වික්ටෝරියානු යුගයේ අරුම පුදුම කලාවක් වූ පශ්චාත් මරණ ඡායාරූපකරණය හෙවත් Post-mortem photography සත් සමුදුර වික්ටෝරියානු යුගය කියන්නේ මිනිසුන් අරුම පුදුම එහෙමත් නැත්නම් තවත් විටක ජුගුප්සාජනක කලාවන් හෝ පුරුදු හෝ සම්මතයෙන් බැහැරව ගිය ක්‍රියාකලාපයන්, සම්ප්‍රධායන් අනුගමනය කරන ලද කාලපරිච්ඡේදයක් ලෙස විවිද අවස්ථාවල අපිට දැනගන්නට ලැබී තිබෙනවා. එසේම දැනට වසර සියයකට වඩා ඈත කාලයකදී වුනත් ලෝකයේ බ්‍රිතාන්‍ය ආධිපත්‍ය පැතිරුණ කලාපවල බ්‍රිතාන්‍ය පාලකයන් විසින් එදා බලයෙන් හෝ පුරුදු කරන ලද එම පුරුදු වලින් සමහරක් අදටත් ...
Touch Screen නැති Laptop වලට Touch Screen, Smart Phone වලටද භාවිතා කළ හැකි කුඩා ප්රක්ෂේපන යන්ත්‍ර යනාදී ඔබ සතු කර ගන්නට කැමති තවත් අළුත්ම Gadget කිහිපයක් ගැනයි මේ... සත් සමුදුර මාතෘකාවේ කියුවා වගේම ප්‍රයෝජනවත් වගේම සිත සතුටු කරන නවතම උපකරන කිහිපයක් ගැන තමයි මේ පෙන්වන්නට යන්නේ. ලංකාවේදී මිලයට ගන්නට ඇතැම් විට නොහැකි වුනත් අන්තර්ජාලය හරහා මේ උපකරණ ගෙන්වා ගැනීමට හැකියාව තිබේවි. අකුරුවලින් ලියනවාට වඩා බලලාම මේ දේවල් ඔබටත් කවදා හෝ අවශ්‍ය වේදැයි බලන්න. ...
සාක්කුවේ දමාගෙන යා හැකි නවතම බහුකාර්යය උපකරණ කිහිපයක් සත් සමුදුර මේ මාතෘකාව කියවූ සැනින් ඔබගේ මතකයට නිරායාසයෙන්ම එන්නේ Swiss Army Knife උපකරණයයි. පළමුවෙන්ම එය සාදන්නේ කෙසේදැයි දැනගනිමු. මෙම උපකරණය ගත්විට ස්විට්සර්ලන්තයේ වසර 130 ගණනක ඉතිහාසයකින් යුතු සමාගමකින් නිපදවන විවිද කාර්යයන් රැසක් සදහා භාවිතා කළ හැකි මෙවලම් සංකලනයකින් යුතුය. එහෙත් එයටත් වඩා වෙනස් ආකාරයේ බහුකාර්ය මෙවලම් රැසකින් යුතු මෙවලම් කිහිපයක්ම මේ විඩීයෝවෙනුත් ඔබට දැක ගැනීමට හැකියාව ඇත. ...
ඔබගේ අත්අකුරු පවා පරිගණකය සොරා ගෙන ඇති බව ඔබ දන්නේද? සත් සමුදුර පරිගණකය ආශ්රයෙන් අද කොතරම් ලියකියවිලි සකස් කෙරුනත් අත් අකුරුවලින් ලියනා ලිපි ලේඛන වල ඇති ජීවභාවය සොරාගන්නට තවම හැකිව නැතිබව මා බොහොවිට දැක තිබෙන අතර ඔබට යම් හිතෛශියෙකු එවනා ලිපියක් එම අය අත් අකුරින් එවනා තරම් හෘදයාංගම බවක් පැහැදිලි ලස්සන පරිගණක මෘද්‍රිත පිටපතක් ලෙස එවූවත් නොදැනෙනු ඇති. එහෙත් අත් අකුරින් ලියනා දෙය පවා දැන් පරිගණක හා සම්බන්ධ රොබෝ අතකින්ද කරනා අයුරු ...
ලෝක යුද්ධයේ සන්නිවේදනය කෙසේවුනිද? සත් සමුදුර 20 වන සියවසේ මූලාරම්භයත් සමග සන්නිවේදන ක්ෂෙත්රයේ විප්ලයන්ද සිදුවෙමින් පැවතුන අතර රැහැන් ආධාරයෙන් සිදුවූ electric telegraph ක්‍රමය වෙනුවට රැහැන් රහිත නොඑසේ නම් “wireless telegraphy”, ගුවන් විදුලිය සහ දුරකථන මගින් සන්නිවේදනය දියුණු වෙමින් පැවතුනා. 1915 සිටම යුද්ධයට යොදා ගැනුන නිරීක්ෂන ගුවන් යානාවලට ගුවන්විදුලි තාක්ෂනය ඔස්සේ තොරතුරු හුවමාරුවට ඇවසි උපකරණ, උපාංග සවිකරනු ලැබූ අතර එමගින් කාලතුවක්කු ...
Heat Gun නැතහොත් Hot Gun එකක් ගෙදරදීම ඉතා අඩුමිලකට සාදා ගන්න ඔබත් කැමතිද? සත් සමුදුර Heat Gun නැතහොත් Hot Gun එකක් කියන්නේ මොකක්ද? මේ උපකරණයෙන් ගැන කෙටියෙන් කියතොත් 100 °C සිට 550 °C (200-1000 °F) තාපය නිකුත්කරන උපකරණයක්. විවිද කර්මාන්තමය කාර්යයන් වගේම විවිද කලාත්මක නිර්මාණ තැනීමටත් මෙය භාවිතා කරන්නවා. මේ තිබෙන්නේ එලෙස කලාත්මක කටයුත්තක් කිරීමට අප මේ කතා කරන උපකරණය භාවිතා කරන අවස්ථාවකට උදාහරනයක්. එසේම විවිද කාර්යයන් සදහා භාවිතා කරන අවස්ථා කිහිපයක් තමයි මේ සටහන් කර ...
ෆිඩෙල් කස්ත්‍රෝ පිළිබදව මතකයෙන් බිදක්... සත් සමුදුර ෆිඩෙල් කස්ත්‍රෝ පිළිදබව කතා කරන්නට සිතා සිටියේ ඔහු ජීවත්ව සිටියදීය. එහෙත් එය දැනට දින දෙකකට පෙර එනම් 2016 නොවැ. 25 වන දා 90 වන වියේදී මෙලොව හැර යන තුරු කරන්නට සිදු නොවීම පිළිබදව කණගාටුවක් ඇතත් කියුබානු මිසයිල අර්බුදය ගැන ලියූ ලිපි පෙලේදී යම්තාක් දුරට සුළුවෙන් ඔහුගේ දේශපාලනික නොනැමෙන සුළු භාවය පිළිබදව කතා කරන්නට ලැබූ බවද මතක් කරන්නට කැමැත්තෙමි. 1926 අගෝ. ...
අධිරාජ්‍යවාදය යුද්ධය වෙනුවෙන් යොදා ගත් අයුරු සහ තුර්කි අධිරාජ්‍ය බිද වැටී අරාබි රාජ්‍යයන් බිහිවීම... සත් සමුදුර මෙම ලිපි පෙලත් නිමක් නොපෙනුන පළමු ලෝක යුද්ධය වැනි යැයි වරක සිතේ. කෙසේවෙතත් සවිස්තරාත්මකව යම්තාක් දුරකට පරිපූර්ණ යයි හැඟෙන ලිපියක් ඉදිරිපත් කළ යුතු නිසා මෙම යුද්ධයේ පැතිකඩවල් බහුතරයක් ආවරණය වන පරිදි තවදුරටත් මෙම ලිපි පෙලේ තවත් ලිපියක් මෙසේ ඉදිරිපත් කරමි. 1914 වන විට අප්‍රිකානු මහද්වීපයේ ඉතියෝපියාව හා ලයිබීරියාව යන රටවල් දෙක හැරුන කොට අනෙකුත් සියළුම රටවල් ඍජුව හෝ වක්‍රාකාරයෙන් යුරෝපීය ...
සියළු හමුදාවන්ගේ ජනරාල් ජෝන් පර්ෂින්ග් (ඇමරිකාවේ හමුදා නිලධාරියෙකුට පිරිනැමෙන උසස්ම ගරු සම්මාන නිලය වන මෙය ලැබී ඇත්තේ එරට පුරවැසියන් දෙදෙනෙකුට පමණි) -General of the Armies John J. Pershing සත් සමුදුර පාබල සොල්දාදුවාගේ සුපිරිම අවි නම් රයිෆලය සහ බයිනේත්තුවයි. මෙලෙස පැවසුවේ එසේත් නැත්නම් එම අවි යුගලය සෙබලාගේ හොදම අවි ලෙස සැලකුවේ ඇමරිකානු ඉතිහායේ ඉහළම ගරුසම්මානයට ජීවත්ව සිටින විටදීම පාත්‍ර වූ ජනරාල් ජෝන් පර්ෂින්ග් නම් සෙනවියයායි. https://en.wikipedia.org/wiki/John_J._Pershing මෙම ජනරාල්වරයා දක්ෂ, නොනැමනසුළු හා උත්සහාවන්ත හමුදා නිලදාරියෙකු ලෙස ප්‍රචලිතව සිටි අතර ඔහුගේ දක්ෂතාවය සේම ඔහුගේ ...
මහා යුද්ධයට අදාල අළුතින් ලැබුන පින්තූර රැසක් සමග විස්තර "ස්වල්පයක්"... සත් සමුදුර මේ දක්වා ලියාගෙන පැමිණි පළමු ලෝක යුද්ධයට අදාලව අළුතින්ම ලැබුන පින්තූර රැසක් සමග විස්තර ටිකක් ගෙන එන්නයි මේ සැරසෙන්නේ. දැනට ලිපි කිහිපයකට පෙර ඔබට ගෙන ආ ඇමරිකාවේ මැදිහත් වීමට අදාලව එදා නොපැවසූ කාරණා කිහිපයක් අදාල පින්තූරද සමග ගෙන එන්නමි. ඔබට මතක ඇතිනේ බ්‍රිතාන්‍ය හමුදාවට සෙබළුන් බදවා ගන්න ව්‍යාපාරයේදී එරට හමුදාවේ ඉහළම තානාන්තර දැරූ Kitchner සාමිවරයා "ඔබව හමුදාවට අවශ්‍යයයි" යනුවෙන් දැක්වෙන ...
වසර 100 කට පෙර කාර්මිකරණයෙන් යුරෝපය කෙතරම් දියුණු තැනක සිටියාද දැනගන්නට මේ පින්තූර ප්‍රමාණයෙනුත් ඔබට යම් අදහක් ලැබේවි... සත් සමුදුර මේ පින්තූරත් පළමු ලෝක යුද්ධයට සම්බන්ධයි. විශේෂයෙන් ඒ යුද්ධයට භාවිතා කළ ආයුධ පිළිබදව යම් අදහසක් තමයි මේ පින්තූරවලින් ලැබෙන්නේ. වැඩි විස්තරයක් නම් කියන්නට අවශ්‍ය නොමැති වේවි යයි සිතනවා. ඒ එක්කම මේ ලිපියට පසුව පළ කරන්නට සිතා සිටින දීර්ඝ ලිපියක් ලියමින් සිටින නිසා මේ ආයුධ වල පින්තූර සහ පළමු ලෝක යුද්ධයේ ඇතැම් ස්ථාන වල පින්තූර කිහිපයක් පමණක් මේ ලිපියෙන් ලබාදෙමි. ...
ඉතාලි යුද පෙරමුණ (Italian Front) සත් සමුදුර පළමු ලෝක යුද්ධයේදී ඉතාලිය මිත්‍ර පාර්ශවයේ කොටස්කරුවෙකු ලෙස යුද්ධයට එක්වූ අතර යුද්ධයේ මුල් අවධියේ ඔවුන් පැත්තක් නොගෙන සිටියත් 1882 දී ජර්මනිය, ඔස්ට්‍රියාව යන අධිරාජ්‍යයන් සමග ගිවිසුමකට එළඹ සිටියහ. එහෙත් ඉතාලියේ බහුතරයක් මෙම තෛපාර්ශවියක ගිවිසුමට මනාපයක් නොවූ අතර ඒ යාබද ඔස්ට්‍රෝ-හංගේරියානු අධිරාජ්‍යය චිරාත්කාලයක් පුරා තම සාම්ප්‍රධායික සතුරෙකු ලෙස සැලකූ හෙයිනි. තවද ඉතාලි හමුදා දුර්වල හමුදා බලයක් ...
20 - පොත් බැඳිම, තින්ත ගල්වන ලද රබර් මුද්‍රා, රෙජිෆෝම්, නියෝන් නාමපුවරු සත් සමුදුර ටික දවසක් නිපැයුම් ගැන ලිපි පෙල නොලියා ඉදලා අද ආයෙමත් ඒ ගැන ලිපියක් පළ කරන්නට සිතුවා. අද මුලින්ම කියන්න යන්නේ පොත් බැඳිමේ ශිල්පය පිළිබදවයි. පැරණි පොතක් හෝ අළුත් පොතක් තද කවරයකින් යුතුව තවත් කාලයක් පුරා හානිය අවම වන සේ භාවිතයට ගන්නා නිර්මාණය කිරීම මෙම පොත් බැඳීමේදී සිදුකරන අතර එය සංරක්ෂන කටයුත්තක් වගේම එක්තරා ආකාරයක කලාවක් කියලත් කියන්නට පුළුවන්. බලමු එය ...
පීතෘ භූමියේ දෙවන යුද්ධය, ඔටෝමන් තුර්කි හමුදා සමග සටන්... සත් සමුදුර අප මෙතෙක් කතා කළ බටහිර යුද පෙරමුණට වඩා සුවිශාල එසේම හානියද ඉතා අධික නැගෙනහිර යුද පෙරමුණ පිළිබදචද යමක් කීමට අදහස් කරමි. පළමු සහ දෙවනලෝක යුද්ධ දෙකේදීම වැඩිම මිනිස් හානියක් සිදුවූ රාජ්‍යනම් ඒ රුසියාවටයි. එහෙත් කුහකකමට හෝ වැඩි වැඩියෙන් බටහිර යුද පෙරමුණේ සටන් කළ බටහිර ජාතීන් පිළිබදව වැඩියෙන් කතා කරන නිසාදෝ රුසියාව ප්රමුඛ නැගෙනහිර යුරෝපීය රටවල්වලට මෙම යුද්ධ වලදී සිදූව හානිය ...
ඔබගේ හදවත නීරෝගිව තබා ගන්න ඕන නම් මුලින්ම දත් ටික නීරෝගීව තබා ගන්නට ඕන බව දන්නවාද? සත් සමුදුර ගොඩක් කාලයකට පස්සේ අද මේ ලියන්නට යන්නේ කියවපු පොතක් ගැනයි. පොත ලියලා තිබෙන්නේ දන්ත සෞඛ්‍යය පිළිබදවයි. වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් එක්ව සම්පාදනය කරන ලද මෙම පොත දන්ත සෞඛ්‍යය, පොශනය, දන්ත සෞඛයය නිසියාකාරව පවත්වා නොගැනීමෙන් සිදුවන උපද්‍රව පිළිබදවත් ලියා තිබෙනවා. මෙන්න වැඩි විස්තර තවත් දැන ගන්න පොතේ මුල් කවරය සහ පසු කවරය. පොතේ පටුන පොතේ හැදින්වීම ඔබ ඉන්දියාවේ හෝ පාකිස්ථානයේ වීදි ...
Wagah දේශසීමාව වසා දැමීමේ උත්සවය (Wagah border ceremony)... සත් සමුදුර ඊයේ අපි ඉන්දියානු දේශසීමා ආරක්ෂක බලකාය ගැන කතා කළා වගේම, අද ඉන්දියා පාකිස්ථාන Wagah දේශසීමාව හවසට ඉර බැස යන විට දෙරටේ ධජ උත්සවාකාරයෙන් බිමට ගෙන අදාල දේශසීමාවේ ගේට්ටු දෙරට විසින් වසා දැමීමේ උත්සවය ගැන සොයා බලමු. මෙම උත්සවය 1959 සිට ඉන්දියාවේ BSF සේනාංකය හා පාකිස්ථානයේ දේශසීමා ආරක්ෂක බලකාය වන Pakistan Rangers හමුදා බලකාය විසින් උත්සවාකාරයෙන් දෙරටේම අභිමානය විදහා දක්වමින් කරනු ...
ඉන්දියාවේ සුවිශේෂතම විශේෂ බලකාය (B.S.F) සත් සමුදුර ඔවුන් ඉන්දියාවේ සන්නද්ධ හමුදාවන්ගේ සුවිශේෂතම විශේෂ බලකාය ලෙසද හදුන්වයි. පැය 24 පුරා වසරේ සියළු දිනකම සේවයේ නියුතු ඔවුන් දහඩිය වගුරුවන කාන්තාර දේශසීමාවේද, ශීතලෙන් හිරිගඬු පිපෙනා කාශ්මීරයේ අසීරු කඳුමතද සේවය කරති. තවත් අය වඟුරු බිම් වල සිය දේශයේ සීමාව ආරක්ෂා කරති. තවත් පිරිසක් මැසිමදුරුවන්, සර්පයන් සහ වෙනත් බියකරු සතුන් ගහණ වනන්තර තුලින් විහිදෙන දේශසීමාව රකිති. තවත් අය මුහුදු සීමාව රකිති. මෙම ...
19 - Cricket Bat, Cricket Ball මෙන්ම Pool Tables සහ Billiard Tables හැදෙන්නේ මෙහෙමයි... සත් සමුදුර වෙනදා වගේම තවත් දිග ලිපියක් ලියන අතරතුර ඔබ වඩාත් ප්‍රියකරන Cricket ක්‍රීඩාවේදී භාවිතයට ගැනෙන ක්‍රිකට් පිති සහ බෝල වගේම ඉහල සමාජයේ අය ගෘහස්ථව ක්‍රීඩා කරන පූල් සහ බිලියඩ් ක්‍රීඩාවට යොදා ගන්නා මේස හදන්නේ කොහොමදැයි සියැසින්ම දැකගනිමු. මේ ක්‍රිකට් බෝලය හදන විදිය තවත් වීඩියෝවකින් Pool Tables සහ Billiard Tables ...
18 - දම්වැල්, නයිලෝන් කඹ, ස්ප්‍රින්ග්, බෝල්ට් ඇන, කාන්දම්... සත් සමුදුර මේ මාතෘකාවේ කියා තිබෙන දේවල් විවිද කාර්යයන් සදහා අවශ්‍ය වෙනවා. අපි මේවා භාවිතා කළාට හදන්නේ කොහොමද කියන එක කවදාවත් හිතුවේ නැති නිසා දැන් ඒවා හදන හැටිත් දැන සිටිමු... ...
පළමු ලෝක යුද්ධයේ නාවුක සටන් සහ වර්ඩන් යුද ගැටුම්... සත් සමුදුර කලක පටන් යුරෝපය පුරා කැකැරී කැකැරී පැවති බල අරගලය, අධිරාජ්‍යය විශාල කරගැනීමේ උවමණාව වැනි කාරණා නිසා යුද බලය එකිනෙකාට හොරෙන් හෝ එළිපිටම වර්ධනය කර ගනිමින් පැවතුනා. බ්‍රිතාන්‍ය සිය පළමු Dreadnought කාණ්ඩයේ පළමු යුද නෞකාව වු HMS Dreadnought නෞකාව 1906 දී දියත් කළ කාලයේ පටන් ජර්මනියද නාවුක යුද බලය වර්ධනය කර ගනිමින් පැවතුනා. කෙසේවෙතත් යුද්ධයේ මුල් කාලයේ ගොඩබිම මිස මුහුදේ යුද ගැටුම් සිදු ...