පඬියා සහ බිරිඳ පඬියා හේතුවාදියෙක්. හැම එකකම හේතුවක් හොයන, හැම එකකටම හේතුවක් තියෙන්න ඕන කියල හිතන එකෙක්. හැම එකක් ගැනම ඕනවට වඩා හිතන එකෙක්. එක එක විධියෙ පඬියො අතරෙ එහෙම උන්ටත් පඬියො කියල කි‍යනව.පඬියාගෙ බිරිඳ පඬියට කැමති වුණේ ඒ ලක්ෂණවලට වෙන්න බෑ. ඒ වුණාට පඬියගෙ තියෙන බිරිඳ විතරක් දන්න සුවිශේෂත්වයක් ඈව තාමත් ඔහුත් එක්ක රඳවගෙන...මට හිතන්න ඕන තනියම. ඒ නිසා මට සමහර දවස්වලට ...

ස්ටාර්ට් ලයින් එක අඳිමුද? මේක ලියවෙන්න ආසන්නතම හේතුව චාමි විසින් බුකියෙ ෂෙයා කරපු බස්සාගෙ ස්ටේටස් අප්ඩේට් එකක්. බසුතුමා ඒකෙ සෑහෙන්න හිතේ අමාරුවෙන් කතා කරල තිබුණෙ. ඔය හිතේ අමාරුව සංවේදීකම තියෙන, පොළොවෙ ජීවත්වෙන කාටත් තියෙන එකක්. නමුත් ගොඩක් අය ඇහෙන්නෑ පේන්නෑ වගේ ඉන්න නිසා මේ ගැන මෙහෙමවත් කතා කරන්නෙ ඉවසන් ඉන්න බැරිම වුණ මනුස්සයෙක් විතරයි. ඉතිං බස්සගේ ඒ කතාව කියෙව්වම ආතක්පාතක් නැතිව මගේ හිතේ එහෙ ...

ඔයාගෙ කතාවත් අවුරුදු හතරකින් මැකී ගියාද? අප්සෙට් ගී එක්ක රැ‍ඳෙන්න පුළුවන් කියල කලින් රේඩියෝ පෝස්ට් එකේ කිව්වනේ. ඉතිං මේ කියන්න යන්නෙ අප්සෙට් ගීත කීපයක් ගැන. අප්සෙට් කිව්වට අප්සෙට් නෑ. සින්දුනේ... ඇත්තම කිව්වොත් කිසිම සින්දුවක් අප්සෙට් නෑ. එක එක නීති රීති දාගෙන සින්දු අහල ඒවට ලේබල් ගහන අපි තමයි අප්සෙට්. හැබැයි එහෙම ලේබල් නොගහ සින්දු අහන එකත් සාමාන්‍යයෙන් අමාරු වැඩක්.එව්වයෙන් වැඩක් නෑ.සාමාන්‍යයෙන් සෑහෙන්න සින්දු අහන මනුස්සයෙක් විධියට ...

ඇය හිතුවෙ ඈ ඉන්නෙ තනියෙන් කියලා. ගෙවුණු දිනයේ හෙම්බත්කමින් මිරිකිලයි ඈ හිටියෙ. ඒ නිසාම ඈ සළු පිලි උනා දැම්මෙ නිදහසේ පැය කීපයක් වැතිරෙන්න... ඒත් ඇයට ඈ හිතපු නිදහස ලබන්න වුනේ නෑ... කවුළු තිර අතරින් අඳුරු පසුබිමේ ඈ දුටුවෙ දිලිසෙන ඇස් දෙකක්... ලෝක රූප රාජිණියගේ අභිරහස් මරණය...දැනගන්න නම් අද හවස 7ට මයිල් කෙලින් වෙන රාත්‍රිය සමග රැඳෙන්න...චා... එෆ් එම්!හොඳයි... අදත් හැම ...

අර්ත් වයරයක් දිගේ ජාතික මව් ගුණ ගීයකට! විදුලි බිල වැඩි වුණ එක වෙන කවදාටවත් වඩා මේ වතාවෙ හිට් වුණ වැඩක් වෙලා. හැබැයි ඒක තවත් නාට්ටියක් නෙවෙයි. (මේ වෙද්දි එහෙමත් හිතෙනවා) ඒ නිසා දැනටත් ටීවී එකේ හදන කෑම දිහා බලාගෙන ඉඳල ඒකෙන් කටට කෙල උනවගෙන යන්තං කාගෙන ඉන්න මිනිස්සුන්ට මේක හොඳටම දැණෙනවා. මොකද දැන් එහෙම ටීවී බලද්දි කරන්ට් එක නගිනවා. ‍මේ ගැන ඇතිවුණ කතාවල් කීපෙකදි එක එක අය ...

ඩවුන් ටවුන් පල්ස් හෙවත් යටිනුවර ස්පන්ද! පහුගිය 06 වෙනි සෙනසුරාද කොට්ටාවෙ මහල්වරාවෙ බේකරිය ගාව අමුතු වැඩක් සිද්ධ වුණා. Down town pulse මහා සංගීත රාත්‍රිය! එහෙම කිව්වම නිකං FM එකක ‍වගේ නේ... මේක 2013 අවුරුද්දට අළුත් වුණාට වැඩේ අළුත් නෑ. ගිය අවුරුද්දෙත් තිබුණා Saturday night fever නමින්.සංගීතය, ලංකාවෙදි නං ගීතය, සින්දු ගැන අපි ඕන තරම් කතා කරනවා. ඕන තරං සින්දු අහනවා. සාමාන්‍යයෙන් සංගීතය කියන එක විතරක් අහන්න ...

ඩවුන් ටවුන් පල්ස් බලමුද? සංගීතය කියන එකට පැහැදිලි ඩෙෆිනිෂන් එකක් කවුරුවත් දීල තියෙනවද කියල මම දන්නෙ නෑ. මේ වෙනකොට කියවල තියෙන හැම ඩෙෆිනිෂන් එකක්ම තියෙන්නෙ එක රාමුවකට කොටු වෙලා. ඒ කියන්නෙ එක්කෙනෙක් උත්තර භාරතීය රාගධාරී සංගීතය යනු සංගීතය වේ කියල කියද්දි තව කෙනෙක් යුරෝපීය සංගීතය යනු සංගීතය වේ කියල කියනවා. ඔය හැම සංගීතෙකටම වඩා දකුණු ඇමරිකානු සංගීතෙ සංගීතෙ තමයි කියන කට්ටියකුත් ඇති.ඔය ගොඩ දෙනෙක්ට ...

ගිලිහුන ස්වර - නදීක ගුරුගේ, ජගත් වික්‍රමසිංහ, අජිත් කුමාරසිරි මේ කෙටි සටහන ලියවෙන්නෙ ගිලිහුන ස්වර වාර්තා වැඩසටහන බෙදාගන්න විතරමයි.සංගීතය කියන නිමක් නැති අවකාශයේ තැන් තුනක ඉන්න තුන් දෙනෙක් ඒ ගැන කතා කරන දේවල් දැනගන්න!නදීක ගුරුගේ, ජගත් වික්‍රමසිංහ සහ අජිත් කුමාරසිරි මේ කතා කරන්නෙ සංගීතය ඔවුන්ට දැණෙන විධියට.අධ්‍යක්ෂ සංජීව අනුර සෙනෙවිරත්න කියන විධියට මේ වාර්තා වැඩසටහන මාධ්‍ය වලින් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඒ නිසා ඔන්ලයින් මාධ්‍යය හැර මේක බලන්න වෙන විධියක් ...

අදත් පිස්සු ඕයි!!! කලින් සටහන ගැන දිනුක මතු කරපු කරුණුවලට උත්තර දෙනකොට හිතුණේ ඒ ගැනත් වෙනම ලියන්න තරං දේවල් තියෙනව කියල. ‍ඒ නිසාම මේ සටහනට එන්නෙ මට පිස්සු ඕයි එකේ දිගුවක්. ඒ නිසා මේකත් පිස්සු කතාවක් කියල අමතක කරල දාන්න පුළුවන්!මිනිස්සු අතර ‍තියෙන බේද නැති වෙලා ලෝකය ෆ්ලැට් වෙලා යන එකක් ගැන අපි බයිල ගැහැවට සමහර විට අවුරුදු දාස් ගාණකින්වත් මිනිස්සු එහෙම එක ...

මටත් පිස්සු ඕයි! පහුගිය දවසක පිස්සා මහතා ආයෙත් මට හම්බ වුණා. යාළු කොල්ලො කෙල්ලො කීප දෙනෙක් එක්ක පොඩියට සෙට් වුණ හැන්දෑවකදි පොර ආයෙමත් අපට බයිලයක් ගැහුවා. ඒ විධියටම නොවුණත්, ටිකක් අවුට් ඩේටඩ් වුණත් ඒක මෙන්න මෙහෙම ලියල දාන්න හිතුවා. ලියාගන්න උදව් කරපු අපේ ගෙදර උන්දැට මුලින්ම ස්තූතිය. මේක අම්බාණක් දිග නිසා කෑලිවලට කඩල කියවගන්ඩ වෙයි. ඒකට පහසු වෙන්ඩ ඕන්න පරිච්ඡේද වෙන් කරලම තියෙනවා.අනුන්ගෙ ...

අරිසාන කතා වස්තුව - පොතේ නැති වෙනම කතාවක්! තවද එක් සමයෙක්හි අසම සම වූ මහා ප්‍රාඥයන් දඹදිව ද්වීපාරාමයේ වැඩවසන කල්හි දිනක් ධර්මාලෝක ලබනු පිණිස පිණිස රැස්ව හුන් දහසක් වූ ජනයා ධර්ම ශ්‍රවණයෙහි යෙදෙති. උන් සියල්ලෝ සාවධානයෙන් මත්ව මහා ප්‍රාඥයන් දෙස සවන් දෑස් අයා සිටින ඇසිල්ලේ ඒ මහ සෙනග අතරින් උන් ධර්ම සිත් සිඳවමින් පිලිකුල් ධවනිත කරමින් ධර්ම මණ්ඩපය වෙත රෝගී කුෂ්ඨයන්ගෙන් වැසි දුර්ගන්ධයෙන් පිරි කෘෂව ගිය දස දහසෙක ...

කල්ලඩි පාළම යටින් මුම්බායට දවස් කීපයකට පස්සෙ යන්තරේ ඉස්සරහ ඉඳගත්තෙ කිසි දෙයක් කොටන්න උවමනාවකින් නොවුණත් මොහොතකට කලින් හිතට දැණුන හැඟීම මාව ලියන්න පෙළඹෙව්වා.දවස් දෙකක නැගෙනහිර සවාරියෙන් පස්සෙ මම ගෙදර ඇවිත් මුලින්ම අහන්න ගත්තෙ කපුගේගෙ කල්ලඩි පාළම පාමුල සින්දු කියපු මාළුවන්ගෙ සින්දුව. අද දවල් කල්මුණේ ඉඳන් මඩකලපු යන අතරෙ කල්ලඩි පාළම පහු වෙද්දි උවමනා වුණා ඒ සින්දුව හොයාගෙන අහන්න. මම හිතන්නෙ ඒක මම කවදාවත් හරියට ...

ඉතිරි පෙරේතයා පොඩි කාලෙ ටීවී එකේ තියෙන ටෙලි නාට්‍ය බලද්දි මේ වැඩේ ගොඩක් දෙනෙක්ට වෙලා ඇති. ඔය ඒවයෙ කෙල්ලො කොල්ලො, යාළුවො එහෙම හෝටලේක මේසයක් වටේ ඉඳගෙන බීම බොන සීන් තියෙනවනේ. ඒවයෙදි සමහර වෙලාවට එයාල එතනින් නැගිටල යන්නෙ අර බීම වීදුරුවෙ බාගයක් විතර ඉතිරි වෙලා තියෙද්දි. ඒක දකිද්දි පුංචි කාලෙ මටනං තද වුණා.ඇයි උන් ඒ ටිකත් බීල නැගිටින්නෙ නැත්තෙ? මං හිටියනං අනිත් උන්ගෙ ...

එහිතට ඇමතුවෙමි හැම පැත්තකම විසිරුණු සිතුවිලි එක්ක සටහනක් ලියන්නේ කොහොමද කියන ප්‍රශ්ණෙ කාලෙක ඉඳන් දැණෙන්න අරන්... ලියන්න කිසිම උවමනාවක් නැති වුණාම, සිතුවිලිවලට පාවෙලා යන්න ඉඩ දුන්නම එහෙම එක පාරම දෙයක් ලියන්න අදහස් කේන්ද්‍රගත කරගන්න එක ටිකක් අවුල්... කිසි දෙයක් නොලියා ලියන එක ගැන හිතන එක සේරටම වඩා තෘප්තිමත් වෙන්න පුළුවන් දෙයක්. එකම එක මාතෘකාවක් වටේ ගොනු වුණ අදහස් ගොඩක්... ඒව ලිවීම තුලින් ...

ගැහැණු අදාල කරගැනීම ගැහැණුන් කියන බොහොමයක් දේවල් වලට පිරිමින් එකඟ වෙන බව පෙන්නුවත් ඇත්තටම ගැහැණු සම්බන්ධ සුළු කාරණා කීපයක් ඇරුණම එයාල සම්බන්ධව වෙනත් කිසිම දෙයක් පිරිමින්ට අදාල නෑ. ඇත්තම කිව්වොත් විශේෂයක් නෑ. ගැහැණු සම්බන්ධව එයාල මොනව කරගත්තත් ඒක පිරිමින්ට ප්‍රශ්ණයක් නෙවෙයි. පිරිමින්ට උවමනා වෙන්නෙ තමන්ට අදාල ටික ගැහැණු අතින් ඒ විධියට සිද්ධ වෙන එක විතරයි.අවුරුදු කීපෙකට කලින් මගේ මිත්‍රයා සංජීව එයාගෙ බිරින්දෑ එක්ක ...

අතීත යගදාව මම දිගින් දිගටම ඒක කරමින් හිටියා... අතීතයෙන් මාව විනාස කරගනිමින්... මට නැගිටින්න ඉඩක් නොදෙමින්....මම වර්තමානය තලමින් හිටියා. ඉතිහාසය කියල යගදාවෙන්... ඉවරයක් නැතිවම...ඉතිහාසය කියන්නෙ යගදාවක්.... වර්තමානය පොඩි කරල සුන් කරල දාන... ...

කළු නැන්දගෙ දුව අපේ ගමේ කවුරුත් දන්නා නැන්දලා දෙන්නෙක් සිටී. ඔවුන් මා කුඩා කල පටන් දැන හැඳින උන් කාන්තාවන් දෙදෙනෙකි. එක්කෙනෙක් සුදු නැන්දාය. ඇය පැහැපත්ය. ඇයගේ සැමියාගේ සොයුරිය අනිත් තැනැත්තියය. එම සොයුරා සහ ඇය දැඩි ලෙස කාල වර්ණය. එහෙයින් ඇය කළු නැන්දාය. ගමේ පැරණි පරපුරේ සාමාජිකයන් වන ඔවුන්ගෙ සැමියන් මියගොස් බොහෝ කල්ය. ගම පසුකර ගලා ගිය සුන්දරම කාලයක මතක සටහන් ලෙස ඔවුන්ගේ මුහුණුවර ...

ප්‍රේමකීර්ති ද අල්විස් - විචිත්‍ර ගීපද රචකයෙක්, වචන විශිෂ්ඨයෙක්, සුපිරි සන්නිවේදකයෙක්... මාස කීපයකට කලින් ප්‍රේමකීර්ති පිළිබඳව ලියන්නට මට උවමනා වුණා. ක්ලෝඩ් ප්‍රනාන්දු මහතා විසින් ලංකාවෙබ් අඩවියට රචිත ලිපියක් හැඩගස්වා දැමීම වඩා හොඳ බව හිතුණේ එය සරල සහ විස්තරාත්මක එකක් වුණ හින්දා. ඒ වුණාට කම්මැලිකම මාව පස්සට ඇද්දෙ වැඩේ බාගෙට තුන්කාලට නතර කරලා. නමුත් එහෙම කරල හරි යන්නෙත් නැති නිසා මේ ලියවෙන්නෙ ඒ ලිපියයි. ක්ලෝඩ් මහතාගෙ ලිපිය වගේම ප්‍රේමකීර්ති ගැන ලියවුණු වෙනත් ...

ජනාදිපතිතුමනි! මේ ඔබේ අවදානය පිනිස නොවේ! අද අපි ගොඩ දෙනෙක් සිටින්නේ කුක්කු බබාලා වාගේය. අපි මුකුත් දන්නේ නැතිය. මොකද අපි කුක්කු බබාලා නිසාය. ඒත් ඇත්ත කතාව ටිකාක් විතර අපිට තේරෙනවාය. ඒ අපි ඇත්තටම කුක්කු බබාලා නොවන බවය. ඒ බව අපි එක්ක කතාවට එන ඕන කෙනෙක්ට තේරෙනවාය. මොකද කුක්කු බබාලා වගේ හිටියත් කට ඇරියොත් මහදැනමුත්තාටත් ඉහලිං අපි පංඩිත නිසාය. ඒත් අපි කුක්කු බබාලා නොවෙන බව දැන දැනම ...

Previous Page