ශ්‍රී ලංකාවට පළමු දිනයේම රිදී පදක්කමක්

21st Asian Junior Athletic Championship 2024

60

21 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතවලියේ පළමු දිනයේ දී ම ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා දීමට නෙත්මිකා මදුශානි හේරත් විසින් සමත් වුනා. 

මොනරාගල බිබිල නන්නපුරාව විද්‍යාලය නියෝජනය කරන නෙත්මිකා විසින් ඊයේ (24) සවස සහභාගී වූ කාන්තා තුන් පිම්ම ඉසව්වේ දී මීටර් 13.01ක දුරක් තරණය කරමින් එම ඉසව්වේ රිදී පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, මීටර් 13.33ක දුරක් තරණය කරමින් මෙම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට උස්බෙකිස්තාන ක්‍රීඩිකාවක් සමත් වූ අතර, එහි ලෝකඩ පදක්කම කොරියාවට හිමි වුනා. 

මේ අතර අද උදෑසන පිරිමි මීටර් 100 ඉසව්වේ මූලික වටයේ තරගයකට සහභාගී වූ මෙරෝන් විජේසිංහ විසින් එහි දී තත්පර 10.81ක කාලයක් වාර්තා කරමින් ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා. 

මේ අතර කාන්තා මීටර් 800 ඉසව්වේ මූලික වටය නියෝජනය කළ තරුෂි අභිෂේකා විසින් එම තරගයේ තෙවැනි ස්ථානය හිමි කර ගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා. 

එමෙන්ම අද දිනයේ සවස් භාගයේ දී පිරිමි මීටර් 400 ඉසව්වේ මූලික වටයට සහභාගී වූ අයෝමාල් අකලංක තත්පර 52.96ක කාලයක් සමඟ දෙවැනි ස්ථානය හිමි කරගනිමින් සිය ඉසව්වේ අවසන් මහා තරගය වෙත සුදුසුකම් ලබා ගැනීමට සමත් වීමත් විශේෂත්වයක්. 

තරගාවලියේ දෙවැනි දිනය අද (25) ක්‍රියාත්මක වීමට නියමිතයි. 

ශූරතාවලිය පිළිබඳ සියලු උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින් 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<