ඊයේ පොඩි වැඩකට කියලා දුර බෑරකට මං තරුවාට යන්න සිදු විය. ගියේ තනියම නොවේය. පරණ යාළුවෙක්ද වැඩේට එන්ටර් විය. බස් එකේ පැය දෙක තුනක් යන්නට උනු නිසාම කරන්නට දේකුත් නැති කමට ඉස්කෝලේ කාලේ කල කී දෑ කතා කරමින් අපි ගියෙමු. ඔය අතරේ මටත් අමතක වෙමින් තිබුණු මම කලිනුත් කියපු පරණ කතා ගොඩට දැමිය හැකි කතා කීපයක්ම මතුවිය. දවස් කීපයකට පසු ...
මේ ලගදි දැක්කා පොටෝවක්. එක රූස්ස ගහක එතිච්ච කම්බියක්. කාලෙකට කලින් මනුස්සයෙක් ඒ ගහේ ඔතපු එකක්. කාලයත් එක්ක ගහ වැඩුනත් ඒ කම්බිය එදා විදිහටම ගහේ තිබුනා. හැබැයි එක දෙයක් වෙනස් වෙලා. එදානම් ඒ කටු කම්බිය ගහේ එතෙද්දි ඒක ගහට අපහසුවක් වේදනාවක් නොගැලපෙන දෙයක් වෙන්න ඇති. ඒත් අද බලද්දි කටු කම්බියත් ගහේම කොටසක් වෙලා. කඳ ඇතුලට කම්බිය ගිලා බැහැලා. ටිකක් විතර ...
ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයිකියලාකවුදෝ මන්දා කිව්වටඇත්තටම ගී ලියන්න පුළුවන් උනේඔය නෙත් අහිමි වූ දාද කියලානිකමට හිතෙනවාතව කියවන්නකෝ..»
ඉස්සර කිව්වේ ලෝකය ගෝලාකාරය මිනිස්සු විවිධාකාරය කියාය. බට් දැන් කියන්නෙ කැසිල්ල විවිධාකාරය කසන්නෝ ඒකාකාරිය කියාය. ලෝකය බිහිවූ දා පටන් අපිට සමීප කැසිල්ල කාලය ඔස්සේ ඉදිරියට පිය නගා අද වන විට ඒකාකාරී කසන්නන් පිරි විවිධාකාර වූ කැසීම් ඇති ගෝලාකාර ලොවකට පා තබා ඇත. කැසීම යනු කසන කාලය තුල ඉතාමත් සුවදායක වූත් කැසීමෙන් පසු දැවිල්ල හටගන්නා වූත් දැවිල්ලට නැවත විසඳුම කැසීම පමණක්ම ...
අඩේ මේ දවස්වල ලඟ ලඟ පෝස්ට් වැටෙනවනේ ඈ... එක්කෝ ඒකට මොකෝ නේද...මේ...කියන්න ආපු දේ කියන්න බැරි උනානේ..මේ ලගඳි මාර සීන්කෝන් එකක් උනාලුමට. මං රෑ දොයියං ඉන්නකොට අපේ මැරිච්ච කිරි අත්තගේ මහප්පගේ පුතාගේ හිටපු එකම වඳ පුංචි අම්මගේ පුතා වෙච්ච මහානුබාව සම්පන්න මන්තර සීය කෙනෙක් මට හීනෙන් පෙනුනලු. පෙනිලා මට කිව්වලු පුතේ තෝ වෙනුවෙන්ම මහා පොත් රාජයෙක් අල්ලපු ගෙදර කක්කුස්සිය ගාව ...
අපේ ගෙදර පූසි සුදු පාට හින්දාඒකි හරි ආඩම්බරෙන් හිටියේඒකිගේ ඇස් නිල් පාට හින්දාමං උඹට නිල් නෙතු කියන්නද කියලා ඇහුවාම ඒකි පැනලා හා කිව්වාතව කියවන්නකෝ..»
උදේ පාන්දර එකෙක්ට අඩේ බං කතාවක් ලියන්න අයිඩියා එකක් දියන්කෝ කියලා කිව්වාම ගත්කටටම ඌ කිව්වේ මොන කතාද බං ඉස්කෝලේ කාලේ අපි නටපු පිස්සු ටිකක් ලියපන් කියලය. හවස එකෙක්ට කෝල් කලාම කිව්වේත් ඒ කාලේ කෙල්ලන්ට වෙච්ච එව්වා ටිකක් ලියපිය නැත්නම් ඔව්වා තියන් අල කන්නද කියලාය. බලාගෙන ගිහාම ඒකත් ඇත්තය. කාලෙකින් පරණ කුණු කන්දල් අවුස්සන්නට බැරි විය. ඇරියස් කවර් කරන්නටත් එක්ක අද ...
කා...ලෙකින්... :) කාලෙකින් කිව්වට ඇත්තටම සෑහෙන කාලෙකින්. එන්ඩ ඕනි එන්ඩ ඕනි කියලා හිතන් හිටියට ඇත්තටම තිබිච්ච වැඩත් එක්ක ලියන්නවත් කියවන්නවත් අඩුගානේ මගේ අන්තිමට මොලේ කුරුවල් වෙච්ච පෝස්ට් එකට රිප්ලයි කරන්නවත් එන්න බැරි උනා. මොනවා කරන්නද ඉතින් වැඩිවියට පත්වෙලා තාම අවුරුද්දක් දෙකක්වත් ගියේ නැති උනාට මං පොඩි එකා ලොකු වෙද්දි වැඩ වැඩි වෙනවා අෆ්ෆා. අහෝ දුකකි ඉරකි තිතකි කියන එක වෙනස් ...
සාමාන්‍යයෙන්අසාමාන්‍ය වෙනකොට'අනේ අපොයි'කියන උන්හදන්නෙම අසාමාන්‍යවෙන්නලු...ඒත්අපේ බැඳීමට නමක්නෑ කියන උන්ඕනි උනාම බැඳීමනැති කරන්නේනමකුත් නැති හින්දාඅවුලකුත් නෑ කියලලු...තව කියවන්නකෝ..» ...
සමහරු නම් කියන්නේ මුළු ජීවිත කාලෙම එකම කෙනෙක්ට ආදරේ කිරීම, එකම කෙනෙක් පතාගෙන ජීවත් වීම මහ මෝඩකමක් කියලා. සමහරවිට ජීවිතේ කවමදාවත්ම නොලැබෙන කෙනෙක් වෙනුවෙන් බලා ඉන්න එක; අර කවුද කිව්ව වගේ නැවක් එනකම් ස්ටේෂන් එකේ බලං ඉන්නවා වගේ කියලා. මටත් ඒක නොහිතෙනවම නෙවෙයි. ඒත් හැම පැයකට සැරයක්ම ලගින් ඉන්න ලැබෙන ඒ ආදරණිය 7 ට මම මහ ගොඩක් ආදරේ කලා. එදා..ඒ කියන්නේ ...
මේ මාසෙටම ලිව්වේ එක පෝස්ටුවයි. කොහෙද මේ මගුල් විබායක් තියනවනේ මේ මාසෙම. අපි පව් කියලවත් හිතන්නැතුව මෙහෙම අවුරුද්දෙ මුලම විබාග දාන එකනම් හරිම කුජීතයි ඈ...පව්නේ අප්පා අපි උනත්. ඒකෙන් කමක් නෑ මොනවා හරි මේකෙ දාන්න කියලා ආවත් හිතාගෙන ආපු එක පසුවට කල් දාලා අද කියන්න යන්නේ අපි අන්තර්ජංජාලයේ ඉන්නකොට එක එක වෙලාවට වැඩ කරගන්න ඕනි වෙන වෙබ් සයිට් ටිකක් ගැන. ...
මේ..ඇහුනද...? ඇහෙන් නැද්ද අර ලියුං කාරයද කොහෙද ඇවිත් බෙල් එක ගහනවා. පාන්දර නමයත් පහු වෙලා මේ මනුස්සයා තාම බුදි.ඕයි..ගිහින් බලනවකෝ අර ලියුං කාරයද කොහෙද ඇවිත්. මම මේ යක්ස පැටව් එක්ක මැරෙනවා. ඔක්කොම කරන්න ඕනි මං. මේ මනුස්සය මෙතන පස්ස පැත්තට එළිය වැටෙනකම් බුදි. පොඩ්ඩක් ගිහින් බලනවකෝ අරක...තව කියවන්නකෝ..» ...
මාස ගානකින් විතර කම්පියුටර් කෑලි බෑලි ගැන කතා කරන්න බැරි උන එකේ මම මේ අරගෙන ආවේ මෙලෝ රහක් නැතුව ආතක් පාතක් නැතුව දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්න වෙලානට කරලා බලන්න වටින මෙව්වා ටිකක්. වැඩි කතා නැතුව කෙලින්ම ගේමට බහිමු.තව කියවන්නකෝ..» ...
කාලෙකින් බ්ලොග් එක පැත්තට ආවේම මේ ටිකේම ලියනවා ලියනවා කියලා හිතාගෙන හිටිය මාතෘකාවක් ගැන අහපු දුටු සහ ඔප්පු වුනු කරුණු ටිකකුත් අරගෙන. මම සාමාන‍්‍යයෙන් කතා කරන මාතෘකා වලින් ටිකක් විතර පිටට ගියත් මේ කතාව කිව යුතුමයි කියලා හිතුන හින්දා කියන්න කියලා හිතාගෙන ආවේ. මුලින්ම කියන්නම් මේ කතා කරන්න යන මාතාකාවට පාර ඇරුනේ කොහොමද කියලා. මගේ බ්ලොග් එක කියෝපු අයට මතක ...
හප්පටසිලි සිලි කිව්වලු.....සෑහෙන කාලෙකට පස්සේ බ්ලොග් එකක් තිබුනා වගේ ලාවට මතකයක් තිබ්බ හින්දා මේ පැත්තට ආවාම....හයියූ...මේකෙ ඇතුලේ වේයෙක් තුඹහක් බැඳලා නයෙක් ඒකට ඇවිත් නයි අරිනවා....සිලාවට...ඉස්සර මේකේ මකුළුවෙක් හිටියා..මම අද එනකොට ඌ උගේ පරණ මකුලිව ඩිවෝස් කරලා කොහෙන්දෝ මන්දා හොයාගත්ත සුකුරුත්තං මකුලියක් එක්ක ඇවිල්ලා හැමතැනම මකුළු දැල් බැඳලා දෙන්නා එක්ක ගන්ගම් ස්ටයිල් නටනවා...බලන්නකෝ නේද....උයාට කියන්න මෙයා...මේ දවස්වල් මගේ ඇඟටත් නිකන් හරි ...
උඹ මොකටද ජීවත් වෙන්නේ...?කියලා නිකමට එකෙක්ගෙන් ඇසූ විට මං තරුවාට ලැබුණු පිළිතුර ඉපදුනු නිසා..යන්නය.එතනින් එහාට කිසිවක් කීමට නොගිය නමුත් කී කතාවේ වැරැද්දක්ද නැති බව දෙතුන් පාරක් කල්පනා කරන විට මගේ සූටි මොල ඩිංගිත්තට වැටහුණි.බොහෝ මිනිස්සු ජීවත් වෙන්නේ ජීවත් විය යුතු නිසාය. මැරුණෙ නැති නිසාය. එහෙමත් නැත්නම් වෙන කරන්න දෙයක් නැති කමටය.තව කියවන්නකෝ..» ...
හප්පොච්චියේ සෑහෙන දවසකින් මොනවා හරි නොලියා මෙතනින් නොනැගිටිමියි කියන දැඩිම දැඩිම දැඩිම දැඩි මොකද්ද එකකින් ලැප් එක ඉස්සරහා වාඩි උනේ..වාඩි උනාට මොකද හිත හලිම මාන්දමිකයි අප්පා...හරිම කුසීතයි. මේ වහින්න වගේ හින්දද මන්දා..උදේ ඉදන් කියනවා අද ප්‍රැක්ටිස් වරෙන් කියලා ඒකට යන්න හිතෙන්නෙත් නෑ...නැට්ට පිටින් වඳුරො මැරෙන එකේ අපිට මෙහෙමෙ එව්වා උනාට මොකෝ නේද. පහුගිය ටිකේ වර්ල්ඩ් කප් එකට වොලන්ටියර් කෙනෙක් විදහට ...
ඉතින් ඒ අඳුරු මූසල ගුප්ත රාත්‍රියේ අවසානය කරා එලෙඹෙන විට ඈත පෙර දිගින් සූරුයාලෝකය පතිත වීමට පටන් ගත්තේ එතැන් පටන් උදාවන නව ලෝකයට , නව ජීවයට හිරුගේ ඇති ශක්තියත් සඳුගේ ඇති සිසිලසත් ලබා දෙමින් මේ ලෝකයට නව යුගයක් උදා කරන්නටය. මෙතෙක් කලක් තිබූ ඒ මාන්දමික යුගයේ අවසානය එතනදී සිදුවිය.තව කියවන්නකෝ..» ...
ජීවිතේ කියන්නේ විඳින දෙයක් මිසක්විඳෝන දෙයක් නෙවෙයි කියන උන්නැගිට්ට වෙලේ ඉදන් දොයියනකන්වැලහින්න වගේ අඩාගත්තු ගමන්මලුවැඩක් කර ගන්න ලගට එනඋන්ඊට පස්සේ උන්නද මලාද වත් බලන්නැතිමේකාලේඅපි හැඟුම් වලට ඉඩ දී මොහොතක්ඉඩ ලබා ගනිමු තරමින්මොකද්ද එකක් කියන අයඉඩ ලබා ගත්තට පස්සේකාපු බීපු තැන් වලසතා සර්පයවත් ඉන්නේ නෑකියලා යන්නේකාපු බතේ පහරලලුතව කියවන්නකෝ..» ...
මෙතෙක් වේලා නිසොල්මනේ තිබූ මාගේ හද මස්තකයේ බාඳුරා මලක් පිපී බඹරෙක් ගිලගත්තා සේය..සඳ ගිල ගත් රාත්‍රියේ උල්කාපාතයක් කඩා වැටී ඇරසෝනා ආගාධය නිර්මාණය වූවා සේය.. පපුවේ ලයාන්විත ලබ් ඩබ් ස්වරය එකෙනෙහිම හැරුනේ මිහිරි ලයාන්විත හද පොපියා නලියා බඩ විරේක වන මියුරු ගෝසාවකටය.මෙතුවක් කල් ඔබ නොදුටු දෑස් මක්කටද...? අත් දෙක වෙහෙස වන්නේ එලියට පනින්නට දගලන දෑස් ඇතුලට ගන්නටය..ගොම බිදුවක ඇති නාසය පොපියා ...