නිකන් තියෙන කොන්ඩේ කෙලින් කෙරුවා ඔක්කෝමලා කරනවානම් මං කරාම මොකද කියලා බලන්න. මේන්න බොලේ මාර ආතල් එකක්නේ තියෙන්නේ. කස්ටියම බලනවා මගේ කොන්ඩේ ලස්සන. කැඩිලා කැරකිලා තිබ්බ කබ්බ කොන්ඩේ දැන් බලන්න දුකේ බෑ පීරලා වැටෙන ලස්සන. සමහරු අහනවා කොහෙන්ද කලේ, කීයක් ගියාද, ෂා නියමයි... ඉතින් අර වියදම් කරපු සල්ලි අපරාදේ කියලා පොඩ්ඩක්වත් හිතුනේ නෑනේ. දැන් ඉතින් පොඩ්ඩක් ගස්සලා යන්න ඕනෑ..ම්.. ම්... ...
සිංහල අලුත් අවුරුද්ද ගෙවිලා ගිහින් දින කිහිපයක් ගත වෙලා. සැවොම තම තමන්ගේ පෙර කල කී කටයුතු නැවත් අරඹලා. ගෙවුණු සති කිහිපය අතීතයටම ගිහින්. ඒ නිසාම මා ලද අත්දැකීම් කිහිපයක් මෙසේ අකුරු කරන්නට සිත්වීය. එය හුදෙක්ම පෙර පාසැල් දරුවන්ගේ සිඟිති අවුරුදු උත්සව ඇසුරෙන් නිමැවූවක්ම විය. එය සත්‍යය වශයෙන්ම ඇගයීමට ලක්විය යුතු තරමේ කටයුත්තක් වූයෙන් මෙසේ අකුරු කරන්නට සිත්වීමි. පෙරදා මෙන් නොව ...
හලෝ ආයුබෝවන්. සමාවන්න. මේ මොහොතේ අප නිවසේ නොසිටී. කරුණාකර ඔබේ පණිවුඩය බීප් නාදයට පසුව සඳහන් කරන්න.බීප්.. ප්....ප්....ඔබ අපේ දරුවෙක්නම් අංක එක(1) ඔබන්න. දැන් ඔබ පවුලේ කීවෙනියාද යන්න දැක්වීම සඳහා එකේ සිට පහ දක්වා ඇති අංකවලින් ඔබේ අංකය ඔබන්න. මීළඟට මතු දැක්වෙන මනාපයන් තෝරා ගන්න.අප ඔබේ දරුවන් සමග සිටීමට අවැසි නම් අංක 2 ඔබන්න.ගමනක් යාමට අපගේ මෝටර් රථය අවැසි නම් අංක ...
මම දෙදරූ පියෙක් වූ වග මෙයින් දන්වා සිටිමි. අපේ බිඟු කුමාරයාට සෙල්ලම් කිරීම පිනිස තවත් එක් බිඟු කුමාරයෙක් අප මීවදයට එක් වූ වගත් අපේ දඟයා ඉතා ආසාවෙන් නව කුමාරා සමග සිටිනා බවත් තවදුරටත් දන්වා සිටිමි. තවමත් නමක් ස්ථිර කර නොමැති අතර ඒ සඳහා නම් කැඳවනු ලැබේ. හැකියාව ඇති නැති කාටත් ඒ සඳහා ඉදිරිපත් විය හැකි අතර අවසන තීරණය රැජිණ විසින් ...
චංගුමී අද මොකද කරන්නේ? වෙන මොනවා කරන්නද? මොකක් හරි කෑමක් උයාගෙන රජ්ජුරුවන්ට බෙදයි. රජා රහයි රහයි කිය කිය කයි. උයාගෙ කනවා ඇරෙන්න වෙන මොනවද වෙන්නේ? මෙන්න මෙහෙම කියපු ගොඩක් අය සද්ද නෑ වගෙයි. සුජාත දියණි කතාව සම්පූර්ණයෙන්ම කෑම ගැන තියෙන කතාවක්ය, ඒක ගෑණු අල්ල ගන්න හදපු ගොන් කතාවක්ය, නිකන්ම නිකන් ගෑණු පොර කරන්න හදපු අර ප්‍රවීණා වගේ කතාවක්ය ආදී වශයෙන් ...
යුග යුග බැඳි පෙම් දමින් වෙලන්නට සිතුවිලි පවුරට කවුලු තියන්නට ගලනා සිතිවිලි හද පුරවා සෙනේ වඩන්නෙමි සසර පුරා... සෙනේ වඩන්නෙමි සසර පුරා... මිහිකතරට වැටි සිහින් කඳුල ඔබ තෙත් කෙරුවා අද වියරු වැටුනු සිත කැඩී බිඳී ගිය පවුරු සදා සනසාලූවා මහද පොපියවා... සනසාලූවා මහද පොපියවා... යුග යුග බැඳි පෙම් .... අමාවකට ආ තරු කැකුලයි නුඹ පාලු අහස විකසිත කරමින් දිවියේ සරදම් ...
https://www.youtube.com/watch?v=pmvXH_6scTc මෙම විඩීයෝ පටය අප සමාජයට ඉතා වැදගත් පණිවුඩයක් ගෙන එන්නේය. අවුරුදු 6ත් 8ත් අතර කුඩා දරුවන් කිහිපදෙනෙක් සමග එක් වී කරන්නාවූ මෙම සංවාදය ලිංගිකත්වය යන්න කුමක්ද යන්න හා අපයෝජනය යන්න කුමක්ද යන්න ඉතා සරල බසින් විස්තර කෙරේ. මෙහි ප්‍රධාන කරුණු 3ක් ගැන සඳහන් වේ. 1. ශරීරයේ කිසිවෙක් ස්පර්ශ නොකල යුතු ස්ථාන 3ක් වේ. එනම් පපුව, තට්ටම් හා කකුල් අතර ...
මෙය හුදෙක්ම අප විසින් දැන හෝ නොදැන කරන්නාවූ වැරැද්දකි. දරුවන් අපේ අනාගතය මෙන්ම පාසලේද, රටේද, මුළු ලෝකයේමද අනාගතය වන්නේය. එමනිසා ඔවුන්ගේ අධ්‍යාපනය අපට මෙන්ම පාසලටද, රටටද, මුළු ලෝකයටමද ඉතා වටිනා අංගයක් බව පුන පුනා කිවයුත්තක් නොවන්නේය. ඒ කෙරන් අප විසින් ඒ සඳහා මහත් උනන්දුවක්, අවධානයක් යොමු කිරීම නිතැතින්ම අපේ සිත් තුල ගොඩනැගිය යුතු කරුණක් විය යුත්තේය. අප විසින් ඔවුන්ගේ ...
අම්මා පුතාගෙන් මෙසේ අසයි...පුතාට ඕනෑ මල්ලි කෙනෙක්ද?නංගි කෙනෙක්ද?නෑ... මට ඕනෑ අයිය කෙනෙක්....ඉතින් ගෙනල්ලා දීපංකෝ....
නිල් අඹරේ පිය මනින්නසීන පොදක් තුරුළු කරන්තරු අතරේ නෙත් යොමන්නපද ගොතමින් සිහින් සරින්එක්'වා මතක ගෙත්තම් කරන්නබිඳෙන් බිඳට කල් යවමින්තවත් පොදක් ඉඩ තබන්නසිත් රාවය මුමුනවමින් ...
අදට (ඔක්තෝම්බර් 18) බැඳලා අවුරුදු 5යි. සෑහෙන්න කාලයක් ගත වෙලා. ම්ම්ම් කරපු කියපු වැඩ මතක් වෙනකොටත් හිනා යනවා. අපේ කොල්ලා තමා දැන් ලොකුම සිද්ධිය. ඇත්තම කිව්වොත් සිද්ධිදාමය. හරිම ආසයි. බලාගෙන ඉන්නකොට ආස හිතෙනවා. කොල්ලෙක් හින්දා මුරණ්ඩුත් වැඩිද මන්දා...කොහොම උනත් කොල්ලා කියලා රැජිණට අඩුවක් කරන්න බෑනේ... ඔන්න ගිය සතියේ ගියා ෂොපින්.... බීච් එකටත් ගිහින් පොඩ්ඩා එක්ක නාලා කරලා ආවා.සමරන්න තරම් උවමනාවක් ...
ශ්‍රී ලංකාව මෙදා පොටේ නම් ෆුල් ගේමක් දෙනවා වගෙයි කියලා හිතෙනවා. තවමත් නොපැරදී ඉදිරියටම යනවා. ඒක පට්ට. ඉතින් ඒ වෙනුවෙන අපේ අය එක එක වැඩ කරලා සපෝර්ට් එක දෙනවා. ඒකත් මරු.සමහරු බොනවා, සමහරු නානවා, සමහරු අනුන්ගේ බිල් ගෙවනවා, සමහරු බඩු මිළ වැඩි කරනවා, සමහරි පිකට් කරනවා.... ඒ මොනවා කලත් මේ ඔක්කොම කරන්නේ රට දිනවන්න ටී 20න්. අපේ රටට ජයග්‍රගණයක් ලබා ...
මෙම සිද්ධිය මා දන්නා එක්තරා මිතුරියකට සිදු වූවකි. ඇය පාසල් යන සමයේ සිංහල භාෂාව සඳහා ලකුණු 0ක් ලබාගෙන වාර්ථාවක්ද පිහිටවූ තැනැත්තියකි. තමන්ගේ ජාතියඩ සිංහලව තිබියදී පවා ලකුණු 0ක් ලබා ගැනීම තුළ කිසියම් සැඟවුණු සාහිත්‍යම රසාස්වාදයක් තිබේයැයි මා සිත් සන්තානයේ හටගත් කුකුස සංසිඳනු වස් සිදු වූ සංවාදයක අවසන් නිගමනයක් මෙසේ අකුරු කරන්නයට වීමි.නමින් ඇය මධුමතී වූවාය. නමට සරිලන පරිදි මධුමතින් වෙරි ...
මේක සරල වැඩක්.යන්න මේ සබැඳුමට.https://www.google.lk/ගූගල් ඩොට් කොම්(www.google.com) නෙමෙයි. ඩොට් එල් කේ හරිද?දැන් සෙල්ලම් පටන් ගන්න. ඇරෝ කී (Arrow Keys) මරුවෙන් මාරුවට ඔබමින් වේගය වැඩි කරන්න.sස්පේස් බා (Space Bar Key) එකෙන් පනින්න කඩුල්ලට උඩින්....ඔන්න මම තප්පර 13න් ගියා. පුලුවන්ද ඊට වඩා අඩුවෙන් දුවන්න?. ...
වීද අනවධානයක් නැතහොත් කරාදහිතාමතාම උන් උන් වෙසෙසින් සම්ප්‍රාප්ත වෙමින් අතරටඅපේ ප්‍රංසවාදය බිඳනු පිණිසතිබූ කලක් යහතින් වැජඹෙමින්එකම ධජයක් එකම සෙනෙහසක්වීද කරාද කම් නොමැත් අවසන දුටුවිට හිත් කිළිපොළනතරමට ගෙනෙන්නට තත්සරනගන පොපියන දෙනෙත්බසින් අවසර නොමැතිව පවසනකෲර කුහක අකුරු පෙළරිදවයි දෙසවන් දුන්නා වූදදෙන්නට වීද මිථයාව අනෙකුගේකැමැත්ත මිසක නොපැතුවද වාලේ සඳ සැල් මෙන් ඉනංගු කරමින් සසංකත්වය ත්‍රීව්‍ර කෙරෙමින්ගෙනෙමින් නොහොඹිනා නොතරම්සංගත බෙදුම බෙදමින් අපතරටඋවමනාවීද කුකුල් කඩන්නටසිද ...
සඳුදා පටන් ක්ලෝරීන් එක් කරන්නේපුලුවන් අයත් ඒ හින්දයි නො එන්නේඅනිත් දිනවලත් මමමයි මෙහි රැඳෙන්නේෆූල් බෝයි කියලයි මට කියන්නේආවා දිනේ ස්විමින් ගේම් එක තියෙනාහෝ ගාලා කට්ටිය මෙතැනට පිරුනාහැකි පමණින් දස්කම් පෙන්වමි හිතුනාඒ හින්දා උඩ පැන පැන කස්ටිය ඇදුනාවෙල්පෙයර් එකට නෙයෙකුත් මැසිවිලි නැගුනාඅපිට ඉඩක් නැතුවාමයි කවුරුත් කියනාඑන පොට නොහොඳ බව ඔවුනට දැනුනාහනිකට දින එක දෙක නම් වෙන් කෙරුනාගිණි ගත්තෝ සඳුදා එක් රැක් ...
මව්වරුන්ගේ දිනය යනුවෙන් පැවසූ සැනින් අපේ බොහෝදෙනාට එය කුමැක්දැයි යන්න ගැන අවබෝධයක් ඇතිවා මෙන්ම එය කෙසේ සැමරිය යුතුද, එය අවුරුද්දේ කවදාද යන කරුණු ගැනද නිතැතින්ම සිහියට එනවා ඇත. එදිනට මව්වරුන් වෙනුවෙන් නොයෙකුත් උත්සව, ප්‍රය සම්භාෂණ සූදානම් කරමින් නොයෙකුත් පෙදෙස්වල නෙයෙකුත් කයටුතු කෙරෙන්නේය.මෙසේ කටයුතු සංවිධානය කරන පුද්ගලයකුගෙන් "ඔබ පියවරුන්ගේදිනය වෙනුවෙන් කුමක් කරන්නට බලාපොරොත්තු වනවාදැයි" විමසුවහොත් "ඒ කුමක්දැයි" යන පිළිතුර හෝ පැණය ...
එක්තරා පුදගලයෙක් නවතම ස්වයංක්‍රීය BMW X8 වර්ගයේ මෝටර් රථයක් ගෙන්වා ගත්තේය. ස්වයංක්‍රීයව ගියර් මාරුවන නිසා ඔහුට බොහෝ පහසුවෙන් මෝටර් රථය පදවාගෙන යා හැකි විය. මෙසේ පැදවිය හැකි වූයේ දහවල් කාලයේදී පමණි. රාත්‍රියේදී මෝටර් රථය එකදු අඩියක්වත් පදවා ගැනීමට නොහැකි වීම ගැන ඔහු බොහෝ දුක් වී සිටියේය. අවසානයේදී ඔහු වාහනය මිළදී ගත් සමාගමට මේ ගැන දැනුම් දුන්නේය. එම සමාගම විසින් කාර්මික ...