පුතාගේ ලියුම . . .! තාත්තා සූදු කෙලවයි.. කුඩු විකුනන උන්ට හෙල්ප් කරනවා මදිවට තිතට මත්වෙන්න බොයි. පවුලේ දිනුයුවට කියා ආච්චිලා නැන්දලා මාමලා දෙනදේ පමනක් නොව තාත්ත හම්බ කරන සියළු දේත් කාර් රේස් බලන්න ගොස්, හින්දි නිලියෝ නටන ශෝ බලන්න ගොස්, අල්ලපු ගෙදර එකාට උඩ යවන්න හදන සරුංගලේට සල්ලි දී, අහල පහල ගෙවල් වල උන්ට පඩ ශෝ දාන්න රෙජිෆෝම් ප්‍රදර්ශන පවත්වා ඒ මදිවට යාලුවෝ 225 ...

මම සතුටින්ද? මට සතුටින් ඉන්න ඕනම නම් ඕන කරන දේවල් මට තියෙනවා. ඒත් මම සතුටින්ද?ඇත්තෙන්ම මටම ශුවර් නෑ වගේ.මම වැඩිය කැමති සතුටින් ඉන්නද? එහෙම නැතිනම් මම සතුටින් ඉන්නවා කියලා අනෙක් අයට පෙන්නන්නද?මට ශුවර් නෑ වගේ.මම වැඩිය සතුටක් ලබන්නේ මට සතුටු වෙන්න පුලුවන් දේවල් විඳලා සතුටු වෙලාද එහෙම නැතිනම් අනෙක් අයට ලබන්න බැරි දේවල් මට ලබා ගන්න පුලුවන් කියලා අනෙක් අයට දැන ගන්න ...

කර්මය නොහොත් කරුමේ . . ! ඊයේ ෆේස්බුක් එකේදි තමයි ඔය උඩ තියෙන ෆොටෝ එක දැක්කේ. ඒ වෙලාවේ ඉඳන් මම කල්පනා කලේ මේ කියන කතාව කොයි තරම් ඇත්තක් වෙන්න පුලුවන්ද කියලයි.අපි සමහර අය ගොඩක් වෙලාවට "නෑ කර්මය, ඉරණම කියල එකක් නෑ ඒ ඕන එකක් කෙනෙක්ගේ දැඩි අධිෂ්ඨානයෙන්, කැපවීමෙන් වෙනස් කරන්න පුලුවන්" කියලා විස්වාස කලාට, එහෙම විස්වාස කරගෙන වැඩ කලාට . . . හෙම්බත් උනු වෙලාවක හිතෙන්න ...

හවුලේ කැඳත් එපා . . . ! "මචං මට නම් දැන් මේ මගුල් ජොබ් එක එපා වෙලා බන් තියෙන්නේ. උදේ ඉඳන් රෑ වෙනකම් නහිනවා ඒත් මාසේ අන්තිමට අතට හම්බ වෙන සොච්චම දැක්කම මොකටද කියලා හිතෙනවා. මේකෙන් අස් වෙලා පොඩි බිස්නස් එකක් පටන් ගන්නයි මගේ අදහස. හැබැයි මට තනියෙම ඒක කරන්න බෑ. කැමතිද උඹත් ජොයින් වෙන්න. මොකෝ කියන්නේ කැමතිද?" නිශාන්ත දවසක් හවසක අපි සෙට් වෙන්න අනිත් උන් එනකම් ...

සඳුදා ඉඳන් . . .හැමදා උදේ . . . ! (2වෙනි කොටස) "හත් දෙයියනේ ලඟක් වෙනකම් හම්බ උනේ නෑ කියන්නේ දැන් හම්බ වෙලා . . . අඩේ මාරයිනේ . . ඔයා මාර පොරක්නේ . . . ප්‍රීතියි ප්‍රීතියි . . කව්ද හලෝ ඒ වාසනාවන්තී . . . " මේ හොල්මන ආතක් පාතක් නැතුව කෑගහන දිහායි මගේ දිහායි බස් එකේ එකේ මිනිස්සු ඔක්කෝම නුරුස්සන බැල්මක් දාගෙන බලන් හිටියේ."පොඩ්ඩක් ඉන්නවා හලෝ බස් එකෙන් බහිනකම්. ...

පොලී මුදලාලිගේ බුද්ධාගම . . ! නිවාඩුවට ලංකාවේ හිටි දවසක අපි ජගත්ලගේ ගෙදර ගියේ ඩිනර් එකකට එන්න කියලා ජගත් - අමිලා දෙන්නම අපිට ආරාධනා කරපු නිසා.විරුල් ඒ ගෙදර එයාගේ වයසේ ළමයි දෙන්න එක්ක සෙල්ලමට වැටිලා හරියට කෑවෙත් නෑ.අපි දෙන්න නම් කෑවා මදි නොකියන්න. අමිලාගේ කෑම රසයි.කාලා ඉවර වේගන එනකොටම ජගත්ගේ යාලුවෝ සෙට් එකක් ආපු නිසා ජගත් කෑම මේසෙන් ඉක්මනට නැගිටලා ගියා.කාලා ඉවර වෙලා චයිනීස් ග්‍රීන් ටී ...

මෙන්න මෙහෙමයි වෙන්නේ . . ! "මචං උඹලගේ බඩු නම් හරි ලස්සනයි. කොහෙන්ද ගෙන්නන්නේ චීනෙන්ද?""මොකක් චීනෙන්. . ?""අහ් වෙන රටකින්ද? චීනෙන් හරි වෙන රටකින් හරි ගෙනත් උඹලගේ නම ගහල විකුනන එකනේ කරන්නේ නේද?""පිස්සුද ඒවා ඔක්කෝම මගේ ගෙදර උන්දෑ නදීෂා හදන්නේ.""සිරාවට? එතකොට එයා ඒවා හදන්න ඉගෙන ගත්තද?""ඔව් මගේ නැන්දම්මා සපත්තු හදන කෝස් එකක් ගැන විස්තරයක් දැකලා එයාට බල කරලා ඒ කෝස් එක කරන්න කියලා. ඉතිං එයා කෝස් ...

සඳුදා ඉඳන් . . .හැමදා උදේ  . . . ! තුෂාරිලගේ ගෙදරට යන්න තියෙන්නේ අපේ ගෙදරට යන පාරේ මගින් තියෙන පොඩි පොඩි ලේන් වලින් එක ලේන් එකකින් හැරිලා."මොකො උනේ අදවත් ඇහුවද?" එදත් සුපුරුදු පරිදි මම ඔෆිස් ඇරිලා එන කම් එයාලයි ගෙදර ඉඳන් පොඩි ලේන් එකෙන් ටික දුරක් ඇවිත් පාරේ අයිනේ හිටපු තුෂාරි කටේ හිනා පුරෝගෙන ඇහුවා."නෑ හලෝ . . . අදත් ඒ ළමයා දැක්කම මට වෙනදට හැදෙන ලෙඩේ හැදුනනේ. මාර ...

ආදරවන්තයින්ගේ දිනය දා ආදරය බෙදන්න . . . ! ආදරවන්තයින්ගේ දිනය ආදරවන්තයින්ට විශේෂ දිනයක්නේ . . . මගේ මිතුරු ඩෝසන්ට අද අමුතුම එස්.එම්.එස්. එකක් ලැබිලා.තමන් විවාහ කර ගන්න ඉන්න කෙනාට, අහුමුලු වල හැංගිලා ආදරේ කරන කෙනාට වගේම අපේ ආදරේ ඕන කරන නාඳුනන අය වෙනුවෙනුත් ආදරේ ඩිංගක් හරි පුද කරලා ආදරවන්තයින්ගේ දිනය තවත් සුවිශේශී අමතක නොවන දිනයක් කර ගන්න පුලුවන් වෙනව නම් කොහොමද?මේ තියෙන්නේ ඩෝසන්ගේ "වචන ටැක්සි" බ්ලොග් අඩවියේ මම ...

බාල වියෙන් පිටමං වී . . . යොවුන් වියට පියමැන්නේ . . . ප්‍රිය ළඳුනේ  . . . නුඹ නිසායි . . . ! මේ කතාව කොතනින් පටන් අරගෙන . . . කොහොම ලියනවද කියලා මම දවස් ගානක් තිස්සේ හිතුවා . . . හිතල හිතලා මගේ හිත පඹ ගාලක පැටලිලා වගේ තිබුනේ මේ දවස් කීපයේම . . . . කොතනින් කොහොම උනත් . . . ලියන්නම ඕන කියල මට මගේ හිත කරපු තර්ජනය නම් නොසලකා හරින්න මට බැරි උනා . . .වික්ටර් රත්නායක මහත්මයා ...

සතුට, දුක, කඳුල, සිනහව . . .! සතුටදෑත අද්දරටම පැමිනඇඟිලි තුඩඟ, නියඟ තුඩඟ ගෑවී නොගෑවී මෙන් ඉඳඔච්චම් පා ඈතටම ඇදී යන . . . !දුකආත්මයම තුරුළු කරඉරා කීතු කොට හද දවා හළු කර බිඳෙන් බිඳකැඳවන ඒ වෙතටම තවත් . . . !කඳුළරූරා වැටෙන්නට ඉඩ නොදීකොපුල් තල තෙමාගෙනබොඳ කරනට දෑස් තුලමමහත් වෙහෙසක් දරන . . . !සිනහවදුක් කඳුළු බිම දමාදූලි ගා පාගා දමාහද කවුළු විවර කරපිබිදෙන්න ඉඩ සොයන ...

සහන සංවිධානය සහ මුදලට ආත්මය බිලි නොදුන් නීලා . . ! සිතාරයක තතක් ශෝකී ස්වරයෙන් වැයෙයි. දෑස අගට ලොකු කඳුලු බිඳු දෙකක් උනා එයි.කොහේදෝ ඈතකින් බටලී හඬක් ගලා එයි. සිත කාන්සියකින් පිරී යයි.වයලීනයක තත් උච්ච ස්වරයකින් පිරිමදිනු ඇසෙයි. හදවත උල් නියපොතු වලින් සූරනවා වැනි වේදනාවක් දැනෙයි.ගිටාරයක තත් හඬවන රිද්මයට බොන්ගෝ බෙරයක් වේග රිද්ම තාලයක් වයයි. නොදැනීම අපගේ දෙපා ඒ රිද්මය ලුහු බඳී, දෑත් එකට එකතු වී අත්පොලසන් නාද මවයි.සංගීතයේ ආශ්චර්ය එයයි. ...

උඹේ කරුමෙට අපි මොනව කරන්නද . ..  !!!! මතක ඇති කාලේ පටන් අග හිඟ දුක් කරදරම විඳ අල්ලට සීනී කා කහට බී කල්ගිය රෙදි වැරලි ඇඳ ගහ මරා ගත්තත් පොඩි දේටත් උන්නම එක පොදියට ගුලිවී දුක දුකක්ම නෙමේ කියා හිතුනා නේද බන් කියපන්මහාමේරුව අල්ලන්න නොව රස්සාවක් හොයා ගනින් ගෝරනාඩුවෙන් ගැලවෙන්ටත් මහ උන්ගේ බර ඩිංගක්වත් හෑල්ලු කරන්න වත් කියල උඹ තීරණේ ගන්න ඇතිඅතාරින්න බෑ කියා හිතා හිටි සියලු දේ ...

අහසින් තරුවක් කඩා වැටෙනවා . .. ! "මට සමාවෙන්න පවිත්‍රා. මම ලොකු වැරැද්දක් කලේ කියලා මගේ හිත කියනවා. මට මේ තරම් දුර යන්නේ නැතුව ඉන්න තිබ්බා"සුදර්ශන සිදුවුනු දේට කනගාටුව ප්‍රකාෂ කරන හඬකින් කියන්න උත්සාහ කලත් ඒ වචන වල කිසිම පසුතැවීමක්, ශෝකයක් නෑ තියෙන්නේ උද්දාමක් වගේ දෙයක් කියලා පවිත්‍රාට හීතුනා."ඒකට කමක් නෑ"පවිත්‍රා කිසිම හැඟීමක් නැති හඬකින් කිව්වේ තානායමේ ඇඳේ කොනක තිබ්බ රෙද්දක් අරන් ඇඟවටේ ඔතා ගන්න ගමන්."ඒ උනාට, ...

රිසානාගේ බෙල්ල කැපීම ගැන අපේ මාතලන් ගොයියා ලිපියක් ලියලා. මේ තියෙන්නේ ඒකට ලින්ක් එක අපේ බුවා මලයා ඒකට දාපු කොමෙන්ටුවක් මාතලන් ගොයියා අහක් කොරලා . . ඒකාට් මල පැනපු බුවා මලයා පෝස්ට් එකක් ලියලා . . . මේ තියෙන්නේ ඒකට ලින්ක් එක බුවාගේ පෝස්ට් එකට මම කොමෙන්ටුවක් දැම්මා . . දාලා ඉවර උනාම දැක්කේ කොමෙන්ටුවේ දිග . . ඒ නිසා ...

ලංකාවේ ඇඳුම් වෙලඳාම මුසල්මානුවෝ අල්ලගෙනය, ඒ අයගේ කඩවල් වර්ජනය කරන්නය කිය කියා මේ දවස්වල ෆේස්බුක් වීරයෝ කෑගහන සද්දෙට කන් දෙක නිකම් දෝංකාර දෙනවා වගේ. ඇත්තෙන්ම මුසල්මානුවෝ සිංහල බෞද්ධයන්ගේ වෙළඳාම ඇයි මේ තකහනියේ අල්ල ගත්තේ කියලා හිතල බැලුවහම මට මතක් උනේ "යකඩෝ ඉස්සර ඉඳන් කියෝපු පොත් පත් ගොඩක තිබ්බ නේද අනාදිමත් කාලෙක ඉඳන් සිරිදේසේ ඇඳුම් කැඩුම් විතරක් නෙමේ හාල්, තුනපහ, ලුනු, ...

කාලෙකට කලින් ඩවුන්ලෝඩ් කරගත්තා උනාට පෙරේදා තමයි වික්ටර්ගේ ස ප්‍රසංගයේ අවසාන ප්‍රසංග තුනම එකතු කරලා හදලා තිබුනු ස ප්‍රසංගය බලන්න ලැබුනේ. වික්ටර්ගේ “ආදරයේ උල්පත වූ අම්මා” ගීතය ඇහෙද්දී මීට අවුරුදු තිස් ගානකට එහාදි මුලින්ම තේරුමක් ඇතුව අහපු දා වගේම පෙරේදාත් ඇඟේ මවිල් කෙලින් උනා. ඇස් දෙකට ලොකු කඳුලු බෝල ගලාගෙන ආවා. ආදරයේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු වූ සෙවන ...

ගිනිගෙන දැවෙනා මිරිඟු දියෙන් පිරි වැලිකැට පුපුරන වැලි කතරක් සරි ගහක් කොලක් නැති දිය කඳුලක් නැති මරු කතරක් ගැන ඇසුවෙමි බිය ඇති මිනිසුන් යති එති කහවනු ගෙන එති මැදුරුද තනවා සිටුවරු මෙන් වෙති කහවනු ඇති මුත් බෝ දුක් එහි ඇති කතරට යන්නට නොසිතනු පවසති ගත සරසන්න සළු පිලි නැති මුත් කුස පුරවන්නට මසවුළු නැති මුත් කරදර අඟහිඟ බෝ දුක් ඇති ...

සමනළයෙකු දකින්න ලස්සන පාට පාට මල් අතර පියාඹින හදි හදිස්සියේ කෝෂය කඩා බලන පුංචි නොදරුවෙකු අනේ පුංචි පුතේ බෑ එහෙම කරන්නට කාලයක් ඇතේ එයට නියමිත . . . අද පැලවූ පැලය හෙට මුල් දමා ඇතැයි සිතා ගලවා බලා දුක් වෙන නොයිවසිලි දුවේ ඉඩ දෙන්න කාලයට පුංචි පැලයට මුල් දමා දළු ලමින් ගසක් වෙන්න  . . සිහින මවන්න සුදුස්සෝ සිහින බිඳ ...

“අයියා ඔයා  too much optimistic. ලගඳී දවසක ජනක මල්ලිලගේ ගෙදර ගිහින් පහුවදා එන ගමන් ජනක කිව්ව. "ඇයි ඒක නරකද? උඹ pessimistic ද? “මම අහුවා. “නෑ ඒක නරක නෑ ඒත් ඒක හොඳත් නෑ. ම් ම් ම් මම pessimistic ම නෙමේ ඒත් ඕනෑම දේක නරක පැත්ත මොන වගේද කියල හිතල බලලා ඒකටත් ගැලපෙන විදිහට තමයි මම නම් තීරණ ගන්නේ.” "මම නරක පැත්ත ...

Previous Page