දැඩි අඥානකම නිසා මිනිසා තුල පහළ වී ඇති ලෝබය මුල් කරගෙන වංචාව, මුලා කිරීම, බොරුව හා නොයෙකුත් ප්‍රයෝගකාරී ක්‍රියා බිහිවන්නේය. එහි ප්‍රතිවිපාක වශයෙන් ශිෂ්ඨ සම්පන්න දියුණු සමාජයක් ඇතිවීම වැළකී යයි. ඉතා නොදියුණු ම්ලේච්ඡ ජාතීන් අතර බොරුව හා වංචාව නැත. එහෙත් ඊට වඩා ඉක්මණින් පලදෙන කෝපය, අනුකම්පා විරහිත බව හා අඥානකම බහුලය. වනාචාරී යුගයෙන් තරමක් ඉදිරියට පා තබන මිනිසා එයිනුත් ඉදිරියට ...

සංසුන් ගති ඇති පුද්ගලයා ආත්ම විශ්වාසය අධික පුද්ගලයෙකි. මහජනයා අතර ගැටී ඕනෑම පුද්ගලයෙකු ඇසුරු කරන අන්දම ගැන ඔවුනට අත්දැකීම් තිබේ. ඔබ තමන් ගැනම හිතන අයෙකුට වඩා අනුන් කෙරෙහි ද සැලකිලිමත් වන අයෙකු වේ නම් ඔබ ළඟ මනා සංසුන්කමක් ඇති වේ. වගකීම් බාරගැනීමට සූදානම් පුද්ගලයා මහජන කටයුතු වලින් අධික විනෝදයක් ලබයි නම් සියල්ලෝම ඔහු වටා රොක්වීමට වහා සූදානම් වෙති. අනුන්ගේ අවධානය ...

අප කෙනෙකු ගෙන් නිතරම අසන්නේ ඔහුගේ ජීවිතය සාර්ථක වීමට හේතු වූ කරුණු මොනවා ද කියාය. ජීවිතය අසාර්ථක කරගත් කාලකණ්ණි අයෙකු ගෙන් ඔහුගේ ජීවිතය අසාර්ථක වීමට හේතු වූයේ මොනවා දැයි අසන්නේ කලාතුරකින් අයෙකි. ජීවිතයක් අසාර්ථක වීමට හේතු මෙන්න මේවා යැයි කීමට නොදන්නා අයෙකු නැත. එහෙත් වැඩිදෙනා ජීවිතයක් සාර්ථක වීමට හේතුවන කරුණු ගැන දරන්නේ මිථ්‍යා විශ්වාසයන් ය. සාර්ථක ජීවිතයකට දොර විවෘත කර ...

මහජනතාවගේ පින්පෙත් ලබන තිස්තුන් කෝටියක් දෙවිවරුනි! රටපුරා අහිංසක මෝඩ කාන්තාවන්ට හා බුද්ධි හීන පිරිමින්ට වැහෙන භුතයනි! අපේ පාලක පක්ෂයකට ආරූඪ වී රටේ දියුණුවට පේන කියා නොපෙනෙන ධන සම්පත් ඛණිජ තෙල් උල්පත් මතුකර දීමට ඉදිරිපත් වන්න. එයට කාලය දැන් පැමිණ ඇත. සාමාන්‍ය මිනිසුන්ට වඩා දුර පෙනෙන දිවැස් ඇති දෙවිවරුනි! අපි දෙන පින්පෙත් ලබමින් අප ගැන නොසලකා සිටීම වැරදි බව දැන්වත් තේරුම් ...

“පන්සිල් ගන්නවාට වඩා පන්සිල් රැකීම උතුම්. නිතර නිතර පන්සිල් සිහි කිරීම නිසා කෙනෙකුගේ චරිත ශුද්ධිය ඇති වේ,” යැයි 1978 අප්‍රේල් 23 වැනි දා පානදුර රංකොත් විහාර දහම් පාසැලේ දී “මිනිස් සිත” මැයෙන් දේශනයක් පැවැත් වූ සුමනදාස සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. පන්සිල් වල ඇති මනෝවිද්‍යාත්මක වටිනාකම ඔහු තව දුරටත් මෙසේ විස්තර කරන ලදි. කෙනෙකු සතුන් නොමරමි යැයි අවංකව සිතට එකඟව නිතර ...

කෙනෙකු මත් ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීමට පෙර වෙනත් විදියකින් මත්වන්නේය. මත්ද්‍රව්‍ය ගෙන මත්වීමට පත්වන්නේ මේ විදියට ඊට කලින් මත් වූ මිනිසුන්ය. එම නිසා මත් ද්‍රව්‍ය වලට වඩා භයානක වන්නේ මත්ද්‍රව්‍ය වලට මිනිසා පොළඹවන මෙම මානසික දුබලතාවයයි. අප අතර ජීවත්වන ජනයා ගෙන් වැඩි දෙනෙක් අහංකාරකමෙන් මත් වී සිටිති. සමහරු අහංකාරකම උත්සන්න වීම නිසා උමතු වී සිටිති. කෙනෙකු සිහි විකල වූවෙකු ලෙස ...

ඔබ ගැන ඔබ දරණ මතය හරි ද? එසේ නම් ඔබ දියුණු වන්නෙකි. කිසිම දියුණුවක් නැත්තේ වැරදි මත දරා සිටින අයටයි. අනිකුත් බොහෝ පුරුදු මෙන් ප්‍රශ්න වලින් පලා යෑමට පුරුදු වීම ද කෙනෙකුගේ ජීවිතය අසාර්ථක වීමට ප්‍රබල හේතුවකි. විසඳීමට අපහසු ප්‍රශ්න මතු වූ විට අපි ඒවාට මුහුණ දෙන්නේ කෙසේ ද? අපේ ජීවිත හැඩ ගැසෙන්නේ අප ප්‍රශ්න වලට මුහුණ දෙන ආකාරය අනුව ...

ලෝකයේ ධර්මයට වඩා අධර්මය පැතිර ඇත්තේ ඇයි? මිනිසා ආගම හා ධර්මය අවබෝධ කරගන්නවා වෙනුවට බදාගෙන සිටීම නිසාය. ආගම් බදාගෙන, වැළඳගෙන මත් වූ ජනයා ආගම හා ධර්මය වෙනුවෙන් මිනී මරති. මුලාවීමට කැමති ජනයා අතර මෝඩයන්ට විශේෂ තැනක් ලැබේ. මෝඩයා යනු කල්පනා කිරීමට නොදන්නා කෙනෙකුට කියන වචනයකි. ඕනෑකමින් කල්පනා කර බලන තුරු අක්‍රිය වී පවතින මිනිස් මොළය එසේම අක්‍රිය වී තිබෙන්නට හරින ...

මා කුඩා කල පටන් නමින් අසා තිබුනු සුප්‍රසිද්ධ කෙනෙක් මෑත කාලයක දී මට හමුවිය. මෙම උතුම් මනුෂ්‍යයා එදා මෙන්ම අදත් ධනයට ගරහමින් කතා කරන කෙනෙකි. එම නිසාම ඔහු අද සිටින්නේ තමන්ට ය කියා ඉන්නට ගෙයක් හෝ බිම් අඟලක් හෝ නැති කෙනෙකු වශයෙනි. මහළු වයසේ දී අවශ්‍ය පහසුකම් නැතිව ඉතා දුකසේ ඔහු ජීවත්වෙයි. තරුණ කාලයේ ධනයට ගරහන ඕනෑම කෙනෙකුට මහළු වයසට ...

ධනවාදය භංග කිරීමට හා අධිරාජ්‍යවාදය තුරන් කර දැමීමට සටන් කරන්නට සිතීමට වඩා සැල්වීනියා වඳ කර දැමීමට හා මදුරුවා විනාශ කර දැමීමට වෙහෙසීම රටට ප්‍රයෝජනවත්ය. * රටට වැඩ කරන්නට හිතන අවංක අය රටේ වැඩ කඩාකප්පලක් කර දමන්නේ නැත. * ඇමෙරිකාව හා යුරෝපය උදාහරණ වලට ගන්නේ ඒවායේ ධනවත් අය සිටින නිසාය. ධනයට විරැද්ධ හිඟන රටවල් ගැන කීමට ඇත්තේ ඒවායේ මිනිසුන් ඉඩක් ලැබුණු ...

තමන්ට නොවැටහෙන දෙයට වහල් වෙයි. එසේ නැත්නම් සිනාසෙයි. තමන්ට නොවැටහෙන දෙයට බියවෙයි. එසේ නැත්නම් විශ්මයට පත්වෙයි. තමන්ට ඉගෙන ගන්නට බැරි දෙයට පුද සත්කාර කරයි. එසේ නැත්නම් එය අවඥාවට ලක් කරයි. -සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1980 අගෝස්තු 15 ...

දෙවන ලෝක යුද්ධය සමයේ දී (1942) දිනක් හිමිදිරි පාන්දර අහසේ අපුරු දර්ශනයක් විය. එනම් අහස්යානා වලින් වෙඩි නිකුත් කිරීමයි. මේ අතර පොළවේ සිට කාල තුවක්කු වලින් අහස් යානා වලට වෙඩි තබන ලදි. ඒ වෙඩි පිපිරූ තැන දුම් ගුලියක් සැදුනි. එකල පාසැල් යන වයසේ සිටි අපට ජපනා බෝම්බ දැමුවොත් නාලාවක් පිඹ අනතුරු අඟවන අයුරු කියා දෙන ලදි. එම නලා හඬ ඇසුන ...

රටේ ප්‍රශ්න ගැන කතා කරමින් කාලය කා දමන මිනිස්සු නිසා රටේ ප්‍රශ්න වැඩිවන්නේය. තම තමන්ට අයත් වැඩපල කලට වේලාවට ඉටු කරන මිනිසුන් නිසා රටේ ප්‍රශ්න විසඳී යන්නේය. ඔබේ ප්‍රශ්න විසඳා ගන්න. එවිට රටේ ප්‍රශ්නයක් ඉතුරු නොවේ. -සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1983 ඔක්තෝබර් 1 ...

අපට කුමන වැඩක් හෝ අවසානයක් දකින තුරු එකා මෙන් සහයෝගෙයන් කිරීමට පුළුවන් කමක් නැත. අපි ටික දෙනෙකුට එකතු වුනොත් කරන්නේ කරන්නට බැරි දෙයක් ඉතා  පහසුවෙන් කළ හැකි දෙයක් ලෙස කතා කිරීමයි. කාගේ හෝ හොඳ වැඩක් ගැන නරක හා අඩුපාඩු පෙන්වා දෙමින් නැති අඩුපාඩු හා වැරදි මවා පාමින් කතා කිරීමට අපි ගජ හපන්නුය. සිතට විරුද්ධ කතා කිරීමට අපට ඇත්තේ බලවත් ආශාවකි. ...

විෂම සමාජයක ජීවත්වන කවර තරාතිරමක අයෙකුට නමුදු විවිධ ප්‍රශ්න වේදනා සහ ගැටළු වලට මුහුණ දීමට සිදුවන්නේය. මේ අවස්ථාවන්හි දී සිත හැසිරවීම පිළිබඳව සොයා බලන විට විවිධත්වයන් පෙන්නුම් කෙරෙනු ඇත. සිත වේදනා දීම මොහොතකට තුඩුදුන් විට එයින් මිදීමට නොයෙකුත් උපක්‍රම යොදාගනී. ඊට මානසික සංරක්ෂණ යනුවෙන් මනෝවිද්‍යානුකූලව හඳුන්වා දිය හැකිය. වර්තමාන සමාජ රටාව දෙස විමසිලි සහගතව බලන විට අවබෝධ වන්නේ සිත හැසිරවීම ...

නැති බැරිකම මානසික රෝග ලක්ෂණයක් යයි ඔබ පිළිගන්නේ නැත. එහෙත් කෙනෙකු නැතිබැරි දුගියෙකු වී සිටින හේතුව සොයා බැලුවා නම් එයට මුල් වූ මානසික රෝග ඔබට වහා තේරුම්ගත හැකිය. සිතේ උදාසීන භාවය යනු සිත රෝගී වීමකි. සිත අලස වන්නේ සිතට හා ගතට වැළඳෙන ආබාධයක් නිසාය. ඉරිසියාව බලවත් මානසික රෝගයකි. දියුණු වී සිටින අයට ඉරිසියා කරන්නේ තමන්ගේ රෝගී මනසිනි. වනචාරී යුගයේ ජීවත් ...

සංසුන් නමුත් කාර්යශීලී කෙනෙකු මෙන් පෙනී සිටීම ධනවත්වීමට අතිශයින් වැදගත්ය. අලසයෙකු, මෝඩයෙකු, තුෂ්නිම්භූත වූ අයෙකු නැත්නම් නිතරම කඩි කුලප්පුව හැදුනු කෙනෙක් ලෙස හැසිරෙන පුද්ගලයා ධනවත් කෝටිපතියෙකුගේ ලක්ෂණ පිළිබිඹු කරන්නේ නැත. ඔබ සංසුන් ගති ඇති අයෙක් ද? කෙනෙකුගේ පෞරුෂය එම පුද්ගලයා වාසනාවන්තයෙකු කරයි. සමහරු මෙය වරදවා තේරුම් ගනිති. එනම් ලොකු වැදගත් පෙනුමක් තිබු පමණින් හොඳ පෞරුෂයක් ඇතැයි සිතීමය. හොඳ පෞරුෂයක් සඳහා ...

ගොත ගසන අයෙකු තුල පවතින්නේ මානසික ගැටුමකි. ගොත ගසන අයෙකුට සවන් දී සිටින්න. ඔහු හෝ ඇය තමාට කතා කරන්නට ඉඩ නොදෙන බලවේගයකට විරුද්ධව කතා කරන්නට වෑයම් කරන බවක් මුහුණේ මාංශ පේශී වලින් පිළිබිඹු කරයි. මේ හේතුන් බාහිර නොවන අභ්‍යන්තරයේ පවතින ඒවාය. තම අදහස් ප්‍රකාශ කිරීමට ඇති උවමනාවට එරෙහිව ලැජ්ජාව ඉස්මතු වීම නිසා කතා කරගන්නට බාධාවක් සිත තුලින් ම එයි. කතා ...

එදාට උඹට තේරෙයි මං කව්ද කියලා. රැවටෙන්න එපා. ඉහත සඳහන් විදියට කියන පුද්ගලයා ගුරුවරයෙකු හෝ යමක් කියා දීමට ඉගැන්වීමට හැකි අයෙකු නොවේ. ඔහු දුර්වලයෙකි. කවදා හෝ කෙනෙකුට විපතක් කරන්නට ඔහු පෙළඹෙනු ඇත. මේ විදියට කියන අය මානසික රෝහලක හෝ සිරගෙයක පදිංචි වීමට පෙරුම් පුරන්නෝය. කෙනෙකුට දඬුවමක් කිරීම හෝ සිත රිදවීම යනු පාඩමක් ඉගැන්වීම යයි ඔහුගේ නිගමනය වී ඇත. එමනිසා ඉහත ...

මොළයක් ඇත්තේ ඉරිසියා කිරීමට නොව කල්පනා කිරීමටය. ධනයට ගරහන අයකු කවදාවත් ධනවත් වී නැත. ධනවතුන්ට ධනපති යයි කියමින් සමච්චල් කරන්නේ දුගියෙකි. තමන් ආශා නොකරන දෙයක් තමන් වෙත ළඟා නොවේ. සමහරු ධනයට ආශා කරන නමුත් පරිභව ද කරති. ඒ අයට යාන්තම් ජීවත්වීමට සෑහෙන තරමින් පමණක් ධනය ළඟාවේ. අතමිට යහමින් මිල මුදල් ගැවසෙන්නේ ධනය ප්‍රිය කරන මිනිසුන් ළඟයි. ධනය හා ධනවත්භාවය පිළිකුල් ...

Previous Page