Male pregnancy හෙවත් පුරුෂ ගර්භණිතාවය මේ වන විට සාර්ථකව අත් හදා බලා ඇති හෙයින් ජාතිය වඳ නොවී බේරා ගැනීමට කෑ ගසන ගිහි හා පූජ්‍ය පිරිමින් ට දරුවන් මාස නවයක් කුසේ දරා වදන්නට ඉදිරිපත් වෙන්නැයි අප යෝජනා කරමු. පසුගියදා පකිස්ථාන ජාතිකයෙක් අල ගෝනි තුළ රහසිගතව අසුරා උපත් පාලන එන්නත් තිස් දහසක් හොර රහසේ ලංකාවට ගෙන ආ පුවත සමඟම මේ වීරයෝ නැවතත් ...

තවත් මැයි පළමුවෙනිදාවක් උදා වී ඇත. බංගලාදේශය මෙවර ජාත්‍යන්තර මැයි දිනයට උදාහරණයක් සපයා ඇත්තේ ධනේශවරයේ සූරා කෑමට ඇඟළුම් කම්කරුවන් හාරසීයයකට අධික සංඛ්‍යාවක් ජීවිතය පුද කිරීමෙණි. එසේම නොවෙතත්, කම්කරු හා සකලවිධ අනෙකුත් මර්දනයන්ට  කුප්‍රකට ලංකාවේ මේ මොහොතේ උදෑසනින් ම බස් හැල්මේ ගම් දනව් කරා ඉගිල්ලෙන්නේ සෙනඟ කොළඹට කැන්දාගෙන ඒමටයි. හවස් යාමය වන විට මුළු කොළඹම නිල් කොළ හා රතෙන් වැසී යනු ඇත. ...

උතුර පැත්තකින් තබමු. දකුණේ සිංහලයාගේ බෙල්ලෙන් අල්ලා මූණ බිම අතුල්ලා පාඩම් කියා දුන් මුහුණු කිපයක් ඉහතින් දැක්වේ. එහෙත් සියල්ලෝම තවමත් සුවෙනි. නින්දෙනි. හෙට දවසේ තවත් මුහුණු මේ ගොඩට එකතු වෙනු ඇත. ...

අනන්‍යතාවය නැති අය ඒක හොයා ගන්න එක එක උපක්‍රම යොදා ගන්නවා. සමහරු ප්‍රසිද්ධ පුද්ගලයින් මුණ ගැසුනාම පැනල ගිහින් කතා කරනවා හරියට  හොඳ යාළුවෝ වගේ පිට අයට පේන්නේ. අපේ එක මිත්‍රයෙක්  කතා කරද්දි මෙන්න මේ වගේ දේවල් කියනවා. “ අමරදේව අංකල්ට දැං ඉස්සර වගේ නෙමේ සින්දු කියන්න අමාරුයි“ අපේ මිත්‍රයා අමරදේව ව ටී.වී එකන් ඇරෙන්න දැකල නැහැ.  එතන අංකල් කියන වචනෙ ...

සෝමවංශ අමරසිංහ ජවිපෙ නායකත්වයෙන් ඉවත්ව යන බවක් අසන්නට ලැබුණි. ජවිපෙ ඉහළ පෙලේ රෑනට නායකත්වයක් ලබා දීමට නම් අවස්ථාවාදී බව, අමතක වුණා යැයි ඇඟවීම, සදාචාරයක් නැතිකම හා විලිලැජ්ජාවක් කිය දෙයක් නැති වීම ඒ සඳහා හොඳම සුදුසුකම් වේ. මේ ගැන අපට මූණ බිම උලා හැමෝටම මතක් කර දීමට සිදු වී ඇත්තේ අප කතා කරන්නේ සියල්ලම ඉක්මනින්ම අමතකවන ජාතියකට බැවිනි. මාතලේ රෝහල් භූමියේ ...

ජනරළ පුවත් පත දිගින් දිගටම සිදු කරණ අකුරු හොරකම් කිරීමේ ක්‍රියාවලිය නැවත වතාවක් සිදුකර ඇති අන්දම පසුගිය දිනවල ෆේසබුක් හරහා එහාමෙහා වෙමින් තිබුණි. ඒ මහාචාර්ය සුචරිත ගමිලත් සහෝදරයාගේ මරණය වෙනුවෙන් පළකර තිබූ ශෝක සටහනක් විකෘති කර උපුටා ගත් බවක් සඳහන් නොකර තමන්ගේ වගේ පුවත් පතෙහි සටහන් කිරීමෙනුයි. මේ ශෝක සටහන මුද්‍රණය කර බෙදාහැර තිබුණේ වසර තිහකටත් අධික කාලයක් මහාචාර්යවරයාගේ දුක් ...

භාෂා වෙළෙන්දන්ගේ සිංහල අත් බෙහෙත් හා වෙළද උපක්‍රම වලට ගොදුරුකර මහාවාර්ය සුචරිත ගම්ලත් නම් ශ්‍රේෂ්ඨ මිනිසා මරා දැමූ අන්දම මෙවර රාවයේ විමලනාත් වීරරත්නගේ කෝලම් කොලමේ සවිස්තරාත්මකව සටහන් කර තිබුණි. කොට මයුර, දොන් නදියෙ මහින්ද, සුදු සඳුන්, ජපන් සමං ප්‍රමුඛ මෙම ඝාතක කල්ලියේ නම් ගම් සහිතව ලියා තිබූ එම සටහන සීරීයස් නොවී උපහාසාත්මක ලිපියක් පමණක් වීම කනගාටුවකි. සිදුවිය යුතුව තිබුණේ මේ ...

මාතලේ මිනී වලෙන් සොයා ගන්නා ලදි ඇට කටු අසූ හත-අසූ නවය යුගයට අයත් බැව් මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු පරීක්ෂක කණ්ඩායම පසුගියදා අධිකරණයට වාර්තා කර තිබුණි. මෙම මාතලේ මිනී වල යනු මේ වකවානුවේ මරා දැමූ හැට දහසකට අධික තරුණ තරුණියන් ඝාතනයන් හි තවත් එක සාක්ෂියක් පමණි. වාර්තා වලට අනුව එවකට මාතලේ ප්‍රදේශය භාරව සිටි ගෝඨාභය රාජපක්ෂ හා ශවේන්ද්‍ර සිල්වා මේ ඝාතන ...

භාෂා වෙළෙන්දන්ගේ සිංහල අත් බෙහෙත් නොතකමින් මහාචාර්ය සුචරිත ගම්ලත් නම් මහා මිනිසා ඉක්මනින්ම නික්ම ගොසිනි. ඉදින අවසාන බල කණුව ද බිඳ වැටුණි. මේ මොහොතේ කෑලි අහුලාගෙන හෝ නැගිටින්නට උත්සහ නොකරන්නේ නම්  ඉතාම මෑතක දී එකිනෙකා කාගෙන මරාගෙන විනාශ වී යෑම ශ්‍රී ලාංකිකයා හට නියමිතව ඇත. තම තමන්ගේ වපසරියට අවශ්‍ය පරිදි  සුචරිත ගම්ලතුන් කොටසකට පඬිරුවණක් පමණකි. තව කොටසකට සාහිත්‍යදරයෙක් පමණකි. තව කොටසකට දක්ෂ ...

සුළුතරයක් වූ මුස්ලිම් ජනතාව රටෙන් එලියට ඇද දැමීම දක්වා වූ සිංහල මහ ජාතියේ අනේක විධ හිරිහැරයන්ට  පක් ව ඇති මේ මොහොතේ එයට විරෝධය පා ඔවුන් විසින් අද සඳුදා ඔවුනගේ කඩ සාප්පු වසා දැමීමේ හර්තාලයක් සංවිධානය කොට තිබේ. එහි වෙන්න නියමිත සාර්ථක අසාර්ථක  භාවයේ දිග පළල  අපි නොදනිමු. එහෙත් මෙය ලියන්නට සිදුවූයේ දඹර අමිල-බද්දේගම සමිත යන ප්‍රගතිශීලී යැයි කියන දේශපාලන හිමිවරුන් ...

අපේ මහ ගෙදර තිබුණේ පිරිවෙනක් අසලම බැවින් සුබ වැඩකට අපි ගෙදරින් එලියට බහින කොට අපේ අම්මා නිතරම කිව්වේ හාමුදුරුවො කෙනෙක් එනවා නම් මඟ ඇරල පලයං කියාය. හාමුදුරුවො දැක්ක දැක්ක තැන කෙනෙක් දණ ගහල වඳින අපේ අම්මා එහෙම කියන්නේ මොකදැයි ඒ දවස්වල අපට තිබුනේ පුදුම කුතුහලයකි. ඒත් අපේ අම්මා පෙර මඟට හාමුදුරුවො කෙනෙක් දකින එක මූසල බැව් කියා ඇත්තේ මන්දැයි අද ...

චීනයෙන් ණය අරං චීන සැලසුමකට චීන ඉදිකිරීම් සමාගමකින් චීන කොන්ත්‍රාත්කාරයෝ දාගෙන චීන බඩු වලින් චීනයේ උවමනාවට චිනයෙන් හදපු හම්බන්තොට වරායට කිට්ටුවෙන් චීනයේ ආරාධිතයින් ගෙන්වාගෙන ඔන්න විවෘත කළා චීන ගුවන් තොටුපළ. දැං ඉතිං අපිට තියෙනවා චීනෙට පිං සිද්දවෙන්න මහින්ද රාජපක්ෂ (චීන) වරායක්. මහින්ද රාජපක්ෂ (චීන) ගුවන් තොටුපළක්. චීන ෂැංග්‍රි ලා හෝටලයක් කිට්ටුවෙන් හදනවලු. චීන්නුන්ට අක්කර දෙදහස් පන්සීයක ...

සිංහරාජයේ  ගෝනකු මැරූ පුද්ගලයන් දේශපාලන තරාතිරම නොබලා අදම අත්අඩංගුවට ගන්නැයි වනජීවී ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතා වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ට නියෝග කළ පුවතක් ‘සිංහරාජෙ ගෝනා මැරූ අය අදම අල්ලනු‘ හෙඩිම යටතේ ලංකාදීපයේ පළවී තිබුණි. මෙය සිදුවන්නේ දොළොස් හැවිරිදි දරුවෙක් වූ බාලචන්ද්‍රන් සාහසික ලෙස ඝාතනය කෙරූ පුවත ප්‍රතික්ෂේප කරණ, අනුන් පිට පටවන එහෙමත් නැතිනම් නොදැක්කා සේ සිටින දකුණේ සිංහල සමාජයේ වීම ...

වෙනිසියුලවේ හිටපු ජනාධිපති ඌගෝ චාවෙස් මිය ගොස් තිබේ.  ඌගෝ චාවෙස් යනු සමාජවාදය වෙනුවෙන් පෙනී සිටි ජාතිකවාදියෙකි. උග්‍ර අධිරාජ්‍යවිරෝධයෙකි. ඇමෙරිකාවට හිසරදයක් වන තුරුම ඔහුගේ කතාව ද භාවිතාව ද අධිරාජ්‍ය විරෝධි කඳවුරු වෙත ශක්තිය ලබාදුණි. ඇමෙරිකාව එරෙහි ඕනෑම රටක් හෝ ජාතියක් වෙනුවෙන් ඔහුගේ  පූර්ණ සහයෝගය ලබා දීමේ දී ඔහු දෙවරක් නොහිතුවේය. අමෙරිකාවේ දැඩි බලපෑම මධ්‍ය යේ වුව තෙල් වලින් පොහොසත් භුමියේ ...

වැසිකිළියාමෙන් පසුව පාවිච්ච කරනවා විනා මගේ වම් අතෙන් මට කියා වෙන වැඩක් ගන්නේ නැත. දොස්තර මහතාණෙනි වැරදීමකින් මගේ වම් අත කපා දමනු මැනවි. ඉන් පසුව මගේ අතිජාත මිත්‍රයෝ සංගීත සංදර්ශන - කානිවල් - ක්‍රිකට් තරඟ එකි නොකී ඔක්කොම කර කෘතිම ඉලෙක්ට්‍රොනික අතක් සඳහා රුපියල් කෝටියක් එකතු කර මා වෙත ලබා දෙනු ඇත. ඉතුරු වෙලා තියෙන් ජීවිත කාලයම රැකියාවක් කළත් මට රුපියල් ...

ලංකා සමසමාජ පක්ෂයෙන් වාමාංශික දේශපාලනයේ නියුතුව මියෙන‍ තෙක්ම සමාජවාදය යන උතුම් අරමුණ වෙනුවෙන් සටන් වැදුණු රෙජී මෙන්ඩිස් සහෝදරයා යනු කවරෙකුදැයි දන්නා අයට වඩා නොදන්නා අය බොහෝය. මාක්ස්වාදය වෙනුවෙන් පෙනීසිටින බොහෝ දෙනෙකුටද එම නම ආගන්තුකය. දෙදාහ වසරේ ජනවාරියේ දි මෙලොවින් නික්ම ගිය රෙජී මෙන්ඩිස් සහෝදරයා වෙනුවෙන් සමරු වැඩසටහනක් වසරක් ඉක්මගිය තැන දෙදාස් එක් වසරේ පෙබරවාරියේදී හිරු කණඩායම විසින් ...

කඩින් කඩ දුවන නොදුවන නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය චීනයට ලබා දීමට විදුලි බල මණ්ඩලයේ ඉහල පුටුවල සූදානමක් ඇතත් එය එසේ නොවන බව නව ඇමතිනී පවිත්‍රා දේවිය පසුගිය දා මාධ්‍යයට ප්‍රකාශකර තිබුණා. චීනයෙන් ලබාගත් ඇමරිකානු ඩොලර් මිලියන 1350 ණයමුදලක් යටතේ චීන සමාගමක් විසින් ම ගොඩනංවන ලද මෙම බලාගාරය නිසා ඉහග තැන්වල බොහෝ දෙනෙකුගේ කල්ල මරේ වුවත් බලාපොරොත්තු වූ පරිදි විදුලිබලය නිපදවීමට ...

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ චමීර කොස්වත්ත විසින් මහින්ද රාජපක්ෂගේ කැබිනට් සංශෝධනය හරසුන් සංදර්ශනයක් පමණක් වන බව අළුතෙන් ම සොයාගෙන ඇති අතර ඒ බව මාධ්‍ය නිවේදනයක් මඟින් දන්වා සිටී. බොරු නම් මෙතනින් ගිහිං බලන්න නව ලිබරල් ධනවාදයේ දෙවන ඉනිම (මෙහි පළවෙනි ඉනිම මහින්ද රාජපක්ෂ ක්‍රියාත්මක කළේ  මේ පෙරටුගාමී රණවිරු කට්ටියත් එක්කමය) දහවන වතාවටත් ක‍්‍රියාත්මක කිරීම සඳහා වඩාත් වැඩි ම්ලේච්ඡුත්වයකින් හා ...

මෑතක දී පැවැත්වුණු ලෙනින් මොරායස් ගුණානුස්මරණ කතාවකින් කොටසක්. “සහෝදර සහෝදරියනි, ලෙනින් මොරයස් නියන්නෙ වෙනින් කවුරුත් නෙමෙයි සිංහල සිනමාවේ සිටි දක්ෂ අධ්‍යක්ෂවරයෙක්. ඒ වගේම නිර්මාණශීලි කැමරා ශිල්පියෙක්. මේ ලෙනින් මා කිසි කලක දැක නෑ සහෝදරවරුනි. ඒත් ඔහු තැනූ චිත්‍රපට 15 ම මම නරඹා තියෙනවා.මතකද සහෝදරවරුනි  ඔහු එදා අධ්‍යක්ෂණය කළ සූරයන්ගෙත් සූරයා, අභිරහස, එදත් සූරයා අදත් සූරයා, හොඳම වෙලාව, හොඳයි ...

මේක ටිකක් ප්‍රසිද්ධ කතාවක්. දවසක් දා හැන්දෑවක ධනවත් නීතිඥයෙක් තමන්ගෙ සුඛෝපභෝගී රථයෙ පිටුපස ආසනයේ සැපපහසුව වාඩි වෙලා නිවස බලා ගමන් කරද්දී දුප්පත් මිනිහෙක් පාරෙ අයිනක අතින් ගලව ගලවා තණ කොළ කකා ඉන්න ශෝකජනක සිද්ධියක් දැක්කා. ඩ්‍රැයිවර්ට ඉක්මණට වාහනේ නවත්වන්න කිව්ව නීතිඥයා වහාම අර මනුස්සයා ගාවට ගියා පාර පැනලා ගියා. ‘ඔහේ මොකද මේ පාර අයිනෙ තණ කොළ කන්නේ‘ ‘අපිට කෑම අර ...

Previous Page