චේ - මාර ආතල් ඕයි LOOPHOLES 2004 මහ මැතිවරණයේ දී චන්ද්‍රිකා බණ්ඩාරණායක ධනේශ්වර ආණ්ඩුව බලයට පත් කර ඒ ධනපති ආණ්ඩුවේ ම ඇමති මණ්ඩලයේ ඉඳන් වැව් හාරන්නට චේ ගුවේරා ට හැකිවිය. 2005 සැප්තැම්බර් 08 වෙනිදා අරලියගහ මන්දිරයේ දී ටිල්වින් සිල්වා ඒකාධිපති මහින්ද රාජපක්ෂ බලයට රැගෙන ඒමට ගිවිසුම් අත්සන් කරණ විට චේ ගුවේරා පැත්තක සිට මහින්ද චින්තනය පොත් පිංචෙන් පවන් සැලුවේය. සුළු ජාතික දෙමළ පීඩිත ජනයා අවි ආයුධ ...
ෆ්‍රෙඩ් හැම්ප්ටන්: ඌරකු නොව විප්ලවවාදියෙකු වීමට LOOPHOLES සහෝදර සහෝදරියනි. මම ඉපදුනේ සාමාන්‍ය මධ්‍යම පන්තියේ සමාජයක. ඒ නිසා තරමක හොඳ දේවල් මගෙ ජීවිතයේ මට ලැබුණා. නමුත් කෙමෙන් කෙමෙන් මම දැනගත්තා කුසට ආහාර ලැබෙන මිනිසුන්ට වඩා කුසගින්නේ ම ජීවත්වන මිනිස්සු මේ ලෝකයේ වැඩි බව. ඒ වගේම ශරීරයට අඳින්නට ඇඳුම් තියෙන මිනිසුන්ට වඩා ඇඳුම් කඩමාල්ලක් වත් නොමැති මිනිස්සු වැඩි බව. “මම“ යනුවෙන් හැඳින්වෙන්නේ යාන්තමින් හෝ සැප විඳින කුඩා ජන කොට්ඨාශයෙන් ...
CHE Mimics LOOPHOLES අපි ඇන්දා ඩබල් පොකට් ඝනකම් ෂර්ට්ස් උඹත් ඇන්දෙ ඒ වගේ කාකි පාට ගොරහැඬි ඇඳුම් අපි දැම්මා මැද තරුවක් ගහපු රතු කැප්ස් උඹටත් තිබුණෙ පිත්තල තරුවක් යසට අමුනපු බ්ලැක් “බරේ“ එකක් අපි වැවෙන්නට හැරියා අපේ ඉල්න්දාරි රැවුල් උඹටත් තිබුණා අතරින පතර මුරණ්ඩුවට වවපු රැවුල් ගස් අපිට තිබුණෙ නෑ කියුබන් සිගාස් අපි ඇද්දෙ දුම් වළලු යව යව ප්ලේයර්ස් ...
කුමාර ලා ගේ යතුර හා කැරැල්ල LOOPHOLES හිරිවැටිච්ච දූපතට තුඩ නොකැඩිච්ච එන්නතක් විදිහට “කැරැල්ල“ නම් මාසික සඟරාවක් එලි දක්වා ඇත. මතුපිටින් කැරැල්ල ගසන්නෝ කවුදැයි දන්නා නමුදු යටි පෙළෙහි කැරලිකාරයෝ කවුදැයි අපි නොදනිමු. කැරැල්ලේ අව්‍යාජ අරමුණ ධනේශ්වරයට එරෙහි වීම නම්, මාක්ස්-ලෙනින්වාදී නිවැරැදි දෘශ්ටියක් සහිතව හෙට දවසේ වඩාත් හොඳ සමාජයක් සඳහා වූ අරමුණ පෙරදැරිකර ගෙන පෙරට එන්නේ නම් එවැනි උත්සාහයක් සඳහා හෘද්‍යාංගමව සුබ පතන්නට අපි මැලි ...
සිංහලයාගේ මූණ දෙමළා පොලොවෙ ඇතිල්ලීම LOOPHOLES පැණි මුහුණු, බත් පැකට්, අරක්කු, සෙල්ෆෝන් හා බෝක්කු/පාරවල් වලට සිංහලයා කතිරය ගසද්දී උතුරේ දෙමළා මස් ලේ මතින් නැඟිට තමන්ගේ ප්‍රතිපත්ති වලට පමණක් කතිරය ගසා කියා දුන් පාඩම දකුණේ කිසිවෙකු හෝ තේරුම් ගත්තේදැයි අපි නොදන්නෙමු. දෙමළ ජනයා එක හෙලා ඉල්ලා සිටින ස්වයං නිර්ණය අයිතිය වෙනුවෙන් ටීඑන්ඒ පෙනී සිටිද්දී ආණ්ඩුව සියළු කෙණහිලිකම් මැද විසින් ලබා දුන් උතුරු වසන්තයේ සියළුම භෞතික දෑ ප්‍රතික්ශේප ...
ප්‍රා මස් වැද්දාගේ පුණ්‍ය කර්ම LOOPHOLES “එදා මම රනිල් වික්‍රමසිංහ මහත්තයාට පැහැදිලිව කිව්වා ජනාධිපතිතුමා මේ යුද්ධය අවසන් කරන්න අවශ්‍ය සහයෝගය දීලා මේ මල් වට්ටියට අපිත් අත ගහමු, දායක වෙමු ඒක විශාල පුණ්‍ය කර්මයක් කියලා. නැත්නනම් ඒක මහ පවක් වෙයි කියලා. ඒ පාප කර්මය තමයි අදත් යූ.එන්පීය විඳවන්නේ“ මෙහෙම කියල තිබුණේ රාජිත සේනාරත්න කියන දත් දොස්තර. දරුවන්, මහල්ලන්, ස්ත්‍රීන් ඇතුළුව ලක්ෂ ගණනකගේ ජීවිත විනාශ කර දැමූ, කෘර ...
එහෙමයි අපෙ හාමුදුරුවනේ LOOPHOLES ඩේලි මිරර් වාර්තාවක හෙඩිමට අනුව වසරකට දුම්බීම ආශ්‍රිතව සිදුවන සෘජු මරණ සංඛ්‍යාව 200,000 කි (එහි එක් තැනක මාසයකට 20,000කි තවත් තැනක වසරකට 20,000කි). ලංකාවේ වාර්ෂික මරණ අනුපාතය වූ 5.6/1000 කට ආසන්න වූ අගය (2012 දී) සලකා බැලීමේ දී අවුරුද්දකට සිදුවන මරණ සංඛ්‍යාව 120,000 ක් පමණක් වේ. ඩේලි මිරර් හෙඩිමට අනුව වාර්ෂිකව සිදුවන මුළු මරණ සංඛ්‍යාවටත් වඩා හැට දාහක් දුම්බීමෙන් මියයති. ...
ඇමෙරිකාණු අවතාරය LOOPHOLES ඇමෙරිකාණු පුරවැසි ගෝඨාභය රාජපක්ෂ නිල නොවන අයුරින් රට පාලනය කරන විට ඇමෙරිකාණු අධිරාජ්‍යවාදය නමින් අනෙකුත් හතර දිශාවන්ම පෙන්වා යක්ෂයෙකු පෙන්වා රටෙහි ජනතාව ඇන්දවීම විමල්-චමිපික-වාසු කල්ලියේ පට්ට ගැසූ උරුමයයි. බීපු දාට පහුවදාට විමල් වීරවංශට යන වමනයේ සිට මහින්ද රාජපක්ෂගේ දෙපතුල් ලඟ පීචං වන වාසුදේවගේ උදෑසන පීණස දක්වා හේතුව උන්ට අනුව අධිරාජ්‍යවාදයයි. බ්ලොග් දේශපාලනයේ යෙදෙනවුන්ගේ හා නාගරික මැද ...
මේ..මේ.. මර්වියා වලා...මං ඩලස් LOOPHOLES නවනීදන් පිල්ලෙයි ලංකාවට ආවේ අපට අනුව නම් පව් සමා කරගන්නය. ඈ පවු සමා කර ගත් පසු අපට ලැබෙන්න නියමිතව ඇත්තේ පිටු ගණනක වාර්තාවකි. ඝාතකයෝ ද වධකයෝ ද අණ දුන්නෝ ද හෙට දචසේත් යෙහෙන් වැජඹෙති. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බැංකි මූන්, විජේ නම්බියාර් හා නවනීදන් පිල්ලෙයි 2009 දී ලංකා ආණ්ඩුවේ හමුදා වන්නියේ නිරායුධ දෙමළ ජනයාව සමූලඝාතනය සිදුකරණ විට නිශ්ශබ්දව අනුබලය දුන් අයුරු ...
නොබෙල් සාම ත්‍යාගලාභී බැරක් ඔබාමා සිරියාවට බෝම්බ දැමීම LOOPHOLES මාටින් ලූතර් කිං ගේ “මට සිහිනයක් ඇත“ දේශනයේ පනස්වන සංවත්සර උළෙලේ දී මාටින් ලූතර් කිං ගේ අවිහිංසාවාදී උරුමය තරයේ වැලඳගන්නා බවට ප්‍රතිඥා දී සතියක් ගත වෙන්නටත් මත්තෙන් නොබෙල් සාම ත්‍යාගලාභී බැරක් ඔබාමා සිරියාවට බෝම්බ දැමීමට තීරණය කර තිබෙනවා. එයට හේතු වශයෙන් දක්වා ඇත්තේ පසුගිය දා සිරියාවේ දමස්කස් නගරයේ දී සිදුකර ඇති රසායනික අවි ප්‍රහාරයෙන් කුඩා දරුවන් 426 ක්ද ඇතුළුව අහිංසක ...
ඒ කා ධි ප ති LOOPHOLES අන්තිම ජාතිවාදී ටිල්වින් ජාතිවාදයට එකම විසඳුම සමාජවාදය යැයි කියයි. පගා මරුවෙක් වන වීරවංශ තමන්ට කිරිපිටි සමාගම් අල්ලස් දෙන්න උත්සහ කළා යැයි පවසයි. අන්තවාදී අත්තේ ඥාණසාර අන්තවාදීන්ට මේ රටේ ඉඩක් නැති බව දෙසයි. ඒ අතර රටේ ඒකාධිපති නායකයා හාමුදුරුවනේ මම ඒකාධිපතියෙක් දැයි අසයි. මේ රට අමුතුම රටකි. මහින්ද රාජපක්ෂ (ම.රා.) ඒකාධිපතියෙකු වන්නේ කෙසේද? ඒකාධිපතීහු බලය පවත්වා ගැනීම පුද්ගලයින් සමූල ...
අසරණකම, බිය සහ හීලෑව LOOPHOLES “මැරිච්ච එකා මළා ඉතුරු වෙලා ඉන්න අපි ජීවත් වෙන්න ඕනැනේ. ඒ මත්තෙ නැහිල වැඩක් තියෙනවැයි“ එහෙමත් නැත්තම් “උන් මැරුණෙ වතුරට... මේ ප්‍රශ්නයවත් අපි ජනාධිපති තුමාට කියල විසඳගන්න ඕනෙ“ වැනි වදන් පිට වෙන්න ඇත්තේ අසරණ කමටය. “ ආණ්ඩුවත් එක්ක හැප්පෙන්න පුළුවන්යැ“ එහෙමත් නැත්තම් “රටේ ජනාධිපති එන්න කිව්වහම නොගිහින් කළු ගලේ ඔළුව ගහගන්නද“ වැනි වදන් පිට වෙන්න ඇත්තේ තියෙන බයටය. “ජනාධිපති තුමා ...
සමලිංගිකයන්ට එරෙහි විෂමලිංගිකයින්ගේ රුදාව LOOPHOLES සිංහලයින්ගේ ඔළුව ඉදිමීම කෙසේද යත් බහුතරයක් හිතාගෙන ඉන්නේ මුළු ලෝකයම බලාගෙන ඉන්නේ සිංහල ජාතිය වඳ කිරීමට බවයි. ඔවුන ට අනුව එහි එක් පියවරක් වන්නේ කෝටි ගණනින් වියදම් කර ලංකාවේ සංමලිංගික සම්බන්ධතා සීඝ්රයෙන් ප්‍රචලිත කිරීමයි. ඒ අනුව පසුගිය දා අනුරාධපුරයේ පැවැත්වූ සමලිංගික වැඩ මුළුවක් සම්බන්ධව පරල වූ බොහෝ දෙනෙක් සිටියහ. ලෝකයේ රටවල් දිනෙන් දින සමලිංගික විවාහ අනුමත කිරීම සඳහා හෝ සමලිංගිකයින් ...
දෙමළු නෙමෙයි “හොඳ සිංහල“ තුනක් ආණ්ඩුවේ හමුදා විසින් මරා දමා තිබේ LOOPHOLES යුද්ධයේ උත්කර්ෂවත්භාවය කෙසේ වීද යත් අපගේ ප්රගතිශිලී මිත්‍රයෝ පවා 2008-2009 අතර කාලයේදී “උන් දෙමෙල්ලුනෙ“ යැයි පවසමින් සමහරෙකු පොර ටෝක් දෙන්නටත් “උන් දෙමෙල්ලුනෙ“ යැයි සළකමින් තවත් සමහරෙකු සද්දෙ වසා නොසළකා සිටින්නටත් පෙළඹී තිබුණි. යුද ජයග්‍රහණය කෙළවර වූයේ දකුණේ සැණකෙලි සිරි මැවෙමිනි. රණ විරුවෝ ජාතියේ මුර දේවතාවෝ වූහ. රණ විරුවෝ මිහිපිට දෙවියන් සේ පිදුම් ලදහ. එවකට වන්නියයේ දෙමළාට එස වූ මිලිටරි ...
බැසිල් සමාව ගනී ලෙවන්නෝ ලෙවති LOOPHOLES “ගන්න බලං ඉන්න“ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට වෙඩි තියන්න යැයි හමුදාවට අණ දෙන්න පුළුවං වුනත් “වෙන්න බලං ඉන්න ජනාධිපති“ බැසිල් රාජපක්ෂ ට කොළඹ දිස්ත්‍රික්කයටත් වඩා ජනගහනයක් ඉන්න ගම්පහ දිස්ත්‍රික්කයේ වැලිවේරියේ දී සිදු වූ ආරක්ෂක හමුදා ම්ලේච්ඡ පහරදීම ගැන සමාව ඉල්ලනවා හැර වෙන විකල්පයක් නැත. ඉන්න ජනාධිපති මහින්ද රාජපක්ෂ ඕනෑම ඉලව්වකට බහ්: බුහ්: ගාන මුට්ටි ඇමති විමල්-චම්පික සමඟ මේ සිද්ධිය ගැන සද්දෙ ...
සිවුරු එතු අසූචි කඳ - ඥාණසාර LOOPHOLES ඩිලාන් පෙරේරා යනු මේ නරුම රජයේ තවත් එක් පාදඩ දේශපාලඥයෙකු පමණක් බව අපිදු දනිමු. එබැවින් අපට ඔහුගේ සුදු හුණු ගාන්නට නම් අවශ්‍ය නැත. එහෙත් මෙවැනි අන්තිම පහත් භාෂාවකින් කතා කරන-හැසිරෙන ඥාණසාර වැනි සිවුරු පෙරවූ අසූචි කඳවල් මේ බෞද්ධ ශාසනයෙන් එලවා දමන්නට නොහැකි නම් ඒ බලු සේනාවම පවසන පරිදි අපේ ජාතියේ වන්ධ්යත්වයට මුස්ලිම් වරුන් පාකිස්ථානයෙන් හොරෙන් ඖෂධ පෙති රැගෙන ආ යුතු ...
මහා බෝධි පුජා පිංකම LOOPHOLES මහා බෝධි පුජා පිංකම රතුපස්වලට පානීය ජලය ඉල්ලූ වැලිවේරියේ දේශද්‍රෝහී ත්රස්තවාදීන්ගෙන් නුවර කොළඹ මාර්ගය බැලුම්මහරේදී මුදා ගත් ලොව විනීතම හමුදාව ලෙස අබිසෙස් ලත් වීරෝධාර රණවිරුවන්ට ත්රස්තවාදීන් දෙදෙනෙක් ජීවිතක්යෂට පත් කර අසූ එක් දෙනෙක් රෝහල් ගත කළ වැඩ බාර ගතු දවසේම වැඩ ඇල්ලූ නව යුද හමුදාපති දයා රත්නායක මහතාට දැහැමෙන් සෙමෙන් රට ආරක්ෂා කරණ සේනාධිනායකාධිපති, ව්යවස්ථාදායකාධිපති, ...
බ්රැඩ්ලි මෑනින් - වීරයෙකුගේ ඉරණම LOOPHOLES ආඥාදායක පාලනයක් පවතින්නේ කොතැන ද එතැනදී සත්‍ය හෙළිදරව් කිරීම යනු පාවාදීමකි. එය සත්‍යයක් බැව් පසක් කරමින් ඔබාමා පාලනය යටත් පවතින ඇමෙරිකානු මිලිටරි අධිකරණය ජූලියන් අසාන්ජේ ඇතුළු කණ්ඩායමෙන් මෙහෙයවන විකිලීක්ස් යන ලාබ නොලබන සංවිධානය සඳහා තොරතුරු සැපයූ වරදට හිටපු හමුදා බුද්ධි විෂ්ලේශක බ්රැඩ්ලි මෑනින් හට උපරිමය වශයෙන් අවුරුදු 116 ක සිර දඬුවමක් ලබා දීමට නියමිතය. මේ වන විට එම අධිකරණය මඟින් ...
ගැහැණුන් දෙසිය ගණන් තුන්සිය ගණන් සමඟ නිදි වැදීම LOOPHOLES අප ජීවත් වන්නේ ගැහැණුන් දෙසිය ගණන් තුන්සිය ගණන් සමඟ නිදි වදින දේශපාලඥයින් සිටින රටකය. පසුගියදා ගුරුවරියක් දණගැස්සවූ ආණ්ඩුවේ පළාත් සභා මන්ත්‍රී වරයාට එරෙහිව දිගහැරුණු නඩුවේ සාක්කි අනුව එම මන්ත්‍රීවරයා එම ගුරුවරිය ව දණ ගස්සවා ඇත්තේ තමන් ගැහැණුන් තුන්සීයකට වඩා ප්‍රමාණයක් සමඟ ලිංගිකව හැසිරී ඇති බැව් සුද්ද සිංහලෙන් ම පවසමිනි. මීට පෙර වාර්තා වූයේ ආණ්ඩුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් වූ සාරුවා ...
පියාමැස්සෝ විකාරය LOOPHOLES ලංකාව ඇතුලත මේ මෙහොතේ චිත්‍රපටියක් තහනම් කර ඇත. අන්තර්ජාලයේ වෙබ් අඩවි වල සිට සිට විවිධ පොත් පත් ඇතුළුව අනෙකුත් මාදිලියේ සාහිත්‍ය හා කලා කෘති පමණක් නොව ජීවත්වීමේ අයිතිය ද රාජපක්ෂ ආණ්ඩුව විසින් තීරණය කරණ කල් හී උන්ට අවැසි පරිදි චිත්‍රපටයක් තහනම් කිරීම යනු මහ ලොකු දෙයක් වන්නේ මේ දූපතේ සිටින විකල්ප සිනමා කරුවන් කිහිප දෙනාට පමණි. එය ආණඩුවට කඩේ යන ...