“මට දැනෙනවා... කවුරු හරි මට කතා කරනවා”“මොනවද ඔවුන් කියන්නෙ? ” “ඉවසීම ගැන යි කථාකරන්නේ... කෙනෙකුට මේ ඉවසීමේ ගුණය අවශ්‍ය ම යි...” “ඔව්... තව කියන්න ඒ ගැන...” පිළිතුර ආවේ කවිකාර ගුරුස්වාමි වෙතිනි. “ඉවසීම හා කල් යල් බැලීම... හැම දෙයක් ම පැමිණෙන්නේ එසේ පැමිණීමට අවශ්‍ය ම වන අවස්ථාවේ යි. ජීවිතය කඩිනම් කරන්න බැහැ... බොහොම දෙනෙකුට ඕනෑ කරනවා වගේ එය හදාගත් කාල සටහනක්, ...
හැතෝර් මිසර දෙවඟන මා විසින් හඳුනා ගත් පරිදි රෝගීන් සිය සැබෑ පූර්ව ජන්ම ස්මරණයන් වෙත ප්‍රවේශවන්නාවූ හා ඒවා විස්තර කරන්නා වූ ප්‍රධාන රටා දෙකක් තිබේ. ඉන් පළමුවැන්න මා නම්කරන්නේ “සම්භාව්‍ය” රටාව ලෙස යි. “සම්භාව්‍ය” රටාවේ දී කිසියම්ජන්මයක් වෙත ප්‍රවිශ්ට වන රෝගියාව ඒ ජීවිතය පිළිබඳ මෙන් ම එහි දී අත්විඳි සිදුවීම්පිළිබඳ පරිපූර්ණ විස්තරයක් සැපයිය හැකි ය. බොහෝ විට මෙය උපතින් හෝ ...
මා කරා පැමිණි බොහෝ රෝගීන් එ සේ පැමිණීමට ප්‍රථම සම්ප්‍රදායික ප්‍රතිකාර ලබාගෙන තුබූ අතර බොහෝ විට ඉන් අසාර්ථක හෝ අර්ධ සාර්ථක ප්‍රතිඵල ලබා දී තිබිණි. මේ රෝගීන්ගේ හානිකර වූ දුස්සමාහිත චර්යාවන්ගේ පුනරාර්තිත චක්‍රයන් මුළුමනින් ම බිඳ දමා, ඔවුන්ගේ රෝග ලක්ෂණ මුලිනුපුටා දැමීමට පූර්ව ජන්ම ප්‍රතිගමණ ප්‍රතිකාර ලබා දීම අත්‍යාවශ්‍ය විය. පුනරාවර්තිත චිත්තවේගයන් පිළිබඳ සංකල්පය වලංගු එකක් බව පෙනෙයි. කෙසේ වෙතත් ...
කෙසේ වෙතත් මේ මුල් සියයට හතලිහට අයත් රෝගීන්ට සුවපත් වීම සඳහා පූර්ව ජන්ම කරා ප්‍රතිගමණය කිරීම අතිශයින් ම තීරණාත්මක සාධකයක් විය. මීට අවුරුදු සිය ගණනකට නොහොත් දහස් ගණනකට පෙර අත් දුටු ව්‍යසනකාරී චිත්තවේගීය කම්පනයන් නිසා ඇති වූ රෝග ලක්ෂණ සහිත රෝගීන් පූර්ණ වශයෙන් සුවපත් කිරීමට, මේ ජීවීත කාලයේ සීමාවන්ට කොටු වූ සාම්ප්‍රදායික ව පිළිගත් ප්‍රතිගමණ ක්‍රම අනුදත් විශිෂ්ටතම ප්‍රතිකාරකයෝ ද ...
ප්‍රතිගමණ චිකිත්සාව වූ කලී පූර්ව කාල අවධියකට රෝගියා රැගෙන ගොස් ඔහුගේ වර්තමාන ජීවිතයට තවමත් නිෂේධනාත්මක ව බල පාන්නා වූ ද ඇතැම් විට ඔහුගේ රෝග ලක්ෂණ වල මූල සාධකය විය හැක්කා වූ ද ස්මරණයන් නැවත ආවර්ජනය කරන්නා වූ මානසික ක්‍රියා දාමයකි. මෝහනය මනසේ සවිඥානික බාධකයන් ලුහු පරිපථ කොට මේ තොරතුරු අනාවරණ කර ගැනීමට මඟ සලසයි. මේ බාධකයන් අතර සිය පූර්ව ජන්මයන් ...
මේ නිද්‍රෝපායී අවස්ථාව සම්මෝහ නිද්‍රාවට අතිශයින් සමාන වන අතර සැබැවින් ම බොහෝ සම්මෝහ මට්ටම් වලට ද වඩා ගැඹුරු වේ. සිය මනසේ වඩාත් ගැඹුරු මට්ටම් වලට ප්‍රවේශ වීමට රෝගියාට සහාය වීය හැකි තරම් කුසලතාවයෙන් හෙබි සම්මෝහ ශිල්ප ක්‍රම උගත් ප්‍රතිකාරකයකුට සුවපත් කිරීමේ ක්‍රියාවලිය විස්මය ජනක ලෙස වේගවත් කළ හැකි ය. මෙහි දී පහල වන නිර්මාණශීලී අදහස් හා විසඳුම්, පෞද්ගලික ගැටළු විසඳීමේ ...
මෝහනයට පිවිසුණ ඔබ සිටින්නේ නින්දක නො වේ. එහි දී ඔබ අත් විඳින සියලු දෑ පිළිබඳ සවිඥානික මනසට දැනුවත් භාවයක් ඇත. අතිශයින් ම ගැඹුරු උපවිඥානික මට්ටමක් සමඟ සම්බන්ධ වී ඇතත් ඔබේ මනසට තවමත් විවේචනය කිරීම සංස්කරණය කිරීම හෝ අදහස් ප්‍රකාශ කිරීම කළ හැකි ය. මෝහනය යනු මිනිසුන් මත් කොට ඔවුන්ගේ හැඟීම් එළිදරව් කර ගනු පිණිස දෙන “සත්‍යාරිෂ්ටයක්” නො වේ. එහි දී ...
සිය පූර්ව ජන්ම ස්මරණයන් මතු කැර ගැනීම සඳහා සේවා ලාභීන් හට උපකාර කරන්නට මා භාවිතා කළ ප්‍රධාන ශිල්ප ක්‍රමය වූයේ මෝහනය යි. බොහෝ දෙනකුට මෝහනය යනු කුමක්ද යන්න පිළිබඳ හා මෝහන නිද්‍රාව තුළ දී කුමක් සිදු වේද යන්න පිළිබඳ ගැටළු ඇතත් එය මහා අභිරහසක් නො වේ. සැබැවින් ම සම්මෝහ නිද්‍රාව යනු අප එදිනෙදා ජීවිතයේ බොහෝ අවස්ථාවල අත් දකින පරිදි ඉලක්ක ...
කැතරින් පිළිබඳ අත්දැකීමෙන් පසු මනෝවිද්‍යාව සම්බන්ධයෙන් වූ මගේ දෘෂ්ටිය විප්ලවීය ලෙස වෙනස් වූයේ ය. මනෝව්‍යාධිමය තත්වයන් හා සුව කිරීමට මාස ගණන් අවුරුදු ගණන් ගත වූ මිල අධික ප්‍රතිකාරයන් අවශ්‍ය වූ රෝග ලක්ෂණ සඳහා පූර්ව ජන්ම ප්‍රතිගමණය වඩාත් වේගවත් වූ විසඳුමක් බැව් මට අවබෝධ විය. වේදනාවන් හා භීතිකාවන් සුව කිරීම සඳහා මෙය අතිශයින්ම සෘජු ක්‍රමයක් වූයේ ය. මේ ප්‍රතිකාර ක්‍රමය අන් ...
1979 මුල් භාගයේදී බරපතල හෘදයාබාධයකට ලක් වීමට පෙර මගේ පියා ඉතා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කෙළේ ය. එ කල ඔහු ගේ වයස අවුරුදු හැට එකකි. හෘදයාබාධයෙන් ඔහුගේ දිවි ගැලවුණත්, එය ඔහුගේ හෘද බිත්තියට පිලිසකර කළ නො හැකි හානියක් කෙළේ ය. ඔහු මිය ගියේ ඉනුත් අවුරුදු තුනකට පසුව යි. මෙය සිදු වූයේ කැතරින් හා මා අතර වූ ප්‍රථම හමුවට මාස නමයකට ...
“ඔබේ පියා මෙහි ඉන්නවා... ඒ වගේ ම ඔබේ කුඩා පුතාත් ඉන්නවා. ඔබේ පියා කියනවා ඔබ ඔහු ව හඳුනා ගනීවි කියා, මන්ද ඔහුගේ නම ඇව්රෝම් නිසාත් ඔබේ දුවට නම් තැබුවේ ඒ නමින් නිසාත්. ඔහුගේ මරණය සිද්ධ වුණේ හෘදය වස්තුව නිසා යි. ඔබේ පුතාගේ හෘදය වස්තුවත් වැදගත්... ඒ මන්ද එය කුකුළු පැටවකුගේ මෙන් දුර්වල නිසා. ඔහු ආදරය නිසා ම ඔබ වෙනුවෙන් විශාල ...
මෝහන සැසිය අතරතුර කැතරින්ට වෙනත් පූර්ව ජන්ම දෙකක් ගැන සිහිපත් කළ හැකි විය. ඉන් එකක දී ඕ 18 වන සියවසේ ස්පාඤ්ඤයේ ජීවත් වූ ගණිකාවක වූ අතර අනෙකේ දී පළමු කී පෙරදිග ජන්මයෙන් සියවස් කිහිපයකට පසු උපන් ග්‍රීක ගැහැණියක වූවා ය.මම සැකයෙන් වික්ෂිප්ත වූයෙමි. වසර ගණනාවක් පුරා රෝගීන් සිය ගණනක් සම්මෝහ නිද්‍රාවට පත් කෙළේ නමුදු කිසි දාක මෙ වැන්නක් සිදු වී ...
අවසානයේ මෝහන ප්‍රතිකාර ක්‍රමය අත්හදා බැලීමට ඈ කැමැති වූවා ය. මෙහි දී මා බලාපොරොත්තු වූයේ කිසියම් ඉලක්කගත චිත්ත ඒකාග්‍රතා ක්‍රමවේදයක් යොදා ගනිමින් මෙම රෝග ලක්ෂණ වලට හේතු වූවා යැයි මා අනුමාන කළ ළමා වියේ දී ඇගේ යටි සිතට කා වැදුණු කිසියම් චිත්තවේගීය කම්පනයක් වෙත ඇගේ මතකය රැගෙන යාම යි.කැතරින්ට ගැඹුරු සම්මෝහ නිද්‍රාවකට පත් වීමට හැකි වූ අතර සවිඥානිකව සිහිපත් කළ ...
ඔබ මගේ Many Lives, Many Masters (අනේක ජාති, අනේක ගුරුන්) කෘතිය කියවා නැත්නම් කෙටි පූර්විකාවකින් මෙය ඇරඹීම සුදුසු යයි සිතමි. ඒ සුවපත් වීම පිළිබඳ කතා බහට පෙරාතුව ඔබ මා ගැන යමක් දැන ගත යුතු නිසා ය. ඉහත කෘතියෙහි සඳහන් කැතරින් නම් වූ සේවා ලාභිනියට කළ ප්‍රතිකාර ඇසුරින් ලත් විස්මයාවහ අත්දැකීමට පෙර මගේ වෘත්තීය ජීවිතය බෙහෙවින් ම ශාස්ත්‍රීය වූ ඒකදිශාගත එකක් ...