සිංහල යුනිකෝඩ් සහය උබුන්ටු මත ස්ථාපනය නිවැරදිව කර ගැනීමට පහත උපදෙස් පිළිපදින්න. කැමතිනම් පහළින්ම ඇති වීඩියෝවත් බලන්න. (ශබ්දය ඇතුලත් කර නැත) Step 1. Installation1. Open TerminalTo open the terminal, Click on Dash icon on top of launcher or Press Windows logo key in your keyboard and type “terminal” and click on “terminal icon”. 2. Type the following command and press ...

ලාංකීයයන් සඳහා උබුන්ටු ග්‍රන්ථය සමග සහළාන ලිනක්ස් CD නොමිලේ ප්‍රදීප් කාවින්ද කොටුවේගෙදර විසින් රචිත ලාංකීයයන් සඳහා උබුන්ටු ග්‍රන්ථය සමග සහළාන ලිනක්ස් සංගත තැටිය නොමිලේ ලබා දෙන බව සතුටින් දැනුම් දෙමි. මෙම සංගත තැටිය පිටපත් කිරීම සඳහා පූර්ණ දායකත්වය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ලබා දී ඇත. මෙම ග්‍රන්ථය දිවයිනේ සෑම ප්‍රධාන පොත්හලකින්ම ලබා ගැනීමේ පහසුව ඇති අතර. දයාවංශ ජයකොඩි සහ සමාගම වෙතින්ද ලබා ගත හැකිය. ග්‍රන්ථයේ කතුවරයා ...

සහළාන ලිනක්ස් නිකුත් කළ මුල් දින කිහිපය තුළ බාගතකර ගැනීම් ගණන කොපමණ දැයි බැලුවද කාර්ය බහුලත්වය නිසා මොනවයින් මොනවා වෙනවාද යන්න සොයා බැලීමට නොහැකි විය. නමුත් කාලෙකට පස්සේ බැලූ විට 1000ත් ඉක්මවා ඇති බව පෙනුන විට හරි සතුටක් දැනුනා. සහළාන සඳහා අගනා wallpaper කිහිපයක් ලබා දීම ගැන ඉන්ද්‍රනාත තේනුවර මහතාට බෙහෙවින් ස්තූතිවන්ත වෙමි. එමෙන්ම මෙය සහළාන යන නම එනම් මනුස්සකම ...

සහළාන ලිනක්ස් අවට සුපිපි සපු දුනුකේ සලළානහඬන තැනින් තැනැ විලිකුළු කිරළානපැසී නැම කරල් රත්හැල් සහළානවඩන මැනැවි මහ වෙල මැදැ වෙරළාන39. කවිය සැලළිහිණි සංදේශය, ශ්‍රී රාහුල හිමිමිත්‍රය, හාත් පසින් සුපිෂ්පිත වූ චම්පක රාජ කෙතකි. හොර වෘක්‍ෂයන් ගෙන් යුක්ත වූ වනයෙහි තන්හි තන්හී විලිකුළන් හා කිරළුන් නාද පවත්වන්නා වූ රක්‍ත ශාලී ශස්‍ය මඤ්ජරීන් පරිනතව නැමුණා වූ වෙරළාන නම් වූ මහා ක්‍ෂේත්‍ර මධ්‍යයෙහි ගමන් කරනු ...

සහළාන පළමු නිකුතුව දැන් ඔබට නොමිලයේම බාගත කර ගැනීමට මෙම ලින්ක් එක භාවිත කරන්න. සෑම මිතුරෙකුටම මෙහි පිටපතක් දෙන්න. ලංකානෙට් ලිනක්ස් 1,2 හා3 භාවිත කළ ඔබට මෙය අලුතින් හඳුන්වා දීමට අවශ්‍ය නැතැයි මම හිතනවා. ඔබට අවශ්‍ය සෑම පහසුකමක්ම මෙහි පෙර නිමියෙන්ම ඇතුලත් කර ඇත. සහළාන සඳහාවූ නව අඩවිය www.sahalana.org ...

හඬ වෙනස් නොකර එහි වේගය අඩුකර සංගීතය හෝ කථාව අසන්න Play it slowly ඔබ සංගීතය කරන්නේද? නැතිනම් මාධ්‍යවේදියෙක්ද? එහෙමත් නැතිනම් lectures record කර අසන සිසුවෙක්ද? මෙන්න ඔබට හරියන මෘදුකාංගය. Play it slowly කියන්නේ මේ හැමෝටම භාවිත කරන්න වටින මෘදුකාංගයක්. මෙහි ප්‍රයෝජනය සඳහන් කරන්නේ නම්, ඔබ දන්නවා යම් හඬක් සාමාන්‍ය මෘදුකාංගයක් භාවිත කර වේගය අඩු කර ඇසීමේදී එහි pitch එකත් අඩු වෙනවා. සරළව කිවහොත් ගෑණු කටහඬ පිරිමි වෙනවා. වේගය වැඩි කළහොත් pitch එක වැඩිවෙනවා. ...

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් skype මිලදී ගත් විට ලිනක්ස් සඳහා ඇති skype සංස්කරණය මෙලොවින් තුරන්වී යනු ඇතැයි බොහෝ දෙනෙකු සිතුවද, අද දින මයික්‍රොසොෆ්ට් සමාගම විසින් මෙහි නවතම ප්‍රධාන සංස්කරණයක් ලිනක්ස් සඳහා නිකුත් කර ඇති බව අපට දක්නට ලැබේ. මෙහි 32bit හා 64bit සංස්කරණයන් ලබාදී ඇති අතර උබුන්ටු, ෆෙඩෝරා, ඩෙබියන් හා opensuse සඳහා ස්ථාපන ගොනු ලබාදී ඇත. මෙහි උබුන්ටු 10.04 සඳහා පමණක් ...

Gnome 3 එපා වුන අයට Cinnamon අතුරු මුහුණත බොහෝ දෙනෙකුට එපා වුන නැතිනම් බොහෝ අය අකමැති ලිනක්ස් අතුරු මුහුණතක් වන Gnome 3 Cinnamon නමින් Mint ලිනක්ස් කණ්ඩායම විසින් වෙනස් කර නිපදවා ඇත. එහි අතුරු මුහුණත අප කලින් භාවිත කළ Gnome 2 අතුරු මුහුණතට සමාන පෙනුමක් දක්වයි. මෙය Mint ලිනකස් සඳහා පමණක් යැයි බොහෝ අය වැරදියට සිතුවද Ubuntu 11.10, Fedora 16, OpenSUSE 12.1, Arch Linux, හා Gentoo යන ලිනක්ස් ...

Fedora 16 නිකුත් විය... ඊයේ දිනයේදී Fedora හි නවතම සංස්කරණය වන fedora 16 නොහොත් "Verne" නිකුත් කළ අතර එහි නොයෙකුත් කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක් දක්නට ඇත.ඉන් ප්‍රධාන වශයෙන්1. එහි ආරම්භ කිරීමේ වේගය (boot) පෙර සංස්කරණයන්ට වඩා වැඩි වීම,2. නව presentation මෘදුකාංගයක් වන Ease හඳුන්වා දී තිබීමත්,3. User ID අංක 1000 සිට ආරම්භවීම (කළින් 500න් ආරම්භ විය)4. Grub 2 භාවිත කිරීම5. Linux Kernel 3.1 සිට ...

දක්‍ෂ නිර්මාණ සොයාගන්නෙකු ලෙසට අප කවුරුත් දන්නා ස්ටීව් දැන් මෙලොව හැර ගොස්. ඔහු ඇපල් සමාගමේ පෙරළිකාර නිමැවුම් වන iMac, iPad, iPhone නිර්මාතෘ බව අපි හැමෝමෙ දන්න දෙයක්. ඉතිං නැවතත් ඔහුගේ ඒවගේ පෙරළිකාර නිමැවුම් අපිට දකින්න ලැබෙන්නේ නෑ. ඔහුගේ නිර්මාණ අතර Pixar සමාගමේ සජීවී කරන ලද ළමා චිත්‍රපට විශේෂයි. (Cars, Toy Story, finding nemo වැනි). බොහෝ දෙනෙක් එය නොදන්න දෙයක්. හැමෝම ...

අමුතු ප්‍රවෘත්තියක්.1. කාරණාව: ඩොමේන් නාම ලබා දීම පිලිබඳව -ලබන වසරේ 12වන දා සිට ඩොට් කොම් වෙනුවට කැමති නමක් ලබාගත හැකිය!2. කවුද කියන්නේ: සිරස මාධ්‍ය ජාලයේ ඊතලය.කොම් අඩවිය3. මට අවශ්‍ය දේ: නිවැරදි මාසය සහ දිනයමෙන්න අදාල ලින්ක් එක: http://www.ethalaya.com/index.php?option=com_content&view=article&id=11164:2011-06-20-11-57-56&catid=3:news-rightමෙන්න screen shot එකHAVE FUN! ...

Oracle විසින් sun සමාගම මිලදීගත් පසු හැමෝටම තිබුන ලොකු ගැටළුවක් වුනේ openoffice.org එකට මොකද වෙන්නේ කියලයි. එය සඳහා දායකවූ කණ්ඩායම Oracle වෙතින් ඉවත්වූ පසු Libreoffice ලෙසට නම වෙනස් වූ බව හැමෝම දන්නවා. නොයෙක් මත බිහි වුනද දැන් ලැබුන විශ්වාසවන්ත අලුත්ම ආරංචිය වන්නේ හෙට හෝ අනිද්දා වෙන විට Apache විසින් Oracle වෙතින් openoffice.org අරගෙන ඒ වෙත අනුග්‍රහය දක්වන බවයි. ඒ කියන්නේ ...

මම හිතන්නේ සිංහල යුනිකෝඩ් අකුරු දැනට ඇත්තේ අතේ ඇඟිලි ගාණටයි කියලා නොදන්න කෙනෙක් නෑ. එක්කෝ තව අකුරු තියෙනවා කියලා මම නොදන්නවා ඇති. ඒත් මේවා කොහෙන් කියලා හොයා ගන්නද? දන්න කෙනෙක් ඉන්නවනම් මට සිංහල යුනිකේත අකුරු හොයලා දෙන්න බැරිද? සිංහල යුනිකේත අකුරු හදන හැටි ICTA එකෙන් ඉගැන්නුවා නේද? ඒකට 100ක් විතර පිරිසකුත් ආවාලු නේද? කෝ ඒ පොරවල් හදපු අකුරු?? මගේ නොදැනුවත් ...

ඒ කියන්නේ Java කෝපිද? Ceylon තේද? නැහැ! මේ කියන්නේ නවතම පරිගණක ක්‍රමලේඛන ක්‍රමයක් වන Ceylon ගැනයි...   RedHat සමාගම ඔන්න තවත් අලුත් වැඩකට අත ගහලා. ජාවා පරිගණක ක්‍රමලේඛන ක්‍රමය (Programming Language) වෙනුවට භාවිතා කිරීම සඳහා Ceylon නමින් නව පරිගණක ක්‍රමලේඛන ක්‍රමයක් හඳුන්වා දී තිබේ. මේක ජාවා නොකීවට එහෙමමත් නොවේ. මන්ද මෙය ජාවා Runtime මත දුවන නිසාත් ඕනෑම JVM එකක මේ මගින් ...

"ලංකානෙට් එකෙන් කරන පාඨමාලාවන් හා සේවාවන් මොනවද?" කියලා හැමෝම නිතර අහනවා.  මට උත්තර දෙනවට වැඩිය මෙහෙම පොදුවේ දැනුම් දෙන එක ලේසියි. ඔය තියෙන්නේ විස්තර කිහිපයක්. ලංකානෙට් එකේ ඉන්න අයට අමතලා තවත් වැඩි විස්තර අහගන්න පුළුවන්. මට කෝල් කරන්න එපා. මොකද මේ දවස්වල මම බරපතල වැඩකට අත ගහලයි ඉන්නේ. තරහා වෙන්න එපා... :-) ...

බොහෝ පිරිසක් ලංකානෙට් ලිනක්ස් එකේ Compiz Fusion නැත්තේ මොකද කියලා අහලා තිබුනා. ඒකට හේතු කිහිපයක් තිබුනා. එකක් වෙන්නේ මෙම software එක සමහර graphic cards එක්ක නිවැරදිව ක්‍රියා නොකිරීමයි. ඇත්තම කියනවනම් ලංකානෙට් ලිනක්ස් 3 සංස්කරණයේ Compiz Fusion තිබෙනවා ඒත් එය සකස් කිරීමට අවශ්‍ය compizconfig-settings-manager පමණක් නැහැ. ඉස්සෙල්ලාම අපි ඒක දාගමු. compizconfig-settings-manager මෙතනින් download කරගෙන එම ගොනුව මත double click කිරීමෙන් පහසුවෙන්ම ...

කරුණාකර ඔබේ නමත් ඇත්දැයි බලන්න. එමෙන්ම එය ලැබුන වහාම ඒබව දැනුම් දෙන්න. ලංකානෙට් ලිනක්ස් ඉල්ලූ සැමටම තැපැලෙන් යවා ඇත. මෙය ලැබිය යුත්තන්ට ලංකානෙට් ආයතනයෙන් තැපැල් කර ඇතැයි සිතමි. මෙයට සම්පූර්ණ අනුග්‍රාහකත්වය දැරුවේ ලංකානෙට් ආයතනයයි. එය තැපැල් කිරීමට ඔවුන් වෙන් කළ මුළු මුදලම ඒ වෙනුවෙන් වැය කර අවසන්. ඒ නිසයි මෙය තැපැල් කිරීමටත් ප්‍රථම "සීමිත ප්‍රමාණයක්" යනුවෙන් සඳහන් කළේ. ඔන්න මම ...

Huawei E122 HSDPA modem and some other modems will not work out of the box with LankaNet.org Linux 3 and Ubuntu 10.04. To make it work, Download this zip file and install included files and restart your PC.Here is the step by step guide:1. Just double click on these 3 deb files to install2. Reboot3. Plug in your HSDPA modem ...

පසුගිය 4 වෙනිදායින් පසු ලංකානෙට් ලිනක්ස් තැපෑලෙන් ඉල්ලූ අයට මෙය යවනු නොලැබේ. 4 වෙනිදාට පෙර ඉල්ලූ එහෙත් දැනට තැපැල් මගින් මෙය නොලැබුන අයට අද හෝ හෙට තැපැල් මගින් එවනු ලැබේ. ඒත් මෙය අවශ්‍ය අයට ඔබේ නගරයට ආසන්නයේ ඉන්න මේ අයගෙන් එය ලබාගත හැක. ඔබ අලුත් DVD එකක් ගෙන ගොස් ඔවුන්ගෙන් LankaNet.org Linux පිටපත් කරගන්නා ලෙස කාරුණිකව ලංකානෙට් ආයතනය ඉල්ලා සිටියි. ...

LankaNet.Org Linux 3 ලබාගෙන ඇති ඔබ එහි ඇති ප්‍රයෝජනය සහ වටිනාකම අවබෝධ කරගෙන ඇතැයි මම සිතමි. දැන් ඔබට මෙය ප්‍රචලිත කිරීමට අවස්ථාවක් ලබා දෙන්න පුළුවන්. ඔබ දන්නවා මෙය අවශ්‍ය පිරිස් තවත් ඇති බව. ලංකාවේ FOSS ප්‍රචලිත කිරීමට ඔබත් දායක වේ යැයි අප අපේක්ෂා කරන්නෙමු.  ඒ අයට මෙහි පිටපත් ලබා දීමට ඔබ කැමතිනම් එය අපිට දැනුම් දෙන්න. ඔබට කරන්න තියෙන්නේ මෙපමණයි,1. ...

Previous Page