අහිමි. ThaRu AtHariN (තරු අතරින්....) පහන් තාරකාවක් සේ ජීවිතයට මග කීවදඒ එළියෙන් මහද පහන් දල්වනු කෙලෙසින් කියන්න, මලක් වුනේ ඇයි නුඹ මට ජීවිතයට සුවඳ සලන එනමුදු සිප ගන්නට තහනම්.... මලක් වුනේ ඇයි නුඹ මට........ ...
හුදෙකලාව........ ThaRu AtHariN (තරු අතරින්....) සීතලට බය වෙලා තරු කැකුළු හැංගිලා හිස් අහස පුරාවට පාලුවම රජ වෙලා හිනාවෙන්නට පෙරුම්පිරූ වසන්තය නෙත් මායිමෙන් එහා සරදමට ඉඟි කළා නුඹ නැතිව හුදෙකලා හිත පුරාම කඳුළු කැට දඟ කළාකියාගන්නට බැරිව හැඟුම් සිය දහසක් නෙත් කෙවෙනි බොඳ කළාමගේ හිතම රවටන්න ඒ කඳුළු සඟවලා ඉතින් මං නුඹ එක්ක හිනැහුනා....
සැමරුම......... ThaRu AtHariN (තරු අතරින්....) එකමත් එක කාලෙක පුංචිම පුංචි රටක ගෑනු ලමයෙකුයි පිරිමි ලමයෙකුයි හිටියලු. ඒ දෙන්නා ගොඩාක් හොඳ යාලුවොලු. මේ ගෑනු ළමය දවසක් ගොඩාක් දුකින් හිටියලු. ඉතින් පිරිමි ළමයට එයා ගැන දුක හිතිලා එයා ළඟටම වෙලා එයාගේ හිත හැදුවලු. මේ දෙන්න ගොඩාක් සමීප යාළුවො වුනාලු. කාලය ගෙවිල යද්දී ඒ දෙන්න ආදරේ කරන්න පටන් ගත්තලු. එහෙම පටන් ගත්ත ආදරේට අවුරුදු දෙකක් සම්පුර්ණ වෙලා. ඒ ...
අතරමංව.... ThaRu AtHariN (තරු අතරින්....) හිතට ලොකු තනි කමක් දැනෙනවා. මම ආස කරන හැම දෙයක්ම මගේ ජීවිතෙන් ඈත් වෙනවා වගේ... චුටි කාලේ ජීවිතේ ගැන චුට්ටක් වත් බරපතල කමක් දැනුනේ නෑ. එත් දැන් ඇත්තටම ජීවිතේ කියන්නේ මොකද්ද කියල දැනෙද්දී.... ඇත්තටම ප්‍රශ්න වලට මුණ දෙනකොට දැනෙන්නේ මහා ලොකු තනි කමක්. අපි අසරණ වුනු වෙලාවට අපි ලඟින්ම ඉඳීවි කියල අපි බලාපොරොත්තු වෙන කිසිම කෙනෙක් ගොඩක් වෙලාවට අපේ ප්‍රශ්න ...
ගාමනී : මගේ ඇසින්..... ThaRu AtHariN (තරු අතරින්....) ගාමනී..... යුද්ධයත් එක්ක බැඳුනු ජීවිත ගැන නිර්මාණය වෙච්ච සිනමා නිර්මාණයක්. මේ කතාව බැලුවට පස්සේ මට හිතුන මේක ගැන මේ බ්ලොග් එකේ මොනවත් නොලිව්වොත් ලොකු අඩුවක් කියල. මම කලිනුත් කිව්වා වගේ මේ කතාව පදනම් වෙලා තිබුනේ යුද්ධය නිසා පීඩා විඳින ජීවිත ගැන. ඇත්තම කිව්වොත් තේමාව නම් සෑහෙන පරණයි. යුද්ධය ඉවර වෙලා කාලයක් ගත වුනාට ...
වැස්ස ThaRu AtHariN (තරු අතරින්....) මන්දාරම් අහස යට වැහි කුරුල්ලන් ඉගිලෙද්දී බලා හිටියා ඔහේ හිත හිතා නුඹ ගැනම වැහි වලාකුළු වගේ දොරේ ගලා යන්නට පෙර හිත අස්සේ මිරිකගෙන ඒ කඳුළු වැස්සම හිනැහුනා මං යලිත්නුඹ එක්ක සෙනෙහසින් වලාකුළු අස්සෙන්ම ඉර එබිකම් කලත් වැහි අඳුර පිරෙනවා ඉර එලිය මකාගෙන, හිත පුරා හිනැහෙන්න පෙරුම් පිරුවත් කුමට අසනී වැහි වහී නම් දෛවයේ උරුමයට....
සාහිත්‍යය සහ අනාගතය. ThaRu AtHariN (තරු අතරින්....) මේ ගැන ලියන්න ඕනි කියල ගොඩක් කාලෙක ඉඳල හිතාගෙන හිටියත් එක එක කටයුතු හින්ද ලියන එක අතපසු වෙලා ගියා. එත් පහුගිය දවසක වෙච්ච එක්තරා සිදුවීමක් නිසා ආයෙමත් මතක් වුනා මේක ලිව්වොත් හොඳයි කියලා.වෙලාව හවස 5 ට විතර ඇති. මමත් මගේ මිතුරියෙකුත් නුවර වැව රවුමේ ඉඳලා food city එක ඉස්සරහින් තියෙන පාර (මතක විදියට දළදා වීදිය) දිගේ ඇවිදගෙන ...
ඔබ ඈත සඳ වී පායා ThaRu AtHariN (තරු අතරින්....) ඔබ ඈත සඳ වී පායා මම මෑත තරුවක පිපිලා මේ නිසල රැයේ ලොව නිදනා මා ඔබ ඔබ මා ළඟ ඉන්නා... අප දුරින් දුරක වුව තනියේ නෙත් සරින් පමණි හමු වුයේ ඒ ඈත් බවිනි හද අඳුරේ සෙනෙහසේ සොඳුරු බව පිරුණේ.......මධු සඳ තරු අද හමු වීලා සිටියද ඔබ මා ලං වීලා ඒ දුරක එදා අප පිපිලා තිබු සොඳුරු සෙනේ ගඟ සිඳිලා.... හරියට ...
යලිත්... ThaRu AtHariN (තරු අතරින්....) කෝ ඉතින් හිනැහෙන්න ආයෙමත් වතාවක් දකිනා තුරා යලිත් සිතන්නට නුඹ ගැනමමවන්නට ඔය සිනහව ආත්මයම සුවඳ කල කවක් වූ නුඹ ගාව සැනසෙන්න ඉඩ දෙන්න හිනැහිලා පෙරසේම.... ...
තාරුණ්‍යය සහ බාලක බාලිකා වර්ගීකරණය. ThaRu AtHariN (තරු අතරින්....) බාලක පාසල් සහ බාලිකා පාසල්... වර්තමාන ලාංකීය සමාජයේ අධ්‍යාපනයේ උසස් බව හඟවන සංකේතයක් බවට පත් වී ඇත්තේ බාලක පාසලක හෝ බාලිකා පාසලක ඉගෙනුම ලැබීමය. එය කවුරුන් විසින් හෝ පනවන ලද නීතියක් නොව හුදු සමාජ සම්මතයන් සහ සමාජ පැලන්ති වර්ගීකරණය තුලින් ජනිත වුවකි. පළමු වසරට තම දරුවා ඇතුලත් කරගැනීමේදී ප්‍රදේශයේ පිහිටි උසස්ම බාලක පාසලට හෝ බාලිකා පාසලට ...
සදාකාලික ප්‍රේමයක් සඳහා ස්ට්‍රේට් කිරීම. ThaRu AtHariN (තරු අතරින්....) ගොඩාක් කාලෙකින් මේ පැත්තේ ආවේ. මට විභාගේ තිබුනනේ ඉතින්... මම හිතනවා මගේ යාලුවන්ට මාව අමතක නැතුව ඇති කියලා. තාම විභාගේ ඉවර නෑ. එත් හෙට තියෙන විශයෙන් පස්සේ ඉවරයි. පොත් අස්සෙයි programs අස්සෙයි ඉඳල එපා වුනු හින්දා හිතුනා මේ පැත්තේ ඇවිල්ල බ්ලොග් එකේ මකුළු දැල් එහෙම කඩලා ආයෙත් ලියන්න පටන් ගන්න ඕනි කියලා. පහුගිය සතියක වගේ ...
කාල සටහන ThaRu AtHariN (තරු අතරින්....) පොස්ට් එකක් දාන්න හිතාගෙන හිටියත් මේ දවස් වල හිතේ තියෙන්නේ එකම එක දෙයක් හින්ද මොනවා ලියන්නද කියල හිතාගන්න බෑ. අන්තිමට හිතුනා හිතේ තියෙන දේ ම ලියන්නම් කියල හිතුවා.2011-08-15- Foundation of Computer Science (සෑහෙන අමාරුයි කියල හිතුවේ. දැන් නම් එච්චර අමාරු නෑ වගේ....)2011-08-16- Database Management System I (අම්මියෝ .... මතක් වෙනකොටත් නිදිමතයි වගේ... )2011-08-17- Internet Technology and Applications (මම ...
දඬුවම. ThaRu AtHariN (තරු අතරින්....) හිනාවෙන්න ආසයි මට ඉස්සර වගේම සැහැල්ලුවෙන්,එත් ඒ හිනාව කව්දෝ අරන් ගිහින් කඳුළු එක්ක තනි වෙලානුඹත් නෑ මං ගාව ඇහිපියට බර වැඩිවෙලා කඳුළු කැට වැටෙනකොට මං ගැනම ආයෙමත් මටම දුක හිතෙනවා.... කඳුලකට ඇහැ ළඟටවත් ලං වෙන්න නොදී මගේ ලඟින් හිටිය නුඹ, කඳුළු දැක දැකත් අහක බලනකොට ඇත්තමයි දුක හිතුනා..... කෑ ගහල නොකිව්වට හිත ඇතුලේ ඒ කඳුළු ගිනි අරන් දැවෙනකොටඔයා මට හිනැහුනා ...
පුංචි තරුවට..... ThaRu AtHariN (තරු අතරින්....) මුළු රෑම ඇහැරගෙන කල්පනා කලේ මම මොකද්ද කරන්නේ කියලා. පපුව ඇතුලේ හාරනවා වගේ ලොකු වේදනාවක් දැනෙනවා. කවදාවත්ම ඔයාගේ හිත රිද්දන්නේ නැතුව හැමදාම ඔයාගේ හිත හදපු මට මෙහෙම දෙයක් කලේ ඇයි කියල මට හිතාගන්නවත් බෑ. ඉස්සර මම ආදරේ හින්ද දුක් විඳිනකොට ඔය මගේ හිත හැදුවා ඔයාට මතක නැද්ද? කවදාවත්ම ඒ වගේ වේදනාවක් නම් දෙන්නේ නෑ කියල මට ...
නුඹ දුන්නු සතුටට වැඩි දුකක් මා විදින බව තනි වී... ඔබ දන්නේ නෑ එය දන්නවා නම් යන්නේ නෑ වෙන්වී.... ThaRu AtHariN (තරු අතරින්....) වලාකුළු සුදුපාට ඇතිරිලා අහසේම සිහි කරයි අතීතය තුරුළු වුනු නුඹ ගාව,ගිනියම් වූ මද්දහන අතින් අත වෙලී ගිය මල් පාර පාලුවෙන් ඉකි ගසයි නොහඩාම,සරදමට හිනාවෙන සුලං රැලි දැවටිලා ආයෙමත් වතාවක් නුඹේ සුවඳ දැනුනාම, ආදරේ කවි කෙරූ පුංචි හිත ළඟ තාම තෙත කඳුළු බින්දුවක් රැඳෙනවා රහසේම....කියන්නට දහක් දේහැගෙනමුත් පෙරසේම තුරුළු වන්නේ කෝමනුඹ ගිහින් දුර ඈත,සුසුම් ස්වර විඳගන්න ඉකිගසන හිත ගාව වදන් වැල ...
Untitled Post ThaRu AtHariN (තරු අතරින්....) ලියන්න පටන් ගත්තේ ගොඩාක් දේවල් ලියනවා කියල හිතාගෙන. එත් අන්තිමට එකම එක දෙයයි ලියන්න ඉතුරු වුනේ.මම හැම දේකටම වඩා ආදරේ කරපු මගේ පුංචි තරුව මාව දාල ගිහින්.... ...
102-2 = 100 ThaRu AtHariN (තරු අතරින්....) එකමත් එක කාලෙක, ඇත්තටම මම මේ බ්ලොග් ලියන එක ගැන කිසිම දෙයක් නොදන්නා කාලෙක පුංචි තරුව මට බ්ලොග් ගැන කිව්වා. මාත් ඉතින් පුදුම වෙලා අහගෙන හිටියා. එයා මට කිව්වේ 'කොට ජීවිතේ ' බ්ලොග් එක ගැනයි, 'විකාර ' බ්ලොග් එක ගැනයි. ඔය බ්ලොග් ගැන නිතරම කියනකොට මටත් හිතුනා ටිකක් කියවලා බලන්න. මුලින්ම කියෙව්වේ 'විකාර ' කියන බ්ලොග් ...
Untitled Post ThaRu AtHariN (තරු අතරින්....) උදෙන්ම නැගිටලා සුදානම් වුනාට යන්න කියල තැනක් නෑ. පන්සල් යන්න හින්දා සුදු ඇඳුමක් ඇඳගත්තට පන්සල් යන්න පුංචි තරුවත් නෑ. මම තාමත් ඇඳ උඩට වෙලා ඔහේ බලාගෙන ඉන්නවා. පාලුයි. සුදු පාට බිත්ති හතරත් මට සරදම් කරනවා වගේ. මම පෙරුම් පුරාගෙන යන්න බලාගෙන හිටිය ගමන මගේ කාමරේ ඉන්න හොඳම යාළුවා එයා ආදරේ කරන කෙනාත් එක්ක ගියා. උදේ නැගිටලා ...
---------------------------- ThaRu AtHariN (තරු අතරින්....) මේ මගේ 100 වෙනි පොස්ට් එක. මේක ලියන්න හිටියේ මෙහෙම නෙවෙයි. ඒත් ජීවිතේ වෙනස් වෙන්නේ අපිට කලින් කියල නෙවෙයිනේ.... අද වැඩ ගොඩක් තිබුණු දවසක්. ඒත් හවස් වෙනකල් බලාගෙන හිටියේ පුංචි තරුව මුණ ගැහෙන්න යන්න. ගිහිල්ල එනකොට රෑ 7 ත් පහු වෙලා. ඇඟට දැනුනේ ලොකු මහන්සියක්. ඒත් හිත සතුටින් පිරිලා තිබුනා. ඒ වෙන මොකුත් හින්දා නෙවෙයි. හෙට ...
පුංචි තරුවට... ThaRu AtHariN (තරු අතරින්....) හිත රිදුනා ගොඩාක්ම. ඒ මම ඔයාට ගොඩාක් ආදරේ නිසා. ඔයාගේ වැරද්දක් නෙවෙයි වෙන්න ඇති. එත් මේ හිත පුංචි දේටත් ගොඩාක් දුක් වෙනවා. ඔයා දන්නවා ඒක. වෙනදා ආදරෙන් පිරිලා තියෙන හිතට මහා ලොකු තනි කමක් පාළුවක් දැනෙනවා. කෑ ගහල ඇඩුවත් හිත හදා ගන්න බැරි තරම් තනිකමක්. හැම දෙයක්ම කියන්න, හැම දෙයක්ම අහන්න, මගේ ලඟින්ම හිටිය ඔයාව මට ...