මේ දින වල සිංහල ජාතිය වඳ කිරීමේ මුස්ලිම් කුමන්ත්‍රණයෙන් සිංහල ජාතික බලවේග සලිත වී සිටියි. මේ කතාව කරලියට එන්නේ පසුගිය දිනෙක රේගුව විසින් අර්තාපල් තොගයක සගවා පකිස්තානයේ සිට ගෙන්වන ලද කෝටි තුනක් වටිනා උපත් පාලන බෙහෙත් තොගයක් අත්අඩංගුවට ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස යි. බැලූ බැල්මට ම මුස්ලිම් කුමන්ත්‍රණයක් ලෙස නම් කිරීමේ සාධක සැපිරී ඇත. ජාතික හෙල උරුමයේ සිට මාදුලුවාවේ සෝභිත හිමි ...
පසුගියදා නලින් ද සිල්වා මහතා විසින් ලියන ලද සටහනක ඔහුගේ 'චින්තනය' යන සංකල්පය ගුණදාස අමරසේකර මහතාගේ 'ජාතික චින්තනය' යන්නෙන් වෙනස් වීම පිලිබඳ, පුද්ගලික ජීවන ඉතිහාසයට ද සම්බන්ධ වන කරුණු රාශියක් ලියා තිබිණි. එයට අනුවඅමරසේකර මහතාගේ ජාතික චින්තනය යන වචනය 'නැෂනල් තෝට්' යන ඉංග්‍රීසි යෙදුම සඳහා වන පරිවර්තනයකි. රුසියානු විප්ලවය යනු මාක්ස්වාදයේ ජයග්‍රහණයකට වඩා රුසියානු ජාතික චින්තනයේ ජයග්‍රහණයක් ලෙස හැඳින්වූ විචාරකයෙකුගෙන් ...
ජාතික චින්තන සංවාදය එක තැන පල් වීම සහ ඇදහිළි කල්ලියක් බවට පරිවර්තනය වීම පිලිබඳ අප පල කල සටහනට එවූ කොමෙන්ටු නිසා අප කලක සිට කතා කරන්නට සිටි කාරණයක් පිළිබඳව සාකච්චා කිරීමට කදිම සන්දර්භයක් සෑදී තිබේ. ඒ දාර්ශනික සම්ප්‍රේෂණය (philosophical transmission) පිලිබඳ ගැටළුවයි. දර්ශනය කියන විෂය තේරුම් ගැනීමට ඓතිහාසික සන්දර්භයක් නොමැති ලංකාව තුල එවැනි සංවාදයක් ආරම්භ කල හැක්කේ මේ පිළිබඳව වන ...
පසුගිය දොරමඩළාව වැඩසටහනේදී අපූරු මොහොතක් දැක ගැනීමට අපට හැකිවිය. එහිදී නලින් ද සිල්වා මහතා සිය මූලික කරුණු ඉදිරිපත් කිරීමේදී දැනුම පිලිබඳ ඔහුගේ ප්‍රවාදය ට එරෙහිව ලොව සිටිනා ඉහලම විද්වතෙකු ගෙන්වන ලෙසත් එම විද්වතා ඉදිරියේ දී පවා තම මතය ඔප්පු කල හැකි බවත් පැවසීය. මෙතනදී විද්‍යාවේ දර්ශනය පිලිබඳ අද ලොව සිටින ඉහලම බුද්ධිමතා කවුරුන්ද කියා නලින් ද සිල්වා මහතා සිතන්නට උත්සාහ ...
සුචරිත ගම්ලත් මහතා වෙනුවෙන් අනිවාර්යයෙන්ම අප ලිවිය යුතු සටහන පිළිබඳව සිතමින් සිටින විට බ්‍රෙෂ්ට් ගේ කවියක් ගම්ලත් මහතාගේම අපූරු සිංහල බසින් කල පරිවර්තනයක් අපිට සිහි වුනි. අප හැමදා පෙනී සිටි ගම්ලත් මහතාගේ උරුමය මෙම කෙටි පද වැල් කීපය තුල කැටි වී ඇතැයි කියා සිතේ. කෙසේ උවත් මෙම පද වැල අප සොයා ගැනීමටත් පෙර Vanni Post වෙබ් අඩවිය එය පල කර ...
1990 දශකයේ ආරම්භය යනු 'ඉතිහාසය අවසන් වීමෙන්' පසු ගෝලීය ආධිපත්‍යයට නිතරඟයෙන් තේරී පත් වූ අවසාන - පුද්ගලත්ව කේන්ද්‍රීය - මිනිසාගේ මොහොත විය. සකලවිධ සාමූහිකත්වයන් පිළිබඳව කෙරෙනා ඕනෑම ආකාරයක සිතා බැලීම් අනිවාර්ය ලෙසම ලේ ගංගාවකින් නිම වීමට නියම වන්නා, ත්‍රස්තවාදී සහ සර්වාධිකාරී සමාජ ක්‍රමයකින් අවසන් වීම යනු එකල ඉතිහාසයේ සදාතනික නියාමය විය. "ආදරය සඳහා හෝටන් තැන්න" යන කුඩා ව්‍යාපාරයෙන් ඇරඹි 'ප්‍රේමය' ...
ලංකාවේ කලාත්මක ප්‍රකාශන වල පොදුවේ දක්නට ලැබෙන එක් සීමාවක් වන්නේ ඒවා බොහොමයක් තුල දේශපාලනය විසින් කලාව සීචනය (suture) කර තිබීමයි. තාක්ෂණික යෙදුම් හැකිතාක් ඉවත් කර මෙය කියනවානම් එය මෙසේ ලිවිය හැකිය : 'කලා කෘතියක් විසින් කල යුත්තේ දේශපාලනය තුල අප අභිමුවේ තිබෙනා ගැටළු වලට පිළිතුරු සෙවීමය' යන අදහස තුල තිබෙන්නේ කලාව දේශපාලනය විසින් සීචනය කිරීමයි. මේ පිළිබඳව තරමක් හාස්‍යජනක නිදර්ශනයක් ...
'කතිකා අධ්‍යයන කවය' විසින් පල කරනු ලබන "කතිකා" නම් අන්තර්ජාල වාර සංග්‍රහයේ මංගල කලාපය නිකුත් වී තිබේ. දර්ශනය පිලිබඳ උනන්දුවක් දක්වන අප බ්ලොග් අඩවිය කියවන මිතුරන්ට මෙය වැදගත් වනු ඇත. ඒ සමගම අධ්‍යාපනය වෙනුවෙන් අරගල කිරීම පිලිබඳ උනන්දුවක් තිබෙන අයටද මෙහි ඇති ඇතැම් ලිපි ප්‍රයෝජනවත් වෙයි. බුද්ධිමය අතින් නිසරු, පල් හෑලී පුවත් පත් ලිපි මත යැපීමට සිදුව ඇති සමකාලීන ලාංකිකයාට ...
පහතින් පල වෙන්නේ බදියුගේ "ඉස්ලාමීය හිස්-පළඳනාව පිලිබඳ නීතිය" නම් අප විසින් කොටස් වශයෙන් පල කරන ලිපියේ දෙවන කොටසයි. එහි පළමු කොටස මෙතනින් කියවන්න. 12. පාසල් විදුහල්පතිවරයෙක් සිහියට නගා ගන්න. ඔහු පසුපසින් එනවා මිනුම් පටි, කතුරු සහ දණ්ඩ නීති සංග්‍රහය රැගත් පරීක්ෂකවරු. ඔවුන් පැමිණෙන්නේ හිස්-පළඳනා, කුඩා තොප්පි ආදිය 'අසංවර ලෙස ප්‍රදර්ශනකාරී ද' ('ostentatious') නැතිද යන්න පරික්ෂා කිරීමට. කොණ්ඩය ගැට ගසා ඇති ...
'බොදු බල සේනා' සංවිධානය විසින් සිංහල-බෞද්ධ ජාතිකවාදී කඳවුරේ කිසියම් ආකාරයක දෙපළු වීමක් සලකුණු කර ඇති බව පෙනේ. එහි නිල නායකයන්ට අනුව ඉහත සංවිධානය විසින් මූලිකව ප්‍රති-ජීවක දී පණ ගන්වන ලද සිංහල සමාජයේ ඇති මුස්ලිම් විරෝධී වර්ගවාදය, ගැටුමක් දක්වා වර්ධනය වීම මේ මොහෙතේ සේවය කරන්නේ සිංහල-බෞද්ධයන්ගේ ප්‍රධාන සතුරාටය. මෙම සන්දර්භය තුල, විමුක්තිකාමී දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින්නන් වාර්ගික දේශපාලනය හමුවේ ගත යුතු ...
මෙයට මාස කීපයකට පෙර අප විසින් ජිල් ඩෙලර්උස් ගේ සටහනක් පරිවර්තනය කළෙමු. එහි තේමාව වූයේ දර්ශනය සහ බලය අතර සම්බන්ධයි. මෙය අපිට නැවතත් සිහියට නැගුනේ, ජෝජ් බාක්ලි නම් බ්‍රිතාන්‍ය දාර්ශනිකයා නැවත කියවන විට දුටු සිත්ගන්නා සුළු කරුණක් නිසාය. බාක්ලි යනු දර්ශනයේ ඉතිහාසය තුල අධානග්‍රාහී යථාර්ථවාදය (dogmatic realism) සංකීර්ණ ලෙසම අභියෝගයට ලක් කල දාර්ශනිකයාය. ඔහුගෙන් පසුව නැවතත් 'යථාර්ථය' පිලිබඳ කතා කරන ...
ක්වෙන්ටින් මෙයසූ ගේ දර්ශනය හදාරන අධ්‍යන කවයක් අප විසින් සංවිධානය කරන්නෙමු. මෙයසූ යනු සමකාලීන මහත්ද්වීපික දර්ශනයේ වඩාත් කේන්ද්‍රීය යොවුන් චින්තකයාය. සමපේක්ෂී යථාර්ථවාදය නම් අතිශයින් තීරණාත්මක දාර්ශනික ව්‍යාපාරයේ මූලික සිතන්නාය. දර්ශනය පිලිබඳ කෙරෙන පුළුල් අධ්‍යයන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට මෙයසූ කරුණු කීපයක් නිසා වැදගත් වෙයි. ඔහු සමකාලීන දර්ශනයේ කේන්ද්‍රීය දාර්ශනිකයෙක් වන හෙයින් ඔහු හරහා අපිට වත්මන් ගෝලීය සාකච්චාවන් සමග සම්බන්ධ වීමට ශක්තිමත් ...
අප මෙයට වසර එකහමාරකට පමණ පෙර "සාකෝසි යනු කුමක්ද?" කියා පොතක් පරිවර්තනය කළෙමු. පොතේ රචකයා ඇලේන් බදියු නම් සමකාලීන ප්‍රංශ දාර්ශනිකයාය. එම පොත ඔහු විසින් ලියන ලද්දේ නිකලස් සාකෝසි ප්‍රංශයේ ජනාධිපතිධූරයට පත්වීමෙන් පසු ඇති වූ විශාදිය සහ බෙලහීනත්වය තුල අප කටයුතු කල යුත්තේ කෙසේද කියාය. බදියුගේ ම වචන වලින් කියන්නේනම් "ඔබ කිසිසේත් අකමැති, අවාසනාවන්ත දෙයක් සිදු වී ඇතැයි යන ඔබව ...
සාමාන්‍යයෙන් මෙම බ්ලොග් අඩවිය තුල අප උත්සාහ කරන්නේ රාජ්‍යයේ කාලක්‍රමිකත්වය ට එරෙහි විකල්ප කාලයක් ගොඩ නැගීමටයි. සරල නිදර්ශනයක් තුලින් අපිට මෙය පැහැදිලි කල හැකිය. අපි දන්නවා මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රධාන මූලෝපායක් වන්නේ මැතිවරණ වර්ෂාවක් නිරන්තරයෙන් ලබා දීමයි. එවිට, නිදර්ශනයක් ලෙස, ජනතා විමුක්ති පෙරමුණට සිදු වන්නේ මුළු සංවිධාන ශක්තිය යොදා මැතිවරණ ව්‍යාපාර කර, අවසානයේදී පරාජය වීමටයි. එවිට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ...
"මාක්ස්වාදය, කම්කරු ව්‍යාපාරය, මහජන ප්‍රජාතන්ත්‍රවාදය, ලෙනින්වාදය, කම්කරු පංති පක්ෂය, සමාජවාදී රාජ්‍යය - මේ විසිවැනි සියවසේ අති විශිෂ්ඨ නිපැයුම් - තවදුරටත් ප්‍රායෝගිකව භාවිත කළ හැකි නොවේ." (ඇලේන් බදියු, "සාකෝසි යනු කුමක්ද?", පි. 145)මෙම ප්‍රකාශය ලංකාවේ දේශපාලනය කරන බොහෝ දෙනෙකුට ජීරණය කර ගැනීම අපහසු වන බව අපට වැටහී ගියේ මෙම පොත පිළිබඳව කල පළමු කියවීමෙදීමය. ඇත්ත. ලංකාවේ පශ්චාත්-මාක්ස්වාදය පිලිබඳ සාකච්චාව නැතිනම් පශ්චාත්-ලෙනින්වාදී ...
x කණ්ඩායම ලෙස අප පළමු වරට ලංකාවේ ජනප්‍රිය වුයේ 'පශ්චාත් නූතනවාදය' යන්නත් සමගයි. ඇත්තටම එකල අපේ දේශපාලන සංවාදයේ එක් ප්‍රධාන තාක්ෂණික මෙහෙයුමක් උනේ 'අතීත ලංකාව' තේරුම් ගත්ත සංකල්පීය මිනුම් දඬු භාවිතා කල පුද්ගලයන්ට මෙම 'නව ලංකාව' නොතේරීම අවධාරණය කිරීමයි. එමගින් අපේ ප්‍රතිවිරුද්ධ දේශපාලනය ගැන ලියන්නන් යල්පැනගිය අය වීමත්, එයට පරස්පරව අප වත්මන් මොහොත හරියටම තේරුම් ගත් නවීනයන් බවටත් එකවර පත්වෙන ...
මෙයට මාස කිහිපයකට පෙර අපගේ සමාජ වැඩ ගැන උනන්දුවක් තිබෙන තරුණයෙක් මුණ ගැසුණි. ප්‍රධාන පරිඝනක මෘදුකාංග සමාගමක සේවය කරනා ඔහු පුද්ගලික ජීවිතය තුලදී ලංකාවේ මිල අධික සමාජ ශාලා සහ බොජුන් හල් වල නිතර ගැවසේන්නෙකි. මේ නිසාම ලංකාවේ දේශපාලන අධිකාරියට සම්බන්ධ පුද්ගලයන්, විශේෂයෙන් දේශපාලකයන් ගේ තරුණ පුතුන් නිතර නිතර මුණ ගැසෙනා මොහු බොහෝ නිදර්ශණ සපයමින් අප සමග පැවසුවේ එම පුද්ගලයන් ලංකාව ...
පෝල් ෆෙයරාබන්ඩ් ගේ Against Method කෘතිය ලංකාවේ ජාතික චින්තන ව්‍යාපෘතිය සඳහා කල කේන්ද්‍රීය බලපෑම බොහෝ දෙනා දන්නා කරුණකි. අදටත් නලින් ද සිල්වා මහතාගේ ලියවිලි වල, ප්‍රසිද්ධ අදහස් දැක්වීම් වල ෆෙයරාබන්ඩ් ගේ තර්ක සහ නිදර්ශන පහසුවෙන් හඳුනා ගැනීමට පුළුවන් වෙයි. විද්‍යාවේ වර්ධනය තුල පදනම් වන එකම මූලධර්මය වන්නේ 'ඕනෑම දෙයක් ඔට්ටුයි' ('anything goes') යන්න බව සඳහන් ෆෙයරාබන්ඩ් ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය නලින් ...
පසුගියදා අපට රොහාන් පෙරේරා සමග කලක් වැඩ කරමින් සිටි තරුණයෙක් මුණ ගැසුණි. රොහාන් පෙරේරා නම් චරිතය ලංකාවේ සිදු කල සමාජ මැදිහත්වීම සහ ඒ හරහා බිහිවුණු සමාජ ක්‍රියාකාරිත්වය පිළිබඳව කලකට පසුව කතා කරන්නට මේ නිසා අපට අවස්ථාව සැලසුණි. '60 දශකයේ ප්‍රංශ දර්ශනය' නම් මැජික් පොල්ලෙන් පරම්පරා කීපයකට මැජික් පෙන්වපු රොහාන් සහ ඔහුගේ විවිධ අවතාර ගැන සිහි කරන විට අපට නිතර මතක් ...