අරිසාන කතා වස්තුව - පොතේ නැති වෙනම කතාවක්! ජීවත් වෙනකොට | while living තවද එක් සමයෙක්හි අසම සම වූ මහා ප්‍රාඥයන් දඹදිව ද්වීපාරාමයේ වැඩවසන කල්හි දිනක් ධර්මාලෝක ලබනු පිණිස පිණිස රැස්ව හුන් දහසක් වූ ජනයා ධර්ම ශ්‍රවණයෙහි යෙදෙති. උන් සියල්ලෝ සාවධානයෙන් මත්ව මහා ප්‍රාඥයන් දෙස සවන් දෑස් අයා සිටින ඇසිල්ලේ ඒ මහ සෙනග අතරින් උන් ධර්ම සිත් සිඳවමින් පිලිකුල් ධවනිත කරමින් ධර්ම මණ්ඩපය වෙත රෝගී කුෂ්ඨයන්ගෙන් වැසි දුර්ගන්ධයෙන් පිරි කෘෂව ගිය දස දහසෙක ...
කල්ලඩි පාළම යටින් මුම්බායට ජීවත් වෙනකොට | while living දවස් කීපයකට පස්සෙ යන්තරේ ඉස්සරහ ඉඳගත්තෙ කිසි දෙයක් කොටන්න උවමනාවකින් නොවුණත් මොහොතකට කලින් හිතට දැණුන හැඟීම මාව ලියන්න පෙළඹෙව්වා.දවස් දෙකක නැගෙනහිර සවාරියෙන් පස්සෙ මම ගෙදර ඇවිත් මුලින්ම අහන්න ගත්තෙ කපුගේගෙ කල්ලඩි පාළම පාමුල සින්දු කියපු මාළුවන්ගෙ සින්දුව. අද දවල් කල්මුණේ ඉඳන් මඩකලපු යන අතරෙ කල්ලඩි පාළම පහු වෙද්දි උවමනා වුණා ඒ සින්දුව හොයාගෙන අහන්න. මම හිතන්නෙ ඒක මම කවදාවත් හරියට ...
ඉතිරි පෙරේතයා ජීවත් වෙනකොට | while living පොඩි කාලෙ ටීවී එකේ තියෙන ටෙලි නාට්‍ය බලද්දි මේ වැඩේ ගොඩක් දෙනෙක්ට වෙලා ඇති. ඔය ඒවයෙ කෙල්ලො කොල්ලො, යාළුවො එහෙම හෝටලේක මේසයක් වටේ ඉඳගෙන බීම බොන සීන් තියෙනවනේ. ඒවයෙදි සමහර වෙලාවට එයාල එතනින් නැගිටල යන්නෙ අර බීම වීදුරුවෙ බාගයක් විතර ඉතිරි වෙලා තියෙද්දි. ඒක දකිද්දි පුංචි කාලෙ මටනං තද වුණා.ඇයි උන් ඒ ටිකත් බීල නැගිටින්නෙ නැත්තෙ? මං හිටියනං අනිත් උන්ගෙ ...
එහිතට ඇමතුවෙමි ජීවත් වෙනකොට | while living හැම පැත්තකම විසිරුණු සිතුවිලි එක්ක සටහනක් ලියන්නේ කොහොමද කියන ප්‍රශ්ණෙ කාලෙක ඉඳන් දැණෙන්න අරන්... ලියන්න කිසිම උවමනාවක් නැති වුණාම, සිතුවිලිවලට පාවෙලා යන්න ඉඩ දුන්නම එහෙම එක පාරම දෙයක් ලියන්න අදහස් කේන්ද්‍රගත කරගන්න එක ටිකක් අවුල්... කිසි දෙයක් නොලියා ලියන එක ගැන හිතන එක සේරටම වඩා තෘප්තිමත් වෙන්න පුළුවන් දෙයක්. එකම එක මාතෘකාවක් වටේ ගොනු වුණ අදහස් ගොඩක්... ඒව ලිවීම තුලින් ...
ගැහැණු අදාල කරගැනීම ජීවත් වෙනකොට | while living ගැහැණුන් කියන බොහොමයක් දේවල් වලට පිරිමින් එකඟ වෙන බව පෙන්නුවත් ඇත්තටම ගැහැණු සම්බන්ධ සුළු කාරණා කීපයක් ඇරුණම එයාල සම්බන්ධව වෙනත් කිසිම දෙයක් පිරිමින්ට අදාල නෑ. ඇත්තම කිව්වොත් විශේෂයක් නෑ. ගැහැණු සම්බන්ධව එයාල මොනව කරගත්තත් ඒක පිරිමින්ට ප්‍රශ්ණයක් නෙවෙයි. පිරිමින්ට උවමනා වෙන්නෙ තමන්ට අදාල ටික ගැහැණු අතින් ඒ විධියට සිද්ධ වෙන එක විතරයි.අවුරුදු කීපෙකට කලින් මගේ මිත්‍රයා සංජීව එයාගෙ බිරින්දෑ එක්ක ...
අතීත යගදාව ජීවත් වෙනකොට | while living මම දිගින් දිගටම ඒක කරමින් හිටියා... අතීතයෙන් මාව විනාස කරගනිමින්... මට නැගිටින්න ඉඩක් නොදෙමින්....මම වර්තමානය තලමින් හිටියා. ඉතිහාසය කියල යගදාවෙන්... ඉවරයක් නැතිවම...ඉතිහාසය කියන්නෙ යගදාවක්.... වර්තමානය පොඩි කරල සුන් කරල දාන... ...
කළු නැන්දගෙ දුව ජීවත් වෙනකොට | while living අපේ ගමේ කවුරුත් දන්නා නැන්දලා දෙන්නෙක් සිටී. ඔවුන් මා කුඩා කල පටන් දැන හැඳින උන් කාන්තාවන් දෙදෙනෙකි. එක්කෙනෙක් සුදු නැන්දාය. ඇය පැහැපත්ය. ඇයගේ සැමියාගේ සොයුරිය අනිත් තැනැත්තියය. එම සොයුරා සහ ඇය දැඩි ලෙස කාල වර්ණය. එහෙයින් ඇය කළු නැන්දාය. ගමේ පැරණි පරපුරේ සාමාජිකයන් වන ඔවුන්ගෙ සැමියන් මියගොස් බොහෝ කල්ය. ගම පසුකර ගලා ගිය සුන්දරම කාලයක මතක සටහන් ලෙස ඔවුන්ගේ මුහුණුවර ...
ප්‍රේමකීර්ති ද අල්විස් - විචිත්‍ර ගීපද රචකයෙක්, වචන විශිෂ්ඨයෙක්, සුපිරි සන්නිවේදකයෙක්... ජීවත් වෙනකොට | while living මාස කීපයකට කලින් ප්‍රේමකීර්ති පිළිබඳව ලියන්නට මට උවමනා වුණා. ක්ලෝඩ් ප්‍රනාන්දු මහතා විසින් ලංකාවෙබ් අඩවියට රචිත ලිපියක් හැඩගස්වා දැමීම වඩා හොඳ බව හිතුණේ එය සරල සහ විස්තරාත්මක එකක් වුණ හින්දා. ඒ වුණාට කම්මැලිකම මාව පස්සට ඇද්දෙ වැඩේ බාගෙට තුන්කාලට නතර කරලා. නමුත් එහෙම කරල හරි යන්නෙත් නැති නිසා මේ ලියවෙන්නෙ ඒ ලිපියයි. ක්ලෝඩ් මහතාගෙ ලිපිය වගේම ප්‍රේමකීර්ති ගැන ලියවුණු වෙනත් ...
ජනාදිපතිතුමනි! මේ ඔබේ අවදානය පිනිස නොවේ! ජීවත් වෙනකොට | while living අද අපි ගොඩ දෙනෙක් සිටින්නේ කුක්කු බබාලා වාගේය. අපි මුකුත් දන්නේ නැතිය. මොකද අපි කුක්කු බබාලා නිසාය. ඒත් ඇත්ත කතාව ටිකාක් විතර අපිට තේරෙනවාය. ඒ අපි ඇත්තටම කුක්කු බබාලා නොවන බවය. ඒ බව අපි එක්ක කතාවට එන ඕන කෙනෙක්ට තේරෙනවාය. මොකද කුක්කු බබාලා වගේ හිටියත් කට ඇරියොත් මහදැනමුත්තාටත් ඉහලිං අපි පංඩිත නිසාය. ඒත් අපි කුක්කු බබාලා නොවෙන බව දැන දැනම ...
ප්‍රේමකීර්ති, ගනේගොඩ, අම්මා සහ මම ජීවත් වෙනකොට | while living ප්‍රේමකීර්ති එක විධියකට වීරයෙක් විධියට මම සලකන පුද්ගලයෙක්. ඔහු වීරයෙක් වුණේ ගනේගොඩ අයිය නිසා. රජයේ චිත්‍රපටි අංශයේ ඉන්න කාලෙ ප්‍රේමකීර්තිව පුද්ගලිකවම දැනගෙන හිටපු ඔහු ප්‍රේම්ගේ උග්‍ර රසිකයෙක්. ඒ නිසාම අපි සෙට් වුණාම පට්ට ගහන මර්වින් පෙරේරගෙ සින්දු ටික අස්සෙ ගනේගොඩ සැරින් සැරේ ප්‍රේමකීර්තිව මතක් කරන්නෙ ඔහුගෙ වචන අතර මාව අතරමං කරමින්.ප්‍රේමකීර්ති මං මුලින්ම අඳුනගන්නෙ රූපවාහිනියෙ මහජන සම්පත වැඩසටහනින්. ඒ කියන්නෙ ...
හිඟන ස්ටාර් අරමුදල ජීවත් වෙනකොට | while living සල්ලි නැති කෙල්ලක් පාරෙ ගියපු ගෑණියෙක්ගෙ මාලයක් කැඩුවා. කෙල්ල පොලිසි ගිහින් කිව්වෙ මාර අනුවේදනීය කතා පුවතක්. ඒ කතා පත්තරවලින් පට්ට ගැහුව. ටීවී නිව්ස් පටි අස්සෙ සිංහල බාසාවෙ තියෙන ඇඬන වදන් වලින් තරුණියගෙ කතාව කොටස් කලා. ඒ මදිවට නිව්ස් කියන ඩයල් එක කතා කලේ කෙල්ලව කසාද බඳින්න වුණත් කැමති ගාණට.තමන්ගෙ දුප්පත්කම වෙනුවෙන් එහෙම පියවරක් ගත්තු ඒ කෙල්ල දවසින් වීරයෙක් වුණා. එක ...
ගල් ජීවිතයෙන්... ජීවත් වෙනකොට | while living කාර්යාලයෙ ඉතාම හදිස්සි වැඩක යෙදෙන්න පටන්ගන්නකොටම දුරකථනය සාක්කුව ඇතුලෙ වෙව්ලන්න ගත්තා. මේ වෙලාව ලේසියෙන් කෙනෙක්ට මට සම්බන්ධ වෙන්න පුළුවන් වෙලාවක් නෙවෙයි. ඒත් මේ ඇමතුම කොයිම වෙලාවකදිවත් රිජෙක්ට් කරන්න පුළුවන් එකකකුත් නෙවෙයි. ජීවිතේ ඉතිරිවෙලා තියෙන මනුස්ස සම්බන්ධ කීපය අතරින් එකක් එහා කොනේ තියෙන බව මම දන්න නිසයි ඒ.හලෝ....මම ඇමතුමට පිළිතුරු දුන්නා...උඹ අම්බාණක් වැඩද?ගනේගොඩ අද නම් තවමත් හොඳ සිහියෙන්...නෑ නෑ ෂේප්...ඒ මම ...
ඉහළ පහළ සහ සමතල... ජීවත් වෙනකොට | while living සංගීතය කියන්නෙ ඕන කෙනෙක්ගෙ ජීවිතේ කොටසක්, සින්දු කියන විෂය ගැන මලදානයක් නොදන්න, සින්දුවක් නාහන කෙනෙක්ගෙ වුණත් රිද්මයක් තියෙනවා. රිද්මය කියන්නෙ සංගීතමය දෙයක්. ඒක වෙන වෙන විධි වලටත් අර්ථ දක්වගන්න පුළුවන් ඇති. නමුත් හදවත ගැහෙන තැන ඉඳන් මුළු ජීවිතය පුරාම සංගීතමය අවකාශයක ජීවත්වෙන සත්ත්වයින් සහ ඒ රිද්මය සංගිතය කියන විෂය හරහා නැවත කියවන මනුෂ්‍ය අපි ජීවත්වෙන්නෙ සංගීතයත් එක්කමයි.හැමදාම උදේට පා පැදියෙ ...
අරියාතිගේ සැඟවුණු ලෝකයට ජීවත් වෙනකොට | while living ආලෝකය ඇගේ මුහුණේ තියුණු දාර සහිත චිත්‍රයක් මවා තිබුණා. හුළඟට ලෙලදුන්න කෙස්වැටිය ඒ චිත්‍රය වරින්වර වෙනස් කලා. බොහොම හීනියට නලියමින් ඇගේ දෑස් මතින් ඇරඹුණු ලොකු කඳුළු කැටයක් කම්මුල දිගේ ගලාගෙන ඇවිත් නිකට අද්දරින් බේරුණා...............මම දන්නව මේ කතාව මගේ වැඩිහිටි වචන වලින් විනාශ වෙනව කියල. ඒ වුණාට අද වෙනකල් මම හිතාගෙන හිටියෙ මගේ මතකයේ රැඳිල තිබුණ ඒ පුංචි සිදුවීම් ටික හුදෙක් ...
නිර්වාණය සහ ගුරුත්වාකර්ෂණය ජීවත් වෙනකොට | while living මිනිහෙක් ආයෙ ඉපදෙන්නෙ නෑ කියල කියන අදහස කට්ටියට ප්‍රශ්ණයක්... මට ඇසුරු කරන්න වෙන ගොඩක් ආගමික මතධාරියො ඉන්නෙ තමන් ෂුවර් ඇන්ඩ් ෂොට් ආයෙ ඉපදෙනව කියන මතයෙ. ඕක ගැන එයාල එක්ක තවත් කතා කරද්දි පින් පව් කතා ඇදිල එනව. ඊට පස්සෙ කර්මයයි තව එක එක කතායි... ඔය විධියට ගිහින් අන්තිමේදි එයාල නැවත ඉපදීමක් තියෙනවය කියන මතය සාධාරණීකරණය කරන්න තවත් මත ගොඩක පිහිට ...
ප්‍රොෆයිලය සහ නිධානය ජීවත් වෙනකොට | while living මේක පොඩි ආතල් පෝස්ට් එකක්... ජොලියේ උපරිමෙන් මිරිකිල සංතෘප්ත වෙලත් උපරිමේට ගියාම උතුරල ගලන ටික තමයි මේ.දන්නවනේ ලයනල් රන්වල මහත්තයව? එතුමාව අපට මතක් වෙන්නෙ සිංහල අවුරුදු කාලෙට විතරයි කියලත් දන්නවනේ.ඔය වගේම තවත් කොහා වර්ගයේ ගායන ශිල්පියෙක් තමයි මොහිදීන් බෙග් කියන්නෙ. බෙග් මාස්ටර්ව අපට මතක් වෙන්නෙ වෙසක් කිට්ටු වුණාම. වික්ටර් රත්නායක මහත්තයා, අමරදේව මාස්ටර් වගේ තවත් ඒ වගේ අය කීප දෙනෙක් ...
ගෙදර යන ගමන්... ජීවත් වෙනකොට | while living “උඩුකන්දෙ ගෙදර සීලවතී උපාසිකා මාතාව රුපියල් 4500ක් පරිත්‍යාග කරල තියෙනව... සත්සර ස්ටෝර්ස් අධිපති නිමල් ලක්තිලක මහතා බැනර් 3ක් වෙනුවෙන් රුපියල් 4500ක් පරිත්‍යාග කරල තියෙනව...”ගමේ පාර දිගට යකඩ කටවල් හතක් අටක් ගැටගහල පන්සලේ පෙරහැරට දායක වුණ උදවියගෙ ලැයිස්තුව ගමටම ඇහෙන්න කියවනව.මම යටි හිතෙන් හිනා වීගෙන ඒ සද්දෙ පහු කරගෙන ආව.සතියකට දෙකකට විතර කලින් දායක සංගමේ ලොකු ආච්චිල දෙන්නෙක් අම්මට ගෙනත් දීල ...
සංගීතෙ ගැන පරණ කමෙන්ටුවක්! ජීවත් වෙනකොට | while living මම හිතන්නෙ කසුන් සහ නදීක ඉන්නෙ සිංහල ගීතය පුනර්ජීවනය කරන ගොඩේ මිස (ඒ ගොඩේ වැඩි දෙනෙක් නෑ. ඉන්න ප්රවීණයො කීප දෙනත් කෙමෙන් කෙමෙන් නැති වෙනව) ගීතයේ මළගම තීරණය කරන ගොඩේ නෙවෙයි. සිංහල ගීතයේ මළගම තීරණය කරන අයගෙ ගොඩ නම් විශාලයි.සංගීතය විඳින්න බොහෝ දෙනෙක්ට තියෙන නොහැකියාවට හේතුව ඔවුන් සංගීතය කියල හඳුණගෙන ඉන්න පරාසයේ සීමා සහිත බවයි. මමත් කාලයක් ඒ වගේ සීමා ...
අවස්ථිතියෙන් මිදී.... ජීවත් වෙනකොට | while living පෑනයි කොලයයි අතර අඟලක ඉඩක්.... දිග... විනාඩි ගාණකට පස්සෙත් ඒක ඒ විධියටමයි.සුපුරුදු ඇඟිලි දෙක අතරෙ අවසාන වෙන්න කිට්ටු දැල්වෙන දුම්වැටියක් රැඳුණු අනෙක් අත තිබුණෙ නිකටට තද වෙලා. අඟල් තුන්කාලක අළු දුම්වැටියෙ කෙලවර රැඳිලා.විදුලි ලාම්පුවෙන් විහිදෙන එලි තීරුවක් කම්මුල එලිය කරලා....ඒක උවමනා නම් පොතක පසු කවරෙ දාන්න පුළුවන් පින්තූරයක්... නැත්තං හොඳ පැතිකඩ ඡායාරූපයක්...ලියන්න ඕන වෙනස්ම ලියවිල්ලක්...ඔහු මුලින් හිතුවෙ එහෙම.එහෙම හිතලා ලියන්න ...
සුද්දන්ගෙ සංගීත පිඟානක්.... ජීවත් වෙනකොට | while living සංගීතය කෑමක් නොවෙන්නෙ ඒක කෑමට නොගන්නවනම්. නමුත් උවමනා නම් කෙනෙකුට කන්න බැරි දෙයකුත් නැති තරම්. සංගීතය කියන එක සින්දු වලින් ගලවගෙන රස විඳින කොට ඒක කෑමක් වෙනවා විතරක් නොවී ලෝකෙ පුරාම කරක් ගහමින් තවත් රසය හොයන්න පොළඹවන කාරණයක් වෙනවා.ඒ නිසාම සින්දු කියන රාමුවෙන් සංගීතය නිදහස් කරගත්තම මල වදයක්. ඒක ඇත්තටම කෙනෙක්ව පැත්තකට කරල විනාශ කරල දාන එකක්.ෂහ්! මාත් ආසයි රේඩියෝ ...