පූර්ව ජන්මයකට ගිය කැතරින් කාල තරණයෙන් සුවයට අවසානයේ මෝහන ප්‍රතිකාර ක්‍රමය අත්හදා බැලීමට ඈ කැමැති වූවා ය. මෙහි දී මා බලාපොරොත්තු වූයේ කිසියම් ඉලක්කගත චිත්ත ඒකාග්‍රතා ක්‍රමවේදයක් යොදා ගනිමින් මෙම රෝග ලක්ෂණ වලට හේතු වූවා යැයි මා අනුමාන කළ ළමා වියේ දී ඇගේ යටි සිතට කා වැදුණු කිසියම් චිත්තවේගීය කම්පනයක් වෙත ඇගේ මතකය රැගෙන යාම යි.කැතරින්ට ගැඹුරු සම්මෝහ නිද්‍රාවකට පත් වීමට හැකි වූ අතර සවිඥානිකව සිහිපත් කළ ...
ආරම්භය කාල තරණයෙන් සුවයට ඔබ මගේ Many Lives, Many Masters (අනේක ජාති, අනේක ගුරුන්) කෘතිය කියවා නැත්නම් කෙටි පූර්විකාවකින් මෙය ඇරඹීම සුදුසු යයි සිතමි. ඒ සුවපත් වීම පිළිබඳ කතා බහට පෙරාතුව ඔබ මා ගැන යමක් දැන ගත යුතු නිසා ය. ඉහත කෘතියෙහි සඳහන් කැතරින් නම් වූ සේවා ලාභිනියට කළ ප්‍රතිකාර ඇසුරින් ලත් විස්මයාවහ අත්දැකීමට පෙර මගේ වෘත්තීය ජීවිතය බෙහෙවින් ම ශාස්ත්‍රීය වූ ඒකදිශාගත එකක් ...