ප්‍රසන්න මධුර සුඛං දියත් කුලේ අපි තැබූ තැබූ තැන නිදාන බර අවිපිදූ පිදූ තැන පරවුන මල් පෙති පිරූ පිරූ දස පෙරුමන් නැතිවුනප්රසන්න මධුර සුඛංබුරා බුරා නැගෙනා ඒ බොදු ගිනිවෙලා වෙලා දැවෙනා ඒ ගිනි කෙලි දිරූ දිරූ ඒ බෝසත් පිලිරුවවණ්ණෝ සුඛං බලංදෙසූ දෙසූ දම්සක් වී ඇව ටිලිපිසූ පිසූ දන්සල් වී පැමි ණිලිගැලූ ගැලූ දස සිල්දිය බොරවුනගිලන පච්චයං ඉමං ...
ජීවිතය නම් වේදනාව දියත් කුලේ අපි ලිපගිනි මෙලවෙන තෙක් දිය සැලියේසැපයක් නම් කකුළුවා දිය කෙලියේඉරබට හිමිදිරි තෙක් දිව් මළුවේසේපාලික මල අඳුරෙම නැසුනේඅව්වට වැස්සට හුරු මිනිසුන්ගේදහඩිය ඇයි කන්තෝරුවෙ නැසුනේකරමත ඇවිලෙන මරගිනි අතරේපොලවට නුසුලන තව බර වැටුනේසිල්වත දිදුලන වැලිතල අතරේපඬුපැහැ කිරි කලයට මුසු කෙරුනේගිනිඅවි බිඳ යදමින් සිර ඇතුලේඇවිලුන ගිනිදැල් කඳුලින් නිමුනේ ...
වැඩ කරන්නෙ නැති. දියත් කුලේ අපි වැඩ කරන්නෙ නැති,හදන්න සල්ලිත් නැති,නැතිවුනොත් කම්ප්ලේන් යන, කම්ප්ලේන් ගියොත් සල්ලි නැතිවෙන,සල්ලි නැතිවුනොත් හදන්න බැරිවෙන,මේ කාර් එකේ ඒසී එක.
වඳුරන්ගේ රට. දියත් කුලේ අපි ඒ අනාගතය කියලා පටන්ගත්තොත් අනාගතය කොයි වගේ එකක්ද කියල අපේ හිත්වල තියෙන පින්තූරයට මේක ටිකක් සමාන වෙලා පෙනෙන්න පුළුවන්. ඒ පින්තූරය හදලා තියෙන්නේ වැඩිපුරම පොත්වලින් සහ චිත්‍රපටිවලින් කියලා කිව්වොත් වැරැද්දක් නෑ. කවුරුහරි මේක Planet of the Apes වගේ කතාවක් කියලා කිව්වොත් ඒකෙ ඇති වැරැද්දකුත් නෑ හරියකුත් නෑ.අපි ඒ ග්‍රහලෝකයට මැඩේෂියාව කියලා කියමු. මැඩේෂියාව භූ පිහිටීම අතින් ගත්තොත් තනි මහද්වීපයකින් සමන්විත ...
රේවත දියත් කුලේ අපි වර්ෂය 1992 වන්නට ඇත. විශ්වවිද්‍යාලයෙන් ඉවත්වී ගුරු ජීවිතය පටන්ගත්තු අළුතම හත්දාමගුල හත් මාසයක් යන්න කලින් අහවර වුන නිසා මගේ හිත හදාගන්න කියලා මමම රාගල පඥ්ඥාසේකර විද්‍යාලයට සාමාන්‍ය පෙල ගණිතය උගන්වන්න ගියා. විරහ දුක හරි දිවිනසාගන්න හිතෙන තරම් පාළුව හරි වෙන මොකක් හරි එකක් මගේ හිතේ කොනක ඇරෙන්න වෙන කොහෙවත් නොතිබුනාට මම රාගල මාරුවට කැමැත්තෙන්ම ගියේ මට වටෙන් පිටෙන් ඉමෝෂනල් වෙන්න ...
නිර්වාණයේ දොරකඩ හිඳිමි. දියත් කුලේ අපි පුරහඳ..හැමදාම නැතිවුනත්.හැමදාම තිබුනත්.මට ඒ පුරහඳ මතක් වෙන්නේමාසෙකට සැරයයි..පුරහඳේ..හාවෝ හිටියත්..හාවෝ නොහිටියත්..මට ඒ පුරහඳ මතක්වෙන්නේමාසෙකට සැරයයි...පුරහඳ..ආවත් නොආවත්.. ඒ පුරහඳ තියෙනකම්..මම නිර්වාණයේ දොරකඩ..ඇතුල්වීම තහනම්.. ...
දිග කතාවකින් උපුටන දහයක්. දියත් කුලේ අපි "මහේෂ්ට තියෙන්නේ ක්ලයන්ට්ව අපි කියන විදිහට හසුරුවන්න. ඒකෙන් මහේෂ්ට පඩියක් හම්බවෙනවා. ක්ලයන්ට්ට සල්ලි හම්බුවෙනවා. අපිට කමිෂන් එකක් එනවා." .................................................................... "මහේෂ් ඔයාට මේ වගේ ගෙවන රස්සාවක් ලේසියෙන් හම්බවෙන්නේ නෑ. අනික ක්ලයන්ට්ව හැන්ඩ්ල් කරන්න විතරයිනේ තියෙන්නේ. මම ඔයා වුනානම් මම මේ රස්සාව බාරගන්නවා." .................................................................... සම්පත්, ඔව් ඒ තමා මගේ ක්ලයන්ට්ගේ නම. ඇස්පේන්නෙ නැති පොඩි එකෙක් වුනාට සම්පත් ලමා කටහඬින් කප
ගබ්සාව.. දියත් කුලේ අපි සුජ්ජා අවසාන වතාවට මට හමුවෙන විට ඌ හිටියේ පෝරු මස්තකාරූඩවය. ඉන්පසුව මට වුවමනාවක් නැතිකම හෝ වැඩවැඩිකම හෝ ඌ අතුරුදහන් වීම හෝ වෙන කිසියම් කරුණක් නිසා මට ඌ හමුවුනේ නැත. කෙසේවෙතත් මම විශ්වවිද්‍යාලයට යන කාලේ ඌ මගේ රූමා යන්න වග මට මතකය. සුජ්ජා සුන්දර මනුස්සයෙකි. ඒ ඌ කිසිම දෙයක් පිලිඹඳ ඕනාවට වඩා නොසිතන නිසා යැයි මම සිතමි. ඒ අවුරුදු හතර ...
වයිරා. දියත් කුලේ අපි මම වයිරා. කතාව කොහොම පටන් ගත්තත් අන්තිමට ඉවරවෙන්නේ එකම විදිහට හින්දා මම ලේසි විදිහෙන් පටන් ගන්නම්. මගේ ගොන් ජීවිතයේ වැස්සියෝ දෙතුන් දෙනෙක්ගෙන් කට්ට කාලා තිබුනත් රත්තිට වෙන නාම්බෝ දෙතුන් දෙනෙක් යෝජනා ගෙනත් තිබුනත් මම රත්ති ගැන හිතාගෙන හිටියා. හඳයා... හඳයා මට වඩා වයසයි. පුන්නක්කු පාවිච්චියක් නෑ. හඳයාත් රත්තිට යෝජනා වුන එක නාම්බෙක්. මම ඊයේ වෙනකම් හිතාගෙන හිටියේ රත්ති මට ...
එහිතට ඇමතුවෙමි. දියත් කුලේ අපි නිල් කඩදාසියෙන් ඔතපු අන්තිමේට කලින් කූරේ අන්තිම උගුර.. පැත්තකින් එකෙකු කෑගසනවා පෙනේ. අනිකා අත නිශ්චලව තබාගෙන කට ෆිල්ටරයට ලංකිරීමට උත්සාහ දරයි. කෑගසන්නා දර්ශන විය යුතුය. උගේ කොනේම පුරශ්චාරවක දතේ රතුපාට මිරිස් කෑල්ලක් හිරවී ඇත. සමහරවිට ඒ දත චාර්වක දතක් විය හැක. එය කෘන්තක දතක් හො රදනක දතක් නම් නොවේ. එකවර සියල්ල නිල් පැහැ වේ. නිල් කඩදාසියක් ඉදිරිපිට ජෙනිෆර් ලෝපේස් ...
සෝමදාස.. දියත් කුලේ අපි වෙලාව උදේ අටට විතර වන්නට ඇත. ස්ථානය බොරලැස්ගමුව හන්දියයි. පුරුද්දට මම යන වෙලාවට අපේ බෝඩිමෙන් මාත් සමග නික්ම යන්නේ ටොයියාය. ඉඳහිට දවසක රොකාත් පැමිණේ. පුරුවා නික්ම යන්නේ මම අවදි වීමටත් පෙරය. කෙසේ වෙතත් එදා මම එලියට බැස්සේ පුරුවා සමගය. ඔව් එදා මම කලින් අවදිවුනෙමි. "මහත්තයා." හෑන්ඩ්ස් ෆ්‍රී එක කනේ ගහගෙන සිටියද මට ඒ ආමන්ත්‍රණය ඇසුනි. ඒ ආමන්ත්‍රණය මට නොව ...
ජයසේන.. දියත් කුලේ අපි "ජයසේන .. ඔළුවත් කපලා බලමු.. " මම එහෙම කියනකොට ජයසේන හෝල්ඩරයට හයිකරලා තිබුන යකඩ කපන කියත අතට අරන් ඉවරයි. මේක මගේ මුල් වතාව වුනාට ජයසේනගේ මුල් වතාව නොවන හින්දා කිසිම දෙයක් අමුතුවෙන් කියන්න උවමනාවක් තිබුනේ නෑ. අපරාදේ මට නුවන් අයිය එක්ක කලින් දවසක එන්න තිබුනා. මම සිතුවිල්ලේ ඉන්න අතරේ ජයසේන ඔළු කට්ටෙන් බාගයක් කපලා ඉවර කරලා තිබුනා.. ***************************************************************** නුවන් ...
විදාන වත්ත.. දියත් කුලේ අපි ඒ 1995 වසරයි. ප්‍රදේශය ඇඹිලිපිටිය ග්‍රාමයයි. හැම්බෝ සිටියට යාබදව නගර සභාවක් ලෙස දැන් පැවතුනද එකල හැමදාම පසලොස්වක රාත්‍රියේ අපේ ගෙදරට නරි කෑගසන හඬ ඇසුනි. ඩිංගිරි ආච්චි නවාතැන් ගෙන සිටියේද අපේ ගෙදරට කිලෝමීටර බාගයක් පමණ දුරින් පිහිටි අක්කරයක් පමණ වූ විදානවත්තේ කොනක තිබුනු වරිච්චි ගෙදරකය. ලා තඹ පැහැති බ්ලොන්ඩ් හිසකේ සමග කළු පැහැති ඩිංගිරි ආච්චිට අපි බයවූයේ අම්මලා කෑම කවන්නේ ඩිංගිරි ...
මාර්කෝ මම ඈන්.. දියත් කුලේ අපි මාර්කෝ උඹ කොහෙද? පිත්තල බොත්තම තාමත් ලඟ තියාගෙන මම උඹ එනකම් බලා ඉන්නවා. ජීවිතේ අතරමැද තාමත් උඹ වෙනුවෙන් හිඩැසක්. මාර්කෝ කෝ උඹ. හැමදාම රෑට වෙන පංචස්කන්ධයක තියෙන උඹේ හිතත් එක්ක මම නිදි වදිනකොට උඹ මරීනා එනකම් බලා ඉන්නවාද? මාර්කෝ.. දිස්නේ නැතිවෙන්න කලින් මේ පිත්තල බොත්තම අරන් පලයන්.. මම ඈන්.. ...
විසබීජ.. දියත් කුලේ අපි "hope you will come back"මම ඇය දෙස බලා නානකාමරය දෙසට ඇවිද ගියෙමි. සුදෝ සුදු සින්ක් එක තුල වතුර බිඳුවක් වත් දකින්නට නැත. මම කරාමය හැර කැඩපත දෙස බැලුවෙමි. කොලඹින් ආවාට පසු රැවුල කැපුවේ නැති නිසා රැවුල් කොට මතුවන්නට පටන් ගෙන තිබුනි. රැවුලට ඇතුලතින් මුහුණ ඇතුලත්වූ සර්වාංගය පුරා ගතවූ සතිය තුල තැන්පත්වූ විසබීජ තට්ටුවක් පෙනෙන්නට තිබුනි. මම කරාමයෙන් දියදෝතක් මුහුණට ...
සැරද? දියත් කුලේ අපි තුලාධර ගැහැණියගේකාලවර්ණ රෙදිපටඅහිමිකල..සුද්දන්ගේ කෙලිය සුද්දන්ට වෙන්දේසිකල.. පැතිරවූ මුසාවට සම්මාන හිමිකල..ත්රස්තයන් සමග නිදිවැදමැක්කන් යවෙස් ලූ..අපි.. සුරා සූදුවෙන් තොර ආශ්චර්යයක් කරා පියනගයි.. සැරද? ...
බොනී අයියා මට වඩා අඟල් දෙකක් උසය.. දියත් කුලේ අපි ඔයා ඒකාලේ බොනී අයියව අඳුරගන්න තිබුනේ.තුෂාර අයියා කතාව පටන් ගත්තේ එසේය බොනී අයියා නැති තැනක අපි බොන්නට සෙට් වුනොත් අනිවා බොනී අයියා ගැන වචනයක් හෝ කතා කිරීම සිරිතක් වී තිබුනි. සාමාන්‍යෙයන් මිනිසුන් වන අප තව එකෙකු ජීවත්ව සිටියදී වර්ණනා කිරීම හරිම කලාතුරකින් සිදුවන කරුණකි. එසේ සිදුවීමට නම් ඒ මිනිසා වටිනාකමින් වැඩි මිනිසෙකු විය යුතුය. අපේ තාත්තාට වඩා වයසින් අවුරුදු දෙකක් ...
උක්කුං පටි බෝල බැලන්ස්.. පුක් පේපර්.. පුක් පේපර්... දියත් කුලේ අපි “මහත්තයා අර ජිනේ මැරිලා“ හමීඩ් මුදලාලි රෙදි මනින ගමන් එහෙම කිව්වෙ මද සිනාවක් එක්කමයි “ මොනවා...! වෙන්න බෑ “ මම එහෙම කිව්වෙ සමහරවිට ජිනේ මැරෙන්නේ නැති එකෙක් කියලා මගේ ඔළුවේ කොනක තිබුන නිසා වෙන්න ඇති “ මිනිහා ඉන්න තැනක් වත් දන්නවාද? “මම එහෙම ඇහුවේ පව් සමාකරගන්න ගිහින් මූණවත් පෙන්නලා එන්න කියලා හිතාගෙන. ඒත් මාව දන්නේ ජිනේ විතරනේ.. “ ජිනේ “තාත්තා හැමසතියෙම විකුණන්න ගෙනියන දොර රෙදි ...
කපුටු බෝ... දියත් කුලේ අපි කිරි කල හතකින් නෑවෙන. වතුර කල වලින් පෝෂනය වන.කවි වලින් ආසිරි ලබන.. ගාථා වලින් ගෞරව ලබන..බෝහිමියන්ගේ..රුහිර උරා ප්‍රසූත්‍ර වන.කපුටන් විසින් අනුභව කරන.බෙටි සමග එලියට විසිවන.සැදැහැවත් බෞද්ධයින්ගේ තාප්ප උඩ මුල් අදින.. අති ශ්‍රද්ධාවෙන්..ගලවා විසිකරන.කපුටු බෝ.. ...
අනේ මචං වරෙන්... දියත් කුලේ අපි අයි සී යූ එකේ කොටු වීදුරුව අස්සෙන්...එබීගෙන ඉන්න...විසබීජ තොගේකට... ඔක්සිජන් බට වලට මැදිවෙච්ච....උඹේ මැර මූණ පේනකොට.. වෙනදා හිනාවෙවී ඉන්න එවුන්...අඬන්න ගත්තා... ඒත් උඹ එනකම් තාම උන් හිනා වෙනවා... වරෙන්... මේ ගල් බෝතලේ ඉවරවෙන්න කලින්...නැත්නම් අපි තනියම බොනවා.. අනේ... මචං...උඹ නැතුව බොන්න බෑ....වරෙන්....එනගමන් රයිස් එකක් දාගෙන චීස් එකකුත්.. අරන් වරෙන්.... ...