මම සිනාසෙමින් එලියට බැස්සෙමි.. දියත් කුලේ අපි සනී.. කොස් කඩේ ප්ලේන්ටි දාන යන්තරේ..මල්ලි කියන්නේ ඔය යකාට ඔතන තියෙන බඩු ටික එහා මෙහා වුනොත් තමා යකා නගින්නේ? එදාට ඉතිං කනක් ඇහිලා ඉවරයි.. විල්සන් අයියා. සනී අයියා දෙස බලාගෙන එහෙම කිව්වෙ තරහකින් නම් වෙන්න බෑ.. සනී. ලංකාවේ උඩ බලාගෙන තේ දාන එකම එකා.කහට පොඩ්ඩක් වැඩියෙන් තියෙන ගාණට සීනි දාපු තේක සිගරට් එකට කියාපු ප්ලේන්ටිය. රාජා මල් ප්ලේන්ටියයි කියලා කියපු ගමන් සාමාන්‍ය ...
ඇවිත් පලයන් එක දවසකට... දියත් කුලේ අපි ආයෙමත් පරණ ඉරම හෙටත් පෑව්වාට....මකර තොරණින් කැන්දගෙන යන්න බැරිවුනාට....එන පාර දිගට මල් නොපිපුනාට....යථාර්තයට බයේ ගුලිවෙලා හැංගුනාට...ඇවිත් පලයන්...යන්නං කියන්න....ජීවිත කාලයම මට උඹත් එක්ක ජීවත් වෙන්න..... ...
ආරුගම්බේ වෙරල තාමත් රැළි නගනු ඈතට පෙනේ.... දියත් කුලේ අපි "මහත්තයා මේ මගේ නංගි නන්දා.."විමලෙ අංකල් අසල හිටපු කාන්තාව පෙන්වා පැවසීය.. මම ඇයට මද සිනාවක් එල්ල කලෙමි.. "මහත්තයල කනවානම් පොතුවිල් වලට යන්න මෙහේ කඩවල කෑම ටිකයි දෙන්නෙ.. මහත්තයාලට නම් මදිවෙයි.."බදුල්ලේ නැන්දාගෙ ඌරුවට සමාන ඌරුවකින් ඇය පැවසන විට මම ඇය දෙස බැලීමි.. ඇය නමින් නන්දාය. වයස අවුරුදු 38 පමණ විය හැක. ගම්පෙරලියේ නන්දාට වඩා රූමත්කමින් අඩුය.. ඇය කළුය මහතය.. ඇගේ දෙතොල් දෙකෙලවරින් ...
ජේසු පිහිටයි...! දියත් කුලේ අපි පෙර ලියමි මගේ මුදල් පසුම්බිය අයිතිකරුවා සොයාගත් පසුව මට හදිසියේ දුරකථන ඇමතුමක් ලැබුනි.. ඇමතුම දුන් පුද්ගලයා නම ගම නොපැවසූ අතර ඔහු මගේ පසුම්බිය හමුවුන බවක් පැවසීය. මම මගේ නවාතැනේ ලිපිනය ඔහුට ලබාදුනි.. පසුගිය සිකුරාදා ලියාපදිංචි තැපෑලෙන් මට ලිපියක් ලැබුන අතර එහි මුද්දර ගසා තිබුනි. එහි මගේ පසුම්බියේ වූ සියළු දෑ පැවතුන අතර පහත ලියුමද ඒතුල තිබී මට හමුවුනි. අදාල පුද්ගලයාට ගෞරවයක් ...
නමුත් එය එසේ සිදුවී ඇත දියත් කුලේ අපි මගේ පසුම්බියට තවත් අයිතිකරුවෙකු සිට ඇත. රියදුරු බලපත්‍රය සහ ජාතික හැඳුනුම්පත එකට රැගෙන ගොස් දෙකම අන්තරාස්දාන විය. මම එය නොකල යුතුව තිබුනි. එහෙත් එය එසේ සිදුවුනි. වැදගත් කොම්පැනියක සම්මුඛ පරීක්ෂණයකදී ගොන් උත්තරයක් දී රස්සාව නැතිවී ගියේය. මම එය නොකල යුතුව තිබුනි. එහෙත් එය එසේ සිදුවුනි. එම් පී ත්‍රී ප්ලේයරද ආගිය අතක් නැත. අමතකව කොහේ හෝ දමා ගොස් ඇත. මම සිහිකල්පනාවෙන් වැඩ කල යුතුව තිබුනි. එහෙත් එය එසේ සිදුවුනි. අළුතින් ගත් සපත්තු ...
ප්‍රකාශ විද්‍යාව. දියත් කුලේ අපි උඩුකුරු වස්තුවට වඩා විශාල වෙලා තිබුන ප්රතිබිම්බයක.. ආදරය කියලා අකුරු හතරක් මකුලු දැල් කඩලා එලියට ගන්න කොට පාර්ශ්වික අපවර්තනය වෙච්ච වස්තුවට වඩා කුඩා යටිකුරු අකුරු හතරක් එක්ක තවත් සෙල්ලම් කරන්න බෑ කියලා තේරෙන්න ගත්තා.... සොරි.... ...
අන්තිමට බස් එක ඉදිරියට ඇදෙන්නට විය. දියත් කුලේ අපි හැම උදේම අලකාලයි, පරප්පු කාලයි කන්න පෙට්ටි කඩේට ගොඩ වැදුනත් බාලා අයියා නැති දවසක ඇරෙන්න බාලා අයියා නැති අඩුව පෙට්ටි කඩේට එන අපිට දැනුනානම් දැනුනේ බාලා අයියා පාන් වල බටර් ගාන්න ගිය වෙලාවෙ කුමාර තට්ටුවට ආවොත් විතරයි කියලා කිව්වොත් හරියටම හරි. ඒ වගේ දවසක ඉඳලා හිටලා බාලා ලඟට කිට්ටු කරන දෙන්නෙක් තුන්දෙනෙක් “බාලා තට්ටුවට යනවකෝ“ කියලා නොකියනවාත් නෙමෙයි. ඒත් බාලා ...
අනේ මහතුනේ පිනට යමක්.. දියත් කුලේ අපි මැහැල්ලකි...අයැදීයඅනේ මහතුනේ පිනට යමක්.. වැටේද..? ඉඳහිටවත් මුදලක්අතරැඳි බඳුනට...ජසිරි බෝමැඩට යනමල් දෝතක් පුරවාසුන්දර දේහමත වැජඹුනවිතරාගය මුසුවූදෑත්දිගුවූයේද...?ඈ වෙතකරුණාවෙන්...ශ්‍රද්ධාව උතුරා යනකාන්තිමත් දෙනෙත්බැලුවේද...?ඈ දෙසඅනුකම්පාවෙන්...සනාතන දම් තෙපලූ රත් පැහැ දෙතොල්..විවරවීද ඈ හට මෘදුව...දැන දැනම එය අයැදීය ඈ...‘අනේ මහතුනේ පිනට යමක්‘ ...
අවාසනාවට මට හඬන්නට නොහැකි විය.. දියත් කුලේ අපි දකුණු පැත්තේ උරහිසින් පහලට වැටුන මගේ සයිඩ් බෑගය කලවේ වැදීමෙන් තිබුන කරදරය මගහරවා ගැනීමට මම බෑගයේ පටිය මහපටැඟිල්ලෙන් ඔසවා නැවත උරහිසට දමාගතිමි. බස්රථයේ රියදුරු මම බලාපොරොත්තු වූවාට වඩා කලින් මාව ඇරලවා ඇත. "දමිත් රණවක"පොන්ටින් කට් එකක් එක්ක ලාවට කෘන්තක දත් දෙකක් පේන්න හිනාවෙලා ඉන්න මූණ පැත්තෙන් අවමංගලාධාර සමිතියේ නිවන් සැප ලැබේවා යන වචන තුන කළුපාටින් ඇඳ තිබුනි. "මාත් එක්කම ලයිෂන් එක ගන්නකොට ...
තවමත් මම ජීවතුන් අතර... දියත් කුලේ අපි හුස්මක් කටක් ගන්නට බැරුව හිරවුන..පෙනහළු පිරෙන්න ඇද්ද නිකොටින් එක්කගිනි ඇවිලිලා දැවිල්ල ගත්තු ආමාශය..නිවෙන්න බීපු ගිනිවතුරෙන් මත්වෙලාකණ්නාඩියට මූණ හංගන්නවවාගත්තු රැවුලට පින්සිද්ද වෙන්න..හෝදන්න හිතුන නැති කපු කමිසයත්..පට්ට ගැහිච්ච ඩෙනිමක් ඇඳන් යනමට අනුකම්පා කරපු... කාණු පල්ලේ ප්‍රේමය....! තවමත් මම ජීවතුන් අතර.... ...
මංසල පැමිණීය අප හට වෙන්වෙන්ට දියත් කුලේ අපි කිරි පිරි කලේකට නූඹ පෙම් කෙරුවාම ඒ කිරි කලේ ගොම බිඳ නුඹ දුටුවාම ඒ කිරිවලින් මම කිරි පිඬු පිසුවාම අපුලක් දැනේ නුඹහට එය කෑවාම ආගිය ...
එය සිදුවිය යුතුව තිබුනි....! දියත් කුලේ අපි එය එතරම් අසීරු යැයි එය සිදුවනතුරු මම දැනගෙන සිටියේ නැත.එය සිදුවිය යුතුව තිබුනි.නමුත් අප දෙදෙනාගෙන් එකෙකු හෝ එය භාරගන්නට සූදානම් නොවීය.අවසානයේ එය සිදුවී ඇත...!ජීවිතය නම් වූ නවකථාව තුල දෑවුරුද්දක පරිඡේදයක් අවසාන වී ඇත.කතන්දර ගොඩක් මැද්දෙ හමුවූ දෙන්නෙක් කතන්දර ගොඩක් මැද වෙන්වී ගොසින්යසියල්ල අනාගතයට බාරදී අත පිහිදාගන්නට ආත්මාර්ථකාමී ආසාවක් හිතට ආවත් එය සිදුකිරීම එතරම් පහසුනම් මම එය දැනටමත් අහවර කොට හමාරය. කතාන්දරය නිල ...
ඩබල් ඇඳක සින්ගල් හිතක්...! දියත් කුලේ අපි මිරිඟුවක්වත් නැති කතරක වෙන්දේසියේ තැබූ හදවතක් එක්ක... අඳ ගොළු බිහිරි ,නැට්ටෙන් කණපිට ගැහුණු ,කවන්ධයක් තුල... විසාලා මහනුවර ,පිපාසාවෙන් මියයන... අනෝරා වැසි ඇදවැටී ,ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්,කලාකරුවන්, පාදඩයින්,දියපහරින් වැසිකිලි වලට සේදී යන... මදුරුවොත් ඇවිදින්,නක්කලේ දාලා යන,ඩබල් ඇඳක සින්ගල් හිතක්...! ...
මට ඈතින් බාබර් සාප්පුව පෙනුනි... දියත් කුලේ අපි ගුණේ අයියා මම අන්තිමට දුටුවාට වඩා මහළුව සිටියේය. ඔහුගේ කලින් තිබූ ඉදුනු කෙස්ගස් දෙසීය තුන්සීය දෙදහස තුන්දහස දක්වා වර්ධනය වී තිබුනි.සුපුරුදු පරිදි අසුන් ගන්නා විට යාබද බිත්තියේ දිස්වන සිද්ධාර්ථ කුමරුගේ උත්පත්තිය, ශිල්ප දැක්වීම, සහ සරණ මංගල්‍යය දැක්වෙන වර්ණ සිතුවම් තුනත් එලාර දුටුගැමුණු යුද්ධය දැක්වෙන කළු සුදු සිතුවමත් ඒ අතර පසෙක තිබුන ලාවට හිනාවීගෙන ඉන්න විජය කුමාරතුංගයන්ගේ ඡායාරූපටත් අමතරව අළුතෙන් එක්වූ ...
මම ගෙදර ගියෙමි... දියත් කුලේ අපි මාර්තු පලමුවැනිදා පුහුණුවට පෙර ගෙදර යාමට අවශ්‍ය නිසාත්, අම්මා ගෙදරට එන පාර ඇඳ ලියුමක් එවීමට ඉඩ ඇති නිසාත් අවසානයේ මම ගෙදර යාමට තීරණය කලෙමි.පුරුද්දක් වශයෙන් ගෙදර යනවිට අත වන වනා යාම සිදුකල නමුත් දම්මිනී විසින් "හඬනු මැන නිදහස" කියවා අහවර කර තිබූ නිසා කොටුවට යාමට 138 ක ගොඩවුන මගේ වැනුන අත් දෙකෙන් එකකට එම පොතද එකතු වී තිබුනි.
දෑවුරුද්ද දියත් කුලේ අපි හෙටක් ගැන නොහිතා අද වියදම් කරනවා කියලා හැම සතියකම මට බනින්න ඇති. යාළුවොත් එක්ක සෙට්වෙලා ආතල් දදා ඉන්නව කියලා මිසක් වෙන වැඩක් නෑ කියලා මට අනන්තවත් කෑ ගහලා ඇති. පාඩම් කරන්නෙ නැතුව පිස්සු කෙලිනවා කියලා මට අනන්තවත් නෝක්කාඩු කියලා ඇති. තරහවුනාම මූණ ඇඹුල් කරගෙන මාත් එක්ක කතා නොකර ඉන්න ඇති. ඉඳලා හිටලවත් බොන්න එපා කියලා අඞලා ඇති දොඩලා ඇති. ඒත්............. මම බොරුව ...
සුප්රබුද්ධ වික්ටර් දියත් කුලේ අපි අටේ පන්තියේදී..මම අපේ ලොවක් සොයා ගියෙමි...ඒත් වික්ටර් වික්ටර්ම විය...... සාමාන්‍යපෙළ කරන විට..මම දෙව්රම් වෙහෙරේ නාමලක්ව මියගියෙමි...ඒත් වික්ටර් වික්ටර්ම විය.... උසස් පෙල අවසන් වන විට..මම පාවෙන වලාවක තනිතරුව වෙත යාත්‍රා කලෙමි...ඒත් වික්ටර් වික්ටර්ම විය.... සරසවිය ඇරඹුනි...මම පෙම්බර මධූ සමග දෛවයේ සරදම් ලැබුවෙමි..ඒත් වික්ටර් වික්ටර්ම විය.... අද මම විශ්වවිද්‍යාලයෙන් පිටවී යමි..අපි ඔක්කම රජවරුය...ඒත් වික්ටර් වික්ටර්මය.... ...
අපි අපිමයි... දියත් කුලේ අපි දෙකයි පනහට මැරෙන එවුන් අතරෙ හම්බවුන රුපියල් පහත් නැතිකරගෙන උඹලා මාත් එක්ක හිටියා.... වල් ඌරන් කැකුණ තලනකොට හබන් කුකුලන්ට වෙඩිතියන්න උඹලා මාත් එක්ක එකතු වුනා.. ඒ මලගිය යටගියාවේ පාංශුකූලය දෙන්න කලින්... මම උඹලට ස්තූති කරන්නම්... එකට කාලා , බීලා එකට ආතල් දාලා එකට මලපැනපු... එකට මල කාපු... සහෝදරයින්ට.... උඹල මාර මිනිස්සු බං....... ...
සයිබර් බොරුව දියත් කුලේ අපි අපේ ලෝකය , උන්ගෙ මොනිටරය... අපේ සංවාද , උන්ගෙ පෝරම... අපි පිසිකල් , උන් වර්චුවල්... අපේ වාහෙ , උන්ගෙ ලැප... අපි මර්දනය වෙද්දි , උන් ස්පෑම් වෙනවා... අපි හමුවෙනකොට , උන් චැට් කරනවා... අපි බදාගන්නකොට , උන් පෝකින්... අන්තිමට බලද්දි... අපි විස්සයි , උන් තුන්දෙනයි... ...