අපොස සාමාන්‍ය පෙළ (පරිගණකයේ ඉතිහාසය) ජීවිතය අතින් ගෙන!:::.. <!-------- Quiz Starts Here --------> තොරතුරු තාක්ෂණය අපොස සා පෙළ අපොස සාමාන්‍ය පෙළ සඳහා මෙවර පෙනී සිටින දූ දරුවන් වෙනුවෙන් කෙරෙන සත්කාරයකි. නූතන පරිගණකයේ පියා ලෙස සලකනු ලබන්නේ? බ්ලේස් පැස්කල් ඇඩි ඔගස්ටා චාල්ස් බැබේජ් චාල්ස් ඩාවින්චි ලොව ප්‍රථම විද්‍යුත් පරිගණකය ලෙස සලකනු ලබන්නේ? එනියැක් මාර්ක් 1 යූනිවැක් ඇනලිටිකල් යන්ත්‍රය ලොව ප්‍රථම පරිගණක ක්‍රම ලේඛිකාව ලෙස හඳුන්වන්නේ මාර්ෂෙලෝ ඇඩා ...
අපොස සාමාන්‍ය පෙළ -පරිගණක දෘඩාංග (2වන කොටස) ජීවිතය අතින් ගෙන!:::.. පරිගණකය සම්බන්ධ වන නොයෙකුත් උපාංග A අක්ෂරයෙන් හැදින්වෙන තොටු /කෙවෙනිය කුමක් ද? USB VGA PS/2 ඉහත කිසිවක් නොවේ ඉහත රූපයේ A කෙවෙනිය හරහා පරිගණකයට මූලික වශයෙන් සම්බන්ධ වන උපකරණය කුමක් ද? මූසිකය යතුරු පුවරුව පරිගණක තිරය ස්පීකරය B අක්ෂරයෙන් හඳුන්වා දී ඇති කෙවෙනිය බහුලව භාවිතා වනු යේ මවුසය යතුරු පුවරුව මුද්‍රණ යන්ත්‍රය මොනිටරය D යනු පරිගණකයකට අත්‍යවශ්‍ය කවුළුවක් වන අතර ...
Full Screen problem with Linux installation (virtual Box) ජීවිතය අතින් ගෙන!:::.. 01. Full Screen mood not working? Step 01 * Install Guest Addition to get the full screen Note:- if it doesn't help Step 02 * Update Your Virtual box software * Then Try to install Guest Addition again * Restart your Virtual PC
A/L වලින් පස්සේ මොනවද කරන්නේ....? ජීවිතය අතින් ගෙන!:::.. පාසල් ජීවිතය ගැන නොයෙකුත් අත්දැකීම් අපි හැමෝටම තියනවා, මේකත් ඒ වගේ දෙයක්, පුංචි කාලේ නම් පාසැල ගැන කිසිම ආදරයක් ගෞරවයක් හිතේ නොතිබ්බත්, යමක් කමක් තේරුම් ගන්න පුළුවන් වයසට එද්දී බොහෝ දෙනෙක් පාසලට නොයෙක් ලෙස ආදරය කරන්න සහ ගෞරවයෙන් සලකන්න පටන් ගන්නවා, මේ කාලයේදී පාසල තමා තමන්ගේ පාසල කියන හැඟීම ළමයින්ට එන්නේ, ඉතින් ගුරුවරු කිව්වත් නැතත් පාසලට විය යුතු යුතුකම් බොහොමයක් ...
අහෝ! නුඹ නම් අපූරුය! ජීවිතය අතින් ගෙන!:::.. උඹ නැතිදාක මාද මේ ලොව නොමැත ජීවිතය තරම් මම උඹට ආදරය කරමි ළැඟුම් ගන්න අහස් මාළිග නොතිබුනාට හැමදාමත් උඹ මා තුලම රැදුනා හීනෙන් වත් නොපෙනී ඉන්න බැගෑපත් වුනද නින්දට කලියෙන්ම උඹ මා අසල දුප්පත් කම ප්‍රතික්ෂේප කල නුඹ නැති ඉසව්වක ජීවයද අවිනිශ්චිතලු නුඹ නොදැනුන, නොහැගුනු එකඳු දවසක් අහෝ! කෙසේ නම් නගම්ද මතකයට? "කුසගින්න" නුඹ නම් අපූරුමය ජීවිතයට කියාදෙන අරුත කිසිදින ...
ඇත්තටම අපි ජීවිතය අතින් ගෙන!:::.. කෙදිනකවත් නොදැක හිටිය අපි, එක් දිනකදී මුණ ගැහුණා, හුඟාක් කල් අඳුරගෙන හිටියා වගේ එකිනෙකා ළගට වෙලා ඔහේ කතා කර කර හිටියා. වේලාව යනවා දැනුනෙවත් නැහැ, ජීවිතේ අඳුරු පිටු එකින් එක පෙරලලා මම උඹට කිව්වේ, මගේ ළඟ උඹ වෙනුවෙන් ආදරයක් නැහැ, මට ඕන හැමදාමත් තනියම ජීවත් වෙන්න ඕන කියන වදන් ටික, ඒත් කිසි දෙයක් තෙරුම් නොගත්තු උඹ මැටි ගොඩක් වගේ හිතුවේ ...
සදාකාලික ජීවිත! ජීවිතය අතින් ගෙන!:::.. ජීවිතං අනියතං මරණං නියතං එතකං ජීවිතං ජොලියෙන් ගතකරං මේ කතාව හුගාක් ඉස්සර කවුරු හරි කිව්ව කතාවක්, ඒත් ඇත්තක් නැත්තේම නැහැ, ජීවත් වෙන්න ඕන ක්‍රමය කේසේ වෙතත් ජීවිතේ අනිත්‍යයි කියන එක අඩුවක් නැතිව කියලා තියනව නොවැ, අපි හැම කෙනාගේම ජීවිතත් මේන්න මේ කියන අනිත්‍යයට යටයි, කවුරු හරි හිතනවනම් මේ ජීවිත අපේමයි අපිට ඕන කාලයක් ජීවත් වෙන්න පුළුවන් කියලා, ඒක සම්පුර්ණයෙන්ම වැරදියි, මේ එකත් එකටම අපේ තාවකාලික ...
ජීවිතයට ජීවිතයක්(සැප විදින්න පවු කිරීම) ජීවිතය අතින් ගෙන!:::.. දවස් ගානකින් පෝස්ට් එකක් දාගන්න බැරි වුනා. ඒත් ඊයේ උදේ පාන්දරම දකින්න ලැබුනු දේකින් මගේ හිත තරමක් කලකිරුනා, ඒ නිසාම තීරණය කලා මේ පෝස්ට් එක අදම දානවා කියලා. හේතුව වුනේ නොපෙනෙන බලයකට බියෙන් තමන්ගේ ජීවිත සැපවත් කරන්න අමු අමුවේ අහිංසක සතෙක්ව මරා දමා තිබුනා. මේච්චර දියුණු ලෝකයෙත්, දියුණුම ජීවියා වෙලත් මේ වගේ අන්ධ විශ්වාශ ගැන අවබෝධයක් නැතිව මෙවැනි දෑ කිරීම ...
පරිගණකයේ ආරක්ෂාවට මේ මෘදුකාංගයත් වැදගත් ජීවිතය අතින් ගෙන!:::.. පරිගණක භාවිතා කරන අපි කාගේත් බලාපොරොත්තුව පරිගණකයේ තිබෙන දත්ත ආරක්ෂා කර ගැනීමයි. නමුත් බොහොමයක් අවස්ථා වල අපි හිතන්නේවත් නැති විදිහට මේ දත්ත විනාශ වෙලා යනවා මෙන්න මේ වගේ වෙලාවට තමයි රැට පේන තරු දවල්ට පේන්නේ. ඉතින් මේ වගේ වෙලාවට අපි නොයෙකුත් ක්‍රමයොදාගෙන මේ දත්ත නැවත ලබාගන්නවා( නමුත් 100% නෙමෙයි), මම මේ දෙන මෘදුකාංගයත් මේ වගේ නැති වුන දත්ත ලබා ගැනිමටත් ...
සුභ නව වසරක් වේවා! 2011 ජීවිතය අතින් ගෙන!:::.. තවත් එක අළුත් අවුරුද්දක්... ජීවිතයේ අලුත් බලාපොරොත්තු පොදි බැද ගත්ත, සාමය සතුට සපිරුණු නිරෝගීමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක්ම වේවා කියලා අපේ හැමෝටම මම ප්‍රාර්ථනා කරනවා! ...
නුඹ ඇවිදින් ගිහින් වගේ... ජීවිතය අතින් ගෙන!:::.. පහන් කරන්නට නොහැකි රාත්රියනුඹ ඇවිදින් සක්මන් කරනා.....වසා ගන්න බැහැ දෙනෙත් පියන් යුගනුඹ ඇවිදින් සිහිනෙක වුන්නා... මවාගන්න බැහැ මගේ සිහින ලොව...නුඹ ඇවිදින් තනියට වුන්නා....හිතාගන්න බැහැ හිතට මගේ අද...නුඹ කවුදෝ ම සිත තුල රැදෙනා...... සසර නොතේරෙන කමට මගේ ඔහේනුඹ ළඟ දැවටී පෙම් කෙරුවා....අනියත දිවියක අරුත පසක් කර.නුඹ මා හැර යා යුතු බව කීවා.... සිහිනය හිස්විය රැයද පහන්වියනුඹ ඇවිදින් ආපසු ගොස් තිබුණා. ...
පුළුවන්නම් විසදන්න....(මාර සිම්පල් හොදේ) ජීවිතය අතින් ගෙන!:::.. මේකයි සීන් එක ඔය පල්ලෙහායින් තියෙන පින්තුරේ තමයි සිද්ධිය තියෙන්නේ බැලු බැල්මට පේනවානේ මේක ටිකක් ඔය ගණිතය හා සම්බන්ධ වැඩක් කියලා..ඉතින් කට්ටිය ඔය පොඩි කොල කෑල්ලක්,පෑනක් එහෙම අරගෙන සෙට් වෙන්නකෝ, මම දෙන්නම් ගැටළුව...(මේක මගේ ගැටළුවක් නෙමෙයි අපේ නංගී කෙනෙක් මගෙන් ඇහුව ගැටළුවක්) ඔය ඒ, බී, සී, කියලා නම් කරලා තියෙන්නේ දේවාල තුනක්ලු (දන්නවනේ ඉතින් දේවාල ගැන) ඔය එක්ස් කියන ප්ලේස් එකේ ...
එදා සහ අද ශ්‍රී ලංකාවේ ඵෙතිහාසික සිද්ධස්ථාන ජීවිතය අතින් ගෙන!:::.. ශ්‍රී ලංකාවට අයත් ඵෙතිහාසික සිද්දස්ථානයන්ගේ එදා සහ අද තත්ත්වය පෙන්වන මෙම ඡායාරූප එකතුව මට ලැබුනේ මගේ මිතුරෙකුගෙන් ලැබුණු ඊ මේලයක් මාර්ගයෙන්..ඇත්තටම මේ ඡායාරූප එකතුව ගොඩාක් වටිනවා.. අපේ මතු පරම්පරාවටත් අපේ ඵෙතිහිසික උරුමයන් රැකගෙන සංරක්ෂණය කර භාරදිය යුතු බව මේවා බලන ඕනම අයෙකු සිතට ගත යුතුය ...
ගිටාර් ටියුනින් පරිගණකය සමගින් ජීවිතය අතින් ගෙන!:::.. මෙන්න අමාරු රාජකාරියක් කරන්න පහසුවෙන් හොයාගන්න පුළුවන් දෙයක්, මේක මම නම් හොයාගත්ත දෙයක් නෙමෙයි අන්තර්ජාලයෙන්ම බාගත්ත මෘදුකාංගයක්, අපේ සංගීතය ඉගෙන ගන්න අයට නම් මේක ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. මම නම් මේක අත්හදා බැලුවා 99% ම සාර්ථතකව වැඩේ කරගත්තා,මේච්චර කියන්නේ මගේ ගිටාර් එක ටියුන් කරගන්න මේක මට ලොකු උදව්වක් වුනු නිසයි. අපෙත් සංගීතයෙන් වැඩකිඩ දාන කට්ටිය පොඩ්ඩක් මේකත් අත්හදා බලලා ...
වින්ඩොස් විස්ටා , සවන්, එක්ස් පී ප්‍රින්ටර් ෂේයාරින් ගැටළු ජීවිතය අතින් ගෙන!:::.. ළගකදී මුහුණදෙන්න වුනු ගැටලුවකට ගත්ත පියවර කිහිපයක් අනිත් අයටත් එක්ක දැනගන්න සටහන් කලොත් හොදයි කියලා මට හිතුනා... මේන්න මේකයි ගැටළුව වින්ඩොස් එක්ස් පී සහිත පරිගණකයකට ප්‍රින්ටරයක් සම්බන්ධ කරලා තියනවා, මේ ප්‍රින්ටර් එක ෂේයාර් කරලා තියෙන්නේ අනික් මැෂින් එක්ක පාවිච්චි කරන්න, නමුත් වින්ඩොස් විස්ටා හා සෙවන් භාවිතා කරන පරිගණක දෙකකට අර එක්ස්පී මැෂින් එකට සම්බන්ධ කරලා තියෙන ප්‍රින්ටර් එක හාවිතා කිරීමට ...
දෙයියන්ගෙන් වැඩ ගන්න මිනිස්සු! ජීවිතය අතින් ගෙන!:::.. වාසනාව අවාසනාව අතර දෝලනය වන මිනිස් ජීවිත සැපවත් කරගනු පිණිස මිනිසුන් විසින්ම විවිධාකාර නිර්ණායක පනවා ගනු ලබයි, මේවා අතර ශිෂ්ඨසම්පන්නවූද එසේ නොවුවූද ක්‍රමවේදයන් භාවිතා වේ, මේ ක්‍රමවේද අතර බහුලව භාවිතා වෙන දෙයක් හැටියට මිථ්‍යා විශ්වාස ගැන අපිට කතා කරන්න පුළුවන්, විවිධ ආකාරයේ දෘශ්ඨීන් ගෙන් තමන්ගේ අසරණකම්, ආශාවන්, හා අනෙකුත් ඕනෑ එපාකම් සාක්ෂාත් කර ගැනීමට මොවුන් ...
වින්ඩොස් එක්ස්පී සර්විස් පැක් ත්‍රී ජීවිතය අතින් ගෙන!:::.. වින්ඩොස් සර්විස් පැක් 3 සංස්කරණය භාවිතයේදී මට ආපු එක ගැටළුවක් තමයි ෆයිල් ෂේයාර් කිරිමට ඇතිවන නොයෙකුත් බාදාවන්, උදාහරණයක් ලෙස සර්විස් පැක් 3 ඉන්ස්ටොල් කරපු මැෂින් එකක් මයිනෙට්වර්ක් ප්ලේසස් වල නෙපෙන්වීම. මම මේක ලියන්නේ ඒ සම්බන්ධව විසදුම් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවානම් කමෙන්ට් එකක් විදිහට හරි ඒකට පිළිතුරක් ලබා ගැනීමේ හා මෙම ගැටළුවටම මුහුන දෙන තවත් අයෙක් ඉන්නවා නම් ඒ සම්බන්දව අවබෝධයක් ලබාදිමේ ...
බුටබල් පෙන්ඩ්‍රයිව් එකක් විනාඩි කිහිපයකින් ජීවිතය අතින් ගෙන!:::.. මේ කතාකරන්නේත් මට අවශ්‍ය වුනු වෙලාවක ගොඩාක් උදව් වුනු මෘදුකාංගයක් ගැන මේකත් බොහොම පහසුවේන කරන්න පුළුවන් සිප්පල් ප්ලෑන් එකක්... අපි කවුරුත් දන්නවනේ අර පුංචි ලැප්ටොප් වල එහෙම සිඩී තැටි භාවිතා කරන්න ඔප්ෂන් එකක් නැහැ... ඉතින් ඒ වගේ වෙලාවක මේ උත්සහය කරලා බලන්න, මේ ලැප්ටොප් නෙමේයි ඕනම යු එස් බී වලින් බූට් කරන්න පුළුවන් මැෂින් එහෙකදී කරන්න පුළුවන් බොහොම පහසු වැඩක්... මුලින්ම ...
නෙට්වර්ක් කනෙක්ෂන් ඩිසේබල් වෙලාද? ජීවිතය අතින් ගෙන!:::.. බලන්න ඔයාලටත් මේ වගේ ප්‍රශ්ණයක් ඇවිත් තියෙනවද කියලා? මේක මගේ යාළුවෙකුගේ මැෂින් එකක තමයි වෙලා තිබුනේ, හිටි ගමන් නෙට්වර්ක් කනෙක්ෂන්(ඩයල්අප්) ඩිසේබල් වෙලා, නැවත අළුතින් එකක් ක්‍රියේට් කරන්න තියෙන ඔප්ෂන් එහෙමත් ඩිසේබල් වෙලා, ඉතින් මම ටිකක් හොයලා බැලුවා මොකක්ද මේ කෙස් එක කියලා, මෙන්න ස්ටෙප්ස් ටික ඔයාලත් වුවමනා වුනොත් කරලා බලන්නකෝ...(මම සැක කරන විදිහට මොකක් හෝ වෛරසයක් නිසා සිද්ධ වෙන්න ඇති) කරන්න ...