‘‘මම අපේ සමාජයේ සැඩොල් කියලා අවමන් කරන ගාඩි ගෝත‍්‍රයේ කෙල්ලක්’’ කුඩා කල සිටම කලා අංශයේ හැකියාවන් බොහොමයකට ඇය දක්‍ෂ වූවාය. එමෙන්ම ක‍්‍රීඩා ඉසව්වලට මෙන්ම කථික විවාද ආදී අංශවලටද දක්‍ෂ වූවාය. ඒ සියල්ල අතරේ ඇයට අවශ්‍යව තිබුණේ වෛද්‍යවරියක වීමටය. ඒ වෙනුවෙන් උසස් පෙළ හැදෑරුවේ ජීව විද්‍යා අංශයෙනි. අනෙකුත් සියල්ලට දක්‍ෂ වුවද, ඇයට වෛද්‍යවරියක වීමේ අරමුණ සඵල කර ගැනීමට නොහැකි විය. ඉන්පසුව තව දුරටත් උසස් අධ්‍යාපනයේ නියැලී සිටි ඇය ජනසන්නිවේදනය හා පෞරුෂ ...

තරු මිහිරට පැමිණි සුන්දර නිල්මිණි තරු මිහිරට පැමිණි සුන්දර නිල්මිණිපිච්ච මලක තියෙන පිවිතුරු සුන්දරත්වය කොතරම් නම් අපූරුද? ඒ පිච්ච මලේ සුවඳ තවත් එමලේ ආකර්ෂණය වැඩි කරනවා. මෙතරම් පිවිතුරු පිච්ච මල්වලට තම ජීවිතය පුරාවටම ආදරය කරන ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියකගේ ආගමනය සිදුවන තුරු වෙනදා මෙන්ම සරසවිය ඡායාරූපාගාරයට වී අම්බලන්ගොඩ ශ්‍යාංගා භාෂිනී, කුලියාපිටිය කපිල ජයවිලාල්, කෙරමිණිය චන්ද්‍රසිරි මානවඩු හා කරන්දෙණියේ සඳමාලි ඇඟිලි ගනිමින් සිටියි.හදිසියේ අපේ ඡායාරූප ශිල්පි ටෙනිසන් ...

මං රියැලිටිවලට නොඑන්නයි හිටියේ මං රියැලිටිවලට නොඑන්නයි හිටියේසුපිරි තරු ගොන්නෙන් සමුගත් නිරෝෂ්මියුසික්වලින් ජීවිතයේ ඉදිරිය දකින්න තීරණය කළත් සුපර් ස්ටාර් වගේ තරගයකින් ජනප්‍රිය වන්නට මං එතරම් කැමැත්තක් දැක් වූයේ නැහැ. එබැවින් එවන් වූ රියැලිටි තරගවලට සහභාගී නොවන ප්‍රතිපත්තියකයි මං හිටියේ.එහෙම කතාව පටන් ගත්තේ සුපර් ස්ටාර් පස් වැනි අදියරෙන් හයවැනියාට පසුගියදා ඉවත් වූ පිළියන්දල නිරෝෂ් චානකයි. ඔහු සුපර් ස්ටාර් සඳහා ඉදිරිපත් නොවුණ ප්‍රතිපත්තියේ හිටියත් නිරෝෂ්ව අප ...

මේ ප්‍රසංගයට පුතා නෑ ---------------------------------------------------- ටී.එම්. ජයරත්න මගේ සින්දු කියන්න දෙදෙනකු ඕනැ නෑඒ නිසා මේ ප්‍රසංගයට පුතා නෑ ටී.එම්. ජයරත්නයථාර්ථවාදී ජීවිතාවබෝධයක් සහ අර්ථපූර්ණ පණිවිඩයක් ජන සමාජයට ලබා දෙමින් ඔහුගේ හඬින් ගීතවත් වූ රසබර ගීතාවලියේ සුවිශේෂ තැනක් හිමි කර ගන්නා “අඳුරු කුටිය තුළ දොරගුළු ලා ගෙන” ගීතය මුලින්ම ගයමින් ඔහු සිය ප්‍රථම ඒක පුද්ගල ගී ප්‍රසංගය වන “සොඳුරු අතීතය” අවදි (ආරම්භ) කරනු ඇත. ඉන්පසු “පාවී පාවී මේ එන්නේ” ...

ක්ලැරන්ස්ගේ ගීත රජිව්ට සපුරා තහනම්! රජිව්ට ඕනෑ කරන්නේ උපහාර මුවාවෙන් සල්ලි හම්බු කරන්නයික්ලැරන්ස්ගේ ගීත රජිව්ට සපුරා තහනම්!ශීලා විජේවර්ධනක්ලැරන්ස් විජේවර්ධන විසින් නිර්මාණය කරන ලද “ගී” ඔහුගේ බුද්ධිමය දේපළ ය. එම දේපළ සඳහා වර්තමානයේ හිමිකරුවන් වී සිටින්නේ ක්ලැරන්ස්ගේ බිරිඳ ශීලා විජේවර්ධන සහ දියණිය අමිලාත් ය. දැනට ඔවුන් පදිංචි වී හිඳින්නේ ඕස්ට්‍රේලියාවේ වන හෙයින් එම දේපළ පිළිබඳ ඇටොර්නි බලකරු ලෙස සිරි හෙට්ටිආරච්චි කටයුතු කරයි.ක්ලැරන්ස්ගේ ගී නිර්මාණ පමණක් නොව ...

සංස්කෘතික අපරාධයක්... සංස්කෘතික අපරාධයක්...ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය සෝමරත්න දිසානායක* විශේෂ ආරාධිතයකු ලෙස සහභාගි වී ‘දෙරණ’ මියුසික් වීඩියෝ සම්මාන උළෙල විවේචනය කරමින් ඔබ කළ ප්‍රකාශය සාධාරණයි කියා සිතනවාද?මම හිතනවා ඒ කළ දේ හරියි කියා. මා කළ ප්‍රකාශය පිළිබඳ මම පසුතැවෙන්නේ නැහැ. සම්මාන උළෙල පිළිබඳ කිසියම් අදහසක් ප්‍රකාශ කිරීමට අපට වේදිකාවට ආරාධනා කරනවනේ. එතනදි තමයි මම ඒ ප්‍රකාශය කළේ. එදා මම මේ සම්මාන උළෙල හොඳයි, ...

දැන්ද ඇහැරුණේ ?... දැන්ද ඇහැරුණේ ?...‘දෙරණ’ T.V සභාපති ලක්සිරි වික්‍රමගේ* දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උළෙල පිළිබඳ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ සෝමරත්න දිසානායක කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳ මුලින්ම ඔබේ අදහස දැන ගන්න කැමතියි...?ඒ ප්‍රකාශය එතරම් පැහැදිලි නෑ. අනෙක එතන හිටපු අය ඒ අදහසට විරුද්ධවනේ තමන්ගේ මතය ප්‍රකාශ කළේ. විශේෂයෙන්ම චන්න පෙරේරා වැනි තරුණ පෙළ නියෝජනය කරන කලාකරුවෙක්. එතන තිබ්බේ මියුසික් වීඩියෝ සම්මාන උළෙලක්නේ. ඒ කියන්නේ ...

සුබ මොහොතින් නිබ්බිදාව වැඩ ඇරැඹේ සුබ මොහොතින් නිබ්බිදාව වැඩ ඇරැඹේරංජන් ප්‍රසන්න විසින් අධ්‍යක්ෂණය කරනු ලබන නවතම ටෙලි සිතුවම නිබ්බිදාව හි මුහුරත් උළෙල අද ඇඹුල්දෙණිය මැක්වින් හෝටලයේදී පැවැත්වුණා.වෙනස්ම කතා තේමාවක් ගත් නිබ්බිදාව ජගත් විජේවීරගේ තිර රචනයක්. නිමල් අබේවර්ධන නිෂ්පාදනයෙන් දායක වන මෙම ටෙලි නිර්මාණය සඳහා ශ්‍රීමාල් වෙඩිසිංහ, දුලීකා මාරපන, බුද්ධික ජයරත්න, වසන්ත ජයසිංහආරච්චි, නිශාන්ත ජයවික්‍රමආරච්චි, තුෂාරි වේහැල්ල, අංජුලා රාජපක්ෂ, රංජිත් රූබසිංහ, සරත් කරුණාතිලක, චංචලා වර්ණකුලසූරිය, රෙක්ස් ...

ඇත්තටම ඒ කාලේ කරු ගැන මට තිබුණේ පිස්සුවක්! ඇත්තටම ඒ කාලේ කරු ගැන මට තිබුණේ පිස්සුවක්!ඉරාණි අබේසේකරආදරයේ සුන්දරත්වය මෙන්ම විරහ සංතාපය ද වඩාත් සංවේදීම සමීප කළේ ඔහුය. චිත්‍රපට ගී කලාවට එදා ඔහුගේ දායකත්වයක් නොලැබුණේ නම් ඒ ඉතා කලාතුරකිනි. ජනප්‍රිය සිනමාවට මෙන්ම කලාත්මක සිනමාවට ද ඔහු සිය නිසඟ හැකියාවෙන් අපූර්ව වදන් සිතුවම් බිහි කර දුන්හ. ගුවන් විදුලි සරල ගී, ළමා ගී වැඩිම සංඛ්‍යාවක් නිමැ වී ඇත්තේ ඔහුගේ සුරතිනි.ගුවන් විදුලි ...

සෝමරත්න තරුණ රසඥතාව දන්නෙ නෑ ළමයින්ට චිත්‍රපට හදන සෝමරත්න තරුණ රසඥතාව දන්නෙ නෑසෝමරත්න දිසානායක මහතා සිනමාකරුවෙකු වශයෙන් අප විසින් ද අගය කරනු ලබන මෙරට ප්‍රවීණ කලාකරුවෙකි. ඔහුගේ සිනමා නිර්මාණ හෝ කලා භාවිතය පිළිබඳ අපට ගැටලුවක් නැත. ගැටලුව ඇත්තේ ඔහුගේ මතවාදය සම්බන්ධයෙන් පමණි.ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති අභූත චෝදනා පිළිබඳ අපගේ දැඩි කනගාටුව පළ කරමු.සෝමරත්න මහතාගේ ලිපියේ ඇතුළත් බරපතළම ප්‍රකාශය වන්නේ, “දෙරණ මියුසික් වීඩියෝ සම්මාන ...

‘රඟපෑම් ඉවරයි’ 03 දා ලයනල් වෙන්ඩ්ට්හිදී‘රඟපෑම් ඉවරයි’ නාට්‍යයේ විශේෂ දැක්මක් මැයි මස 03 වන සිකුරාදා සවස 7.00 ට කොළඹ ලයනල් වෙන්ඩ් රඟහලේදී වේදිකාගත වෙයි.වසර 15 කට පසු කමල් අද්දරආරච්චි සහ ශ්‍රියන්ත මෙන්ඩිස් යළිත් එකම වේදිකාවකින් ප්‍රේක්ෂක ජනතාව හමුවට ඒම ‘රඟපෑම් ඉවරයි’ නාට්‍යයේ විශේෂත්වයකි. අධ්‍යක්ෂණය උදයසිරි වික්‍රමරත්න ගෙනි. ...

නිශාන්‍යා ගුණරත්න ගේ මංගල චිත්‍ර දැක්ම -  ‘පියවර’ චිත්‍ර දැක්මක්යොවුන් චිත්‍ර ශිල්පිනි නිශාන්‍යා ගුණරත්න ගේ මංගල චිත්‍ර දැක්ම ‘පියවර’ නමින් අද (28) හෙට (29) දිනවල කොළඹ ජාතික කලා භවනේ දී පැවැත්වේ.ලංකා කලා සංගමයේ චිත්‍ර කලා පාසලේ සිසුවියක් වන නිශාන්‍යාගේ චිත්‍ර ප්‍රදර්ශනයේ සංවිධානය හා අනුග්‍රහය ලංකා කලා සංගමය විසින් දරනු ලබයි. http://www.silumina.lk/2013/04/28/_art.asp?fn=av13042810 ...

නිසි වෙලාවට ඒක සිද්ධවේවි නිසි වෙලාවට ඒක සිද්ධවේවිතෙසාරා ජයවර්ධන“තරුවක් සමඟ වරුවක්” විශේෂාංගයට අද එක්වන්නේ තෙසාරා ජයවර්ධන. ඇය ටෙලිනාට්‍යය චිත්‍රපට රංගන ශිල්පිනියකි. එසේ ම ඇය කළමනාකරණය පිළිබඳ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියකි. මේ වනවිට චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රැසකටම රංගනයෙන් දායක වී ඇති තෙසාරා දක්ෂතම ටෙලිනාට්‍ය නිළියට හිමි සම්මානය ද වරක් හිමිකර ගැනීමට සමත් වී ඇත.මොන වගේ වැඩ කටයුතුත් එක්ක ද ඔබ මේ දවස්වල ඉන්නේ?මේ දිනවල ‘සකි සඳ සුවාරිස්’ ...

පතිරාජ: අපේ සිනමාවේ සොලනාස් පතිරාජ: අපේ සිනමාවේ සොලනාස්ධර්මසේන පතිරාජ සිනමාවට සම්බන්ධ වන්නේ චිත්‍රපට විචාරකයකු ලෙසිනි. ‘සිංහල සිනමාවේ නව යුගයක් බිහිවී ඇද්ද’ යනුවෙන් ඔහු ලියු ලිපිය ඔහුගේ මුල්ම සිනමා ලිපිය නොවන්නේ නම් මුල්ම සිනමා ලිපිවලින් එකක් විය යුතු යැයි මම සිතමි. එය ‘රන්මුතු දූව, සිකුරු තරුව සහ ගම්පෙරළිය’ යන චිත්‍රපට තුන අළලා කෙරුණු සමෝධානික විචාරයකි. පතිරාජ ඉහත ලිපිය ලියන අවදියේ පේරාදෙණි විශ්ව විද්‍යාලයයේ සිසුවකුව සිටියේය. ...

රෝයි පීරිස්ට ‘මා දෑසේ වේදනා’ ගයන්න තහනමක් නැහැ රෝයි පීරිස්ට ‘මා දෑසේ වේදනා’ ගයන්න තහනමක් නැහැ- නිහාල් ගම්හේවාපසුගිය 24 වැනිදා - ‘රසඳුන’ කලාපයේ පළවූ ‘මා දෑසේ වේදනා’ ශිහාන් මිහිරංගට විකුණලා ලිපිය මඟින් රෝයි පීරිස් ඉදිරිපත් කළ චෝදනා සහ අභියෝගය සම්බන්ධයෙන් තමන් පිළිතුරු දීමෙන් වැළකී සිටින බව ප්‍රවීණ සංගීතඥ හා ගී පද රචක නිහාල් ගම්හේවා අප සමඟ පවසා සිටියි. තමා වැඩිහිටි කලාකරුවෙකු වශයෙන් අනවශ්‍ය වාද විවාද සඳහා පැටලීමට අදහස් ...

චිත්‍රපට සංස්ථා සභාපතිකමට අසෝක සේරසිංහ සුදුසු නැහැ චිත්‍රපට සංස්ථා සභාපතිකමට අසෝක සේරසිංහ සුදුසු නැහැආචාර්ය සෝමරත්න දිසානායක* සංස්ථාව තීරණය කළ පිටපත් 35 නිකුත් කිරීමේ ක්‍රමවේදයට ඔබ විරුද්ධ වුණේ ඇයි? දැන් මගේ චිත්‍රපට ගත්තොත් ‘සරෝජා’ සිට ‘කුසපබා’ දක්වා ගත්තොත් හැම චිත්‍රපටයකටම විශාල ප්‍රේක්ෂක ඉල්ලීමක් තිබුණා. ඒ කාලේ පිටපත්වල සීමාසහිත බවක් තිබුණේ නෑ. අපි සිනමාවේ සම්ප්‍රදායක් හැටියට පුරුදුවෙලා හිටියා පිටපත් 15, 20, 25 ක් ගහන්න. නිෂ්පාදකයා වැය කරන ප්‍රමාණය අනුව. ...

මට ආදරේ කරන කෙනෙක් ජීවිතයට සමීප වේවි මට ආදරේ කරන කෙනෙක් ජීවිතයට සමීප වේවිභාග්‍යා හෙට්ටිආරච්චි’ඉඳුවරී’ ටෙලිනාට්‍යයේ “සුංගි” ඔබට මතක ද? “සුංගි” ගේ චරිතය නිරූපණය කළ ඒ රුවැත්තිය භාග්‍යා හෙට්ටිආරච්චි. භාග්‍යා රංගනයට පිවිස ගතවූයේ කෙටි කලක් වුවද ඉතා හොඳ චරිත කීපයක්ම නිරූපණය කිරීමට තරම් ඇය වාසනාවන්ත වී ඇත. භාග්‍යා රංගනයට පමණක් නොව ගායනයට ද දක්වන්නේ අපූරු දක්ෂතාවයකි. “තරුවක් සමඟ වරුවක්” විශේෂාංගයට අද අප භාග්‍යා එක් කර ගන්නේ ඇයගේ ...

අනේ මෙහෙම ලව් අනේ මෙහෙම ලව් කරල් හතර 540 යි දැයට කිරුළ ප්‍රසංගයට ගිය අපේ මාධ්‍ය සගයකුට, තමන්ගේ අනාගත බිරින්දෑ එහි රාජකාරියක නිතරව සිටීමේදී හමුවීම ආනන්ද ජනක කාරණාවක් වුණා. ගිය රාජකාරිය පැත්තකට දමා ඈත් සමඟ ඇවිදිද්දී ඈ තම පෙම්වතාට අපූරු තෑග්ගක් අරන් දුන්නා. ඒ අලුතින්ම නෙලා ගත් බඩ ඉරිඟුයි. කොළඹ උපන් පත්තර සගයාට බඩ ඉරිඟු තම්බන හැටිත්, එහි රසත්, ගුණත් විස්තර කර දුන් ...

හැඩකාර කලා පවුලේ විසේකාර පුතුන් දෙදෙනා හැඩකාර කලා පවුලේ විසේකාර පුතුන් දෙදෙනා2013 මාර්තු මස 10 14:55:55 | ලංකාදීප කර්තෘ මණ්ඩලයපියාගේ ප‍්‍රතිභාපූර්ණ රංග කුසලතාවයද, මවගේ ශාස්ත‍්‍රීය සංගීත රිද්මයද සිය ආත්මයෙන්ම සමීප කරගත් මේ පුතුන් දෙදෙනා ගැන හෝ ඒ මාපිය යුවළ ගැන අමුතුවෙන් හැඳින්වීමක් කළ යුතු නැත. මුළු රටම ඔවුන් ගැන දන්නේය. ජැක්සන් ඇන්තනි - කුමාරි මුණසිංහ නමැති ඒ ප‍්‍රවීන කලාශිල්පී යුවළගේ මේ පුතුන් දෙදෙනා මෙන්ම දියණිය මාධවී ...

ගැලරියේ පේ‍්‍රක්ෂකයෝ මට හූ කිව්වා ගැලරියේ පේ‍්‍රක්ෂකයෝ මට හූ කිව්වා2013 මාර්තු මස 11 14:52:45 | ලංකාදීප කර්තෘ මණ්ඩලය‘‘ආදරයයි කරුණාවයි’’ චිත‍්‍රපටයේ මං රඟපෑවේ ප‍්‍රධාන චරිතය, දෙවැනි චරිතය රඟපෑවේ ගාමිණී ෆොන්සේකා ඒ චිත‍්‍රපටයේ මගේ රඟපෑම කොච්චර දුර්වලද කිව්වොත් ගැලරියේ පේ‍්‍රක්ෂකයෝ මගේ රඟපෑමට හූ කිව්වා. මෙහි වරද අධ්‍යක්ෂවරයා. ඔහු මාව හරියට මෙයෙවූවේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. මෙහෙම කියන්නේ ‘‘ආදරයයි කරුණාවයි’’ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය රඟපෑ විජේරත්න වරකාගොඩ නම් ...

Previous Page