු හෙයින්ම ගැමි යාතුකර්ම ලෙසින්ම පැවැතිණි."මහ සමයම" මේ ගැමි යාතුකර්ම, තුළින් ජනනය වූ ජන නාට්‍ය ...
සමාජය තුළ "මහ සමයම" සාකච්ඡා වුණොත් ඇති Lanka Art Diary - ලංකා කලා දිනපොත සමාජය තුළ "මහ සමයම" සාකච්ඡා වුණොත් ඇති "මහ සමයම" නාට්‍යයේ තේමාව මොකක්ද?"මහ සමයම" නාට්‍ය හරහා මම සමාජගත කරන්නේ මහසෝනාගේ උත්පත්ති කතාව. ඊශ්වර ළඟ බැලමෙහෙවර කම් කරපු අසුර නමැති පුද්ගලයා ඊශ්වර දැහැනෙන් මිය යනවා. ඊශ්වරගේ අග්නි ජාලාවකින් තමයි ඔහු මිය යන්නේ. ඒ ඔහු දැවී ගිය අළුවලින් මහසොහොන් සමයම උත්පත්තිය ලබනවා. මගේ "මහ සමයම" නාට්‍ය තුළ ගැබ්වෙලා තියෙන්නේ එම ප්‍රස්තුතයයි."මහ සමයම" තුළ ...
‘මහ සමයම’ කලාවත් ප්‍රේක්ෂකයනුත් බේරා ගැනීමේ උත්සාහයක් Lanka Art Diary - ලංකා කලා දිනපොත ‘මහ සමයම’ කලාවත් ප්‍රේක්ෂකයනුත් බේරා ගැනීමේ උත්සාහයක්මහාචාර්ය ආරියරත්න ඇතුගලමහාචාර්ය ආරියරත්න ඇතුගලයන් මෙරට මාධ්‍ය ක්ෂේත්රයේත්, කලා ක්ෂේත්රයේත් විවිධ භූමිකා රාශියකින් අපට හමුවන ප්‍රතිභාපූර්ණ කලාකරුවෙක්. ප්‍රවීණයෙක්.විශ්ව විද්‍යාල මහාචාර්යවරයකු, ටෙලිනාට්‍ය පිටපත් රචකයකු, ටෙලිනාට්‍ය අධ්යක්ෂවරයකු මෙන්ම මෙරට ජාතික රූපවාහිනී සභාපතිවරයා ලෙස කටයුතු කර, වත්මන් රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් වරයා ලෙසින් කටයුතු කරයි.ශ්‍රී ලාංකේය යාතුකර්ම වල එන මහසෝන් සමයම ඇසුරෙන් ඔහු ‘මහ සමයම’ නම් අති ...
මට ආලෝකෙ ගෙන දේවි සංසාරයේ හොරකම් කළැයි ඉරාජ්ට නඩු Lanka Art Diary - ලංකා කලා දිනපොත http://www.gossiplankanews.comනැසීගිය හර්බට් එම් සෙනවිරත්න විසින් රචනා කරන ලද මට ආලෝකෙ ගෙන දේවි සංසාරයේ ගීතයේ පද වැල අනවසරයෙන් උපුටාගෙන වාණිජ භාවිතයේ යෙදව්වේයැයි ජනප්‍රිය සංගීත නිර්මාණකරු ඉරාජ් වීරරත්නට එරෙහිව රුපියල් කෝටියක වන්දි ඉල්ලා කොළඹ වාණිජ මහාධිකරණයේ අද නඩුවක් පැවරුණා.එම ගීතයේ රචක හර්බට් එම් සෙනවිරත්න මහතා 1950 වසරේදීමෙම ගීතය අයියයි මල්ලියි චිත්‍රපටය වෙනුවෙන් රචනා කරන ලද අතර දැන් එම ගීතයේ හිමිකාරත්වය දරන ඔහුගේ ...
පළිඟු මැණිකේ සිට සුජාත දියණිය දක්වා Lanka Art Diary - ලංකා කලා දිනපොත මඤ්ඤං කොළමපළිඟු මැණිකේ සිට සුජාත දියණිය දක්වාහවස හය වෙන කොට ගෙදර එනවා කියල හිතාගෙන ආවත් පාරෙ වාහන තදබදයත් එක්ක පිච්චර පිස්සට හිතපු වෙලාවට ගෙදර ඒගන්න බැරිවුණා. හන්දියෙන් බහිනකොටත් හත පහුවෙලා.......· පිච්චර් පිස්සා හිතේ දුකෙන් පාර දිගේ ඇවිදගෙන ආවා. ''සුජාත දියණි'' කියන්නෙ මේ දවස්වල ලංකාවේ ජනප්‍රියම ටෙලි නාට්‍යය· ලංකාවෙ හුඟදෙනෙක් දැන් හවස හයයි තිහ වෙන කොට ගෙදර යනවා කියලා අතුල රන්සිරිලාල් ...
සේවයක් කළා පෙරළා යමක් උවමනා නෑ Lanka Art Diary - ලංකා කලා දිනපොත සේවයක් කළා පෙරළා යමක් උවමනා නෑ- සරත් කුලාංගසරත් කුලාංග... වේදිකාවේ සැරිසරන තිස් හත්වැනි වසර... ඔහු මේ දක්වා රඟපා ඇති වේදිකා නාට්‍ය ගණන ටෙලිනාට්‍යය සංඛ්‍යාව, චිත්‍රපට ප්‍රමාණය,.. සියල්ලේ එකතුව පනහකට වැඩියි. යෙර්මා, ජසයා ලෙන්චිනා, මධුර ජවනිකා, නරිබෑණා, කපුවා කපෝති, මහාසාර, වේදිකා නාට්‍ය කීපයක්, තාරාදේවි, දූදරුවෝ, සෙනෙහෙවන්තයෝ, නෑදැයෝ ටෙලිනාට්‍ය අතරින් කීපයක් ගුරුගෙදර, සරෝජා, බවදුක.... චිත්‍රපට අතරින් තුනක් පමණයි. වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයෙන්ද, ...
ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයෙන් ලංකාවට එන හින්දි නළු නිළියෝ Lanka Art Diary - ලංකා කලා දිනපොත ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයෙන් ලංකාවට එන හින්දි නළු නිළියෝ2013 පෙබරවාරි මස 01 12:07:21 | ලංකාදීපනවීන් ගුණරත්නගේ නිෂ්පාදනයෙන් සමන් වීරමුණිගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ ‘‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’’ චිත්‍රපටය මේ දිනවල තිරගත කෙරේ. සිද්ධාර්ථ කුමරුගේ උත්පත්තියේ සිට සම්බුද්ධත්වය දක්වා හටගත් සුවිශේෂී සිදුවීම් පදනම් කරගෙන මෙම චිත්‍රපටය නිපදවා ඇත. මෙය ශ්‍රී ලාංකීය සිනමා ඉතිහාසයේ අතිවිශාල මුදලක් වැය කොට තැනූ චිත්‍රපටයක් ලෙස සඳහන් වේ. වසර ...
මම විශාල සමාජ පෙරළියක් කළා Lanka Art Diary - ලංකා කලා දිනපොත මහා සිංහලේ වංස කතාවෙන් මම විශාල සමාජ පෙරළියක් කළාජැක්සන් ඇන්තනීඅදින් වසර හතළිස් දහසකටත් එහා අතීතයට අපේකම සොයා ගිය ඔහු බලංගොඩ මානවයාගේ සිට කුවේර රාජධානිය, මහා සම්මත මනු රාජධානිය, රාවණා රාජධානි පසුකරමින් මහා කාලසේනගෙන් පසු විජය රජු ලංකාවට පැමිණීමෙන් පසු ලංකාවේ ඉතිහාසය කියවීම අතිශය තර්කානුකූලවත්, රමණීයවත් ඉදිරිපත් කරමින් අපේ රටේ යටපත්ව පැවති, ඉවතට විසිකරමින් නොසලකා හැරි ඉතිහාස විෂයට අපූර්වත්වයක් එක්කළේය.‘මහා වංශයට ...
‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ බුදුන්ට අගෞරව කරන චිත්‍රපටයක් Lanka Art Diary - ලංකා කලා දිනපොත ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ බුදුන්ට අගෞරව කරන චිත්රපටයක්දයාවංශ ජයකොඩිආසියා ආලෝක පදනම වෙනුවෙන් නවින් ගුණරත්න නිෂ්පාදනය කළ සමන් වීරමන් අධ්‍යක්ෂණය කළ ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටය පසුගිය 24 වැනිදා සිට ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමා ශාලාවල ප්‍රදර්ශනය ආරම්භ කළා. ‘සිද්ධාර්ථ’ චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භවෙත් ම මෙරට පොත් ප්‍රකාශකයින් අතර ඉහළින්ම වැජඹෙන, විශේෂයෙන් ම බෞද්ධ පොත පත ප්‍රකාශයට පත් කරනු ලබන ප්‍රකාශකයෙකු වන දයාවංශ ජයකොඩි මහතා මෙම ...
"80වෙ අපි" වෙතින් නාට්‍ය වැඩමුළුවක් ...... Lanka Art Diary - ලංකා කලා දිනපොත 80වෙ අපි යනු 1980 දශකයේ සෝවියට් මිත්‍රත්ව මන්දිරයේ ඩග්ලස් සිරිවර්ධන ,පරාක්‍රම නිරිඇල්ල , එච්.ඒ. පෙරේරා සහ වසන්ත විට්ටච්චි යන නාට්‍ය වේදීන් විසින් නොමිලයේ පවත්වන ලද වැඩමුළු වලට සහභාගී වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් වසර 25 කට පසු එනම් 2009 දි ගොඩ නගාගනු ලැබූ සංවිධානයකි. මෙම සංවිධානය ප්‍රථමයෙන්ම 2009 වසරේ දී ඉහත නම් සඳහන් ප්‍රවීණ කලාකරුවන් උදෙසා උපහාර උළෙලක් පවත් වන ලදී. ...