හෙට..........! පෙමාතුර හැගුම් අබියස දවා මුලු දිවිය කදුළක හොවා ගෙන ළතැවුලෙහි සිත කිමද කාරණා..................... දි දී නෙක පිළින මනනද ඉදී නුඹෙ සුවය විද, විද සැදී නොයන සද සිහිනය නිල් නුවන් තෙමා. නොකීවද මගෙහි සළකුනු නුඹේ සිත පෙලන නිරතුරු අසා දකින තුරු දිව, රෑ හඩන යුරු පෙනි. ලොවේ කොතැනකට වී හෝ නුඹේ කදුලු ඇස් දැක, දැක දමා යන්න බැරි හන්දා ...
ගන දුර හැලෙන රෑ පින්නේ පැලට වෙලා අහසින් හැලෙන වැහි කෝඩෙට මුවා වෙලා පැදුරට වැටෙන කදුලක බර එකතු වෙලා සීතල සුලග ඇයි මේ හැටි නපුරු වෙලා කඳු යායට උඩින් අඬ සද බැස ගොසිනී මූසල රෑහි හඩ නැග එයි තුරු මතිනී ලග සිටි නුඹත් මා ලග අද නැති බැවිනී එක සද නොවේ සියයක් බැස ගියා වැනී පැල තුල වැතිර සීපද ...
නුවන් යුඟ දැවී දුක් කඳුළින් පිරුණ කියන්නට නොහැකි තරමට හිත හඬන දිනන්නට ලොවක් වෙත නුඹ යන ගමන බලන්නට අනේ... මම අහලක නොවින හුරු නොවී, තනිව කිසිවක් කරණු බැරී දුරුවෙලා රටක, ඉගෙනුම කරනු සරී බොරු නොවේ මටම අදහා ගන්න බැරි ගුරු වුනා අපිට, නුඹ කී දෑ සපිරී පෙරුම් පුරා ගෙන ආ ලෙස වෙන්න ඇතී හැඬුම් දෙඩුම් කඳුළින් දුක දොවා ගතී ...
ස්තූතියි ඔබ සැමට වසර ගනනාවක ලද අත්දැකීම් කැටිකොට බොලොග් වියමනෙහි විහග ගීතයෙන් ඔබ සැම සමගින් ලෙන්ගතුව එක්වු සිඩ්නි බණ්ඩාරනායක වන මා සැමියාගේ හදිසි වියෝව දැන ඔහුගේ දේහය ලංකාවට ගෙන ඒමටත් ඒ හා සම්බන්දව නන් අයුරින් උදව් උපකාර කළ සියලු දෙනට හා අප සමග දුක බෙදා ගනිමින් සෝව පල කල සැම දෙනට මාගේත් දියනියන් ...
හීනියට පෑ සිහිනෙකි පහන් තරුවට අරුතකී හිරුගෙ අභියස කදෝ පැණි සකි ගිලිහෙනා යුරු අරුමෙකී රෑ දවල් නිති රකිමිනී පෑ සෙනේ නොපිරුන මෙනී ගෑ සුවඳ සිහිනෙට විනී ඈ කොහිද..? මම තනියෙනී නෙතින් නෙත ඈඳුන නියා සිතින් සිත දෝරේ නොයා මතින් මත පීදුන දයා ඉතින් හිත කොහේදෝ ගියා දුකින් ළතැවිල්ලෙන් පිරී නෙතින් කඳුළක් වී පෙරී හිතා ගන්නටවත් බැරී කුණාටුව හද දොර හරී පියාඹන විහඟුන් රැහේ යළිඳු එයි රැඳුනත් කොහේ සිතින් පිටමං වුන දොහේ එයිද කවදාවත් මෙහේ බැඳුනු උඩුසිත් හැරපියා රිදුනු යටිසිත් හැඬවියා
ගිහින් බොහෝ දුර බැඳ මහ දිග පවුරු ඇහින් නොදුටුවත් කල් ඒ හා සපිරු සිතින් ලංවෙලා එක සිහිනෙම වැපුරු ඉතින් තාම නුඹ ඒ සිහිනෙද සොඳුරු ඈත් කර විහඟ ගී පද පෙල මියුරු කාත් කවුරුවත් නැති කතරක ඇහිරු මාත් නැති වුනා මගේ තනියට වැපිරු ඒත් ඉතිං නුඹ සඳ තරු මෙනි සොඳුරු අව්වේ තිබුන රැස් මාලාවට නපුරු හෙව්වේ සිහිළසකි නුඟ සෙවනක පැතිරු ගව්වේ දුර යොදුන් දුර වී ඉඩ ඇහිරූ කිව්වේ නුඹම මිස මං සළකුණු ...
ගෙයින් පිටව නුඹ ගොස් අවුරුදු ගෙවුණඑයින් බොහෝ කලකට පසුවත් නො එනකොහින් කොහොම පසිඳනු දැයි නොම හැදිණසිහින් කඳුළු බිඳු දෙකොපුල් තව තෙමන සිතින් බැඳුණු පෙම විස්මත වූ ලෙසමගතින් බොහෝ දුර වුව හිත, හිත ළඟමඋපන් සිහිනයේ නෙතු පියවෙන තුරුමමගින් මඟ බලමි,කෝ ඒ කියු අරුම පියා සලා දැක මල්වතු උයන් දො
නොකියු වෙසක් කවි බුදු, පසේ බුදුන්ටත් දෙවමින් නිගරුහුදු අපේ, අපේ කම්වල මං අහිරුපුදුමෙකී ගෙවුණ කල, හිමියනි මහරුඉඳු වෙසක් දොහේ බොහෝ වැඩ නම් බහුරූ සිල් ගනී කෙනෙක් , තවකෙක් සිල් රකිනමල් පහන් පුදා, හිත් මලකඩ කඩනඅල්ලමින් එකම නවගුණ වැල සොඳිනකල් බලයි ඉදන් අල්ලාගෙන කෙමණ හිත් පුරා ක්‍රෝධ, ඊර්ෂ්‍යා ව
තරුත් නිවා ගෙන සඳ ගිනි ගත් යායේ කොනිත්තන්න වත් මතකය මට නූයේ විපත්තිනම් එක පිට එකමයි වූයේ හිරුත් ගියාමයි, ආවේ නැත ආයේ ඇවිත් යන්න එනවා කියලා ගියද අමුත්තක් දැනුණි, අයෙ එනවා නොවෙද? නිමිත්තම නුඹයි, මට නම් වෙන කවුද කවිත් එපා වෙන්නට අරුමය කිමද ගෙනත් සිතුමිණ ම දොර ළඟ තැබුවාට මිදිත් තිත්ත බව නොකියා කීවාට කලුත්ගොස් කේජු රස නැති වූවාට හෙනත් ගැසුවේද පැණි වරකා ගහට කිරෙත් දියෙත් රස හඳුනාගනු බැරිව ගියත් බොහෝ දුර කිරි ...
කොනිත්තමින් මතකය රිදවුම් දේය තරුත් නිවි වළා පට දොරගුළු ළාය නිමිත්තක් වෙලා නුඹ වෙනතක යාය සඳත් නිදිවරා ගිනි ගත්තා සේය පුවත් දැන දැනත් ගඟටම ඉනි ලෑය තවත් හැඩවෙමින් සයුරට හිත පෑය ගියත් සුළඟ හා බොල් වී සමුදාය අමුත්තක් ඇයිද කෝ? සඳ රැස් යාය දියත් පතල මුත් නුඹේ සොමි ගුණ සෑය නිරුත්තර වුණේ සඳ අබියස මාය බලත් ය මා දෙස, හැඟවෙන්නා සේය නමුත් දනිමි මම, මා දෙස නොබලාය සිරිත් සව් සපිරි වට මඟුලක් ...
සිතුමිණ සොබාවා මාසිත පහන් වූවා ඒ එළිය ගාවා තව සිතක් බැබළෙමින් වූවා පෑදී දිය ලෙසින් දුටුවත් මහරු විලසින් බොර දියට හැරෙමින් බොඳවුණේ ඇයි සිත හඬවමින් සිහින් මඳ නැල්ලේ අසිරියෙනි නැළවිල්ලේ තනිව ළතැවිල්ලේ හැඩූ කඳුළිනි සිත තැවිල්ලේ සිහිනෙන් ගෑ සුවඳ සුවදේ නිදියනා සඳ ඇහැරී සිහින මැද සොයන්නේ ඇයි ඒ සුවඳ පොද නුඹේ නමට කැපවී ඒ සිහිනයෙම රැඳවී ලැබූ පිය පදවී තබා මාළඟ කොහිද සැඟවී නොවී සිත එකලස් හැඬූවද කදුළින් රොස් බැඳි පෙමෙහි අනුහස් වලින් හඬනා හිතද වේ තොස් තුටින් මඟ බලමී එනතුරු ඇඟිලි ගනිමී පුදුමෙකට නොනිමී ඇඟිලි අත
අළුත් ජනකවි 8 මෙතනින් කියවන්න කන්නේ මාළු මයි හිතෙනා විටින් විට බොන්නේ ලැබෙන දේ කළ පව් වලින් පිට ඉන්නේ කැළණියේ පරවේනියයි මට යන්නේ කවදාද මහ රජු දකින්නට මං බාලේ පටන් වැලි කෙලියේ මිතුරු දැං රාලේ රජුන් හා කෙළි නම් නපුරු මුං කෝලේ කලත්, දවසක දී නුඳුරු අං ලීලේ බලන්නට එන්නෙද කවුරු ගස්සා අඩි තබා ලොක්කා වෙමිය කියා පුස්සා නටපු හැටි දැක්කම හිනහ ගියා බස්සා වගේ හිටියට නොදොඩමින් පියා නිස්සා නිසි තැනදි ...
ඉතිං ආයුබෝවන් වසරක් ගෙවුනි..... ඇසින් නොදුටුවත් කිසිදා, දුටු ලෙසිනි තුටින් මෙහි ඇවිත් ගුණ දොස් පෙන්වමිනි විටින් විට මතක මං පෙත් අහුරමිනි ඉතිං ආයුබෝවන් වසරක් ගෙවුනි, නොවී පමා අනුදත් කව් ගී මතුර තැවී නොතැවෙමින් කල් යල් බැලු අතර සෙවීමට අළුත් දෑ තිබුනෙන් නිතර ගෙවී ගිය වසර, දින ගනනක් විතර රන්දා සිනාවෙක දුක රැඳුන කඳුලෙක බින්දා වුව සිතැඟි දැන නොදැන කාලෙක හින්දා හිත මිතුරු , සිත් බැඳුන යායෙක මන්දාරමක් නැහ මෙහි පෙනෙන මානෙක ලියු දේ ...
පිස එන මඳ සුළඟ එක් වූ දෙසක රැස රැස කට අළුත් අවුරුදු පැතුමකිය තොස තොස දෝරේ ගලා බ්ලොග් වියමනෙහි යස යස සිරි උදාවේ සැම දුක කඳුළ පිස ඔබ සැමට සුභ අළුත් අවුරුද්දක් වේවා ...
ඇවිත් ගී ගයා අවුරුදු සඳ පානේ කොහත් කොහේ ගියාදැයි නොදැනෙන වානේ තවත් මතක මතකෙට නොනැගෙන මානේ නුඹත් කොහෙද, හෙට අවුරුදු එනවානේ? විස්තර අසාගෙන යනමං දැන හැඳින ඉස්සර වුනාවද මම බැඳි වල බැඳින ඇස් හැර බලන්නෙද පෙරදා දුටු සිහින නිස්සර අකුසල් ද මේ කුසලට හැරුන ලිප ගිනි නිවා ගෙන ජිවිතෙහි මං පෙතේ කැපවී සිටින්නේමි ශුභ නැකත ගෙන අතේ ඇපයට සංක්‍රාන්තිය නොවෙද ජීවිතේ අපහට කොහෙද අවුරුදු තවම නොනගතේ රන්දා සිනා, වත සඳ මඬල කිති ...
ගෙයින් පිටත ගිනි ගෙට ඇරගෙන මේමා සුපුන් සඳට ගිනි පිඹලූවැයි කෝමා හිතින් තනිවෙලත් බැඳි බැමි තද සේමා ඉතින් අරුම නැතිවයි පවසනු කෝමා සියල් සිරිත් හැර උඩුගං බලාගෙන උපුල් කොපුල් කඳුළැල්ලෙන් තෙමාගෙන විකල් සිතුම් පැතුමන් සේ හිතාගෙන ලකල් නුඹත් උන්නා හිත හදාගෙන සුපුන් සඳේ තරු පිරිවර හා රැඳුන ඉතින් නැවත මා එනතුරු මඟ බලන නෙතින් හැලු කඳුළු කුමකට සම කරණ පිපෙන්න ඇයිද? මල් අකුලක රැඳෙන පින්නේ පිපුන බිම මල සේ සොමි ගුණෙනී උන්නේ ළඟට වී දුක ...
සඳ වතක් වුනා නුඹ මට, තරු නෙතක් වෙලා නුඹ හට මුඳු සෙනේ ඉතින් දුර සිට විඳිනෙමී නිතින් දුරුනොවී නොගොස් ඈතක පිරු පෙරුම් වලින් පෝසිත සිහිනයක් නොවී මාසිත රැඳුනි දෝ ළඟින් නෙතු පියා නිදන යාමෙක සිත ඇඳුන රුවම සිහිනෙක පැටළිලා ඇවිත් නුඹෙ වඟ කොඳුරලා ගිහින් දුර ගියත් හිමව් වන වැද පෙර පිනම ගෙනා සඳ වත මෝඳු වෙන තුරා මඟ රැක හිඳිනෙමී ඉතින්..... ...
හිතට මුවාවී ගෙන ඉද සිත් බැන්ද දුකට උණු කදුළු වල පහසම වින්ද එකට යා නොහැකි උසුලා දුක් කන්ද දැහැට නොපෙනිලත් නුඹ සිටියේ මන්ද වදන් වල අරුත් පසිඳා ගත හොහිනී උපන් ගෙයිම ප්‍රේමය වළලා දැමුනී සිතන්නට පවා ලොබ හිත් තුල බැඳුනී පසන් පෙම දෙසිත් අතු ඉති ලා වැඩුනි උඩු සිත් අරා නැ බෑ කීවත් අරම යටි සිත් තුටු වු අරුමය කියනුද කෝම පිළිවෙත් ගරු කරන් හිත හැඩු කඳුළින්ම මුනිවත් රකින යුරු ඉවසන්නද ...
හිත ඇද බැඳුන මුත් ඒ සිත ළඟ තනිවී ගතවුන දින බොහෝ, නැති කිසි දින හමුවී නෙත කඳුළක එතුන දිග සුසුමක ගුළිවී මතකය අවදි කරනෙමි නුඹමෙන් තනිවී සිහිනෙන් ගෑව සුවඳක් මෙන් සිත ඇන්ද විඟහින් එනු නොවී කල් යල් බැලුයෙන්ද සුපසන් ඇල්ම ඇල්වී , බැමි දුටුයෙන්ද නොපහන් විහඟ ගී හිතකට නොතරම්ද සියපත් සේ සුමුදු පිවිතුරු පෙම බැන්ද සුනරුත් වී නෙතට කඳුලක් වී බින්ද නුඹ ලත් දුකම විඳි, මම නොනිදා නින්ද තවමත් ඒ සිහිනයෙම ...
නුවන් යුඟ දැවී දුක් කඳුළින් පිරුණ කියන්නට නොහැකි තරමට හිත හඬන දිනන්නට ලොවක් වෙත නුඹ යන ගමන බලන්නට අනේ... මම අහලක නොවින හුරු නොවී, තනිව කිසිවක් කරණු බැරී දුරුවෙලා රටක, ඉගෙනුම කරනු සරී බොරු නොවේ මටම අදහා ගන්න බැරි ගුරු වුනා අපිට, නුඹ කී දෑ සපිරී පෙරුම් පුරා ගෙන ආ ලෙස වෙන්න ඇතී හැඬුම් දෙඩුම් කඳුළින් දුක දොවා ගතී පියුම් විලක් මැද සියපත් මුදු රුවැතී උතුම් ගති සිරිත් දැන, ඉගෙනුමෙන් නිතී පිරිවර ...