නික්මුණු නුඹ... ThaRu AtHariN (තරු අතරින්....) හිතට හොරෙන් හිත නොකියන අමුතු හැඟුම් පේළියක ආයෙමත් පැටලිලා... අහංකාර ඇස් දිහාම හොරෙන් හොරෙන් බලා උන්නු යාන්තමින් ඉඟි බිඟි කර පුංචි හිනා මලක් දුන්නු ගව් ගානක් හීන මවලා එක මොහොතක් කතා කරපු ප්‍රේමයක් නොවූ ප්‍රේමය නිම වෙන්නට තව මොහොතයි අහම්බෙන් වගේ හමුවී දෑස් වලින් කතා කලත් වදනක් වත් නොකියූ ඒ නුඹම වෙනුවෙන් සිත තුල දාහක් සිතුවිලි ඉපදෙයි ආදරයට උරුමය නැතිහිත ...
හිතට හොරෙන්.... ThaRu AtHariN (තරු අතරින්....) කාලෙකට පස්සේ වැටුණු මහා වැස්සක්. බස් එකෙන් බහිනකොටම හිරිකඩට නෑවුනා. අපි දෙන්න එකම කුඩේ යටට තුරුල් වුනේ ඉබේම වගේ. වැස්ස කොයි තරම් නපුරු වුනත් මට නම් දැනුනේ අපේ ආදරේ තවත් ලස්සන කරන්න ඒ වැහි බින්දු වැටෙනවා වගේ. හිරිකඩ එක්ක දැනුනු හීතල හින්දමද කොහෙද මම මටත් නොදැනීම ඒ උනුහුමට තවත් ටිකක් තුරුල් වුනා. මාව වැස්සෙන් ආරක්ෂා කරන්න ...
නපුරුකම ThaRu AtHariN (තරු අතරින්....) ඉර දිලිසුනේ හරියට අපි එක්ක තරහෙන් වගේ. ඒ නපුරු ඉර එලිය ඔයාගේ බෙල්ලේ දාඩිය වැලක් නන්වනකොට මට ටිකක් තරහත් ආව. මං හින්දා ඔයා මෙහෙම මහන්සි වෙන එකට මට දුකත් හිතුනා. එත් ඔය ඇස් වල ලියවිලා තිබුනේ වෙනදා ආදර කතාවම නෙවෙයි. නපුරුකමක හෙවනැල්ලක් ඔය මුනට වැටිලා තිබුනා. මම හිමීට ඔයාගේ අතින් ඇල්ලුවා. වෙනදා දැනෙන මුදු පහස ...
නිදිමත පැයේදී.... ThaRu AtHariN (තරු අතරින්....) මේ දවස් වල නම් දවස ගෙවෙනවා දැනෙන්නේ වත් නෑ. දැන් නම් හිතෙනවා එක දිගට වැඩ කරන එකෙත් හරිම ලොකු සතුටක් තියෙනවා කියලා. දවසෙම මහන්සි වෙලා රෑට නිදා ගන්න කලින් දවසේ කරපු වැඩ ඔක්කොම මතක් කරනකොට හරිම සතුටක් දැනෙනවා. පුංචි තරුවත් දවල්ට වැඩ නිසා ඉස්සර වගේ කතා කරන්න විදියකුත් නෑ නේ. ඒ හින්ද පාළුව නැති කර ගන්නමයි ...
නිහඩ රැයේ... ThaRu AtHariN (තරු අතරින්....) අපොයි... හැම වෙලේම මතක් වෙනවා මේකේ මොනවා හරි කුරුටු ගාල යන්න ඕනි කියලා. එත් ඉතින් උදේ 7 ට විතර ගියාම ආයේ එන්නේ රෑ 7 ත් පහු වෙලා. ඒ ඇවිල්ලා වැඩ ටික ඔක්කොම ඉවර කරලා දොයියන්න කලින් සින්දුවක් අහන වෙලේ තමයි කොහොම හරි මේක ලියන්න පටන් ගත්තේ. නිදිමතේ ඔහේ ලියනවා මිසක් මොනවා ලියනවද කියලා කියලා දන්නෙත් නෑ.අද ...
ආපසු යන්නට පෙර.... ThaRu AtHariN (තරු අතරින්....) පොස්ට් එකක් ලියන්න තරම් වෙලාවක් නැති උනත් ඊයෙත් මොකුත් ලිව්වේ නැති හින්ද චුට්ටක් මේ පැත්තේ ඇවිත් යන්න හිතුනා. අද ඉරිදා. හෙට ඉදලා ආයෙමත් අලුත් සෙමෙස්ටර් එක පටන් ගන්නවා. මාස දෙකක් ගෙදර හිටියා දැනුනෙවත් නෑ. හෙට ඉඳල ආයෙමත් බෝඩින් ජීවිතේ පටන් ගන්න වෙනවා. අලුත් හැගීමකින් අලුත් වාරයක් පටන් ගන්න හින්දා ඉක්මනට පටන් ගන්නවට ආසයි. එත් ඉතින් ...
ආදරය ThaRu AtHariN (තරු අතරින්....) ඔබ ඇමතු මොබිටෙල් ජංගම දුරකථනය ක්‍රියා විරහිත කර හෝ ආවරණ කලාපයෙන් බැහැරව ඇත. කරුණාකර මඳ වෙලාවකින් යලිත් අමතන්න.
හමු වීම. ThaRu AtHariN (තරු අතරින්....) නිසල ගං ඉවුර ළඟ සසල වූ හිත දෙකක් හමු වෙලා ආයෙමත් අහම්බෙන්, නිහඬ මුව ගොළු වෙලා හඬන ඇස් හෙමි හෙමින් මුමුණනා අපුරුව ආදරේ මතකයන්...
බෝඩිමේ කතා... ThaRu AtHariN (තරු අතරින්....) ඔන්න ඉතින් මේ මම නුවර බෝඩිමේ හිටිය කාලේ වෙච්ච සිද්දියක්. ඒ කාලේ (දැනුත් එහෙමයි ) මගේ හොඳම යාලුවෙක් හිටියා බෝඩිමේ. අපි එයාට කිව්වේ ටික්කා කියලා. ඔන්න ඉතින් උසස්පෙළ විභාගෙට පාඩම් කරන කාලේ අපේ බෝඩිමේ සෑහෙන ප්‍රශ්න තිබුනා කෑම සම්බන්දව. කෙස් ගහක් එහෙම නැති දවසක් නැති තරම්. බෝඩිමේ ඇන්ටිගේ කොන්ඩේ ඔක්කොම මං හිතන්නේ අපිට කෑම එක්ක දෙන්න ...
කලකිරීම.. ThaRu AtHariN (තරු අතරින්....) මම මගේ අම්මාට බනිනවා නෙවෙයි. මම තාමත් එයාට ගොඩාක් ආදරෙයි. එත් එයා කවදාවත් මාව තේරුම් ගත්තේ නෑ කියල මට හිතෙනවා. ඉස්සර ඉඳලම මම එයාට කොච්චර ආදරේ කලාද... එයත් එහෙමයි. එත් කවදාවත් මට මගේ හොඳම යාලුවෙක් වගේ එයාව තියාගන්න බැරි වුනා. කවදාවත් මට එයාව විශ්වාස කරලා මොනවත් කියන්න බැරි වුනා. මම එයාව විශ්වාස කරලා දෙයක් කිව්වත් ඊට ...
කමුද...? ThaRu AtHariN (තරු අතරින්....) අද හරිම කම්මැලි දවසක්. දවල්ට පුංචි තරුව එක්ක කතා කරන්න විදියකුත් නෑ නේ... ඉතින් කම්මැලි කමේ දවස ඔහේ ගෙවිලා යනවා. කරන්න වැඩක් නැති හින්දා ඊ බුක්ස් ටිකක් කියෙව්වා. ටිකක් වෙලා යද්දී එකත් කම්මැලි. ඒ පාර ගේ පුරාම ඇවිද්ද කරන්න වැඩක් හොය හොයා. අන්තිමට කුස්සියට ආවා. මොනවා හරි කෑමක් හදන්න ඕනි කියල හිතුනා. එත් ඉතින් මොනවද හදන්නේ.... ...
හිමිකම. ThaRu AtHariN (තරු අතරින්....) නිහඬවම කියමි ආදරෙයි මං නොසිතුව ලසට හද අයදියි නුඹවමකෙසේ කියන්නද නුඹ ගොසින් දුරක හද නොඅසයි මා සිතුම් නොලැබෙයි නම් නුඹ නොමැත යලි ජීවයක් එසේ නම් කියමි මම මිය යන්න ඉතින්, නොහැක එයද ජීවය නුඹ සතුය එය අහිමි කිරීමද නුඹ සතුය.... ...
හිත ලඟම.... ThaRu AtHariN (තරු අතරින්....) අද දවස ගැන මම සතුටු වෙන්නද දුක් වෙන්නද කියල මටම හිතා ගන්න බෑ. මාස දෙකක් ගෙවිලා යනවා දැනුනෙවත් නෑ. නිවාඩුවත් ඉවර වෙලා. ආයෙත් ලබන සතියේ ඉඳල ලෙක්චර්ස් යන්නයි ප්‍රැක්ටිකල් කරන්නයි ඕප දූප කියවන්නයි හවසට බෝඩිමට යන්නයි..... පරණ ජීවිතේ පටන් ගන්න වෙනවා. ඒ ජීවිතේට ගෙවන වන්දිය, semester fee එක ගෙවන්න මම අද කොළඹ ගියා. යාළුවො ගොඩාක් ඇවිත්. ...
අකීකරු ඇස්, ThaRu AtHariN (තරු අතරින්....) ගිනියම් නගරයේ අහම්බෙන් නෙත ගැටුණු අකීකරු ඇස් දෙකක් මා එක්ක හිනැහුනා දෙතොලින් නොකීවත් කියන්න හදන පෙම් කතාව මල් සුවඳට මුසු වෙලා ඔය සුසුමේ පා වුනා ආඩම්බර මේ හිතට ලංවෙන්න හදන බව නොදනුනාමත් නොවෙයි..... කොහොම මං ලං වෙන්නේ දඟකාර ඔය හිතට අහස උසටම පවුරු මං වටේ ඉදි වෙලා.... ...